බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ක්‍රියා 16:22-34 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 16:22-34 SROV (Sinhala Revised Old Version)

එවිට සමූහයා ඔවුන්ට විරුද්ධව එක්ව නැගුටුණෝය. නඩුකාරයෝද ඔවුන්ගේ වස්ත්‍ර ඉරාදමා, ඔවුන්ට කෝටුවලින් තළන්ට අණකළෝය. ඔව්හු ඔවුන්ට බොහෝ පහර දුන්නායින් පසු හිරගෙයි දමා, ඔවුන් ප්‍රවේසමෙන් රැකවල්කරන්ට හිරගෙයි මුලාදෑනියාට අණකළෝය. ඔහු එවැනි අණක් ලැබූ බැවින් ඔවුන් ඇතුල් හිරගෙයි දමා, ඔවුන්ගේ පාද සවිලෙස දඬුගැසුවේය. නුමුත් මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය, හිරකාරයෝද ඔවුන්ට ඇහුම්කන්දීගන සිටියෝය; හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය, එයින් හිරගෙයි අත්තිවාරම් සෙලවුණේය. එකෙණෙහිම සියලු දොරවල් ඇරුණේය; සියල්ලන්ගේ බැඳුම්ද මිදුණේය. එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් පිබිද, හිරගෙයි දොරවල් ඇරී තිබෙනවා දැක, හිරකාරයෝ පැනලා ගියෝයයි සිතා, කඩුව ඇදගන තමාම මරාගන්ට හැදුවේය. නුමුත් පාවුල් කථාකොට: නුඹට කිසි අනතුරක් කර නොගන්න. මක්නිසාද අපි සියල්ලෝ මෙහියයි මහත් හඬින් මොරගසා කීවේය. එකල ඔහු එළි ඉල්ලාගන ඇතුළට පැන, භයින් වෙවුලමින්, පාවුල් සහ සීලස් ඉදිරියෙහි වැටී, ඔවුන් පිටතට කැඳවා කථාකොට: ස්වාමිවරුනි, ගැළවෙන පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය. ඔව්හු කථාකොට: ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගන්න, එවිට නුඹ ගැළවෙන්නෙහිය, නුඹද නුඹේ ගෙයි වැසියෝද එසේමයයි කීවෝය. තවද ඔව්හු ඔහුගේ ගෙදර වැසි සියල්ලන් ඇතුළුව ඔහුට ස්වාමීන්වහන්සේගේ වචනය කියාදුන්නෝය. ඔහු රාත්‍රියේ ඒ පැයේදීම ඔවුන් රැගෙන, ඔවුන්ගේ තුවාල සේදුවේය; ඔහුද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝද එකෙණෙහිම බව්තීස්මකරනු ලැබුවෝය. ඔහු ඉහළ තමාගේ ගෙට ඔවුන් කැඳවාගන ගොස්, ඔවුන් ඉදිරියෙහි කෑම මේසයක් තබා, තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ දෙවියන්වහන්සේ අදහමින් බොහෝසේ ප්‍රීතිවූයේය.

