2 තෙසලෝනික 1:3-10
2 තෙසලෝනික 1:3-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සහෝදරයිනි, ඔබගේ ඇදහිල්ල වඩා බහුල ව වර්ධනය වෙමින් පවත්නා නිසාත්, ඔබ හැම කෙනකු එකිනෙකා කෙරේ දක්වන ප්‍රේමය වැඩෙමින් පවත්නා නිසාත්, ඔබ ගැන නිබඳ ව දෙවියන්වහන්සේට ස්තුති දීම අපගේ යුතුකමකි; කළ යුත්තකි. එබැවින් ඔබ ඉවසා දරා සිටින සියලු පීඩා හා කරදර මැද ද ඔබගේ ස්ථිරකමත්, ඇදහිල්ලත් ගැන දෙවියන්වහන්සේගේ සභා අතරේ අපි පාරට්ටු කරන්නෙමු. දෙවියන්වහන්සේගේ විනිශ්චය යුක්ති සහගත බවට මේ සියල්ල ඔප්පු සාධක වෙයි. මෙහි ප්‍රතිඵලය නම් ඔබ දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා දුක් ඉසිලීමෙන්, ඒ රාජ්‍යයට සුදුස්සන් සේ ගණන් ගනු ලැබීම ය. දෙවියන්වහන්සේ සාධාරණ ය; ඔබට දුක් පීඩා කළවුන්ට උන්වහන්සේ දුක් පීඩා පමුණු වන සේක. තවද දැන් පීඩා විඳින ඔබට මෙන් ම අපට ද උන්වහන්සේ සහනය සලසන සේක. මෙය සිදු වන්නේ යේසුස් ස්වාමින්වහන්සේ තම බලගතු දේව දූතයින් සමඟ ඇවිළෙන ගිනි ජාලාවකින් යුතු ව ස්වර්ගයෙන් ප්‍රකාශ වන කල්හි ය. එකල දෙවියන්වහන්සේ නො හඳුනන්නන්ට හා යේසුස් අප ස්වාමින්වහන්සේගේ ශුභාරංචියට කීකරු නො වන්නන්ට දඬුවම් කරන සේක. ඔවුහු සදාතන විනාශයේ දඬුවම් ලැබ, ස්වාමින්වහන්සේගේ අභිමුඛයෙන් හා උන්වහන්සේගේ පරාක්‍රමවත් තේජස ඉදිරියෙන් නෙරපා දමනු ලබන්නේ, ස්වකීය ශුද්ධවන්තයින් තුළ ගෞරව මහිම ලැබීමටත්, අපේ සාක්ෂිය විශ්වාස කළ ඔබ ඇතුළු ඇදහිලිවත් සියල්ලන් අතරේ විස්මයක් ඇති කිරීමටත් ස්වාමින්වහන්සේ ආපසු පැමිණෙන දවසේ ය.
2 තෙසලෝනික 1:3-10 Sinhala Revised Old Version (SROV)
සහෝදරයෙනි, නුඹලා ගැන දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්ට අපි බැඳී සිටිමුව. නුඹලාගේ ඇදහිල්ල අතිශයින් වැඩිවන නිසාත්, එකිනෙකා කෙරෙහි තිබෙන නුඹලා සියල්ලන්ගේ ප්‍රේමය අධිකව තිබෙන නිසාත් එසේ ස්තුතිකරන්ට යුතුය; එබැවින් නුඹලාගේ සියලු පීඩාවලදීත් නුඹලා ඉවසන දුක්වලදීත් ඇත්තාවූ නුඹලාගේ ස්ථිරකමත් ඇදහිල්ලත් නිසා අපිම නුඹලා ගැන දෙවියන්වහන්සේගේ සභාවලදී පාරට්ටුකරමුව. ඒ ඉවසීම වනාහි දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා දුක්විඳින නුඹලා ඒ රාජ්‍යයට සුදුස්සෝයයි ඒත්තුගනු ලැබීමට තිබෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චයේ ඔප්පුවක්ය. කුමක්හෙයින්ද ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමඟ ඇවිළෙන්නාවූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව්වී, දෙවියන්වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල, නුඹලාට දුක්දෙන්නන්ට දුකද දුක්විඳින නුඹලාට අප සමඟ සහනයද දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවූ කාරණයක්ය. ඒ දවසේදී ස්වාමීන්වහන්සේ තමන් ශුද්ධවන්තයන් තුළ මහිමය ලබන්ටත් අපේ සාක්ෂිය අදහාගත් නුඹලා සමඟ අදහාගත් සියල්ලන් තුළ මවිතලෙස පෙනෙන්ටත් එන කල්හි, ඒ තැනැත්තෝ උන්වහන්සේගේ අභිමුඛයෙන්ද උන්වහන්සේගේ බලයේ තේජස ඉදිරියෙන්ද සදාකාල විනාශයේ දඬුවම විඳින්නෝය.
