ක්‍රියා 14:24-28 - Compare All Versions

ක්‍රියා 14:24-28 SCV (සිංහල කාලීන පරිවර්තනය)

පිසිදිය හරහා ගමන් කළ ඔවුහු පම්පිලිය වෙත පැමිණියහ. පර්ගාහි වචනය දේශනා කළ ඔවුහු එතැනින් අත්තාලියා වෙත ගියහ. එතැනින් නැව් නැගුණු ඔවුහු, ආපසු අන්තියෝකිය බලා යාත්‍රා කළහ. ඔවුන් විසින් ඉටු කරන ලද සේවාව සඳහා දෙවියන්වහන්සේගේ අනුග්‍රහයට ඔවුන් කැප කරන ලද්දේ මෙහිදී ය. එහි ළඟා වූ ඔවුහු එහි සභාව රැස් කරවා, දෙවියන්වහන්සේ විසින් තමන් ලවා කරවන ලද සියල්ල ද ඇදහිල්ල කරා අන්‍ය-ජාතීන්ට මගක් හෙළි කර දුන් අයුරු ද විස්තර කළහ. පාවුල් හා බාර්ණබස් එම ගෝලයින් සමඟ බොහෝ කලක් නැවතී සිටියහ.

බෙදාගන්න
ක්‍රියා 14 SCV

ක්‍රියා 14:24-28 SROV (Sinhala Revised Old Version)

පිසිදිය මැදින් ගමන්කොට, පම්පිලියට ආවෝය. ඔව්හු පර්ගායේදී වචනය කියාදී, අත්තාලියට බැස, එයින් නැව් නැගී, යම් වැඩක් කරන පිණිස දෙවියන්වහන්සේගේ අනුග්‍රහයට අන්තියෝකියේදී ඔවුන් භාරදෙනලදද, ඒ වැඩ සම්පූර්ණකොට, එම අන්තියෝකියට ආවෝය. ඔව්හු ආ කල, සභාව රැස්කරවා, දෙවියන්වහන්සේ තමුන් ලවා කෙරෙවු සියල්ලද අන්‍යජාතීන්ට උන්වහන්සේ ඇදහිල්ලේ දොරක් ඇරදුන් බවද දැන්වුවෝය. තවද ඔව්හු ගෝලයන් සමඟ එහි බොහෝ කලක් සිටියෝය.

බෙදාගන්න
ක්‍රියා 14 SROV

ක්‍රියා 14:24-28 NRSV (Sinhala New Revised Version)

පිසිදිය මැදින් ගොස්, පම්පිලියට පැමිණියහ. ඔව්හු පර්ගායේ දී වචනය දේශනා කොට, අත්තාලියට ගොස් එතැනින් නැව් නැඟී අන්තියෝකියට පැමිණියහ. ඔවුන් ඉෂ්ට කළ සේවය නිසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයට ඔවුන් කල්මත්තෙන් භාර දෙන ලද්දේ මේ අන්තියෝකියේ දී ය. එහි පැමිණි කල, ඔව්හු සභාව රැස් කරවා දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කළ සියල්ල ද විජාතීන්ට උන් වහන්සේ විශ්වාසය කරා දොරක් ඇර දුන් බව ද දැන්වූ හ. තවද, ඔව්හු ශ්‍රාවකයන් සමඟ බොහෝ කලක් එහි නැවතී සිටියහ.

බෙදාගන්න
ක්‍රියා 14 NRSV

ක්‍රියා 14:24-28 SNRV (Sinhala New Revised Version 2018)

පිසිදිය මැදින් ගොස්, පම්පිලියට පැමිණියහ. ඔව්හු පර්ගායේ දී වචනය දේශනා කොට, අත්තාලියට ගොස් එතැනින් නැව් නැඟී අන්තියෝකියට පැමිණියහ. ඔවුන් ඉෂ්ට කළ සේවය නිසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයට ඔවුන් කල්මත්තෙන් භාර දෙන ලද්දේ මේ අන්තියෝකියේ දී ය. එහි පැමිණි කල, ඔව්හු සභාව රැස් කරවා දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කළ සියල්ල ද විජාතීන්ට උන් වහන්සේ විශ්වාසය කරා දොරක් ඇර දුන් බව ද දැන්වූ හ. තවද, ඔව්හු ශ්‍රාවකයන් සමඟ බොහෝ කලක් එහි නැවතී සිටියහ.

බෙදාගන්න
ක්‍රියා 14 SNRV

ක්‍රියා 14:24-28 NIV (New International Version)

After going through Pisidia, they came into Pamphylia, and when they had preached the word in Perga, they went down to Attalia. From Attalia they sailed back to Antioch, where they had been committed to the grace of God for the work they had now completed. On arriving there, they gathered the church together and reported all that God had done through them and how he had opened a door of faith to the Gentiles. And they stayed there a long time with the disciples.

බෙදාගන්න
ක්‍රියා 14 NIV