බෙදාගන්න
ක්‍රියා 16 SROV

ක්‍රියා 16:22-34 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔවුන්ට පහර දීමට සමූහයා ද එක් වූහ. එවිට ඔවුන් දෙදෙනාගේ හැඳිවත් ඉරා, ඔවුන් කෝටු මස් කරන ලෙස විනිසුරුවෝ නියෝග කළහ. මෙසේ ඉතා දැඩි සේ කෝටු පහර දෙනු ලැබූ පසු, ඔවුහු සිර ගෙයි දමනු ලැබූහ. පරෙස්සමින් ඔවුන් මුර කරන ලෙසට සිරගෙදර නිලධාරියා අණ ලැබී ය. එවැනි අණක් ලද බැවින්, ඔවුන් ඇතුළු සිර කුටියක ලූ හෙතෙම ඔවුන්ගේ පා දඬු කඳේ ගැසී ය. රෑ මැදියමේ පමණ පාවුල් හා සීලස් යාච්ඤා කරන්නටත්, දෙවියන්වහන්සේට ගී ගයන්නටත් වූ අතර අනෙක් සිරකරුවෝ ඊට සවන් දෙමින් සිටියහ. හදිසියේ ම සිර ගෙයි අත්තිවාරම් දෙදරවමින් තදබල භූමිකම්පාවක් විය. සිරගෙදර දොරවල් සියල්ල එක්වන ම ඇරී ගියේ ය. සිරකරුවන් සැමගේ බැඳි බැඳුම් ද ලිහී ගියේ ය. සිර ගෙයි නිලධාරියා අවදි විය. සිර ගෙයි දොරවල් ඇරී තිබෙනු දුටු ඔහු, සිරකරුවන් පැන යන්නට ඇතැයි සිතා සිය දිවි හානිකර ගන්නට තම අසිපත අතට ගත්තේ ය. එසැණේ ම, “කිසි අනතුරක් කර ගන්න එපා! අප සැවොම මෙහි සිටිනවා” යි පාවුල් කෑගැසී ය. එවිට, පන්දම් ඉල්ලා ගත් නිලධාරියා වහ වහා ඇතුළු සිර කුටියට වැද, වෙවුලමින් පාවුල් හා සීලස් ඉදිරියේ දණින් වැටුණේ ය. ඉන්පසු සිර මැදිරියෙන් පිටතට ඔවුන් කැඳවාගෙන අවුත්, “මහත්වරුනි, ගැලවීම ලබන පිණිස මා කුමක් කළ යුතු දැ?” යි විමසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “යේසුස් ස්වාමින්වහන්සේ අදහා ගන්න. එවිට ඔබ ගැලවීම ලබනු ඇත; ඔබත් ඔබේ ගෙයි වැසි සියල්ලොත් යැ” යි පැවසූහ. ඔවුහු ඉන්පසු ඔහුටත්, ඔහුගේ නිවසේ සෙසු සියල්ලන්ටත් ස්වාමින්වහන්සේගේ වචනය පහදා දුන්හ. සිර ගෙයි නිලධාරියා ඒ රැයේ, ඒ පැයේ ම ඔවුන් දෙදෙනාගේ තැළුම් තුවාල සේදුවේ ය. ඒ සමඟ ම ඔහුත්, ඔහුගේ ගෙයි වැසි සියල්ලොත් බව්තීස්ම ලදහ. ඉන්පසු ඔවුන් සිය නිවසට කැඳවූ සිර ගෙයි නිලධාරියා, ඔවුනට ආහාර පානාදියෙන් සංග්‍රහ කළේ ය. දෙවියන්වහන්සේ අදහා ගන්නට ලැබුණ බැවින් ඔහුත්, ඔහුගේ මුළු ගෘහවාසීනුත් සිටියේ ප්‍රීතියෙන් උතුරමිනි.

බෙදාගන්න
ක්‍රියා 16 SCV

ක්‍රියා 16:22-34 NRSV (Sinhala New Revised Version)

