ක්‍රියා 19:1-41 - Compare All Versions
ක්‍රියා 19:1-41 SCV (සිංහල කාලීන පරිවර්තනය)
අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී, පාවුල් රට මැද්දෙන් ගමන් කර, එපීසය වෙත ළඟා විය. එහිදී ඔහුට ගෝලයින් ඇතමකු හමු වී, ඔවුන් අමතමින්, “ඔබ, යේසුස්වහන්සේ අදහාගත් කල ශුද්ධාත්මයාණන් ලැබුවේ දැ?” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “නැහැ; ශුද්ධාත්මයාණන් කියා කෙනකු සිටින වග අප අහලාවත් නැතැ” යි කීහ. “එසේ නම් ඔබ ලැබුවේ කවර බව්තීස්මයක් දැ?” යි පාවුල් ඇසී ය. “යොහන්ගේ බව්තීස්මය” යැයි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට පාවුල්, “යොහන්ගේ බව්තීස්මය පසුතැවිල්ලේ බව්තීස්මයකි. ඔහු ජනතාවට කීවේ තමාට පසුව එන තැනැත්තාණන් අදහා ගන්නා ලෙසයි. ඒ යේසුස්වහන්සේ යැ” යි පැවසී ය. ඒ ඇසූ ඔවුහු යේසුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම කරන ලදහ. ඉන්පසු පාවුල් ඔවුන් පිට අත් තැබූ කල්හි, ශුද්ධාත්මයාණෝ ඔවුන් කරා පහළ වූ සේක. එවිට ඔවුහු අන්‍ය භාෂාවලින් කතා කරන්නටත්, දිවැස් වැකි පවසන්නටත් වන්හ. ඔවුන් සියල්ලෝ මිනිසුන් දොළොස් දෙනෙක් පමණ වූහ. පාවුල් සිනගෝගයට ගොස්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීත ව වාද කරමින් හා සිත් පොලඹවන අයුරින් තුන් මසක් කතා කළේ ය. එහෙත් ඔවුන්ගෙන් ඇතමෙක් අදහා ගැනීම ප්‍රතික්ෂේප කරමින්, මුරණ්ඩු ව ඒ ධර්ම-මාර්ගයට අවමන් කළහ. එවිට පාවුල් ඔවුන්ගෙන් වෙන් ව, ගෝලයින් කැටිව, තුරානස්ගේ දේශන ශාලාවෙහි දිනපතා තර්ක කරමින් සිටියේ ය. දෙවසරක කාලයක් එලෙසින් සිදු විය. මෙසේ ආසියා කලාපයේ විසූ යුදෙව් හා ග්‍රීක ජාතිකයින් හැම දෙනා ස්වාමින්වහන්සේගේ වචනය ඇසූහ. දෙවියන්වහන්සේ පාවුල් මගින් අසාමාන්‍ය හාස්කම් සිදු කළ සේක. පාවුල්ගේ ස්පර්ශය ලද ලේන්සුවක් හෝ රෙදි කඩක් හෝ වුව ද, රෝගීන් වෙත ගෙන ගිය කල, ඔවුන්ගේ රෝග දුරු විය. යක්ෂාත්මයෝ ද ඔවුන්ගෙන් දුරු වූහ. තැන තැන යමින් යකැදුරුකම් කළ යුදෙව්වරුන් ඇතමෙක්, යක්ෂාත්මාවේශවූවන්ට යේසුස් ස්වාමින්වහන්සේගේ නාමය කියන්නට භාරගෙන, “පාවුල් දේශනා කරන යේසුස්වහන්සේගේ නාමයෙන් දුරුව යන ලෙස මම නුඹට අණ කරමි” යි කියන්නට වන්හ. ස්කෙවා නම් වූ ප්‍රධාන යුදෙව් පූජකයකුගේ පුතුන් හත්දෙනා එසේ කරන්නට වන්හ. එවිට දුෂ්ටාත්මය පිළිතුරු දෙමින්, “යේසුස්වහන්සේ මම දනිමි; පාවුල් ද හඳුනමි; එහෙත්, නුඹලා කවුරු දැ?” යි ඇසී ය. එවිට දුෂ්ටාත්මය වැහී සිටි මිනිසා ඔවුන් පිට පැන, ඔවුන් හැම යට කර දැම්මේ ය. ඔහු කෙතරම් සැහැසි ව ඔවුන්ට පහර දුන්නේ ද යත් ඔවුහු තුවාල වී නිර්වස්ත්‍ර ව, ඒ නිවසින් පැන දිවූහ. එපීසයේ විසූ යුදෙව් හා ග්‍රීක සියල්ලන් මෙය දැනගත් කළ, ඒ සැවොම බියෙන් ඇලළී ගියහ. යේසුස් ස්වාමින්වහන්සේගේ නාමය ද ඉහළ ම ගෞරවයට පාත්‍ර විය. අදහාගත් බොහෝ දෙනෙක් අවුත්, තමන්ගේ දුෂ්ට අභ්‍යාස ගැන ප්‍රසිද්ධියේ පාපොච්චාරණ කළහ. මන්තර ගුරුකම්වල නියැළුණු තවත් බොහෝ දෙනෙක් ද තමන්ගේ මන්තර පොත් ගෙන අවුත්, ඒවා සියල්ලන් ඉදිරියේ පුලුස්සා දැමූහ. ඒවායේ මිල ගණන් බැලූ කල ඒ සියල්ල රිදී මිල පනස් දහසක් බව දැනගන්නා ලදී. ස්වාමින්වහන්සේගේ වචනය මේ අන්දමින් වඩ වඩා පැතිරිණි; බලයෙන් ද සපිරිණි. මේ සියල්ල සිදු වූ පසු