ක්‍රියා 10:5-8
ක්‍රියා 10:5-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් දැන් යොප්පා වෙත පණිවුඩ යවා, පේතෘස් නමින් හැඳින්වෙන සීමොන් නැමැත්තා කැඳවන්න. ඔහු මුහුද අද්දර සම් පදම් කරන සීමොන්ගේ නිවසේ නැවතී සිටිතැ” යි පැවසී ය. තමන්ට කතා කළ දේව දූතයා පිටත් ව ගිය පසු, තම සේවකයින් දෙදෙනකු ද තම උපස්ථායකු වූ භක්තිවන්ත භටයකු ද කැඳවූ කොර්නේලියස්, සිදු වූ සියලු පුවත් ඔවුනට පවසා, යොප්පා වෙත ඔවුන් පිටත් කර යැවී ය.
ක්‍රියා 10:5-8 Sinhala Revised Old Version (SROV)
ඉදින් යොප්පාවට මනුෂ්‍යයන් යවා, පේතෘස් නම් සීමොන් කැඳවාගන්න. ඔහු මුහුද අද්දර සීමොන් නම් සම්කරුවෙකුගේ ගෙදර නවාතැන් ගෙන සිටීයයි කීවේය. ඔහු සමඟ කථාකළ දේවදූතයා ගිය කල, ඔහු තමාගේ ගෙදර වැඩකාරයන්ගෙන් දෙදෙනෙකුත් තමාට නිතර මෙහෙකළවුන්ගෙන් භක්තිවන්ත හේවායෙකුත් කැඳවා, ඔවුන්ට සියල්ල දන්වා, යොප්පාවට ඔවුන් යැවීය.
ක්‍රියා 10:5-8 Sinhala New Revised Version (NRSV)
ඉදින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් සීමොන් කැඳවාගන්න. ඔහු මුහුද අද්දර සීමොන් නම් සම් පදම් කරන්නෙකුගේ ගෙදර නවාතැන්ගෙන සිටී ය”යි කී ය. මෙසේ කතා කළ දේව දූතයා ගිය කල, කොර්නේලියස් තමාගේ ගෙදර මෙහෙකරුවන්ගෙන් දෙදෙනෙකු ද තමාගේ පෞද්ගලික ආවතේව කරන්නන්ගෙන් පක්ෂපාත හේවායෙකු ද කැඳවා, ඔවුනට සියල්ල කියා දී, ඔවුන් ජොප්පාවට යැවී ය.
ක්‍රියා 10:5-8 Sinhala New Revised Version 2018 (SNRV)
ඉදින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් සීමොන් කැඳවාගන්න. ඔහු මුහුද අද්දර සීමොන් නම් සම් පදම් කරන්නෙකුගේ ගෙදර නවාතැන්ගෙන සිටී ය”යි කී ය. මෙසේ කතා කළ දේව දූතයා ගිය කල, කොර්නේලියස් තමාගේ ගෙදර මෙහෙකරුවන්ගෙන් දෙදෙනෙකු ද තමාගේ පෞද්ගලික ආවතේව කරන්නන්ගෙන් පක්ෂපාත හේවායෙකු ද කැඳවා, ඔවුනට සියල්ල කියා දී, ඔවුන් ජොප්පාවට යැවී ය.
ක්‍රියා 10:5-8 New International Version (NIV)
Now send men to Joppa to bring back a man named Simon who is called Peter. He is staying with Simon the tanner, whose house is by the sea.” When the angel who spoke to him had gone, Cornelius called two of his servants and a devout soldier who was one of his attendants. He told them everything that had happened and sent them to Joppa.