2 සාමුවෙල් 21:1-22
2 සාමුවෙල් 21:1-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාවිත්ගේ රාජ සමයේ තුන් අවුරුද්දක් එක දිගට අවුරුද්දෙන් අවුරුද්ද සාගතයක් විය. එබැවින් දාවිත් ස්වාමින්වහන්සේගේ මුහුණ සෙවී ය. ස්වාමින්වහන්සේ කතා කරමින්, “මෙය සාවුල් හා ලේ තැවරුණු ඔහුගේ වංශය නිසා ය. මන්ද ඔහු ගිබෙයොන්වරුන් මරා දැමූ බැවිනැ” යි කී සේක. රජු එබැවින් ගිබෙයොන්වරුන් කැඳවා, ඔවුන් ඇමතී ය. (ගිබෙයොන්වරු ඉශ්‍රායෙල් ජන කොටසක් නො ව, අමෝරිවරුන්ගෙන් ඉතිරි ව ජීවත් ව සිටි පිරිසක් වූහ. ඔවුන් නො මරා ඉතිරි කරන්නට ඉශ්‍රායෙල්වරු දිවුරුම් දී තිබිණ. එහෙත් සාවුල්, ඉශ්‍රායෙල් හා යූදා වෙත තිබූ තම උද්වේගය නිසා, ඔවුන් සමූලඝාතන කර දැමීමට වැර දැරී ය.) දාවිත් ගිබෙයොන්වරුන් අමතමින්, “නුඹලා උදෙසා මා කුමක් කළ යුතු ද? ස්වාමින්වහන්සේගේ උරුමය වන ජනතාවට ඔබ විසින් ආශිර්වාද කරන පිණිස, වරද නිවාරණ වන්දියක් වශයෙන් මා කළ යුත්තේ කුමක් දැ?” යි ඇසී ය. ගිබෙයොන්වරු ඔහුට පිළිතුරු දෙමින්, “සාවුල් හෝ ඔහුගේ පවුල හෝ සමඟ අපට ඇති කාරණය රිදීයෙන් හෝ රනින් හෝ බේරුමක් කළ හැක්කක් නො වේ. ඉශ්‍රායෙල්හි අන් කෙනකු මරා දැමීමේ වුවමනාවක් ද අපට නැතැ” යි කීහ. “එසේ නම් නුඹලා ඉල්ලා සිටින්නේ නුඹලා උදෙසා මා කුමක් කළ යුතු ය කියා දැ?” යි එවිට දාවිත් ඇසී ය. ඔවුහු රජුට පිළිතුරු දෙමින්, “අප විනාශ කර දැමූ මිනිසා, අප නැති-භංග කර දමන්නටත්, ඉශ්‍රායෙල්හි කොතැනක හෝ අපට උන්හිටි තැන් නැති කර දමන්නටත් අපට එරෙහිව උපා යෙදූ මිනිසා, ඔහුගෙන් පැවත එන පිරිමින්ගෙන් හත්දෙනකු අපට දෙනු ලැබේවා! ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දාණන් වන සාවුල්ගේ ගිබෙයාහි දී ස්වාමින්වහන්සේ ඉදිරිපිට අපි ඔවුන් එල්ලා තබන්නෙමු” යි කීහ. එවිට රජු කතා කරමින්, “මම ඔවුන් දෙන්නෙමි” යි කීවේ ය. එහෙත් රජු සාවුල්ගේ පුත් යොනාතාන්ගේ පුත් මෙෆීබොෂෙත් බේරී ය. එසේ කළේ ඔවුන් අතර, එනම් දාවිත් හා සාවුල්ගේ පුත් යොනාතාන් අතර ස්වාමින්වහන්සේ ඉදිරියේ වූ දිවුරුම නිසා ය. එනමුත් රජු, අයාගේ දියණිය වූ රිස්පා සාවුල්ට දාව බිහි කළ අර්මොනි හා මෙෆීබොෂෙත් යන ඇගේ පුතුන් දෙදෙනා ද මෙහොලාතීය බර්සිල්ලයිගේ පුත් අද්රියෙල්ට දාව සාවුල්ගේ දියණිය වූ මේරබ් බිහි කළ ඇගේ පුතුන් පස්දෙනා ද අල්ලාගෙන, ගිබෙයොන්වරුන්ට ඔවුන් බාර දුන්නේ ය. ඔවුහු ස්වාමින්වහන්සේ ඉදිරියේ කන්දෙහි ඔවුන් ප්‍රසිද්ධියේ එල්ලා තැබූහ. ඔවුන් හත්දෙනා එකවර නැසී ගියහ. ඔවුන් මරණයට පත් කරන ලද්දේ අස්වනු සමයේ මුල් දවස්වල ය. යව අස්වැන්න පටන් ගන්නවාත් සමඟ ය. අයාගේ දියණිය වූ රිස්පා ගෝණියක් ගෙන, පර්වතය පිට අතුරා, හිඳ, අස්වනු සමය පටන් ගැන්මේ සිට අහසින් වැස්ස ඔවුන් පිට වැගිරෙන තෙක් දහවලේ අහස් පක්ෂීන්ටවත්, රාත්‍රියේ වන සතුන්ටවත් ඒ මළමිනීවලට හානි කරන්නට ඉඩ නුදුන්නා ය. අයාගේ දියණිය ද සාවුල්ගේ අතිරේක බිරිඳ ද වූ රිස්පා කළ දේ දාවිත්ට දන්වනු ලැබිණ. දාවිත් පිටත් ව ගොස්, සාවුල්ගේ හා ඔහුගේ පුත් යොනාතාන්ගේ ඇටකටු යාබේෂ්-ගිලියාද් වාසීන් වෙතින් ලබා ගත්තේ ය. මන්ද පිලිස්තිවරුන් විසින් ගිල්බෝවහි දී සාවුල් මැරූ දවසේ, ඔවුන් එල්ලා දමා තිබූ බෙත්-ෂෙයාන් පොදු පිටියේ සිට යාබේෂ්-ගිලියාද් වාසීන් රහසිගත ව ඔවුන් ගෙනැවිත් තිබිණි. දාවිත්, සාවුල්ගේ හා ඔහුගේ පුත් යොනාතාන්ගේ ඇටකටු එහි සිට ගෙන ආවේ ය. මෙහිදී එල්ලනු ලැබූවන්ගේ ඇටකටු ද එකතු කරන ලද්දේ ය. ඔවුහු, සාවුල්ගේ ද ඔහුගේ පුත් යොනාතාන්ගේ ද ඇටකටු සමඟ ඒවා බෙන්යමින් පළාතේ සේලාහි දී සාවුල්ගේ පියා වූ කීෂ්ගේ සොහොනෙහි භූමදාන කළහ. රජු අණ කළ හැම දෙයක් ම ඔවුහු කළහ. එයින් පසු දේශය උදෙසා වූ යාච්ඤාවලට දෙවියන්වහන්සේ පිළිතුරු දුන් සේක. තවත් වරක් පිලිස්තිවරුන් හා ඉශ්‍රායෙල් අතරේ යුද්ධයක් විය. දාවිත් තමාගේ සේවකයින් සමඟ ගොස්, පිලිස්තිවරුන්ට එරෙහිව සටන් වැදුණේ ය. මෙසේ ඔහු ඉතා වෙහෙසට පත් විය. අලුත් අසිපතෙකින් සන්නද්ධ ව සිටි රෙෆායිම් යෝධ පරපුරේ කෙනකු වූ ඉෂ්බි-බෙනොබ්, දාවිත් මරන්නෙමැයි පාරම්බෑවේ ය. ඔහුගේ හෙල්ලය ලෝකඩ ෂෙකෙල් තුන්සියයක් බර එකක් විය. එහෙත් සෙරූයාගේ පුත් අබිෂයි දාවිත්ගේ ආධාරයට අවුත්, පිලිස්තියා ගසා හෙළා, මරා දැමී ය. ඉන්පසු දාවිත්ගේ මිනිස්සු කතා කරමින්, “ඉශ්‍රායෙල් පහන වන ඔබ, නිවී නො යන පිණිස මින් මතු කිසි දිනක අප සමඟ ඔබ යුද්ධයට පිටත් ව නො යා යුතු යැ” යි ඔහුට දිවුරා පැවසූහ. කලකට පසු නැවත වරක් පිලිස්තිවරුන් සමඟ යුද්ධයක් ගෝබ්හි දී පැන නැගිණි. එවර හුෂාතීය සිබ්බෙකයි රාෆා පරපුරේ පුරුකක් වූ සෆ් මරා දැමී ය. ගෝබ්හි දී පිලිස්තිවරුන් සමඟ තවත් යුද්ධයක් විය. එහිදී බෙත්ලෙහෙම්හි යාරේ-ඔරෙගීම්ගේ පුත් එල්හානාන්, රෙදි වියන්නාගේ රිට හා සමාන මිටක් සහිත හෙල්ලයක් තිබූ ගිත්තීහි ගොලියත්ගේ සහෝදරයා මරා දැමී ය. ගාත්හි තවත් යුද්ධයක් විය. එක් අතක අතැඟිලි හය බැගින් හා එක් පයක පයැඟිලි හය බැගින් ඇඟිලි විසිහතරකින් යුත් මිනිසෙක් එහි සිටියේ ය. ඔහු ද රාෆාගෙන් පැවත ආයේ ය. ඔහු ඉශ්‍රායෙල්ට අවඥා කරද්දී දාවිත්ගේ සහෝදර ෂිමෙයාගේ පුත් යොනාතාන් ඔහු මරා දැමී ය. ගාත්හි රාෆාගේ පරපුරින් පැවත ආ ඔවුහු හතරදෙනා දාවිත්ගේ ද ඔහුගේ මිනිසුන්ගේ ද අතින් මැරුම් කෑහ.