පාවුල් මකිදෝනිය හා අකාය හරහා යෙරුසලම බලා යෑමට තීරණ කළේ ය. “යෙරුසලමට ගියාට පසු මා රෝමයත් දකින්න යා යුතු යැ” යි ඔහු පැවසී ය. සිය සහායකයින් දෙදෙනා වූ තිමෝති හා එරස්තස් මකිදෝනිය වෙත පිටත් කළ පාවුල්, තවත් මද කලක් ආසියා කලාපයේ ගත කළේ ය. මෙකල ධර්ම-මාර්ගය ගැන මහත් කැලඹීමක් හට ගැනිණි. දෙමිත්‍රියස් නම් රිදීකරු, අර්තෙමිස් දේවතාවියගේ රිදී පිළිම-කූඩු සෑදීමෙන් රිදී කර්මාන්ත ශිල්පීනට සලසා දුන්නේ සුළු පටු ව්‍යාපාරයක් නො වේ. ඔවුන් ද එම කර්මාන්තයට අදාළ අනිකුත් ශිල්පීන් ද එක් රැස් කළ හෙතෙම, “මිනිසුනි, මේ ව්‍යාපාරයෙන් අපට හොඳ ආදායම් ලැබෙන බව ඔබ දන්නවා. එහෙත් මේ මිනිසා, පාවුල් එපීසයෙහි පමණක් නො ව ආසියා කලාපය පුරා මහත් ගණනාවක් ජනයා තම පැත්තට හරවාගෙන, ඔවුන් මුළා කරන හැටි ඔබ අසනවා; ඔබ දකිනවා; ඔහු කියන්නේ, මිනිස් අතින් සාදන දෙවිවරු සැබෑ දෙවිවරු නො වේ කියලයි. මෙහි අවදානම අපේ මේ කර්මාන්තය අපකීර්තියට පත්වීම පමණක් නො වේ; අපගේ ශ්‍රේෂ්ඨ අර්තෙමිස් දේවතාවියගේ දේවාලයත් අවමානයට පත් වීමයි. ආසියා කලාපයේ පමණක් නො ව මුළු ලෝකයේ ම වන්දනාමාන ලබන ඇගේ අභිමානය ද දියවී යනු ඇතැ” යි කීවේ ය. ඒ ඇසූ ඔවුහු කෝපාවිෂ්ට වී, “එපීසයන්ගේ අර්තෙමිස් උත්තමාවී” කියමින් කෑ මොර දෙන්නට වූහ. සැණෙකින් මුළු නගරය පුරා මහත් ගාලගෝට්ටියක් පැන නැගිණි. ඔවුහු පාවුල්ගේ ගමන් සගයින් වූ මකිදෝනියෙහි ගායස් හා අරිස්තාර්කස් අල්ලා, ඇදගෙන රංග පීඨයට කඩා වැදුණහ. ජනකාය ඉදිරියට යෑමට පාවුල්ට ඕනෑ වුව ද, ගෝලයෝ ඊට ඉඩ නුදුන්හ. පාවුල්ගේ මිතුරන් වූ ආසියා කලාපයේ ඇතැම් නිලධාරීහු පවා ඔහුට පණිවුඩ එවමින් රංග පීඨයේ අවදානමට මැදි නො වන ලෙස ඉල්ලූහ. රැස් වූ පිරිස අතර වූයේ දැඩි වියවුලකි. ඇතැම්හු එකක් ද තවත් අය තවෙකක් ද කියමින් කෑ මොර දුන්හ. තමන් මෙහි සිටින්නේ කුමක් නිසා ද යන්න පවා වැඩිදෙනා දැන සිටියේ නැත. යුදෙව්වරු, පිරිස ඉදිරියට ඇලෙක්සැන්ඩර් තල්ලු කළහ. එවිට ඔවුහු මේ මේ ලෙස කරන්නැයි ඔහුට කෑ ගැසූහ. එවිට කරුණු පහදනු පිණිස නිශ්ශබ්ද වන ලෙස ඔහු සංඥා කළේ ය. එහෙත් ඔහු යුදෙව්වරයකු බව වටහා ගත් ඔවුහු සියල්ලෝ, “එපීසයන්ගේ අර්තෙමිස් උත්තමාවී” යි එක හඬින් දෙපැයක් පමණ තිස්සේ කෑ මොර දෙන්නට වූහ. රැස් ව සිටි සෙනඟ සන්සුන් කළ නගර ලේකම්, “එපීස වැසියනි, ශ්‍රේෂ්ඨ අර්තෙමිස්ගේ දේවාලයේ ද අහසින් වැටුණු ඇගේ ප්‍රතිමාවේ ද ආරක්ෂකයා මේ එපීසය නගරය බව නො දන්නේ කවුරු ද? මේවා ප්‍රතික්ෂේප කළ නො හැකි කරුණු බැවින්, ඔබ සන්සුන් ව කලබල නො වී සිටිය යුතුයි. නුඹලා අල්ලාගෙන ආ මේ මිනිසුන් දේවාල කොල්ලකන්නන්වත්, අපගේ දේවතාවියට අපහාස කරන්නන්වත් නො වේ. දෙමිත්‍රියස් හා ඔහුගේ මිත්‍ර කර්මාන්තකරුවන් අත යම් කෙනකුට විරුද්ධ ව යම් පැමිණිල්ලක් ඇත්නම්, ඒ සඳහා උසාවි යා හැකියි; නඩු විසඳන බලධරයින් සිටී. තම පැමිණිලි කරන්නට ඔවුන්ට පුළුවන්. ඊටත් වඩා ඉහළට ඉදිරිපත් කළ යුතු චෝදනා ඇත්නම් නීති බලධාරීන්ගේ සැසියේදී ඒවා විසඳනු ඇති. අද දවසේ පැන නැගුණු කලබලය ගැන අපට විරුද්ධ ව චෝදනා නැගෙන්නට ඉඩ තියෙනවා. කිසි හේතුවක් නැතිව පැන නැගුණු මේ කෝලාහලය ගැන ප්‍රශ්න කරනු ලැබුවහොත්, ඊට දිය හැකි නිසි පිළිතුරක් අපට නැතැ” යි පැවසී ය. එසේ පැවසූ ඔහු රැස් වී සිටියවුන් විසුරුවා හැරියේ ය.