එවිට ජනයා ඔවුන්ට විරුද්ධ ව එක්ව නැඟී සිටියහ. නඩුකාරයෝ ද, ඔවුන්ගේ වස්ත්‍ර ඉරා දමා, කෝටුවලින් ඔවුන්ට තළන්නට අණ කළෝ ය. ඔවුන්ට බොහෝ පහර දුන් පසු, හිරගෙයි දමා ඔවුන් පරිස්සමෙන් රැක බලාගන්නා ලෙස හිරගෙයි මුලාදෑනියාට අණ කළහ. මෙසේ අණ ලැබූ ඔහු, ඔවුන් ඇතුළු සිරකාමරයේ දමා, ඔවුන්ගේ පාද දඬුකඳන්වල සවි කෙළේ ය. එහෙත් මධ්‍යම රාත්‍රිය පමණේ දී, පාවුලු ද සීලස් ද යාච්ඤා කරමින් දෙවියන් වහන්සේට ගී ගැයූ හ. හිරකාරයෝ ද ඔවුන්ට ඇහුම්කන් දීගෙන සිටියහ. හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය. හිරගෙයි අත්තිවාරම් සෙලවිණි. එකෙණෙහි ම සියලු දොරවල් ඇරිණි; සියල්ලන්ගේ බැඳුම් ද ලිහිණි. එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් අවදි ව, හිරගෙයි දොරවල් ඇරී තිබෙන බව දැක, හිරකරුවන් පැන ගියහ යි සිතා, කඩුව ඇද, සිය පණ හානි කරගන්නට සැරසුණේ ය. එහෙත් පාවුලු, කතා කරමින් “ඔබට කිසි අනතුරක් කර නොගන්න; අපි සියල්ලෝ ම මෙහි ය”යි මහත් හඬින් මොරගසා කී ය. එකල ඔහු පහනක් ඉල්ලා ගෙන ඇතුළට පැන, බියෙන් වෙවුලමින්, පාවුලු සහ සීලස් ඉදිරියෙහි වැටී, ඔවුන් පිටතට කැඳවා, “ගැළවීම ලබන පිණිස මා කුමක් කළ යුතු දැ”යි ඇසී ය. ඔව්හු පිළිතුරු දෙමින්, “ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහා ගන්න. එවිට ඔබ ගැළවෙන්නෙහි ය; ඔබ ද ඔබේ ගෙයි වැසියෝ ද ගැළවෙන්නාහ”යි කී හ. තවද ඔව්හු ඒ මුලාදෑනියාට ද ඔහුගේ ගෙදර වැසි සියල්ලන්ට ද සමිඳාණන් වහන්සේගේ වචනය පහදා දුන්හ. මුලාදෑනියා රාත්‍රියේ ඒ පැයේ දී ම ඔවුන් රැගෙන, ඔවුන්ගේ තුවාළ සේදුවේ ය. ඔහු ද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝ ද එවලේ ම බව්තීස්ම-ස්නාපනය ලැබූ හ. ඔහු තමාගේ ගෙට ඔවුන් කැඳවා ගෙන ගොස්, කෑමෙන් සංග්‍රහ කොට තමා දෙවියන් වහන්සේ අදහා ගත් බැවින් සිය ගෙයි වැසි සියල්ලන් සමඟ අතිශයින් ප්‍රීති විය.

බෙදාගන්න
ක්‍රියා 16 NRSV

ක්‍රියා 16:22-34 SNRV (Sinhala New Revised Version 2018)

ක්‍රියා 16 SNRV

ක්‍රියා 16:22-34 NIV (New International Version)

The crowd joined in the attack against Paul and Silas, and the magistrates ordered them to be stripped and beaten with rods. After they had been severely flogged, they were thrown into prison, and the jailer was commanded to guard them carefully. When he received these orders, he put them in the inner cell and fastened their feet in the stocks. About midnight Paul and Silas were praying and singing hymns to God, and the other prisoners were listening to them. Suddenly there was such a violent earthquake that the foundations of the prison were shaken. At once all the prison doors flew open, and everyone’s chains came loose. The jailer woke up, and when he saw the prison doors open, he drew his sword and was about to kill himself because he thought the prisoners had escaped. But Paul shouted, “Don’t harm yourself! We are all here!” The jailer called for lights, rushed in and fell trembling before Paul and Silas. He then brought them out and asked, “Sirs, what must I do to be saved?” They replied, “Believe in the Lord Jesus, and you will be saved—you and your household.” Then they spoke the word of the Lord to him and to all the others in his house. At that hour of the night the jailer took them and washed their wounds; then immediately he and all his household were baptized. The jailer brought them into his house and set a meal before them; he was filled with joy because he had come to believe in God—he and his whole household.

බෙදාගන්න
ක්‍රියා 16 NIV