ක්රියා 16:30-31
ක්රියා 16:30-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු සිර මැදිරියෙන් පිටතට ඔවුන් කැඳවාගෙන අවුත්, “මහත්වරුනි, ගැලවීම ලබන පිණිස මා කුමක් කළ යුතු දැ?” යි විමසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “යේසුස් ස්වාමින්වහන්සේ අදහා ගන්න. එවිට ඔබ ගැලවීම ලබනු ඇත; ඔබත් ඔබේ ගෙයි වැසි සියල්ලොත් යැ” යි පැවසූහ.
බෙදාගන්න
ක්රියා 16 කියවන්නක්රියා 16:30-31 Sinhala Revised Old Version (SROV)
ඔවුන් පිටතට කැඳවා කථාකොට: ස්වාමිවරුනි, ගැළවෙන පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය. ඔව්හු කථාකොට: ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගන්න, එවිට නුඹ ගැළවෙන්නෙහිය, නුඹද නුඹේ ගෙයි වැසියෝද එසේමයයි කීවෝය.
බෙදාගන්න
ක්රියා 16 කියවන්නක්රියා 16:30-31 Sinhala New Revised Version (NRSV)
ඔවුන් පිටතට කැඳවා, “ගැළවීම ලබන පිණිස මා කුමක් කළ යුතු දැ”යි ඇසී ය. ඔව්හු පිළිතුරු දෙමින්, “ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේ අදහා ගන්න. එවිට ඔබ ගැළවෙන්නෙහි ය; ඔබ ද ඔබේ ගෙයි වැසියෝ ද ගැළවෙන්නාහ”යි කී හ.
බෙදාගන්න
ක්රියා 16 කියවන්න