ක්‍රියා 19:1-41 SROV (Sinhala Revised Old Version)
තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී පාවුල් ඉහළ පළාත් මැදින් ගොස්, එපීසයට ඇවිත්: සමහර ගෝලයන් සම්බව: නුඹලා අදහාගත් කල ශුද්ධාත්මයාණන්වහන්සේ ලැබුවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හු: නැත, ශුද්ධාත්මයාණන්වහන්සේ ඇති බවවත් නොඇසීමුයයි කීවෝය. එසේවී නම් නුඹලා මොන බව්තීස්මයක් ලැබුවහුදැයි ඔහු ඇසුවේය. යොහන්ගේ බව්තීස්මයයයි ඔව්හු කීවෝය. පාවුල් කථාකොට: යොහන් පසුතැවිල්ලේ බව්තීස්මයෙන් බව්තීස්මකොට සෙනඟට කථාකරමින්, තමාට පසුව එන තැනන්වහන්සේ කෙරෙහි, එනම් යේසුස්වහන්සේ කෙරෙහි, අදහාගන්න ලෙස සෙනඟට කීවේයයි කීය. ඔව්හු ඒ අසා ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයට බව්තීස්මකරනු ලැබුවෝය. පාවුල් ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණිසේක; ඔව්හු අන්‍ය භාෂාවලින් කථාකරමින් අනාගතවාක්‍ය කීවෝය. ඒ මනුෂ්‍යයන් සියල්ලෝම දොළොස් දෙනෙක් පමණ වූවෝය. ඔහු සිනගෝගයට ඇතුල්වී දෙවියන්වහන්සේගේ රාජ්‍යය සම්බන්ධ කාරණා ගැන තර්කකරමින්ද උගන්වමින්ද තුන්මසක් අතරතුරේ භය නැතුව කථාකෙළේය. නුමුත් සමහරු මුරණ්ඩුව, අකීකරුව, සමූහයා ඉදිරියෙහි ඒ ලබ්ධි මාර්ගය ගැන දොස් කී කල්හි ඔහු ඔවුන් ළඟින් අහක්ව, ගෝලයන් වෙන්කරගන, තුරානස්ගේ ශිල්ප ශාලාවෙහි දවස්පතා තර්කකරමින් සිටියේය. මෙය දෑවුරුද්දක් කෙරීගන ගියේය; මෙසේ ආසියාවේ විසූ සියල්ලෝ වන යුදෙව්වරුද ග්‍රීක්වරුද ස්වාමීන්වහන්සේගේ වචනය ඇසූහ. දෙවියන්වහන්සේ පාවුල්ගේ අත්වලින් අපූරුවූ ආශ්චර්යයන් කෙරෙවූසේක. ඔහුගේ ශරීරයෙන් පිස්නාකඩවත් රෙදිකඩවත් ලෙඩුන් ළඟට ගෙනගිය පමණින් රෝග ඔවුන්ගෙන් පහවිය, නපුරු ආත්මයෝද දුරුව ගියෝය. නුමුත් තැනින් තැන සංචාරණය කරන යකදුරුවූ යුදෙව්වරුන්ගෙන් සමහරුත් නපුරු ආත්ම වැහී සිටි අයයින් කෙරෙහි ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය කියන්ට පටන්ගෙන: පාවුල් දේශනාකරන්නාවූ යේසුස්වහන්සේගේ නාමයෙන් නුඹලාට අණකරමියි කීවෝය. ප්‍රධාන පූජකයෙක්වූ ස්කෙවා නම් යුදෙව්වෙකුගේ පුත්‍රයන් සත් දෙනෙක් මෙසේ කළෝය. නුමුත් නපුරු ආත්මය උත්තරදෙමින්: යේසුස්වහන්සේ අඳුනමි, පාවුල්ද දනිමි; නුමුත් නුඹලා කවුරුදැයි ඔවුන්ට කීවේය. නපුරු ආත්මය වැහී සිටි මනුෂ්‍යයා ඔවුන් පිටට පැනනැගී දෙදෙනාම දමනයකොට, ඔවුන් පරදවාදැම්මේය, මෙසේ ඔව්හු නිර්වස්ත්‍රව, තුවාලවී, ඒ ගෙයින් පලා ගියෝය. මෙය එපීසයෙහි විසූ සියලු යුදෙව්වරුන්ටද ග්‍රීක්වරුන්ටද දැනගන්ට ලැබුණේය; ඔවුන් සියල්ලන් කෙරෙහි භයක් පැමුණුණේය, ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයටද ගෞරව පැමුණුණේය. අදහාගත්තවුන්ගෙන් බොහෝ දෙනෙක්ද ඇවිත් තමුන්ගේ ක්‍රියාවන් ප්‍රකාශකරමින් ඒවා කියාදුන්නෝය. යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාසකළ බොහෝ දෙනෙක්ද තමුන්ගේ පොත් එක්කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමුවෝය. ඒවායේ මිල ගණන් බලා, රිදීමිල පනස් දහසක් බව දැනගත්තෝය. එපමණ බලගතු ලෙස ස්වාමීන්වහන්සේගේ වචනය වර්ධනයවී, බලවත්වුණේය. මේ දේවල් නිමවූ කල, පාවුල්: මා යෙරුසලමට ගියායින් පසු රෝමයද දකින්ට ඕනෑය කියා, මකිදෝනිය සහ අකාය මැදින් ගොස්, යෙරුසලමට යන්ට ආත්මයෙන් නියමකරගත්තේය. ඔහු තමාට සේවයකළ අයගෙන් දෙදෙනෙකු වන තිමෝතියස්ද එරස්තස්ද මකිදෝනියට යවා, තමාම කලක් ආසියාවෙහි නැවතී සිටියේය. ඒ කාලය පමණේදී ඒ ලබ්ධි මාර්ගය ගැන මහත් කැලඹීමක් හටගත්තේය. මක්නිසාද අර්තෙමිස්ගේ දේවාලයේ රිදී රූප සාදන්නාවූ දෙමේත්‍රියස් නම් රිදී කරුවෙක් කර්මාන්තකාරයන්ට බොහෝ ලාභ උපදවාදුන්නේය. ඔහු ඔවුන්ද එබඳුවූ කර්මාන්තකාරයන්ද රැස්කරවා: මහත්වරුනි, අපට වස්තුව ලැබෙන්නේ මේ කර්මාන්තයෙන් බව නුඹලා දන්නහුය. මේ පාවුල් වනාහි අත්වලින් කරනලද දෙවිවරු දෙවිවරු නොවෙතියි කියමින් එපීසයෙහි පමණක් නොව මුළු ආසියාවේ සෑම තැනම වාගේ බොහෝ සෙනඟ උගන්වා හරවාගත් බව නුඹලාට දකින්ටද අසන්ටද ලැබී තිබේ. එහෙයින් අපගේ මේ කර්මාන්තය සුළු බවට පැමිණෙන්ට පුළුවන්වා පමණක් නොව, මුළු ආසියාවත් ලෝකයත් නමස්කාරකරන්නාවූ මහත් දේවතාවී වූ අර්තෙමිස්ගේ මාළිගාව අගෞරවයට පත්වීමද ඇගේ මහන්තත්ත්වය පවා පහවීයාමද වෙන්ට පුළුවනැයි කීවෝය. ඔව්හු ඒ අසා කෝපයෙන් පිරී: එපීසයන්ගේ අර්තෙමිස් උත්තමීයයි මොරගසමින් කීවෝය. එවිට නුවර වියවුලෙන් පිරුණාය. ඔව්හු, පාවුල් සමඟ ගමන්කළාවූ ඔහුගේ ගමන් හවුල්කරු මකිදෝනියේ මනුෂ්‍යයන්වූ ගායස්ද අරිස්තාර්කස්ද අල්ලාගෙන එක්සිත්ව නෘත්‍ය ශාලාවට වේගයෙන් දිවුවෝය. පාවුල් සෙනඟ මැදට යන්ට සිතූ කල ගෝලයෝ ඔහුට ඉඩ නොහැරියෝය. ඔහුට මිත්‍රව සිටිය ආසියාවේ අධිපතීන්ගෙන් සමහරෙක්ද නෘත්‍ය ශාලාවට කොයි ආකාරයකින්වත් ඇතුල් නොවන ලෙස ඉල්ලා ඔහුට කියා ඇරියෝය. සභාව වියවුල්වූ බැවින්, සමහරෙක් එකක්ද අන් සමහරෙක් වෙන එකක්ද කියමින් මොරගැසුවෝය; ඔවුන්ගෙන් වැඩි කොටස තුමූ මොන කාරණාවක් නිසා එකතුවුණෝදැයි නොදැන සිටියෝය. යුදෙව්වරුන් විසින් ඉදිරිපත් කරනලද අලෙක්ෂන්දර් ඔව්හු සමූහයා අතරෙන් ගෙනාවෝය. අලෙක්ෂන්දර්ද අතින් සංඥාකොට, සමූහයාට උත්තරදෙන්ට කැමතිවිය. නුමුත් ඔහු යුදෙව්වෙක් බව ඔව්හු දැනගත් විට: එපීසයන්ගේ අර්තෙමිස් උත්තමීය කියා දෙපැයක් පමණ සියල්ලෝම එක හඬින් මොරගැසූහ. නුවර ලේකම් තැන සමූහයා සන්සිඳුවා: එපීසයේ මනුෂ්‍යයෙනි, එපීසවරුන්ගේ නුවර වනාහි අර්තෙමිස්ගේ මාළිගාවේද සියුස් ළඟින් වැටුණාවූ රූපයේද රැකවලී බව නොදන්න මනුෂ්‍යයා කවුද? මෙසේ මේ දේවලට විරුද්ධව යමක් කියන්ට බැරි හෙයින් නුඹලා ඉක්මනින් කිසිවක් නොකොට නිශ්චලව සිටින්ට යුතුය. මක්නිසාද නුඹලා මෙහි ගෙනාවාවූ මේ මනුෂ්‍යයෝ දේවාලවලින් සොරකම්කරන්නෝවත් අපේ දේවතාවීට අපහාසකරන්නෝවත් නොවෙති. එහෙයින් යමෙකුට විරුද්ධව දෙමේත්‍රියස්ගේද ඔහු සමඟ සිටින කර්මාන්තකාරයන්ගේද පැමිණිල්ලක් ඇත්නම්, නඩු දවස් තිබේ, අධිපතියෝද සිටිති. ඔව්හු එකිනෙකාට විරුද්ධව පැමිණිලිකරත්වා. නුමුත් නුඹලා වෙන කාරණා ගැන විචාරවු නම්, එය නියම සභාවේදී නිශ්චයකරනු ලැබේ. මක්නිසාද මේ කෝලාහල රැස්වීම ඇතිවීම ගැන අපට උත්තරදෙන්ට පුළුවන්වන ලෙස ඊට කිසි කාරණාවක් නැති බැවින්, අද දවසේ කැරැල්ල ගැන අප කෙරෙහිත් දෝෂාරෝපණයක් පැමිණෙන්ට පුළුවනැයි කීවේය. ඔහු මෙසේ කියා සභාව යන්ට ඇරියේය.