2 සාමුවෙල් 21:1-22 Sinhala Revised Old Version (SROV)
දාවිත්ගේ දවස්වලදී අවුරුද්දෙන් අවුරුද්ද තුන් අවුරුද්දක්ම සාගතයක් විය; දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විභාගකළ විට ස්වාමීන්වහන්සේ: සාවුල් විසින් ගිබියොන්වරුන් මැරූ බැවින් ඔහු නිසාත් ඔහුගේ කුරිරු වංශය නිසාත්යයි කීසේක. (ගිබියොන්වරු ඉශ්‍රායෙල් පුත්‍රයෝ නොව අමෝරිවරුන්ගෙන් ඉතිරිව සිටිය කොට්ඨාසයක්ය; ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ට දිවුරුම් දී තිබුණ නුමුත් සාවුල් ඉශ්‍රායෙල් පුත්‍රයන්ටත් යූදාටත් ඇති තමාගේ ජ්වලිතකම නිසා ඔවුන් මරන්ට සෙවුවේය.) දාවිත් රජ ගිබියොන්වරුන් කැඳවා ඔවුන්ට කථාකොට: නුඹලා උදෙසා කුමක් කරම්ද නුඹලා ස්වාමීන්වහන්සේගේ උරුමයට ආශීර්වාදකරන පිණිස මා මොන දෙයකින් සමඟිකමක්කළ යුතුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. ගිබියොන්වරුද: සාවුල්ට සහ ඔහුගේ වංශයට විරුද්ධව අපට ඇත්තේ රිදී රත්රන් ගැන කාරණයක් නොවේ; ඉශ්‍රායෙල්හි යමෙකු මැරීම අපේ වැඩක් නොවේයයි ඔහුට කීවෝය. ඔහුද: නුඹලා කියනදෙයක් නුඹලාට කරදෙමියි කීවේය. ඔව්හු රජුට කථාකොට: අප නැතිකළාවූ, අප ඉශ්‍රායෙල්වරුන්ගේ කොයි සීමාවකවත් නොසිට නැතිවීයන ලෙස අපට විරුද්ධව උපා යෙදූ මනුෂ්‍යයාගේ පුත්‍රයන්ගෙන් පුරුෂයන් සත්දෙනෙකුන් අපට පාවාදුන මැනවි. අපිද ස්වාමීන්වහන්සේ විසින් තෝරාගත් සාවුල් සිටි ගිබියාහි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමුයයි කීවෝය. එවිට රජ: ඔවුන් දෙන්නෙමියි කීවේය. නුමුත් ඔවුන් අතරේ එනම් දාවිත් සහ සාවුල්ගේ පුත් යොනාතාන් අතරේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කරන්ට යෙදුණු දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන යොනාතාන්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් ඉතුරු කෙළේය. නුමුත් ඔහු අයාගේ දුවවූ රිශ්පා සාවුල් නිසා බිහිකළ අර්මොනිද මෙපිබොෂෙත්ද යන පුත්‍රයන් දෙදෙනද සාවුල්ගේ දුවවූ මීඛල් මෙහොලාතිය බර්සිල්ලයිගේ පුත්‍රවූ අද්‍රියෙල් නිසා බිහිකළ පුත්‍රයන් පස්දෙනාද ගෙන, ගිබියොන්වරුන් අතට පාවාදුන්නේය, ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්දේ ඔවුන් එල්ලා දැමුවෝය, මෙසේ ඒ සත්දෙනා එකවිටම වැටුණෝය. ඔවුන් මරනු ලැබුවේ යව කපන්ට පටන්ගන්න කාලයේ පළමුවෙනි දවස්වලදීය. එවිට අයාගේ දුවවූ රිශ්පා ගෝනි රෙදි අරගන ගොස් පර්වතය පිට අතුරා ඉඳ, ගොයම් කපන කාලයේ පටන්ගැන්මේ සිට ඔවුන් පිට අහසින් වැසි වසින තුරු දවල් ආකාශයේ පක්ෂීන්ටවත් රෑ වනයේ මෘගයන්ටවත් ඔවුන් ළඟට පැමිණෙන්ට ඉඩනොදී සිටියාය. අයාගේ දූවූ සාවුල්ගේ උපභාර්යාවවූ රිශ්පා කළ දෙය දාවිත්ට දන්වනලද්දේය. පිලිස්තිවරුන් විසින් ගිල්බොවාහි සාවුල් මැරූ දවසේදී පිලිස්තිවරු සාවුල් සහ ඔහුගේ පුත්‍රවූ යොනාතාන් බෙත්-ෂාන්හි වීථියේ එල්ලාදැමුවෝය. එතැනින් ඔවුන්ගේ ඇට යාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන් විසින් හොරෙන් ගෙන ගොස් තිබුණේය. දාවිත් ගොස් සාවුල්ගේ ඇට සහ ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ගේ ඇට එතැනින් ගෙනායේය. එල්ලා දමනලද තැනැත්තන්ගේ ඇටත් ඔව්හු එකතුකළෝය. සාවුල්ගේද ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ගේද ඇට බෙන්යමින් රටේ ශේලාහි තිබෙන ඔහුගේ පියවූ කීෂ්ගේ සොහොන්ගෙයි තැන්පත්කොට රජු විසින් අණකළ සියල්ල කළෝය. ඉන්පසු දේශය ගැන කළ කන්නලව්ව දෙවියන්වහන්සේ පිළිගත්සේක. නැවත ඉශ්‍රායෙල් සමඟ පිලිස්තිවරුන්ගේ යුද්ධයක් විය; දාවිත්ද තමාගේ සේවකයන් සමඟ ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධව සටන්කෙළේය. දාවිත් විඩාවට පැමිණියේය. එවිට යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ඉෂ්බි-බෙනොබ් දාවිත් මරන්ට සිතීය. ඔහුගේ හෙල්ලයේ බර පිත්තල ෂෙකෙල් තුන්සියයක්ය, ඔහු අලුත් කඩුවක්ද ඉණේ බැඳගන උන්නේය. නුමුත් ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි රජුට උපකාරකොට පිලිස්තියයාට පහරදී ඔහු මැරුවේය. එවිට දාවිත්ගේ මිනිස්සු: ඉශ්‍රායෙල්ගේ පහන නොනිවන පිණිස ඔබ තවත් අප සමඟ යුද්ධයට නොයායුතුයයි දිවුරා දාවිත්ට කියා සිටියෝය. ඉන්පසු නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය. එවිට හුෂාතිය සිබ්බෙකයි යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ සප් මැරුවේය. නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය; බෙත්-ලෙහෙමිය යාරේ-ඔරෙගීම්ගේ පුත්‍රවූ එල්හානාන් ගිත්තිය ගොලියත්ගේ සහෝදරයා මැරුවේය. ඔහුගේ හෙල්ලයේ මිට වියන දණ්ඩක් හා සමානය. නැවතත් ගාත්හි යුද්ධයක්විය, එහි බොහෝ උස මහත ඇති මනුෂ්‍යයෙක් සිටියේය; ඔහුගේ අත්වලත් පාදවලත් හය හය බැගින් ගණනින් ඇඟිලි විසිහතරක් ඔහුට තිබුණේය; ඔහුත් යෝධයා නිසා උපන් කෙනෙක්ය. ඔහු ඉශ්‍රායෙල්වරුන්ට මිග කී කල දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයිගේ පුත්‍රවූ යොනාතාන් ඔහු මැරීය. ඒ සතරදෙනා ගාත්හිදී යෝධයා නිසා උපන්නෝය; ඔව්හු දාවිත් අතින්ද ඔහුගේ සේවකයන් අතින්ද පැරදී වැටුණෝය.
2 සාමුවෙල් 21:1-22 Sinhala New Revised Version (NRSV)