2 තෙසලෝනික 1:3-10 Sinhala New Revised Version (NRSV)
සහෝදරවරුනි, ඔබ ගැන අප නිතර ම දෙවියන් වහන්සේට ස්තුති පිදිය යුතු යයි අපට තදින් හැඟේ. මන්ද, ඔබගේ ඇදහිල්ල පුදුමාකාරයෙන් වර්ධනය වන නිසාත්, ඔබ හැමගේ අන්‍යොන්‍ය ප්‍රේමය අධික වී තිබෙන නිසාත්, එසේ කිරීම යුතු ය. ඔබගේ සියලු පීඩාවල දී හා ඔබ විඳින දුක්ගැහැටවල දී ඔබ දක්වන ඉවසීම හා ඇදහිල්ල ගැන දෙවියන් වහන්සේගේ සභාවල දී අපි ඔබ ගැන පාරට්ටු කරමු. දෙවියන් වහන්සේගේ රාජ්‍යය වෙනුවෙන් දුක් විඳින ඔබ, ඒ රාජ්‍යයට සුදුස්සන් වන බැවින්, ඔබ සැබැවින් ම දෙවියන් වහන්සේගේ සාධාරණ විනිශ්චයේ ආදර්ශයකි. දෙවියන් වහන්සේ යුක්තිය ඉටු කරමින්, ඔබට දුක් දෙන්නන්ට දුක ද, දුක් විඳින ඔබට හා අපට සහනය ද දෙන සේක. මෙය සිදු වන්නේ ජේසුස් සමිඳාණන් වහන්සේ ස්වකීය බලසම්පන්න දූතයන් සමඟ ස්වර්ගයෙන් ප්‍රකාශ වන කල්හි ය. එවිට ගිනි ජාලා ඇති වේ. දෙවියන් වහන්සේ අඳුනාගන්නේ නැති අයටත්, අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන අයටත් උන් වහන්සේ දඬුවම් කරන සේක. ඔව්හු සමිඳාණන් වහන්සේගේ අභිමුඛයෙන් ද, උන් වහන්සේගේ තේජාන්විත ප්‍රතාපයෙන් ද ඉවත් කරනු ලැබ, සදාතන විනාශයේ දඬුවම විඳින්නෝ ය. මෙය සිදු වන්නේ උන් වහන්සේ සියලු සැදැහැවතුන්ගෙන් මහිමයත්, සියලු ඇදහිලිවතුන්ගෙන් ගෞරවයත් ලැබීමට පැමිණෙන ඒ දවසේ දී ය. අප ඔබ වෙත ගෙන ආ පණිවුඩය ඔබ ඇදහූ බැවින් ඔබත් ඒ ගණයට ඇතුළත් ය.
2 තෙසලෝනික 1:3-10 Sinhala New Revised Version 2018 (SNRV)

2 තෙසලෝනික 1:3-10 New International Version (NIV)
We ought always to thank God for you, brothers and sisters, and rightly so, because your faith is growing more and more, and the love all of you have for one another is increasing. Therefore, among God’s churches we boast about your perseverance and faith in all the persecutions and trials you are enduring. All this is evidence that God’s judgment is right, and as a result you will be counted worthy of the kingdom of God, for which you are suffering. God is just: He will pay back trouble to those who trouble you and give relief to you who are troubled, and to us as well. This will happen when the Lord Jesus is revealed from heaven in blazing fire with his powerful angels. He will punish those who do not know God and do not obey the gospel of our Lord Jesus. They will be punished with everlasting destruction and shut out from the presence of the Lord and from the glory of his might on the day he comes to be glorified in his holy people and to be marveled at among all those who have believed. This includes you, because you believed our testimony to you.