ක්රියා 13:46 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ක්රියා 13:46 SROV (Sinhala Revised Old Version)
එවිට පාවුල්ද බාර්ණබස්ද භය නැතුව කථාකරමින්: දෙවියන්වහන්සේගේ වචනය පළමුකොට නුඹලාට කියන්ට යුතුව තිබුණේය. නුඹලා ඒක පහකොට, සදාකාල ජීවනයට තමුන් නුසුදුස්සන් බව නුඹලාම විනිශ්චයකරගන්න හෙයින්, මෙන්න, අපි අන්යජාතීන් අතට හැරී යමුව.
ක්රියා 13:46 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට පාවුල් හා බාර්ණබස් එඩිතර ව ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ වචනය පළමු කොට යුදෙව් ඔබට ප්රකාශ කිරීමට අපට යුතු ව තිබුණා. එහෙත් ඔබ එය ප්රතික්ෂේප කරමින් සදාතන ජීවනය ලැබීමට ඔබ නො වටනේයැයි ඔබ ම නිශ්චය කළ නිසා, මෙන්න, අපි දැන් අන්ය-ජාතිකයින් වෙත හැරී සිටිනවා.
ක්රියා 13:46 NRSV (Sinhala New Revised Version)
එවිට පාවුලු ද බාර්ණබස් ද එඩිතර ව කතා කරමින් මෙසේ කී හ: “දෙවියන් වහන්සේගේ වචනය පළමුකොට ඔබට ප්රකාශ කළ යුතු ව තිබිණි. එහෙත් ඔබ එය ප්රතික්ෂේප කොට, සදාතන ජීවනයට ඔබ නුසුදුස්සන් බව ඔබ ම නිශ්චය කර ගන්නා හෙයින්, මෙන්න, අපි විජාතීන් වෙතට හැරෙමු.
ක්රියා 13:46 SNRV (Sinhala New Revised Version 2018)
එවිට පාවුලු ද බාර්ණබස් ද එඩිතර ව කතා කරමින් මෙසේ කී හ: “දෙවියන් වහන්සේගේ වචනය පළමුකොට ඔබට ප්රකාශ කළ යුතු ව තිබිණි. එහෙත් ඔබ එය ප්රතික්ෂේප කොට, සදාතන ජීවනයට ඔබ නුසුදුස්සන් බව ඔබ ම නිශ්චය කර ගන්නා හෙයින්, මෙන්න, අපි විජාතීන් වෙතට හැරෙමු.
ක්රියා 13:46 NIV (New International Version)
Then Paul and Barnabas answered them boldly: “We had to speak the word of God to you first. Since you reject it and do not consider yourselves worthy of eternal life, we now turn to the Gentiles.