ක්‍රියා 19:1-41 NRSV (Sinhala New Revised Version)
තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටිය දී, පාවුලු ඉහළ පළාත් මැදින් ගමන් කොට, එපීසයට පැමිණියේ ය. එහි දී ඔහුට සමහර ශ්‍රාවකයෝ හමු වූ හ. පාවුලු ඔවුන් අමතා: “ඔබ අදහා ගත් කල ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබුවහු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු, “නැත, ශුද්ධාත්මයාණන් වහන්සේ ඇති බවක් වත් නොඇසීමු”යි කී හ. “එසේ වී නම්, ඔබ කුමන බව්තීස්ම-ස්නාපනයක් ලැබුවහු දැ”යි ඔහු ඇසී ය. “ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය”යි ඔව්හු කී හ. පාවුලු කතා කොට, “ජොහන් පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනයෙන් බව්තීස්ම-ස්නාපනය කොට සෙනඟට කතා කරමින්, තමන්ට පසු ව එන තැනැන් වහන්සේ කෙරෙහි, එනම් ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගන්නා ලෙස සෙනඟට කී ය”යි පැවසී ය. ඔව්හු ඒ අසා ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. පාවුලු ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණි සේක. ඔව්හු අන්‍ය භාෂාවලින් කතා කරමින් දිවැස් වැකි පැවසූ හ. ඒ මනුෂ්‍යයෝ දොළොස් දෙනෙක් පමණ වූ හ. පාවුලු ධර්මශාලාවට ඇතුළු වී තුන් මසක් අතරතුරේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීත ලෙස තර්ක කරමින් ද සිත් දිනාගැනීමට උත්සාහ කරමින් ද සාකච්ඡා කෙළේ ය. එහෙත් සමහරුන් මුරණ්ඩු ව, අකීකරු ව, සමූහයා ඉදිරියෙහි ඒ ධර්ම මාර්ගය හෙළා දකිමින් කතා කළ කල්හි ඔහු ඔවුන්ගෙන් ඈත් වී, ශ්‍රාවකයන් වෙන් කරගෙන, තුරානස්ගේ ශිල්පශාලාවෙහි දවස්පතා තර්ක කරමින් සිටියේ ය. මෙය දෙවසක් කෙරීගෙන ගියේ ය. මෙසේ ආසියාවේ විසූ සියලු ජුදෙව්වරු ද ග්‍රීක්වරු ද සමිඳාණන් වහන්සේගේ වචනය ඇසූ හ. දෙවියන් වහන්සේ පාවුලුගේ අත්වලින් පුදුම හාස්කම් සිදු කළ සේක. ඔහුගේ ශරීර ස්පර්ශය ලැබූ තුවායක් වත් රෙදිකඩක් වත් ලෙඩුන් ළඟට ගෙන ගිය කල රෝග ඔවුන්ගෙන් දුරු විය, නපුරු ආත්මයෝ ද පහ ව ගියහ. එහෙත් සමහර සංචාරක ජුදෙව් යකැදුරෝ අශුද්ධාත්ම වැහී සිටි අය කෙරෙහි ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමය කියන්නට පටන් ගෙන, “පාවුලු දේශනා කරන ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි”යි කී හ. නායක පූජකයෙකු වූ ස්කේවා නම් ජුදෙව්වරයෙකුගේ පුත්‍රයෝ සත් දෙනෙක් මෙසේ කළහ. එහෙත් අශුද්ධාත්මය උත්තර දෙමින්, “මම ජේසුස් වහන්සේ අඳුනමි, පාවුලු ද දනිමි, එහෙත් ඔබ කවුරු දැ”යි ඔවුනට කීවේ ය. අශුද්ධාත්මය වැහී සිටි මිනිසා ඔවුන් වෙතට පැන සියලු දෙනා ම දමනය කොට අඩන්තේට්ටම් කෙළේ ය. ඔව්හු තුවාළ වී, නග්න ව, ඒ ගෙයින් පලා ගියහ. මෙය එපීසයෙහි විසූ සියලු ජුදෙව්වරුනට ද ග්‍රීකයනට ද සැළ විය. ඔව්හු බොහෝ සේ බියපත් වූ හ. ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයට ද ගෞරවය ඇති විය. අදහාගත්තවුන්ගෙන් බොහෝ දෙනෙක් අවුත් තමන් ද මන්ත්‍රගුරුකම්වල යෙදී සිටි බව ප්‍රකාශ කළහ. යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාස කළ බොහෝ දෙනෙක් ද, තමන්ගේ පොත් එක් කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමූ හ. ඒවායේ මිල ගණන් බලා, රිදී මිල පණස් දහසක් බව දැන ගන්නා ලදී. මෙසේ සමිඳාණන් වහන්සේගේ වචනය බලවත් සේ වැඩී පැතිරී ගියේ ය. මේ සියල්ල නිම වූ කල, පාවුලු කතා කරමින්, “මා ජෙරුසලමට ගිය පසු, රෝමය ද දකින්න ඕනෑ ය” කියා, මසිදෝනිය සහ ග්‍රීසිය මැදින් ගොස්, ජෙරුසලමට යන්නට අධිෂ්ඨාන කරගත්තේ ය. ඔහු තමාට සේවය කළ අයගෙන් දෙදෙනෙකු වන තිමෝතියස් ද එරස්තස් ද මසිදෝනියට යවා තමා ම කලක් ආසියාවෙහි නැවතී සිටියේ ය. ඒ කාලයේ මේ ධර්ම මාර්ගය ගැන මහත් කැළඹීමක් හටගත්තේ ය. මන්ද, අර්තෙමිස්ගේ දේවාලයයේ රිදී රූප සාදන දෙමෙත්‍රියස් නම් රිදී කලාකරුවෙක් කර්මාන්තකාරයන්ට බොහෝ ලාභ උපදවා දුන්නේ ය. ඔහු, ඔවුන් ද එබඳු වූ වෙනත් කම්කරුවන් ද රැස් කරවා “භවතුනි, අපට වස්තුව ලැබෙන්නේ මේ කර්මාන්තයෙන් බව ඔබ දන්නහු ය. මේ පාවුලු වනාහි ‘අත්වලින් සැදූ දෙවිවරු, දෙවිවරු නොවෙති’යි කියමින් එපීසයේ පමණක් නොව මුළු ආසියාවේ හැම තැන ම පාහේ බොහෝ සෙනඟට උගන්වා ඔවුන් හරවා ගත් බව ඔබට දකින්නට ද අසන්නට ද ලැබී ඇත. ඒ නිසා අපේ මේ කර්මාන්තය අපකීර්තියට පත් විය හැකි ය. එපමණක් නොව, මුළු ආසියාවත් ලෝකයත් නමස්කාර කරන උත්තරීතර දේවතාවිය වූ අර්තෙමිස්ගේ දේවාලය අභාවයට පත් වීමට ද ඇගේ අභිමානය පවා නැති වී යාමට ද ඉඩ තිබේ ය”යි කී ය. ඔව්හු ඒ අසා කෝපයෙන් පිරී, “එපීසයන්ගේ අර්තෙමිස් අති උසස් ය”යි කියමින් මොරගැසූ හ. එවිට මුළු නුවර කැළඹිණ. ඔව්හු, පාවුලු සමඟ ගමන් කළ ගායස් ද අරිස්තාර්කස් ද යන මසිදෝනිවරුන් දෙදෙනා අල්ලා ගෙන නෘත්‍ය ශාලාවට වේගයෙන් දිවූ හ. පාවුලු සෙනඟ මැදට යන්නට සිතූ නමුත් ශ්‍රාවකයෝ ඔහුට ඉඩ නුදුන්හ. ඔහු සමඟ මිත්‍ර ව සිටි ආසියාතික අධිපතීන්ගෙන් සමහරෙක් ද, නෘත්‍ය