ක්‍රියා 12:1-5
ක්‍රියා 12:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හෙරෝද් රජ එදවස්හි සභාවට අයත් ඇතැම් දෙනකුට පීඩා කරන්නට වන්නේ ය. ඔහු යොහන්ගේ සහෝදර යාකොබ් කඩුවෙන් මැරවී ය. එය යුදෙව්වරුන්ගේ සතුටට හේතු වූ බව දුටු ඔහු, ඉන් නො නැවතී පේතෘස් ද අත්අඩංගුවට ගත්තේ ය. එය සිදු වූයේ නුමුහුන් රොටි මංගල්‍යය අතර තුර ය. පේතෘස් අත්අඩංගුවට ගත් හෙරෝද්, ඔහු සිර ගෙයි දමා, ඔහු මුර කිරීමේ කාරිය, මුර භටයින් සිව් දෙනකු බැගින් යුතු මුර කණ්ඩායම් හතරකට පැවරී ය. පාස්කුවෙන් පසු ප්‍රසිද්ධියේ ඔහු විභාග කිරීම හෙරෝද්ගේ අදහස විය. පේතෘස් මෙසේ සිර අඩස්සියේ පසු විය; එහෙත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක් ම යාච්ඤා කළහ.
ක්‍රියා 12:1-5 Sinhala Revised Old Version (SROV)
ඒ කාලය පමණේදී හෙරොද් රජ සභාවේ සමහරුන්ට පීඩා කරන්ට අත දිගුකෙළේය. ඔහු යොහන්ගේ සහෝදරවූ යාකොබ් කඩුවෙන් මැරුවේය. ඊට යුදෙව්වරුන් ප්‍රසන්නවූ බව දැක, ඔහු පේතෘසුත් ඇල්ලුවේය. ඒ කාලය මුහුන් නුමුසු රොටි කන දවස්ය. ඔහු අල්ලා හිරගෙයි තබා, පාස්කු මංගල්‍යයෙන් පසු සෙනඟ ඉදිරියට පිටත ගෙනෙන්ට සිතා, හේවායින් සතර දෙනෙකු බැගින් ඇති කාණ්ඩ සතරකට ඔහු රැකවල්කරන්ට භාරදුන්නේය. එබැවින් පේතෘස් හිරගෙයි රැකවල්කරනලද්දේය. නුමුත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක්ම යාච්ඤාකළාය.
ක්‍රියා 12:1-5 Sinhala New Revised Version (NRSV)
ඒ කාලයේ දී හෙරොද් රජ, සභාවේ සමහරුනට පීඩා කරන්නට පටන්ගත්තේ ය. ඔහු ජොහන්ගේ සහෝදර වූ ජාකොබ් කඩුවෙන් මැරී ය. ඊට ජුදෙව්වරුන් ප්‍රසන්න වූ බව දැක, ඔහු පේදුරු ද අල්ලාගැනීමට ප්රයත්න දැරී ය. ඒ වනාහි නුමුහුන් රොටි වළඳන දවස් ය. ඔහු පේදුරු අල්ලා හිරගෙයි දමා, පාස්කු මංගල්‍යයෙන් පසු සෙනඟ ඉදිරියට ගෙනෙන්නට සිතා, හේවායින් සතර දෙනා බැගින් ඇති කණ්ඩායම් සතරකට ඔහු රැකවල් කරන්නට භාර දුන්නේ ය. එබැවින් පේදුරු හිර අඩස්සියේ සිටිය දී සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට උදක් ම යාච්ඤා කළා ය.
ක්‍රියා 12:1-5 Sinhala New Revised Version 2018 (SNRV)
ඒ කාලයේ දී හෙරොද් රජ, සභාවේ සමහරුනට පීඩා කරන්නට පටන්ගත්තේ ය. ඔහු ජොහන්ගේ සහෝදර වූ ජාකොබ් කඩුවෙන් මැරී ය. ඊට ජුදෙව්වරුන් ප්‍රසන්න වූ බව දැක, ඔහු පේදුරු ද අල්ලාගැනීමට ප්රයත්න දැරී ය. ඒ වනාහි නුමුහුන් පූප වළඳන දවස් ය. ඔහු පේදුරු අල්ලා හිරගෙයි දමා, පාස්කු මංගල්‍යයෙන් පසු සෙනඟ ඉදිරියට ගෙනෙන්නට සිතා, හේවායින් සතර දෙනා බැගින් ඇති කණ්ඩායම් සතරකට ඔහු රැකවල් කරන්නට භාර දුන්නේ ය. එබැවින් පේදුරු හිර අඩස්සියේ සිටිය දී සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට උදක් ම යාච්ඤා කළා ය.
ක්‍රියා 12:1-5 New International Version (NIV)
It was about this time that King Herod arrested some who belonged to the church, intending to persecute them. He had James, the brother of John, put to death with the sword. When he saw that this met with approval among the Jews, he proceeded to seize Peter also. This happened during the Festival of Unleavened Bread. After arresting him, he put him in prison, handing him over to be guarded by four squads of four soldiers each. Herod intended to bring him out for public trial after the Passover. So Peter was kept in prison, but the church was earnestly praying to God for him.