ක්‍රියා 16:16-23
ක්‍රියා 16:16-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
වරක්, යාච්ඤා පැවැත්වෙන තැනට අප යද්දී එක් වහල් කෙල්ලක් අපට මුණ ගැසිණි. පේන කීමේ ආත්මයක් වැහී සිටි ඈ ශාස්ත්‍ර කීමෙන් ඇගේ හාම්පුතුනට මුදල් සම්භාරයක් ම උපයා දුන්නා ය. මෙම තරුණිය, පාවුල් ඇතුළු අප පසු පස එමින්, “ගැලවීමේ මාර්ගය ඔබට පවසන මොවුන් මහෝත්තම දෙවියන්වහන්සේගේ දාසයින් යැ” යි මොර දුන්නා ය. බොහෝ දවසක් ඇය මෙසේ කළ පසු, ඉන් උරණ වූ පාවුල්, තරුණිය දෙස ආපසු හැරී, යක්ෂාත්මය අමතා, “මැය වෙතින් දුරුව යන ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් මම නුඹට අණ කරමි” යි කීවේ ය. එකෙණෙහි ම ඒ යක්ෂාත්මය ඇගෙන් දුරුව ගියේ ය. එවිට ඇගේ හාම්පුත්තු, ලාභ ඉපැයීමේ තම බලාපොරොත්තු ගිලිහී ගිය බැව් දැක, පාවුල් හා සීලස් බලෙන් ම අල්ලා, වෙළඳ පොළට ඇදගෙන ගොස්, නිසි බලධාරීන් වෙත පැමිණ වූහ. ඉන්පසු විනිසුරුවන් වෙත ඔවුන් ගෙන ගිය ඔවුහු, “මොවුන් යුදෙව්වො; මොවුන් අප නගරයේ මහ කැලඹීමක් ඇති කරමින් රෝමවරුන් වූ අපට පිළිගැනීමට හා පිළිපැදීමට නීති විරෝධී චාරිත්‍ර උගන්වනවා” යි කීහ. ඔවුන්ට පහර දීමට සමූහයා ද එක් වූහ. එවිට ඔවුන් දෙදෙනාගේ හැඳිවත් ඉරා, ඔවුන් කෝටු මස් කරන ලෙස විනිසුරුවෝ නියෝග කළහ. මෙසේ ඉතා දැඩි සේ කෝටු පහර දෙනු ලැබූ පසු, ඔවුහු සිර ගෙයි දමනු ලැබූහ. පරෙස්සමින් ඔවුන් මුර කරන ලෙසට සිරගෙදර නිලධාරියා අණ ලැබී ය.
ක්‍රියා 16:16-23 Sinhala Revised Old Version (SROV)
අප යාච්ඤාකරන තැනට යද්දී, ශාස්ත්‍ර කියන ආත්මයක් ඇත්තාවූ, පේනකීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ ඉපදෙවූවාවූ එක්තරා තරුණියක් අපට සම්බවූවාය. ඈ පාවුල් සහ අප පස්සේ එමින්: මේ මනුෂ්‍යයෝ ගැළවීමේ මාර්ගය නුඹලාට ප්‍රකාශ කරන්නාවූ, මහෝත්තම දෙවියන්වහන්සේගේ දාසියෝයයි මොරගසා කීවාය. ඈ බොහෝ දවසක්ම මෙසේ කළාය. එවිට පාවුල් අතිශයෙන් අප්‍රසන්නවී, හැරී ආත්මයට කථාකොට: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේගේ නාමයෙන් ඇගෙන් අහක්වී යන්ට නුඹට අණකරමියි කීවේය. ඒ පැයේදීම ආත්මය අහක්වගියේය. නුමුත් ඇගේ ස්වාමිවරු තමුන්ගේ ලාභ ලැබීමේ බලාපොරොත්තුව නැතිවූ බව දැක, පාවුල් සහ සීලස් අල්ලා වෙළඳාම්පළට ඇදගන ගොස්, මුලාදෑනීන් ඉදිරියෙහි සිටෙවුවෝය, නඩුකාරයන් ළඟටද ඔවුන් ගෙනගොස්: යුදෙව්වරුවූ මේ මනුෂ්‍යයෝ අපගේ නුවර අතිශයින් කළඹමින්, රෝමයන්වූ අප විසින් පිළිගන්ටවත් පවත්වන්ටවත් නුසුදුසුවූ චාරිත්‍ර උගන්වතියි කීවෝය. එවිට සමූහයා ඔවුන්ට විරුද්ධව එක්ව නැගුටුණෝය. නඩුකාරයෝද ඔවුන්ගේ වස්ත්‍ර ඉරාදමා, ඔවුන්ට කෝටුවලින් තළන්ට අණකළෝය. ඔව්හු ඔවුන්ට බොහෝ පහර දුන්නායින් පසු හිරගෙයි දමා, ඔවුන් ප්‍රවේසමෙන් රැකවල්කරන්ට හිරගෙයි මුලාදෑනියාට අණකළෝය.