දාවිත් රජුගේ දවස, තුන් අවුරුද්දක් මුළුල්ලේ ම සාගතයක් ඇති විය. ඒ ගැන දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විමසූ විට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “සාගතයට හේතුව, සාවුල් සහ ඔහුගේ පවුලේ අය මිනීමරුවන් නිසාත්, සාවුල් ගිබියොන්වරුන් මැරූ නිසාත් ය”යි වදාළ සේක. ගිබියොන්වරු ඉශ්රායෙල් ජාතිකයන් නොව, අමෝරිවරුන්ගෙන් ඉතිරි ව සිටි කොට්ඨාශයකි. ඉශ්රායෙල් සෙනඟ ඔවුන් නොමරන්නට දිවුරුම් දී තිබුණු නමුත්, සාවුල් ඉශ්රායෙල් සෙනඟටත්, ජුදා සෙනඟටත් ඇති තමාගේ උද්‍යෝගය නිසා ඔවුන් මරන්නට සෙව්වේ ය. දාවිත් රජ ගිබියොන්වරුන් කැඳවා ඔවුන්ට කතා කොට, “ඔබ උදෙසා මම කුමක් කරම් ද? ඔබ සමිඳාණන් වහන්සේගේ සෙනඟට ආශීර්වාද කරන පිණිස මා වන්දි ගෙවීමක් වශයෙන් කුමක් කළ යුතු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ගිබියොන්වරු පිළිතුරු දෙමින්, “සාවුල්ට සහ ඔහුගේ පවුලට විරුද්ධ ව ඇති අපේ ආරාවුල් රන් රිදීවලින් බේරිය නොහැකි ය; තවද, ඉශ්රායෙල්හි කිසිවකු මැරීමට අපට වුවමනාවක් නැතැ”යි කී හ. ඔහු ද, “ඔබ කියන දෙයක් මම ඔබට කර දෙමි”යි කී ය. ඔව්හු රජුට කතා කොට, “ඉශ්රායෙල්හි කිසි ම තැනක අපට ජීවත් වන්නට නොහැකි වන ලෙස සාවුල් අප නැතිනාස්ති කරන්නට සෙව්වේ ය. ඔහුගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකුන් අපට පාවා දුන මැනව. අපි ද සමිඳාණන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ සාවුල් සිටි ගිබියාහි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමු”යි කී හ. එවිට රජ “මම ඔවුන් පාවා දෙන්නෙමි”යි කී ය. එහෙත්, දාවිත් සහ සාවුල්ගේ පුත් ජොනතන් තම තමන් අතර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන ලද දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් ඉතුරු කෙළේ ය. එසේ වුව ද, ඔහු අයාගේ දුව වූ රිශ්පා සාවුල්ට දාව ලැබූ අර්මෝනි සහ මෙපිබොෂෙත් යන පුත්‍රයන් දෙදෙන ද සාවුල්ගේ දුව වූ මීකල් මෙහොලාතිය බර්ශිල්ලයිගේ පුත් අද්රියෙල්ට දාව ලැබූ පුත්‍රයන් පස්දෙනා ද ගෙන, ගිබියොන්වරුන් අතට පාවා දුන්නේ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කන්දේ ඔවුන් එල්ලා දැමුවෝ ය. මෙසේ ඒ සත්දෙනා එක විට ම වැනසුණෝ ය. ඔවුන් මරනු ලැබුවේ යව කපන්නට පටන්ගන්න කාලයේ මුල් ම දවස්වල දී ය. එවිට අයාගේ දුව වූ රිශ්පා ගෝණි රෙදි අරගෙන ගොස් පර්වතය පිට අතුරා ඉඳගෙන, ගොයම් කපන කාලය පටන්ගැන්මේ සිට අහසින් වැසි වසින තෙක් දවල් ආකාශයේ පක්ෂීන්ට වත්, රෑ වනයේ මෘගයන්ට වත් ඒ මළකඳන් ළඟට පැමිණෙන්නට ඉඩ නොදී සිටියා ය. අයාගේ දුව