ශාලාවට කොයි ආකාරයකින් වත් ඇතුළු නොවන සේ ඉල්ලමින් කන්නලව් කළහ. සභාව වියවුල් වූ බැවින්, සමහරෙක් එකක් ද, අන් සමහරෙක් තවත් එකක් ද කියමින් මොරගැසූ හ. ඔවුන්ගෙන් වැඩි කොටස තමන් රැස්වුණේ කුමන කරුණක් නිසා දැ යි නොදත්හ. ජුදෙව්වරුන් විසින් අලෙක්සන්දර් ඉදිරිපත් කරනු ලැබූ බැවින්, සමූහයාගෙන් සමහරෙක්, වගකිවයුත්තා ඔහු යයි නිගමනය කළහ. අලෙක්සන්දර් අතින් සංඥා කොට, සමූහයාට පිළිතුරු දෙන්නට කැමැත්ත දැක්වී ය. එහෙත් ඔහු ජුදෙව්වරයෙකු බව දැනගත් විට: “එපීසයන්ගේ අර්තෙමිස් අතිඋතුම් ය”යි කියමින් දෙපැයක් පමණ ඔව්හු සියල්ලෝ ම එක හඬින් මොරගැසූ හ. නගර සභා ලේකම් තැන සමූහයා සන්සිඳුවා, “එපීසයේ මනුෂ්‍යයිනි, එපීසවරුන්ගේ නුවර වනාහි ශ්‍රේෂ්ඨ අර්තෙමිස්ගේ මාලිගාවේ ද ස්වර්ගයෙන් පතිත වූ රූපයේ ද රැකවලී බව නොදන්නා මනුෂ්‍යයා කවරෙක් ද? මෙසේ මේ දේවලට විරුද්ධ ව යමක් කියන්නට කවරෙකුට වත් බැරි හෙයින් ඔබ ඉක්මන් වී සැහැසිකමක් නොකළ යුතු ය. මන්ද ඔබ මෙහි ගෙනා මේ මනුෂ්‍යයෝ දේවාලවලින් සොරකම් කරන්නෝ වත්, මේ දේවතාවියට අපහාස කරන්නෝ වත් නොවෙති. එසේ හෙයින්, යමෙකුට විරුද්ධ ව දෙමෙත්‍රියස්ගේ ද ඔහු සමඟ සිටින කර්මාන්තකාරයන්ගේ ද පැමිණිල්ලක් ඇත් නම්, නඩු දවස් තිබේ, අධිපතියෝ ද සිටිති. ඔව්හු එකිනෙකාට විරුද්ධ ව පැමිණිලි කරත් වා. එහෙත්, ඔබ එයට වැඩි යමක් සොයන්නහු නම්, එය නීත්‍යනුකූල සභාවේ දී තීරණය කරනු ලැබේ. මන්ද අපට මේ කලබලයට යුක්තිසහගත හේතුවක් ඉදිරිපත් කළ නොහැකි බැවින්, අද ඇති වූ මේ කෝලාහලය ගැන අපට විරුද්ධ ව චෝදනාවක් ඉදිරිපත් වෙන්නට ඉඩ තිබේ”යයි කී ය. ඔහු මෙසේ කියා සභාව විසුරුවා හැරියේ ය.
ක්‍රියා 19:1-41 SNRV (Sinhala New Revised Version 2018)
තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටිය දී, පාවුලු ඉහළ පළාත් මැදින් ගමන් කොට, එපීසයට පැමිණියේ ය. එහි දී ඔහුට සමහර ශ්‍රාවකයෝ හමු වූ හ. පාවුලු ඔවුන් අමතා: “ඔබ අදහා ගත් කල ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබුවහු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු, “නැත, ශුද්ධාත්මයාණන් වහන්සේ ඇති බවක් වත් නොඇසීමු”යි කී හ. “එසේ වී නම්, ඔබ කුමන බව්තීස්ම-ස්නාපනයක් ලැබුවහු දැ”යි ඔහු ඇසී ය. “ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය”යි ඔව්හු කී හ. පාවුලු කතා කොට, “ජොහන් පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනයෙන් බව්තීස්ම-ස්නාපනය කොට සෙනඟට කතා කරමින්, තමන්ට පසු ව එන තැනැන් වහන්සේ කෙරෙහි, එනම් ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගන්නා ලෙස සෙනඟට කී ය”යි පැවසී ය. ඔව්හු ඒ අසා ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. පාවුලු ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණි සේක. ඔව්හු අන්‍ය භාෂාවලින් කතා කරමින් දිවැස් වැකි පැවසූ හ. ඒ මනුෂ්‍යයෝ දොළොස් දෙනෙක් පමණ වූ හ. පාවුලු ධර්මශාලාවට ඇතුළු වී තුන් මසක් අතරතුරේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීත ලෙස තර්ක කරමින් ද සිත් දිනාගැනීමට උත්සාහ කරමින් ද සාකච්ඡා කෙළේ ය. එහෙත් සමහරුන් මුරණ්ඩු ව, අකීකරු ව, සමූහයා ඉදිරියෙහි ඒ ධර්ම මාර්ගය හෙළා දකිමින් කතා කළ කල්හි ඔහු ඔවුන්ගෙන් ඈත් වී, ශ්‍රාවකයන් වෙන් කරගෙන, තුරානස්ගේ ශිල්පශාලාවෙහි දවස්පතා තර්ක කරමින් සිටියේ ය. මෙය දෙවසක් කෙරීගෙන ගියේ ය. මෙසේ ආසියාවේ විසූ සියලු ජුදෙව්වරු ද ග්‍රීක්වරු ද සමිඳාණන් වහන්සේගේ වචනය ඇසූ හ. දෙවියන් වහන්සේ පාවුලුගේ අත්වලින් පුදුම හාස්කම් සිදු කළ සේක. ඔහුගේ ශරීර ස්පර්ශය ලැබූ තුවායක් වත් රෙදිකඩක් වත් ලෙඩුන් ළඟට ගෙන ගිය කල රෝග ඔවුන්ගෙන් දුරු විය, නපුරු ආත්මයෝ ද පහ ව ගියහ. එහෙත් සමහර සංචාරක ජුදෙව් යකැදුරෝ අශුද්ධාත්ම වැහී සිටි අය කෙරෙහි ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමය කියන්නට පටන් ගෙන, “පාවුලු දේශනා කරන ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි”යි කී හ. නායක පූජකයෙකු වූ ස්කේවා නම් ජුදෙව්වරයෙකුගේ පුත්‍රයෝ සත් දෙනෙක් මෙසේ කළහ. එහෙත් අශුද්ධාත්මය උත්තර දෙමින්, “මම ජේසුස් වහන්සේ අඳුනමි, පාවුලු ද දනිමි, එහෙත් ඔබ කවුරු දැ”යි ඔවුනට කීවේ ය. අශුද්ධාත්මය වැහී සිටි මිනිසා ඔවුන් වෙතට පැන සියලු දෙනා ම දමනය කොට අඩන්තේට්ටම් කෙළේ ය. ඔව්හු තුවාළ වී, නග්න ව, ඒ ගෙයින් පලා ගියහ. මෙය එපීසයෙහි විසූ සියලු ජුදෙව්වරුනට ද ග්‍රීකයනට ද සැළ විය. ඔව්හු බොහෝ සේ බියපත් වූ හ. ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයට ද ගෞරවය ඇති විය. අදහාගත්තවුන්ගෙන් බොහෝ දෙනෙක් අවුත් තමන් ද මන්ත්‍රගුරුකම්වල යෙදී සිටි බව ප්‍රකාශ කළහ. යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාස කළ බොහෝ දෙනෙක් ද, තමන්ගේ පොත් එක් කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමූ හ. ඒවායේ මිල ගණන් බලා, රිදී මිල පනස් දහසක් බව දැන ගන්නා ලදී. මෙසේ සමිඳාණන් වහන්සේගේ වචනය බලවත් සේ වැඩී පැතිරී ගියේ ය. මේ සියල්ල නිම වූ කල, පාවුලු කතා කරමින්, “මා ජෙරුසලමට ගිය පසු, රෝමය ද දකින්න ඕනෑ ය” කියා, මසිදෝනිය සහ ග්‍රීසිය මැදින් ගොස්, ජෙරුසලමට යන්නට අධිෂ්ඨාන කරගත්තේ ය. ඔහු තමාට සේවය කළ අයගෙන් දෙදෙනෙකු වන තිමෝතියස් ද එරස්තස් ද මසිදෝනියට යවා තමා ම කලක් ආසියාවෙහි නැවතී සිටියේ ය. ඒ කාලයේ මේ ධර්ම මාර්ගය ගැන මහත් කැළඹීමක් හටගත්තේ ය. මන්ද, අර්තෙමිස්ගේ දේවාලයයේ රිදී රූප සාදන දෙමෙත්‍රියස් නම් රිදී කලාකරුවෙක් කර්මාන්තකාරයන්ට බොහෝ ලාභ උපදවා දුන්නේ ය. ඔහු, ඔවුන් ද එබඳු වූ වෙනත් කම්කරුවන් ද රැස් කරවා “භවතුනි, අපට වස්තුව ලැබෙන්නේ මේ කර්මාන්තයෙන් බව ඔබ දන්නහු ය. මේ පාවුලු වනාහි ‘අත්වලින් සැදූ දෙවිවරු, දෙවිවරු නොවෙති’යි කියමින් එපීසයේ පමණක් නොව මුළු ආසියාවේ හැම තැන ම පාහේ බොහෝ සෙනඟට උගන්වා ඔවුන් හරවා ගත් බව ඔබට දකින්නට ද අසන්නට ද ලැබී ඇත. ඒ නිසා අපේ මේ කර්මාන්තය අපකීර්තියට පත් විය හැකි ය. එපමණක් නොව, මුළු ආසියාවත් ලෝකයත් නමස්කාර කරන උත්තරීතර දේවතාවිය වූ අර්තෙමිස්ගේ දේවාලය අභාවයට පත් වීමට ද ඇගේ අභිමානය පවා නැති වී යාමට ද ඉඩ තිබේ ය”යි කී ය. ඔව්හු ඒ අසා කෝපයෙන් පිරී, “එපීසයන්ගේ අර්තෙමිස් අති උසස් ය”යි කියමින් මොරගැසූ හ. එවිට මුළු නුවර කැළඹිණ. ඔව්හු, පාවුලු සමඟ ගමන් කළ ගායස් ද අරිස්තාර්කස් ද යන මසිදෝනිවරුන් දෙදෙනා අල්ලා ගෙන නෘත්‍ය ශාලාවට වේගයෙන් දිවූ හ. පාවුලු සෙනඟ මැදට යන්නට සිතූ නමුත් ශ්‍රාවකයෝ ඔහුට ඉඩ නුදුන්හ. ඔහු සමඟ මිත්‍ර ව සිටි ආසියාතික අධිපතීන්ගෙන් සමහරෙක් ද, නෘත්‍ය ශාලාවට කොයි ආකාරයකින් වත් ඇතුළු නොවන සේ ඉල්ලමින් කන්නලව් කළහ. සභාව වියවුල් වූ බැවින්, සමහරෙක් එකක් ද, අන් සමහරෙක් තවත් එකක් ද කියමින් මොරගැසූ හ. ඔවුන්ගෙන් වැඩි කොටස තමන් රැස්වුණේ කුමන කරුණක් නිසා දැ යි නොදත්හ. ජුදෙව්වරුන් විසින් අලෙක්සන්දර් ඉදිරිපත් කරනු ලැබූ බැවින්, සමූහයාගෙන් සමහරෙක්, වගකිවයුත්තා ඔහු යයි නිගමනය කළහ. අලෙක්සන්දර් අතින් සංඥා කොට, සමූහයාට පිළිතුරු දෙන්නට කැමැත්ත දැක්වී ය. එහෙත් ඔහු ජුදෙව්වරයෙකු බව දැනගත් විට: “එපීසයන්ගේ අර්තෙමිස් අතිඋතුම් ය”යි කියමින් දෙපැයක් පමණ ඔව්හු සියල්ලෝ ම එක හඬින් මොරගැසූ හ. නගර සභා ලේකම් තැන සමූහයා සන්සිඳුවා, “එපීසයේ මනුෂ්‍යයිනි, එපීසවරුන්ගේ නුවර වනාහි ශ්‍රේෂ්ඨ අර්තෙමිස්ගේ මාලිගාවේ ද ස්වර්ගයෙන් පතිත වූ රූපයේ ද රැකවලී බව නොදන්නා මනුෂ්‍යයා කවරෙක් ද? මෙසේ මේ දේවලට විරුද්ධ ව යමක් කියන්නට කවරෙකුට වත් බැරි හෙයින් ඔබ ඉක්මන් වී සැහැසිකමක් නොකළ යුතු ය. මන්ද ඔබ මෙහි ගෙනා මේ මනුෂ්‍යයෝ දේවාලවලින් සොරකම් කරන්නෝ වත්, මේ දේවතාවියට අපහාස කරන්නෝ වත් නොවෙති. එසේ හෙයින්, යමෙකුට විරුද්ධ ව දෙමෙත්‍රියස්ගේ ද ඔහු සමඟ සිටින කර්මාන්තකාරයන්ගේ ද පැමිණිල්ලක් ඇත් නම්, නඩු දවස් තිබේ, අධිපතියෝ ද සිටිති. ඔව්හු එකිනෙකාට විරුද්ධ ව පැමිණිලි කරත් වා. එහෙත්, ඔබ එයට වැඩි යමක් සොයන්නහු නම්, එය නීත්‍යනුකූල සභාවේ දී තීරණය කරනු ලැබේ. මන්ද අපට මේ කලබලයට යුක්තිසහගත හේතුවක් ඉදිරිපත් කළ නොහැකි බැවින්, අද ඇති වූ මේ කෝලාහලය ගැන අපට විරුද්ධ ව චෝදනාවක් ඉදිරිපත් වෙන්නට ඉඩ තිබේ”යයි කී ය. ඔහු මෙසේ කියා සභාව විසුරුවා හැරියේ ය.
ක්‍රියා 19:1-41 NIV (New International Version)
While Apollos was at Corinth, Paul took the road through the interior and arrived at Ephesus. There he found some disciples and asked them, “Did you receive the Holy Spirit when you believed?” They answered, “No, we have not even heard that there is a Holy Spirit.” So Paul asked, “Then what baptism did you receive?” “John’s baptism,” they replied. Paul said, “John’s baptism was a baptism of repentance. He told the people to believe in the one coming after him, that is, in Jesus.” On hearing this, they were baptized in the name of the Lord Jesus. When Paul placed his hands on them, the Holy Spirit came on them, and they spoke in tongues and prophesied. There were about twelve men in all. Paul entered the synagogue and spoke boldly there for three months, arguing persuasively about the kingdom of God. But some of them became obstinate; they refused to believe and publicly maligned the Way. So Paul left them. He took the disciples with him and had discussions daily in the lecture hall of Tyrannus. This went on for two years, so that all the Jews and Greeks who lived in the province of Asia heard the word of the Lord. God did extraordinary miracles through Paul, so that even handkerchiefs and aprons that had touched him