2 තිමෝති 2:5-7
2 තිමෝති 2:5-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තරඟ නීතිවලට අනුව තරඟ වැදුණොත් මිස, ක්රීඩකයකු කිරුළ දිනන්නේ නැත. අස්වැන්නේ පළමු පංගුව ලැබිය යුත්තා වෙහෙසී වැඩ කළ ගොවියා ම ය. මා කියන දේ ගැන සිතා බලන්න. මන්ද හැම දෙයක් ගැන ම අවබෝධය ස්වාමින්වහන්සේ ඔබට දෙනු ඇත.
2 තිමෝති 2:5-7 Sinhala Revised Old Version (SROV)
තවද යමෙක් ක්රීඩාවන්හි පොරට යන්නේද, ඔහු නියමලෙස නොයන්නේ නම් ඔටුන්න පැළඳගන්ට ලැබෙන්නේ නැත. වැඩකරන ගොවියාම පළමුකොට ඵල භුක්තිවිඳින්ට ඕනෑය. මා කියන දේ කල්පනාකරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ සියල්ල ගැන නුඹට දැනගැන්ම දෙනවා ඇත.
2 තිමෝති 2:5-7 Sinhala New Revised Version (NRSV)
තවද, තරඟයේ සියලු නීති රීති අනුව ක්රියා නොකළොත්, ක්රීඩකයෙකුට ජය කිරුළක් පැළඳගැනීමට ලැබෙන්නේ නැත. අස්වැන්න කපා භුක්ති විඳීමේ අයිතිය මුලින් ම ඇත්තේ ඒ සඳහා වෙහෙස වූ ගොවියාට ය. මා කියන දේ ගැන කල්පනා කරන්න. මන්ද, සියල්ල තේරුම්ගැනීමේ හැකියාව සමිඳාණන් වහන්සේ ඔබට දෙනු ඇත.
2 තිමෝති 2:5-7 Sinhala New Revised Version 2018 (SNRV)
තවද, තරඟයේ සියලු නීති රීති අනුව ක්රියා නොකළොත්, ක්රීඩකයෙකුට ජය කිරුළක් පැළඳගැනීමට ලැබෙන්නේ නැත. අස්වැන්න කපා භුක්ති විඳීමේ අයිතිය මුලින් ම ඇත්තේ ඒ සඳහා වෙහෙස වූ ගොවියාට ය. මා කියන දේ ගැන කල්පනා කරන්න. මන්ද, සියල්ල තේරුම්ගැනීමේ හැකියාව සමිඳාණන් වහන්සේ ඔබට දෙනු ඇත.
2 තිමෝති 2:5-7 New International Version (NIV)
Similarly, anyone who competes as an athlete does not receive the victor’s crown except by competing according to the rules. The hardworking farmer should be the first to receive a share of the crops. Reflect on what I am saying, for the Lord will give you insight into all this.