ක්‍රියා 10:9-11
ක්‍රියා 10:9-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පසු දින ඔවුන් පුරවරයට ළඟා වන කල, සවැනි පැයේදී පමණ පේතෘස් යාච්ඤා කරන්නට නිවසේ පියස්සට නැගුණේ ය. ඔහුට කුස ගිනි දැනිණි. එබැවින් අහරට යමක් ඕනෑ විය. එහෙත් අහර පිළියෙල වන අතරේ ඔහු දැහැනකට වැටිණි. එවිට අහස විවර ව, විශාල රුවල් රෙද්දක් වැනි යමක් එහි සිවු කොනින් පොළොවට පහත් කරනු ඔහු දුටුවේ ය.
ක්‍රියා 10:9-11 Sinhala Revised Old Version (SROV)
පසුවදා ඔවුන් ගමන්කොට ඒ නුවරට ළංවනකල, පේතෘස් සවෙනි පැය පමණේදී යාච්ඤාකරන්ට ගේ උඩට ගියේය. ඔහු බඩගිනිව, කෑම කන්ට කැමති වූයේය. නුමුත් ඔවුන් එය පිළියෙළ කරද්දී ඔහු මූර්ඡාවිය. එවිට අහස විවරව, සතර කොනින් මහත් ඇතිරිල්ලක් වැනිවූ එක්තරා භාජනයක් පොළොවට බැස එනවා ඔහු දුටුවේය.
ක්‍රියා 10:9-11 Sinhala New Revised Version (NRSV)
පසු දින ඔවුන් ගමන් කොට ඒ නුවරට ළං වෙත් ම, පේදුරු මද්දහන වේලාව පමණේ දී යාච්ඤා කරන පිණිස වහල්තලයට නැඟුණේ ය. එවිට බඩගිනි ව, කෑම කන්නට ඔහුට ඕනෑ විය. එහෙත් ඔවුන් කෑම පිළියෙළ කරද්දී ඔහුට දිව්‍ය දර්ශනයක් ලැබුණි. එවිට අහස විවර ව, මහත් රුවලක් වැනි යම් දෙයක් එහි සතර කොණින් බැඳ පොළොවට බස්වනු ඔහු දිටී ය.
ක්‍රියා 10:9-11 Sinhala New Revised Version 2018 (SNRV)
පසු දින ඔවුන් ගමන් කොට ඒ නුවරට ළං වෙත් ම, පේදුරු මද්දහන වේලාව පමණේ දී යාච්ඤා කරන පිණිස වහල්තලයට නැඟුණේ ය. එවිට බඩගිනි ව, කෑම කන්නට ඔහුට ඕනෑ විය. එහෙත් ඔවුන් කෑම පිළියෙළ කරද්දී ඔහුට දිව්‍ය දර්ශනයක් ලැබුණි. එවිට අහස විවර ව, මහත් රුවලක් වැනි යම් දෙයක් එහි සතර කොණින් බැඳ පොළොවට බස්වනු ඔහු දිටී ය.
ක්‍රියා 10:9-11 New International Version (NIV)
About noon the following day as they were on their journey and approaching the city, Peter went up on the roof to pray. He became hungry and wanted something to eat, and while the meal was being prepared, he fell into a trance. He saw heaven opened and something like a large sheet being let down to earth by its four corners.