2 සාමුවෙල් 21:1-6
2 සාමුවෙල් 21:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාවිත්ගේ රාජ සමයේ තුන් අවුරුද්දක් එක දිගට අවුරුද්දෙන් අවුරුද්ද සාගතයක් විය. එබැවින් දාවිත් ස්වාමින්වහන්සේගේ මුහුණ සෙවී ය. ස්වාමින්වහන්සේ කතා කරමින්, “මෙය සාවුල් හා ලේ තැවරුණු ඔහුගේ වංශය නිසා ය. මන්ද ඔහු ගිබෙයොන්වරුන් මරා දැමූ බැවිනැ” යි කී සේක. රජු එබැවින් ගිබෙයොන්වරුන් කැඳවා, ඔවුන් ඇමතී ය. (ගිබෙයොන්වරු ඉශ්‍රායෙල් ජන කොටසක් නො ව, අමෝරිවරුන්ගෙන් ඉතිරි ව ජීවත් ව සිටි පිරිසක් වූහ. ඔවුන් නො මරා ඉතිරි කරන්නට ඉශ්‍රායෙල්වරු දිවුරුම් දී තිබිණ. එහෙත් සාවුල්, ඉශ්‍රායෙල් හා යූදා වෙත තිබූ තම උද්වේගය නිසා, ඔවුන් සමූලඝාතන කර දැමීමට වැර දැරී ය.) දාවිත් ගිබෙයොන්වරුන් අමතමින්, “නුඹලා උදෙසා මා කුමක් කළ යුතු ද? ස්වාමින්වහන්සේගේ උරුමය වන ජනතාවට ඔබ විසින් ආශිර්වාද කරන පිණිස, වරද නිවාරණ වන්දියක් වශයෙන් මා කළ යුත්තේ කුමක් දැ?” යි ඇසී ය. ගිබෙයොන්වරු ඔහුට පිළිතුරු දෙමින්, “සාවුල් හෝ ඔහුගේ පවුල හෝ සමඟ අපට ඇති කාරණය රිදීයෙන් හෝ රනින් හෝ බේරුමක් කළ හැක්කක් නො වේ. ඉශ්‍රායෙල්හි අන් කෙනකු මරා දැමීමේ වුවමනාවක් ද අපට නැතැ” යි කීහ. “එසේ නම් නුඹලා ඉල්ලා සිටින්නේ නුඹලා උදෙසා මා කුමක් කළ යුතු ය කියා දැ?” යි එවිට දාවිත් ඇසී ය. ඔවුහු රජුට පිළිතුරු දෙමින්, “අප විනාශ කර දැමූ මිනිසා, අප නැති-භංග කර දමන්නටත්, ඉශ්‍රායෙල්හි කොතැනක හෝ අපට උන්හිටි තැන් නැති කර දමන්නටත් අපට එරෙහිව උපා යෙදූ මිනිසා, ඔහුගෙන් පැවත එන පිරිමින්ගෙන් හත්දෙනකු අපට දෙනු ලැබේවා! ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දාණන් වන සාවුල්ගේ ගිබෙයාහි දී ස්වාමින්වහන්සේ ඉදිරිපිට අපි ඔවුන් එල්ලා තබන්නෙමු” යි කීහ. එවිට රජු කතා කරමින්, “මම ඔවුන් දෙන්නෙමි” යි කීවේ ය.
2 සාමුවෙල් 21:1-6 Sinhala Revised Old Version (SROV)
දාවිත්ගේ දවස්වලදී අවුරුද්දෙන් අවුරුද්ද තුන් අවුරුද්දක්ම සාගතයක් විය; දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විභාගකළ විට ස්වාමීන්වහන්සේ: සාවුල් විසින් ගිබියොන්වරුන් මැරූ බැවින් ඔහු නිසාත් ඔහුගේ කුරිරු වංශය නිසාත්යයි කීසේක. (ගිබියොන්වරු ඉශ්‍රායෙල් පුත්‍රයෝ නොව අමෝරිවරුන්ගෙන් ඉතිරිව සිටිය කොට්ඨාසයක්ය; ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ට දිවුරුම් දී තිබුණ නුමුත් සාවුල් ඉශ්‍රායෙල් පුත්‍රයන්ටත් යූදාටත් ඇති තමාගේ ජ්වලිතකම නිසා ඔවුන් මරන්ට සෙවුවේය.) දාවිත් රජ ගිබියොන්වරුන් කැඳවා ඔවුන්ට කථාකොට: නුඹලා උදෙසා කුමක් කරම්ද නුඹලා ස්වාමීන්වහන්සේගේ උරුමයට ආශීර්වාදකරන පිණිස මා මොන දෙයකින් සමඟිකමක්කළ යුතුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. ගිබියොන්වරුද: සාවුල්ට සහ ඔහුගේ වංශයට විරුද්ධව අපට ඇත්තේ රිදී රත්රන් ගැන කාරණයක් නොවේ; ඉශ්‍රායෙල්හි යමෙකු මැරීම අපේ වැඩක් නොවේයයි ඔහුට කීවෝය. ඔහුද: නුඹලා කියනදෙයක් නුඹලාට කරදෙමියි කීවේය. ඔව්හු රජුට කථාකොට: අප නැතිකළාවූ, අප ඉශ්‍රායෙල්වරුන්ගේ කොයි සීමාවකවත් නොසිට නැතිවීයන ලෙස අපට විරුද්ධව උපා යෙදූ මනුෂ්‍යයාගේ පුත්‍රයන්ගෙන් පුරුෂයන් සත්දෙනෙකුන් අපට පාවාදුන මැනවි. අපිද ස්වාමීන්වහන්සේ විසින් තෝරාගත් සාවුල් සිටි ගිබියාහි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමුයයි කීවෝය. එවිට රජ: ඔවුන් දෙන්නෙමියි කීවේය.