ක්‍රියා 16:16-23 Sinhala New Revised Version (NRSV)
අප යාච්ඤා කරන තැනට යද්දී, ගුප්ත දෑ හෙළි කරන ආත්මයක් ආවේශ වූ, පේන කීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ උපදවා දුන්, එක්තරා වහල් තරුණියක් අපට හමු වූවා ය. ඈ පාවුලුත් අපත් පසුපස එමින්, “මේ අය ගැළවීමේ මාර්ගය අපට ප්‍රකාශ කරන, පරමෝත්තම දෙවියන් වහන්සේගේ දාසයෝ” යයි මොරගසා කීවා ය. ඈ දවස් කීපයක් ම මෙසේ කළා ය. එවිට පාවුලු අතිශයින් අප්‍රසන්න වී, ආත්මයට කතා කොට, “ඇගෙන් අහක් වී යන්නට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් නුඹට අණ කරමි”යි කී ය. ඒ මොහොතේ දී ම ඒ ආත්මය අහක් ව ගියේ ය. එහෙත් ඇගේ ස්වාමිවරු, මුදල් ගරා ගැනීමේ තම බලාපොරොත්තුව නැති වූ බව දැක, පාවුලු සහ සීලස් අල්ලා වෙළෙඳාම්පළට ඇද ගෙන ගොස්, ප්‍රධානීන් ඉදිරියෙහි සිටෙව්වෝ ය. ඉන්පසු නඩුකාරයන් ළඟට ද ඔවුන් ගෙන ගොස්, “ජුදෙව්වරුන් වන මේ මනුෂ්‍යයෝ අපගේ නුවර අතිශයින් කළඹමින්, රෝමවරුන් වන අපට පිළිගන්නට වත් පිළිපදින්නට වත් බැරි නීතිවිරෝධි චාරිත්‍ර උගන්වති යි කී හ. එවිට ජනයා ඔවුන්ට විරුද්ධ ව එක්ව නැඟී සිටියහ. නඩුකාරයෝ ද, ඔවුන්ගේ වස්ත්‍ර ඉරා දමා, කෝටුවලින් ඔවුන්ට තළන්නට අණ කළෝ ය. ඔවුන්ට බොහෝ පහර දුන් පසු, හිරගෙයි දමා ඔවුන් පරිස්සමෙන් රැක බලාගන්නා ලෙස හිරගෙයි මුලාදෑනියාට අණ කළහ.
ක්‍රියා 16:16-23 Sinhala New Revised Version 2018 (SNRV)

ක්‍රියා 16:16-23 New International Version (NIV)
Once when we were going to the place of prayer, we were met by a female slave who had a spirit by which she predicted the future. She earned a great deal of money for her owners by fortune-telling. She followed Paul and the rest of us, shouting, “These men are servants of the Most High God, who are telling you the way to be saved.” She kept this up for many days. Finally Paul became so annoyed that he turned around and said to the spirit, “In the name of Jesus Christ I command you to come out of her!” At that moment the spirit left her. When her owners realized that their hope of making money was gone, they seized Paul and Silas and dragged them into the marketplace to face the authorities. They brought them before the magistrates and said, “These men are Jews, and are throwing our city into an uproar by advocating customs unlawful for us Romans to accept or practice.” The crowd joined in the attack against Paul and Silas, and the magistrates ordered them to be stripped and beaten with rods. After they had been severely flogged, they were thrown into prison, and the jailer was commanded to guard them carefully.