2 තෙසලෝනික 3:6-10

2 තෙසලෝනික 3:6-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සහෝදරයිනි, අප ඔබට බාර දුන් ඉගැන්වීම්වලට අනුව නො පවතින, අලස-නො හික්මුණු සහෝදරයින් හැමගෙන් ඈත්වන මෙන් යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන් අපි ඔබට අණ කරන්නෙමු. ඔබ අපගේ ආදර්ශය අනුගමන කළ යුත්තේ කෙසේදැයි ඔබ හොඳින් දන්නහු ය. ඔබ හා සිටියදී අප අලස ව සිටියේ නැත. නොමිලයේ අනෙකකුගෙන් අහර ගත්තේ ද නැත. අනෙක් අතට, ඔබ කිසිවකුටත් අප බරක් නො වන පිණිස දිවා රෑ දෙක්හි වෙහෙස ව, මහන්සි ව වැඩ කළෙමු. එසේ කළේ, එවන් උදවු ලැබීමේ අයිතිය අපට නො තිබූ නිසා නො ව ඔබට අනුගමන කිරීමට අප ම ආදර්ශයක් වන පිණිස ය. මන්ද: “වැඩ කරන්නට අකැමැත්තෝ අහර අනුභව නො කරත්වා!” යන නියෝගයක් ද අපි ඔබ හා සිටියදී දුන්නෙමු.

2 තෙසලෝනික 3:6-10 Sinhala Revised Old Version (SROV)

තවද, සහෝදරයෙනි, අපෙන් ලැබූ නියෝග ප්‍රකාරයට නොව, අනියම් ලෙස හැසිරෙන්නාවූ සියලු සහෝදරයන්ගෙන් වෙන්ව සිටින මෙන් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අපි නුඹලාට අණකරමුව. මක්නිසාද අප අනුවයන්නෝ වෙන්ට ඕනෑ කෙසේද කියා නුඹලාම දනිවුය. මක්නිසාද අපි නුඹලා අතරෙහි අනියම් ලෙස නොහැසිර, කාගෙන්වත් කෑම නිකමට නොකා, නුඹලාගෙන් කාටවත් බරක් නොවන පිණිස වීර්යය හා වෙහෙසින් යුක්තව රෑ දාවල් වැඩකළෙමුව. එසේ කළේ බරක් වෙන්ට අපට අයිතිවාසිකම නැති නිසා නොව, අපම නුඹලාට ආදර්ශයක් වන පිණිසත් නුඹලා අප අනුවයන්නන් වන පිණිසත්ය. මක්නිසාද යමෙක් වැඩකරන්ට කැමති නැත්නම් ඔහු කෑම නොකා සිටීවා කියා අපි නුඹලා සමඟ සිටිද්දීම පවා නුඹලාට අණකෙළෙමුව.

2 තෙසලෝනික 3:6-10 Sinhala New Revised Version (NRSV)

තවද, සහෝදරවරුනි, අපෙන් ලැබූ උපදෙස් අනුව නොව, අලසකමින් හැසිරෙන සියලු සහෝදරයන්ගෙන් වෙන් ව සිටින මෙන් අපගේ ජේසුස් ක්‍රිස්තුස් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අපි ඔබට අණ කරමු. අපේ ආදර්ශය ඔබ අනුගමනය කළ යුත්තේ කෙසේ දැ යි ඔබ ම දන්නහු ය. අප ඔබ අතර අලසකමින් හැසුරුණේ නැත. අපි කිසිවෙකුගෙන් පිනට කෑම නොකෑවෙමු. ඔබෙන් කිසිවෙකුට බරක් නො වන පිණිස, අපි වෙහෙස මහන්සියෙන් දිවා රෑ දෙක්හි වැඩ කළෙමු. අප මෙය කෙළේ ඔබෙන් ආධාර ලැබීමට අපට අයිතියක් නැති නිසා නොව, අනුගමනය කිරීම සඳහා ඔබට ආදර්ශයක් දෙන පිණිස ය. “වැඩ නොකරන්නෝ ආහාර නොවළඳත් වා”යි අපි ඔබ අතර සිටිය දී පවා ඔබට අණ කෙළෙමු.

2 තෙසලෝනික 3:6-10 Sinhala New Revised Version 2018 (SNRV)