2 සාමුවෙල් 21:1-6 Sinhala New Revised Version (NRSV)
දාවිත් රජුගේ දවස, තුන් අවුරුද්දක් මුළුල්ලේ ම සාගතයක් ඇති විය. ඒ ගැන දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විමසූ විට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “සාගතයට හේතුව, සාවුල් සහ ඔහුගේ පවුලේ අය මිනීමරුවන් නිසාත්, සාවුල් ගිබියොන්වරුන් මැරූ නිසාත් ය”යි වදාළ සේක. ගිබියොන්වරු ඉශ්රායෙල් ජාතිකයන් නොව, අමෝරිවරුන්ගෙන් ඉතිරි ව සිටි කොට්ඨාශයකි. ඉශ්රායෙල් සෙනඟ ඔවුන් නොමරන්නට දිවුරුම් දී තිබුණු නමුත්, සාවුල් ඉශ්රායෙල් සෙනඟටත්, ජුදා සෙනඟටත් ඇති තමාගේ උද්‍යෝගය නිසා ඔවුන් මරන්නට සෙව්වේ ය. දාවිත් රජ ගිබියොන්වරුන් කැඳවා ඔවුන්ට කතා කොට, “ඔබ උදෙසා මම කුමක් කරම් ද? ඔබ සමිඳාණන් වහන්සේගේ සෙනඟට ආශීර්වාද කරන පිණිස මා වන්දි ගෙවීමක් වශයෙන් කුමක් කළ යුතු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ගිබියොන්වරු පිළිතුරු දෙමින්, “සාවුල්ට සහ ඔහුගේ පවුලට විරුද්ධ ව ඇති අපේ ආරාවුල් රන් රිදීවලින් බේරිය නොහැකි ය; තවද, ඉශ්රායෙල්හි කිසිවකු මැරීමට අපට වුවමනාවක් නැතැ”යි කී හ. ඔහු ද, “ඔබ කියන දෙයක් මම ඔබට කර දෙමි”යි කී ය. ඔව්හු රජුට කතා කොට, “ඉශ්රායෙල්හි කිසි ම තැනක අපට ජීවත් වන්නට නොහැකි වන ලෙස සාවුල් අප නැතිනාස්ති කරන්නට සෙව්වේ ය. ඔහුගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකුන් අපට පාවා දුන මැනව. අපි ද සමිඳාණන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ සාවුල් සිටි ගිබියාහි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමු”යි කී හ. එවිට රජ “මම ඔවුන් පාවා දෙන්නෙමි”යි කී ය.
2 සාමුවෙල් 21:1-6 Sinhala New Revised Version 2018 (SNRV)

2 සාමුවෙල් 21:1-6 New International Version (NIV)
During the reign of David, there was a famine for three successive years; so David sought the face of the LORD. The LORD said, “It is on account of Saul and his blood-stained house; it is because he put the Gibeonites to death.” The king summoned the Gibeonites and spoke to them. (Now the Gibeonites were not a part of Israel but were survivors of the Amorites; the Israelites had sworn to spare them, but Saul in his zeal for Israel and Judah had tried to annihilate them.) David asked the Gibeonites, “What shall I do for you? How shall I make atonement so that you will bless the LORD’s inheritance?” The Gibeonites answered him, “We have no right to demand silver or gold from Saul or his family, nor do we have the right to put anyone in Israel to death.” “What do you want me to do for you?” David asked. They answered the king, “As for the man who destroyed us and plotted against us so that we have been decimated and have no place anywhere in Israel, let seven of his male descendants be given to us to be killed and their bodies exposed before the LORD at Gibeah of Saul—the LORD’s chosen one.” So the king said, “I will give them to you.”