2 සාමුවෙල් 8:1-18
2 සාමුවෙල් 8:1-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙයින් පසු දාවිත් පිලිස්තිවරුන් පරදා, ඔවුන් යටත් කොට, මෙතෙග්-අම්මා පෙදෙස පිලිස්තිවරුන්ගේ පාලනයෙන් තමා යටතට ගත්තේ ය. දාවිත්, මෝවබ්වරුන් ද පැරදවී ය. ඔහු ඔවුන්ට බිම දිගා වන්නට සලස්වා, ලණු පොටකින් ඔවුන් මැන්නේ ය. එයින් මිමි දෙකක් මරා දමන පිණිස ය. එක් සම්පූර්ණ මිම්මක් ජීවිත දානයට ය. මෙසේ මෝවබ්වරු ඔහුගේ යටත්වාසීන් බවට පත් වී, ඔහුට කප්පන් ගෙවූහ. තවද රෙහොබ්ගේ පුත්‍ර, සෝබාහි රජු වූ හදද්එසෙර්, යුප්‍රටීස් ගංගාව ළඟ තම පාලනය යළි පිහිටුවීමට යද්දී, දාවිත් ඔහුට පහර දුන්නේ ය. දාවිත්, ඔහුගේ අසරුවන් එක්දහස් හත්සියයක් ද පාබළ සෙබළුන් විසිදහසක් ද අල්ලා ගත්තේ ය. රථ-අශ්වයින් සියයක් පමණක් ඉතිරි කර ගත් ඔහු සෙස්සනගේ කලවා-නහරය කපා දැමී ය. දමස්කයේ අරාම්වරුන්, සෝබාහි රජු වූ හදද්එසෙර්ගේ සහායට පැමිණි කල, දාවිත් අරාම්වරුන්ගෙන් විසිදෙදහසක් ගසා හෙළී ය. දාවිත්, දමස්කයේ අරාම් මධ්‍යයේ බළ සේනා සිටුවී ය. අරාම්වරු ඔහුගේ යටත්වාසීන් වී, ඔහුට කප්පන් ගෙවූහ. දාවිත් ගිය ගිය තැන ස්වාමින්වහන්සේ ඔහුට ජය ගෙන දුන් සේක. හදද්එසෙර්ගේ සේවකයින් විසින් දරන ලද රන් පලිස් ගත් දාවිත්, ඒවා යෙරුසලමට රැගෙන ආවේ ය. හදද්එසෙර්ට අයත් නගර වූ බෙටා හා බේරොතායි වෙතින් දාවිත් රජු, ලෝකඩ මහා ප්‍රමාණයක් ගත්තේ ය. දාවිත්, හදද්එසෙර්ගේ මුළු හමුදාව පරාජය කර ඇති වග, හමාත්හි රජු වූ තොයීට අසන්නට ලැබිණ. එකල තොයී තම පුත් යෝරාම්, හදද්එසෙර් හා සටනේදී ලද ජය පිළිබඳ දාවිත්ට ආචාර කරන්නට හා සුබ පතන්නට දාවිත් රජු වෙත ඔහු යැවී ය. මන්ද හදද්එසෙර් හා තොයී අතර යුද්ධ පැවතිණි. යෝරාම් තමා සමඟ රිදී, රන් හා ලෝකඩ භාණ්ඩ ගෙන ගියේ ය. දාවිත් රජු එම භාණ්ඩ සියල්ල තමා විසින් යටත් කළ සියලු ජාතීන්ගෙන් ගත් රිදී හා රන් සමඟ ස්වාමින්වහන්සේට කැප කළේ ය. ඒවා ගන්නා ලද්දේ ඒදොම්, මෝවබ්, අම්මොන්වරුන්, පිලිස්තිවරුන් හා අමලෙක් වෙතිනි. රෙහොබ්ගේ පුත්‍ර සෝබාහි රජු වූ හදද්එසෙර්ගෙන් ගත් කොල්ලය ද ඔහු කැප කළේ ය. ලුණු මිටියාවතේදී ඒදොම්වරුන් දහඅට දහසක් ගසා හෙළා, ආපසු පැමිණි කල, දාවිත් ප්‍රසිද්ධියට පත් විය. ඔහු ඒදොම්හි ආරක්ෂක සේනාංක රැඳවී ය; ඒදොම් මුළුල්ලේ ඔහු ආරක්ෂක සේනාංක රැඳ වූ අතර සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවන් වූහ. දාවිත් ගිය හැම තැනකදී ම ස්වාමින්වහන්සේ ඔහුට ජය අත්පත් කර දුන් සේක. දාවිත් සමස්ත ඉශ්‍රායෙලයට ම රජකම් කළේ ය. දාවිත් තමන්ගේ මුළු ජනතාවට යුක්තිය හා සාධාරණත්වය එක ලෙස ඉටු කළේ ය. සෙරූයාගේ පුත් යෝවාබ් හමුදාපති ව සිටියේ ය. අහිලූද්ගේ පුත් යෙහෝෂාෆාට් වාර්තාකරු ව සිටියේ ය. අහිටූබ්ගේ පුත් සාදෝක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක් පූජකයින් ව සිටියහ; සෙරායා ලේකම් ව සිටියේ ය. යෙහෝයාදාගේ පුත් බෙනායා කෙරේතිවරුන්ගේ හා පෙලේතිවරුන්ගේ ප්‍රධානියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්තු පූජකයින් ව සිටියහ.