were taken to the sick, and their illnesses were cured and the evil spirits left them. Some Jews who went around driving out evil spirits tried to invoke the name of the Lord Jesus over those who were demon-possessed. They would say, “In the name of the Jesus whom Paul preaches, I command you to come out.” Seven sons of Sceva, a Jewish chief priest, were doing this. One day the evil spirit answered them, “Jesus I know, and Paul I know about, but who are you?” Then the man who had the evil spirit jumped on them and overpowered them all. He gave them such a beating that they ran out of the house naked and bleeding. When this became known to the Jews and Greeks living in Ephesus, they were all seized with fear, and the name of the Lord Jesus was held in high honor. Many of those who believed now came and openly confessed what they had done. A number who had practiced sorcery brought their scrolls together and burned them publicly. When they calculated the value of the scrolls, the total came to fifty thousand drachmas. In this way the word of the Lord spread widely and grew in power. After all this had happened, Paul decided to go to Jerusalem, passing through Macedonia and Achaia. “After I have been there,” he said, “I must visit Rome also.” He sent two of his helpers, Timothy and Erastus, to Macedonia, while he stayed in the province of Asia a little longer. About that time there arose a great disturbance about the Way. A silversmith named Demetrius, who made silver shrines of Artemis, brought in a lot of business for the craftsmen there. He called them together, along with the workers in related trades, and said: “You know, my friends, that we receive a good income from this business. And you see and hear how this fellow Paul has convinced and led astray large numbers of people here in Ephesus and in practically the whole province of Asia. He says that gods made by human hands are no gods at all. There is danger not only that our trade will lose its good name, but also that the temple of the great goddess Artemis will be discredited; and the goddess herself, who is worshiped throughout the province of Asia and the world, will be robbed of her divine majesty.” When they heard this, they were furious and began shouting: “Great is Artemis of the Ephesians!” Soon the whole city was in an uproar. The people seized Gaius and Aristarchus, Paul’s traveling companions from Macedonia, and all of them rushed into the theater together. Paul wanted to appear before the crowd, but the disciples would not let him. Even some of the officials of the province, friends of Paul, sent him a message begging him not to venture into the theater. The assembly was in confusion: Some were shouting one thing, some another. Most of the people did not even know why they were there. The Jews in the crowd pushed Alexander to the front, and they shouted instructions to him. He motioned for silence in order to make a defense before the people. But when they realized he was a Jew, they all shouted in unison for about two hours: “Great is Artemis of the Ephesians!” The city clerk quieted the crowd and said: “Fellow Ephesians, doesn’t all the world know that the city of Ephesus is the guardian of the temple of the great Artemis and of her image, which fell from heaven? Therefore, since these facts are undeniable, you ought to calm down and not do anything rash. You have brought these men here, though they have neither robbed temples nor blasphemed our goddess. If, then, Demetrius and his fellow craftsmen have a grievance against anybody, the courts are open and there are proconsuls. They can press charges. If there is anything further you want to bring up, it must be settled in a legal assembly. As it is, we are in danger of being charged with rioting because of what happened today. In that case we would not be able to account for this commotion, since there is no reason for it.” After he had said this, he dismissed the assembly.