2 සාමුවෙල් 5:17-19
2 සාමුවෙල් 5:17-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉශ්රායෙල් රජු වශයෙන් දාවිත් ආලේප කරන ලද වග ඇසූ පිලිස්තිවරු සියල්ලෝ සම්පූර්ණ හමුදාව ඇතුව ඔහු සොයන්නට පිටත් ව ආහ. එහෙත් ඒ ඇසූ දාවිත් බළකොටුවට බැස ගියේ ය. මේ අතර පිලිස්තිවරු අවුත්, රෙෆායිවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියහ. එබැවින් දාවිත් ස්වාමින්වහන්සේගෙන් විචාරමින්, “මා ගොස්, පිලිස්තිවරුන්ට පහර දෙන්න ද? ඔබවහන්සේ මා අතට ඔවුන් හසුකර දෙන සේක් දැ?” යි ඇසී ය. ස්වාමින්වහන්සේ දාවිත්ට පිළිතුරු දෙමින්, “යන්න! මම සැබවින් ම පිලිස්තිවරුන් ඔබ අතට හසුකර දෙන්නෙමි” යි පැවසූහ.
2 සාමුවෙල් 5:17-19 Sinhala Revised Old Version (SROV)
දාවිත් ඉශ්රායෙල් කෙරෙහි රජකොට ආලේපකරනලද බව පිලිස්තිවරුන් ඇසූ කල ඔවුන් සියල්ලෝම දාවිත් සොයා ආවෝය; දාවිත් ඒ අසා බලකොටුවට බැස ගියේය. පිලිස්තිවරු ඇවිත් රෙඵාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝය. දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාරමින්: මා පිලිස්තිවරුන්ට විරුද්ධව යන්ටද? ඔබවහන්සේ ඔවුන් මා අතට පාවාදෙනසේක්දැයි ඇසුවේය. ස්වාමීන්වහන්සේ: යන්න. මක්නිසාද මම සැබවින් පිලිස්තිවරුන් නුඹ අතට පාවාදෙන්නෙමියි දාවිත්ට කීසේක.
2 සාමුවෙල් 5:17-19 Sinhala New Revised Version (NRSV)
දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කරනු ලැබූ බව පිලිස්තිවරුන් ඇසූ කල ඔව්හු සියල්ලෝ ම දාවිත් සොයා ආවෝ ය. දාවිත් ඒ අසා බලකොටුවට බැස ගියේ ය. පිලිස්තිවරු අවුත් රෙපාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝ ය. දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මා පිලිස්තිවරුන්ට විරුද්ධ ව යන්න ද? ඔබ වහන්සේ ඔවුන් මාගේ අතට පාවා දෙන සේක් දැ”යි ඇසුවේ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මම සැබැවින් පිලිස්තිවරුන් නුඹ අතට පාවා දෙමි”යි දාවිත්ට වදාළ සේක.
2 සාමුවෙල් 5:17-19 Sinhala New Revised Version 2018 (SNRV)
දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කරනු ලැබූ බව පිලිස්තිවරුන් ඇසූ කල ඔව්හු සියල්ලෝ ම දාවිත් සොයා ආවෝ ය. දාවිත් ඒ අසා බලකොටුවට බැස ගියේ ය. පිලිස්තිවරු අවුත් රෙපාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝ ය. දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මා පිලිස්තිවරුන්ට විරුද්ධ ව යන්න ද? ඔබ වහන්සේ ඔවුන් මාගේ අතට පාවා දෙන සේක් දැ”යි ඇසුවේ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මම සැබැවින් පිලිස්තිවරුන් නුඹ අතට පාවා දෙමි”යි දාවිත්ට වදාළ සේක.
2 සාමුවෙල් 5:17-19 New International Version (NIV)
When the Philistines heard that David had been anointed king over Israel, they went up in full force to search for him, but David heard about it and went down to the stronghold. Now the Philistines had come and spread out in the Valley of Rephaim; so David inquired of the LORD, “Shall I go and attack the Philistines? Will you deliver them into my hands?” The LORD answered him, “Go, for I will surely deliver the Philistines into your hands.”