ක්‍රියා 18:5-8 - Compare All Versions

ක්‍රියා 18:5-8 SCV (සිංහල කාලීන පරිවර්තනය)

සීලස් හා තිමෝති මකිදෝනියේ සිට පැමිණි පසු, යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ ම යැයි යුදෙව්වරුන්ට සාක්ෂි දරමින් වචනය දේශනා කිරීමට පාවුල් මුළුමනින් ම කැප වූයේ ය. එහෙත් යුදෙව්වරුන් විරෝධය පාමින්, අපහාස කරන්නට වූ කල, පාවුල් තම ඇඳුම් ගසා දමමින්, “නුඹලාගේ ලේ නුඹලාගේ ම හිස් පිට වේවා! මගේ වගකීමෙන් මා නිදොස්; මෙතැන් පටන් මා අන්‍ය-ජාතීන් වෙත යනවා” යි කීවේ ය. ඉන්පසු එහි යෑම අත් හළ පාවුල් සිනගෝගයට යාබද නිවස, දෙවියන්වහන්සේට නමස්කාර කරන්නකු වූ තිතියුස් යුස්තස්ගේ නිවස වෙත ගියේ ය. සිනගෝග පාලක ක්‍රිස්පස් ද ඔහුගේ ගෘහවාසී සියල්ලෝ ද ස්වාමින්වහන්සේ අදහා ගත්හ. පාවුල්ගේ දේශනා ඇසූ කොරින්තිවරු බොහෝ දෙනෙක් ද අදහා බව්තීස්ම ලදහ.

බෙදාගන්න
ක්‍රියා 18 SCV

ක්‍රියා 18:5-8 SROV (Sinhala Revised Old Version)

නුමුත් සීලස්ද තිමෝතියස්ද මකිදෝනියෙන් ආ කල, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්මයයි පාවුල් යුදෙව්වරුන්ට සාක්ෂිදෙමින්, වචනය දේශනාකිරීමේ වැඩේම යෙදී සිටියේය. එහෙත් ඔවුන් විරුද්ධව සිට අපහාසකළ කල්හි, ඔහු තමාගේ වස්ත්‍ර ගසාදමා, ඔවුන්ට කථාකොට: නුඹලාගේ ලේ නුඹලාගේම හිස් පිට වේවා; මම නිදොස්වෙමි. මෙතැන් පටන් අන්‍යජාතීන් ළඟට යමියි කීවේය. ඔහු එතැනින් අහක්ව ගොස්, දෙවියන්වහන්සේට නමස්කාරකළාවූ තීතස් යුස්තස් නම් මනුෂ්‍යයෙකුගේ ගෙදරට ගියේය; ඔහුගේ ගේ සිනගෝගයට යාව තිබුණේය. සිනගෝගයේ මුලාදෑනියාවූ ක්‍රිස්පස් තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ ස්වාමීන්වහන්සේ කෙරෙහි අදහාගත්තේය; කොරින්තිවරුන්ගෙන් බොහෝ දෙනෙක්ද අසා අදහාගෙන බව්තීස්මකරනු ලැබුවෝය.

බෙදාගන්න
ක්‍රියා 18 SROV

ක්‍රියා 18:5-8 NRSV (Sinhala New Revised Version)

සීලස් ද තිමෝතියස් ද මසිදෝනියෙන් ආ කල ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ම යයි පාවුලු ජුදෙව්වරුන්ට සාක්ෂි දෙමින්, ධර්මය දේශනා කිරීමේ කාර්යයෙහි ම නිරත විය. එහෙත් ඔවුන් විරුද්ධ ව සිට, අපහාස කළ කල්හි, පාවුලු තමාගේ වස්ත්‍රවල ධූලි ගසාදමා, ඔවුන්ට කතා කොට, “ඔබගේ ලේ ඔබගේ ම හිස් පිට වැගිරේ වා; මම නිදොස් වෙමි. මෙතැන් පටන් විජාතීන් වෙතට යමි”යි කී ය. ඔහු එතැනින් නික්ම ගොස් දෙවියන් වහන්සේට නමස්කාර කළ තීතස් ජුස්තස් නම් මිනිසෙකුගේ ගෙදරට ගියේ ය. ඔහුගේ නිවස ධර්මශාලාවලට යාව තිබිණි. ධර්මශාලා මුළාදෑනියා වූ ක්‍රිස්පස් තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ සමිඳාණන් වහන්සේ අදහා ගත්තේ ය. කොරින්තිවරුන්ගෙන් බොහෝ දෙනෙක් ද පාවුලුගේ බස් අසා අදහා ගෙන බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.

බෙදාගන්න
ක්‍රියා 18 NRSV

ක්‍රියා 18:5-8 SNRV (Sinhala New Revised Version 2018)

සීලස් ද තිමෝතියස් ද මසිදෝනියෙන් ආ කල ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ම යයි පාවුලු ජුදෙව්වරුන්ට සාක්ෂි දෙමින්, ධර්මය දේශනා කිරීමේ කාර්යයෙහි ම නිරත විය. එහෙත් ඔවුන් විරුද්ධ ව සිට, අපහාස කළ කල්හි, පාවුලු තමාගේ වස්ත්‍රවල ධූලි ගසාදමා, ඔවුන්ට කතා කොට, “ඔබගේ ලේ ඔබගේ ම හිස් පිට වැගිරේ වා; මම නිදොස් වෙමි. මෙතැන් පටන් විජාතීන් වෙතට යමි”යි කී ය. ඔහු එතැනින් නික්ම ගොස් දෙවියන් වහන්සේට නමස්කාර කළ තීතස් ජුස්තස් නම් මිනිසෙකුගේ ගෙදරට ගියේ ය. ඔහුගේ නිවස ධර්මශාලාවට යාව තිබිණි. ධර්මශාලා මුළාදෑනියා වූ ක්‍රිස්පස් තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ සමිඳාණන් වහන්සේ අදහා ගත්තේ ය. කොරින්තිවරුන්ගෙන් බොහෝ දෙනෙක් ද පාවුලුගේ බස් අසා අදහා ගෙන බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.

බෙදාගන්න
ක්‍රියා 18 SNRV

ක්‍රියා 18:5-8 NIV (New International Version)

When Silas and Timothy came from Macedonia, Paul devoted himself exclusively to preaching, testifying to the Jews that Jesus was the Messiah. But when they opposed Paul and became abusive, he shook out his clothes in protest and said to them, “Your blood be on your own heads! I am innocent of it. From now on I will go to the Gentiles.” Then Paul left the synagogue and went next door to the house of Titius Justus, a worshiper of God. Crispus, the synagogue leader, and his entire household believed in the Lord; and many of the Corinthians who heard Paul believed and were baptized.

බෙදාගන්න
ක්‍රියා 18 NIV