2 සාමුවෙල් 8:1-18 Sinhala Revised Old Version (SROV)
ඉන්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහරදී ඔවුන් යටත්කරගෙන, අගනුවර ප්‍රධානකම පිලිස්තිවරුන් අතින් පැහැර ගත්තේය. ඔහු මෝවබ්වරුන්ටත් පහරදී, ඔවුන් බිම දිගාවෙන්ට සලස්වා, ලනුවකින් මැන්නේය; මරණ පිණිස පේළි දෙකක්ද ඉතුරුකරන පිණිස එක සම්පූර්ණ පේළියක්ද මැන්නේය. මෙසේ මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවෝ ව කප්පන් ගෙනාවෝය. තවද රෙහෝබ්ගේ පුත්‍රයාවූ ශෝබාහි රජවූ හදද්එසෙර් ප්‍රාත් ගංගාව ළඟ තමාගේ බලය නැවත පිහිටුවන්ට යද්දී දාවිත් ඔහුටත් පහරදී, අසරුවන් එක්දාස් සත්සියයක්ද පාබළ සෙනඟ විසිදාහක්ද ඔහුගෙන් අල්ලාගෙන, එයින් රථ සියයකට අසුන් ඉතුරුකරගන, අනික් සියලු අශ්වයන්ගේ කුදි කැපුවේය. දමස්කයෙහි සිරියවරු ශෝබාහි රජවූ හදද්එසෙර්ට උපකාරකරන්ට ආවෝය, එවිට දාවිත් සිරියන්වරුන්ගෙන් මනුෂ්‍යයන් විසිදෙදාහකට පහර දී, දමස්කයේ සිරියාවෙහි මුරකාර සමුදාවල් තැබුවේය. සිරියවරුද දාවිත්ට මෙහෙකරුවෝව කප්පන් ගෙනාවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක. දාවිත් හදද්එසෙර්ගේ සේවකයන්ට තිබුණු රන් පලිස් රැගෙන යෙරුසලමට ගෙනාවේය. බෙටාද බෙරොතයිද යන හදද්එසෙර්ගේ නුවරවලින් දාවිත් රජ පිත්තල බොහෝසෙයින්ම ගත්තේය. දාවිත් හදද්එසෙර්ගේ මුළු සේනාවට පහරදුන් බව හමාත්හි රජවූ තොයි අසා, දාවිත් එසේ හදද්එසෙර්ට විරුද්ධව සටන්කොට ඔහුට පහරදුන් නිසා දාවිත්ට ආචාරකරන්ටත් ඔහුට ආශීර්වාදකරන්ටත් ඔහු වෙතට තමාගේ පුත්‍රවූ යෝරාම් එවුවේය. මක්නිසාද හදද්එසෙර් සහ තොයි අතරේ යුද්ධ පැවතුණේය. යෝරාම් රිදී බඩුද රන් බඩුද පිත්තල බඩුද ගෙනාවේය. දාවිත් රජ යටත්කරගත් සියලු ජාතීන් වන සිරියවරුන්ගෙන්ද මෝවබ්වරුන්ගෙන්ද අම්මොන් පුත්‍රයන්ගෙන්ද පිලිස්තිවරුන්ගෙන්ද අමලෙක්වරුන්ගෙන්ද රෙහෝබ්ගේ පුත්‍රයාවූ ශෝබාහි රජවූ හදද්එසෙර්ගෙන් ගත් කොල්ලයෙන්ද කැපකළාවූ රන් රිදී සමඟ ඒවාත් ස්වාමීන්වහන්සේට කැපකළේය. දාවිත් ලුණු මිටියාවතේදී සිරියවරුන්ගෙන් දහඅට දාහකට පහර දී හැරී ආ කල ඔහු කීර්තිමත්වුණේය. ඔහු ඒදොම්හි හැම තැනම මුරකාර සමුදාවල් තැබුවේය, සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජයදුන්සේක. දාවිත් මුළු ඉශ්රායෙල් කෙරෙහි රජකම්කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ටකෙළේය. ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් සේනාපතියාව සිටියේය; අහිලූද්ගේ පුත්‍රවූ යෙහෝෂාපාත් වාර්තාකරුවාව සිටියේය. අහිතුබ්ගේ පුත්‍රවූ ශාදොක් හා අබියාතර්ගේ පුත්‍රවූ අහිමෙලෙක් පූජකයෝව සිටියෝය; සෙරායා ලේකම්ව සිටියේය, යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ද පෙලෙතිවරුන්ද කෙරෙහි අධිපතියාව සිටියේය; දාවිත්ගේ පුත්‍රයෝද මන්ත්‍රීවරු ව සිටියෝය.
2 සාමුවෙල් 8:1-18 Sinhala New Revised Version (NRSV)
