2 සාමුවෙල් 9:1-7

2 සාමුවෙල් 9:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දාවිත් කතා කරමින්, “මා යොනාතාන් උදෙසා කරුණාව දක්වන පිණිස, සාවුල්ගේ වංශයේ කවරකු හෝ තවමත් ජීවත් ව සිටී දැ?” යි විමසී ය. සාවුල්ගේ ගෘහවාසී සේවකයකු වූ සීබා නැමැත්තෙක් සිටියේ ය. දාවිත් ඉදිරියට ඔහු කැඳවන ලදී. රජු ඔහු අමතමින්, “නුඹ සීබාදැ?” යි ඇසී ය. “ඔබේ සේවකයා එසේ වෙතැ” යි ඔහු කීවේ ය. රජු කතා කරමින්, “මා විසින් දෙවියන්වහන්සේගේ කරුණාව දක්වන පිණිස සාවුල්ගේ වංශයට අයත් කිසිවකු නැති දැ?” යි ඇසී ය. සීබා, රජුට පිළිතුරු දෙමින්, “යොනාතාන්ගේ පුතෙක් තවමත් සිටියි. ඔහුගේ පා දෙක ම කොර යැ” යි කීවේ ය. ඔහු කොහේදැයි? රජු ඇසී ය. සීබා, පිළිතුරු දෙමින්, “ඔහු ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර්ගේ නිවසේ සිටිතැ” යි කීවේ ය. දාවිත් රජු එබැවින් ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර්ගේ නිවස වෙත පණිවුඩ යවා, ඔහු ගෙන්වා ගත්තේ ය. සාවුල්ගේ පුත්‍ර යොනාතාන්ගේ පුත් මෙෆීබොෂෙත් දාවිත් වෙත පැමිණ, නැමී, ඔහුට බුහුමන් දැක්වී ය. දාවිත්, “මෙෆීබොෂෙත්” යි කීවේ ය. “මෙන්න, මා ඔබේ සේවකයා” යි ඔහු පිළිතුරු දුන්නේ ය. දාවිත් ඔහු අමතමින්, “භය වෙන්න එපා; ඔබේ පියා, යොනාතාන් උදෙසා මා නිසැක ව ම ඔබට කරුණාව දක්වනවා. ඔබේ පියා වූ සාවුල්ට අයත් ව තිබූ සියලු ඉඩ කඩම් මා ඔබට යළි ලබා දෙනවා. ඔබ හැම විටෙක මගේ මේසයෙන් සංග්‍රහ විඳිනු ඇතැ” යි පැවසී ය.

2 සාමුවෙල් 9:1-7 Sinhala Revised Old Version (SROV)

දාවිත් කථාකොට: සාවුල්ගේ වංශයෙන් යමෙක් තව ඉතුරුව සිටිනවාද? සිටිනවා නම් මම යොනාතාන් නිසා ඔහුට කරුණාව පෙන්වන්නෙමියි කීවේය. සාවුල්ගේ වංශයට අයිති ශීබා නම් මෙහෙකරුවෙක් විය, ඔවුන් ඔහු දාවිත් ළඟට කැඳවාගන ආ කල: නුඹ ශීබාදැයි රජ ඔහුගෙන් ඇසීය. ඔහුද: ඔබගේ මෙහෙකරුවා ඒයයි කීවේය. රජද: සාවුල්ගේ වංශයේ කිසිවෙක් තව ඉතුරුව නැද්ද? ඉතුරුව ඇත්නම් මම ඔහුට දෙවියන්වහන්සේගේ කරුණාව පෙන්වන්නෙමියි කීවේය. ශීබාද: යොනාතාන්ගේ පුත්‍රයෙක් තවම සිටියි, ඔහු පාදකොරවූ කෙනෙක්යයි රජුට කීවේය. එවිට: ඔහු කොතැනදැයි රජ ඔහුගෙන් ඇසුවේය. ශීබාද: ඔහු ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත්‍රවූ මාකීර්ගේ ගෙදර සිටීයයි රජුට කීය. එවිට දාවිත් රජ පණිවිඩ යවා ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත්‍රවූ මාකීර්ගේ ගෙදරින් ඔහු ගෙන්වූයේය. සාවුල්ගේ පුත්‍රයා වන යොනාතාන්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් දාවිත් වෙතට ඇවිත් මුහුණින් වැටී වැන්දේය. දාවිත්ද: මෙපිබොෂෙත්යයි කීය. ඔබගේ මෙහෙකරුවා මෙහියයි ඔහු උත්තරදුන්නේය. දාවිත් කථාකොට: භයනොවෙන්න. සැබෑවටම නුඹේ පියවූ යොනාතාන් නිසා මම නුඹට කරුණාව පෙන්වා නුඹේ පියවූ සාවුල්ගේ සියලු ගම්බිම් නුඹට නැවත දෙන්නෙමි; නුඹ වනාහි මාගේ මේසයේ නිතර කෑම කන්නෙහියයි ඔහුට කීය.

2 සාමුවෙල් 9:1-7 Sinhala New Revised Version (NRSV)

දාවිත් කතා කොට, “සාවුල්ගේ වංශයෙන් යමෙක් තව ඉතුරු ව සිටී ද? සිටිනවා නම්, මම ජොනතන් නිසා ඔහුට කරුණාව පෙන්වන්නෙමි”යි කීවේ ය. සාවුල්ගේ වංශයට අයිති ශීබා නම් මෙහෙකරුවෙක් විය. ඔවුන් ඔහු දාවිත් ළඟට කැඳවාගෙන ආ කල, “ඔබ ශීබා දැ”යි රජ ඇසී ය. ඔහු ද, “ඔබේ මෙහෙකරුවා වන මම ශීබා ය”යි කීවේ ය. රජ ද, “සාවුල්ගේ වංශයෙන් තවත් කිසිවෙක් ඉතිරි ව ඇද් ද? ඉතිරි ව ඇත්නම්, මම ඔහුට දෙවියන් වහන්සේගේ කරුණාව පෙන්වන්නෙමි”යි කීවේ ය. ශීබා පිළිතුරු දෙමින්, “ජොනතන්ගේ පුත්‍රයෙක් තව ම සිටියි; ඔහු කොර වූ කෙනෙකැ”යි රජුට කී ය. එවිට, “ඔහු කොතැන දැ”යි රජ ඔහුගෙන් ඇසී ය. ශීබා පිළිතුරු දෙමින්, “ඔහු ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර්ගේ ගෙදර සිටී ය”යි රජුට කී ය. එවිට දාවිත් රජ පණිවුඩ යවා, ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර්ගේ ගෙදරින් ඔහු ගෙන්වූයේ ය. සාවුල්ගේ පුත්‍රයා වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් දාවිත් වෙත අවුත් මුණින්තළා වී වැන්දේ ය. දාවිත් ද, “මෙපිබොෂෙත්” කියා ඔහු ඇමතුවේ ය. “ඔබේ මෙහෙකරුවා මෙහි ය”යි ඔහු කී ය. දාවිත් කතා කොට, “බය නොවන්න; සැබෑවට ම ඔබේ පියා වූ ජොනතන් නිසා මම ඔබට කරුණාව පෙන්වා, ඔබේ පියා වූ සාවුල්ගේ ගම් බිම් ඔබට නැවත දෙන්නෙමි. ඔබ නිතර ම මා සමඟ එකට වාඩි වී කෑම කන්නෙහි ය”යි ඔහුට කී ය.

2 සාමුවෙල් 9:1-7 Sinhala New Revised Version 2018 (SNRV)