වූ, සාවුල්ගේ උපභාර්යාව වූ රිශ්පා කළ දෙය දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට ඔහු ගොස්, ජාබෙෂ්-ගිලියද් වැසියන්ගෙන් සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු අරගත්තේ ය. ඔවුන් ඒ ඇටකටු බෙත්ෂාන්හි ප්‍රසිද්ධ චතුරශ්‍රයෙන් සොරාගෙන ගොස් තිබිණි. සාවුල් ගිල්බෝවා කන්දේ දී මරනු ලැබූ දවසේ දී පිලිස්තිවරුන් ඔහුගේ ද ජොනතන්ගේ ද සිරුරු එල්ලුවේ ඒ චතුරශ්‍රයෙහි ය. දාවිත් ගොස් සාවුල්ගේ ඇටකටු සහ ඔහුගේ පුත් ජොනතන්ගේ ඇටකටු එතැනින් ගෙනාවේ ය. එල්ලා දමන ලද තැනැත්තන්ගේ ඇටකටුත් ඔව්හු එකතු කළෝ ය. සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු බෙන්ජමින් රටේ ශේලාහි තිබෙන සාවුල්ගේ පිය වූ කිෂ්ගේ සොහොන් ගෙයි තැන්පත් කොට රජු විසින් අණ කරන ලද සියල්ල ඔව්හු කළෝ ය. ඉන්පසු දේශය වෙනුවෙන් කරන ලද කන්නලව්වට දෙවියන් වහන්සේ සවන් දුන් සේක. ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිලිස්තිවරු යළිත් යුද්ධයක් කළහ. දාවිත් තමාගේ සේවකයන් සමඟ ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටන් කෙළේ ය. දාවිත් විඩාවට පත් විය. එවිට රෙපායිම් නම් යෝධයන්ගෙන් පැවත ආ කෙනෙකු වන ඉෂ්බි-බෙනොබ්, දාවිත් මරන්නට සිතා ගත්තේ ය. ඔහුගේ ලෝකඩ හෙල්ලයේ බර කිලෝග්‍රෑම් තුනහමාරක් ය. ඔහු අලුත් කඩුවක් ද ඉණේ බැඳගෙන සිටියේ ය. එහෙත්, ශෙරුයාගේ පුත් අබිෂයි රජුට සහාය වී පිලිස්තියයාට පහර දී ඔහු මැරුවේ ය. එවිට දාවිත්ගේ සෙනඟ, “ඉශ්රායෙල්වරුන්ගේ පහන වැනි බලාපොරොත්තුව වන ඔබ, නොනිවෙන පිණිස තවත් අප සමඟ යුද්ධයට නොයා යුතු ය”යි දිවුරුම් දී දාවිත්ට කියා සිටියෝ ය. ඉන්පසු නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය. එවිට හුෂාතිය සිබ්බෙකයි, යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ සප් මැරුවේ ය. නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය; බෙත්ලෙහෙමීය ජාරේ-ඔරෙගීම්ගේ පුත්‍ර වූ එල්හානාන් ගිත්තීය ගොලියත්ගේ සහෝදරයා මැරුවේ ය. ඔහුගේ හෙල්ලයේ මිට වියන යන්ත්‍රයක දණ්ඩක් හා සමාන ය. නැවතත් ගාත්හි යුද්ධයක් විය; එහි බොහෝ උස මහත මනුෂ්‍යයෙක් සිටියේ ය. ඔහුගේ අත්වලත්, පාවලත් හය හය බැගින් ඇඟිලි විසිසතරක් තිබිණි. ඔහුත් යෝධයාට දාව උපන් කෙනෙකි. ඔහු ඉශ්රායෙල්වරුන්ට අභියෝග කළ කල, දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයිගේ පුත්‍ර වූ ජොනතන් ඔහු මැරී ය. ඒ සතරදෙනා ගාත්හි දී යෝධයාට දාව උපන්නෝ ය. ඔව්හු දාවිත් අතින් ද ඔහුගේ සේවකයන් අතින් ද මැරුම්කෑවෝ ය.