ඉන්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන් යටත් කරගෙන, අගනුවර පාලනය පිලිස්තිවරුන් අතින් පැහැර ගත්තේ ය. ඔහු මෝවබ්වරුන්ටත් පහර දී, ඔවුන්ට බිම දිගා වන්නට සලස්වා ලණුවකින් මැන්නේ ය. මරණයට පත් කිරීමට පේළි දෙකක් ද ඉතුරු කරන පිණිස එක සම්පූර්ණ පේළියක් ද මැන වෙන් කෙළේ ය. මෙසේ මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙවූ හ. තවද, රෙහෝබ්ගේ පුත්‍රයා ද ශෝබාහි රජු ද වන හදද්-එශෙර් යුප්‍රටීස් ගංගාව ළඟ තමාගේ බලය නැවත පිහිටුවන්නට යද්දී දාවිත් ඔහුටත් පහර දී, අසරුවන් එක්දහස් හත්සියයක් ද පාබළ සෙනඟ විසිදහසක් ද ඔහුගෙන් අල්ලාගෙන, එයින් රථ සියයකට අසුන් ඉතිරි කරගෙන අනික් සියලු අශ්වයන්ගේ කුදිකපා අබලන් කෙළේ ය. දමස්කයෙහි සිරියන්වරු ශෝබාහි රජ වූ හදද්-එශෙර්ට උපකාර කරන්නට ආහ. එවිට දාවිත් සිරියන්වරුන්ගෙන් මිනිසුන් විසිදෙදාහක් මැරුවේ ය. සිරිය දමස්කයේ මුරකාර හමුදා තැබුවේ ය. සිරියන්වරු ද දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙවූ හ. දාවිත් ගිය ගිය තැන සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක. දාවිත් හදද්-එශෙර්ගේ සේවකයන්ට තිබුණු රන් පළිස් රැගෙන ජෙරුසලමට ගෙනාවේ ය. බෙටා ද බෙරොතයි ද යන හදද්-එශෙර්ගේ නගරවලින් දාවිත් රජ ලෝකඩ බොහෝ සෙයින් ගත්තේ ය. දාවිත්, හදද්-එශෙර්ගේ මුළු සේනාවට පහර දුන් බව හමාත්හි රජු වන තොයි ඇසූ විට, දාවිත් එසේ හදද්-එශෙර්ට විරුද්ධ ව සටන් කොට ඔහුට පහර දුන් නිසා දාවිත්ට ආචාර කරන්නටත්, ඔහුට ආශීර්වාද කරන්නටත් ඔහු වෙත තමාගේ පුත් ජෝරාම් යැව්වේ ය. මන්ද, හදද්-එශෙර් හා තොයි අතරේ යුද්ධ පැවතුණේ ය. ජෝරාම් රන් බඩු ද රිදී බඩු ද ලෝකඩ බඩු ද ගෙනාවේ ය. මේවා ද දාවිත් රජු යටත් කරගත් සියලු ජාතීන්ගෙන් ගත් රන් රිදී ද ඔහු සමිඳාණන් වහන්සේට කැප කෙළේ ය. ඔහු ඒ රන් රිදී ගත්තේ, ඒදොම්වරුන්ගෙන් ද මෝවබ්වරුන්ගෙන් ද අම්මොන්වරුන්ගෙන් ද පිලිස්තිවරුන්ගෙන් ද අමලෙක්වරුන්ගෙන් ද රෙහෝබ්ගේ පුත් ශෝබාහි රජ වූ හදද්-එශෙර්ගෙන් ද ගත් කොල්ලයෙන් වේ. දාවිත් ලුණු මිටියාවතෙහි ඒදොම්වරුන්ගෙන් දහඅට දාහකට පහර දී, හැරී ආ කල ඔහු කීර්තියට පත් විය. ඔහු ඒදොම්හි හැම තැන ම මුරකාර හමුදා තැබුවේ ය. සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූ හ. දාවිත් ගිය ගිය තැන්හි සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක. දාවිත් මුළු ඉශ්රායෙල් කෙරෙහි රජකම් කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ට කෙළේ ය. ශෙරුයාගේ පුත් ජෝවාබ් සේනාපතියා ව සිටියේ ය. අහිලුද්ගේ පුත් ජෙහෝෂාපාට් වාර්තාකරුවා ව සිටියේ ය. අහිතුබ්ගේ පුත් ශාදොක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක් පූජකයන් ව සිටියහ. සෙරායා ලේකම් ව සිටියේ ය. ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද කෙරෙහි අධිපතියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ පූජකවරුන් ව සිටියහ.
2 සාමුවෙල් 8:1-18 Sinhala New Revised Version 2018 (SNRV)

