2 තිමෝති 2:23-25 - Compare All Versions

2 තිමෝති 2:23-25 SROV (Sinhala Revised Old Version)

නුමුත් මෝඩවූ අඥානවූ විවාදවලින් ඩබර උපදින බව දැන, ඒවා එපාකරන්න. ස්වාමීන්වහන්සේගේ දාසයා ඩබර නොකර, සියල්ලන් කෙරෙහි ගුණවන්තවූ, උගන්වන්ට සමර්ථවූ, ඉවසිලිවන්තවූ කෙනෙක්ව සිට, විරුද්ධව සිටින්නන් විසින් සැබෑව දැනගන්නා පිණිසද, යක්ෂයා තමාගේ කැමැත්ත කිරීමට අසුකරගත් ඔවුන් මත්කමෙන් පිබිද

බෙදාගන්න
2 තිමෝති 2 SROV

2 තිමෝති 2:23-25 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මෝඩ, අනුවණ වාදවලට සම්බන්ධ නො වන්න. ඒවායින් උපදින්නේ අඩ දබර බව ඔබ දනී. ස්වාමින්වහන්සේගේ සේවකයා දබර නො කළ යුතු ය. ඔහු හැමට කාරුණික, ඉගැන්වීමට සමත්, නපුරුකම් ඉවසන, විරුද්ධවාදීන්ට මෘදු ලෙස උපදෙස් දෙන්නකු විය යුතු ය. ඇතැම් විට, ඔවුන්ට සත්‍යය දැනගැනීමට මග පෙන්වන පසුතැවිල්ලට දෙවියන්වහන්සේ ඔවුන් පමුණුවනු ඇත.

බෙදාගන්න
2 තිමෝති 2 SCV

2 තිමෝති 2:23-25 NRSV (Sinhala New Revised Version)

හිස්, අනුවණ විවාදවලින් කලහ හටගන්නා බව දැන, ඒවායින් වළකින්න. සමිඳාණන් වහන්සේගේ දාසයා කලහකාරයෙකු නොව, සියල්ලන්ට ම කරුණාවන්ත, උගන්වන්නට සමත්, ඉවසිලිවන්ත තැනැත්තෙකු විය යුතු ය. විරුද්ධවාදීන් සෞම්‍ය ලෙස යහමඟ යැවිය යුත්තේ දෙවියන් වහන්සේ ඔවුන්ට සිත් හරවා ගැනීමේ පසුතැවිල්ලක් දිය හැකි නිසා ය. එවිට ඔවුන්ට සත්‍යය හඳුනාගන්නට පිළිවන් වෙයි.

බෙදාගන්න
2 තිමෝති 2 NRSV

2 තිමෝති 2:23-25 SNRV (Sinhala New Revised Version 2018)

හිස්, අනුවණ විවාදවලින් කලහ හටගන්නා බව දැන, ඒවායින් වළකින්න. සමිඳාණන් වහන්සේගේ දාසයා කලහකාරයෙකු නොව, සියල්ලන්ට ම කරුණාවන්ත, උගන්වන්නට සමත්, ඉවසිලිවන්ත තැනැත්තෙකු විය යුතු ය. විරුද්ධවාදීන් සෞම්‍ය ලෙස යහමඟ යැවිය යුත්තේ දෙවියන් වහන්සේ ඔවුන්ට සිත් හරවා ගැනීමේ පසුතැවිල්ලක් දිය හැකි නිසා ය. එවිට ඔවුන්ට සත්‍යය හඳුනාගන්නට පිළිවන් වෙයි.

බෙදාගන්න
2 තිමෝති 2 SNRV

2 තිමෝති 2:23-25 NIV (New International Version)

Don’t have anything to do with foolish and stupid arguments, because you know they produce quarrels. And the Lord’s servant must not be quarrelsome but must be kind to everyone, able to teach, not resentful. Opponents must be gently instructed, in the hope that God will grant them repentance leading them to a knowledge of the truth

බෙදාගන්න
2 තිමෝති 2 NIV