ක්‍රියා 13:37-39
ක්‍රියා 13:37-39 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් දෙවියන්වහන්සේ විසින් නැගිටුවන ලද තැනැත්තාණන් දිරා ජරාවට පත් වූයේ නැත. “එබැවින් මා සහෝදරයිනි, පාප කමාව ප්‍රකාශ කරනු ලබන්නේ, මෙම යේසුස්වහන්සේ මගින් වග ඔබ දැනගත යුතුයි. මෝසෙස්ගේ නීතිය මගින් හැම දෙයක් සඳහා ම ධර්මිෂ්ඨ කරනු ලැබීම ලැබිය නො හැකි නමුදු, මුන්වහන්සේ අදහා ගන්නා සෑම කෙනකු ම ඒ තුළින් ධර්මිෂ්ඨ කරනු ලබති.
ක්‍රියා 13:37-39 Sinhala Revised Old Version (SROV)
නුමුත් දෙවියන්වහන්සේ විසින් නැගුටුවනලද තැනන්වහන්සේ කුණුවීමට නොපැමිණිසේක. එහෙයින්, සහෝදරයෙනි, උන්වහන්සේ කරණකොටගෙන පව් කමා කිරීම නුඹලාට ප්‍රකාශකරනු ලබන බව දැනගන්න. අදහාගන්නාවූ සියල්ලෝ උන්වහන්සේ කරණකොටගෙන සියලු දේවල් පිළිබඳව නිර්දෝෂකරනු ලබති. එසේ නුඹලාට මෝසෙස්ගේ ව්‍යවස්ථාව කරණකොටගෙන නිර්දෝෂ කරනු ලබන්ට නුපුළුවන්විය.
ක්‍රියා 13:37-39 Sinhala New Revised Version (NRSV)
එහෙත් දෙවියන් වහන්සේ විසින් උත්ථාන කරන ලද තැනැන් වහන්සේ දිරාපත් නොවූ සේක. එහෙයින්, සහෝදරයෙනි, උන් වහන්සේ කරණකොටගෙන පව් කමාව අප ඔබට ප්‍රකාශ කරන බව දැන ගන්න. මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් ඔබට ලබා ගත නොහැකි වූ පාපයෙන් නිදහස දැන් උන් වහන්සේ අදහන සැමට ම සැම අතින් ම අත් වන්නේ ය.
ක්‍රියා 13:37-39 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත් දෙවියන් වහන්සේ විසින් උත්ථාන කරන ලද තැනැන් වහන්සේ දිරාපත් නොවූ සේක. එහෙයින්, සහෝදරයෙනි, උන් වහන්සේ කරණකොටගෙන පව් කමාව අප ඔබට ප්‍රකාශ කරන බව දැන ගන්න. මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් ඔබට ලබා ගත නොහැකි වූ පාපයෙන් නිදහස දැන් උන් වහන්සේ අදහන සැමට ම සැම අතින් ම අත් වන්නේ ය.
ක්‍රියා 13:37-39 New International Version (NIV)
But the one whom God raised from the dead did not see decay. “Therefore, my friends, I want you to know that through Jesus the forgiveness of sins is proclaimed to you. Through him everyone who believes is set free from every sin, a justification you were not able to obtain under the law of Moses.