2 සාමුවෙල් 8:1-18 New International Version (NIV)
In the course of time, David defeated the Philistines and subdued them, and he took Metheg Ammah from the control of the Philistines. David also defeated the Moabites. He made them lie down on the ground and measured them off with a length of cord. Every two lengths of them were put to death, and the third length was allowed to live. So the Moabites became subject to David and brought him tribute. Moreover, David defeated Hadadezer son of Rehob, king of Zobah, when he went to restore his monument at the Euphrates River. David captured a thousand of his chariots, seven thousand charioteers and twenty thousand foot soldiers. He hamstrung all but a hundred of the chariot horses. When the Arameans of Damascus came to help Hadadezer king of Zobah, David struck down twenty-two thousand of them. He put garrisons in the Aramean kingdom of Damascus, and the Arameans became subject to him and brought tribute. The LORD gave David victory wherever he went. David took the gold shields that belonged to the officers of Hadadezer and brought them to Jerusalem. From Tebah and Berothai, towns that belonged to Hadadezer, King David took a great quantity of bronze. When Tou king of Hamath heard that David had defeated the entire army of Hadadezer, he sent his son Joram to King David to greet him and congratulate him on his victory in battle over Hadadezer, who had been at war with Tou. Joram brought with him articles of silver, of gold and of bronze. King David dedicated these articles to the LORD, as he had done with the silver and gold from all the nations he had subdued: Edom and Moab, the Ammonites and the Philistines, and Amalek. He also dedicated the plunder taken from Hadadezer son of Rehob, king of Zobah. And David became famous after he returned from striking down eighteen thousand Edomites in the Valley of Salt. He put garrisons throughout Edom, and all the Edomites became subject to David. The LORD gave David victory wherever he went. David reigned over all Israel, doing what was just and right for all his people. Joab son of Zeruiah was over the army; Jehoshaphat son of Ahilud was recorder; Zadok son of Ahitub and Ahimelek son of Abiathar were priests; Seraiah was secretary; Benaiah son of Jehoiada was over the Kerethites and Pelethites; and David’s sons were priests.