2 සාමුවෙල් 21:1-22 Sinhala New Revised Version 2018 (SNRV)

2 සාමුවෙල් 21:1-22 New International Version (NIV)
During the reign of David, there was a famine for three successive years; so David sought the face of the LORD. The LORD said, “It is on account of Saul and his blood-stained house; it is because he put the Gibeonites to death.” The king summoned the Gibeonites and spoke to them. (Now the Gibeonites were not a part of Israel but were survivors of the Amorites; the Israelites had sworn to spare them, but Saul in his zeal for Israel and Judah had tried to annihilate them.) David asked the Gibeonites, “What shall I do for you? How shall I make atonement so that you will bless the LORD’s inheritance?” The Gibeonites answered him, “We have no right to demand silver or gold from Saul or his family, nor do we have the right to put anyone in Israel to death.” “What do you want me to do for you?” David asked. They answered the king, “As for the man who destroyed us and plotted against us so that we have been decimated and have no place anywhere in Israel, let seven of his male descendants be given to us to be killed and their bodies exposed before the LORD at Gibeah of Saul—the LORD’s chosen one.” So the king said, “I will give them to you.” The king spared Mephibosheth son of Jonathan, the son of Saul, because of the oath before the LORD between David and Jonathan son of Saul. But the king took Armoni and Mephibosheth, the two sons of Aiah’s daughter Rizpah, whom she had borne to Saul, together with the five sons of Saul’s daughter Merab, whom she had borne to Adriel son of Barzillai the Meholathite. He handed them over to the Gibeonites, who killed them and exposed their bodies on a hill before the LORD. All seven of them fell together; they were put to death during the first days of the harvest, just as the barley harvest was beginning. Rizpah daughter of Aiah took sackcloth and spread it out for herself on a rock. From the beginning of the harvest till the rain poured down from the heavens on the bodies, she did not let the birds touch them by day or the wild animals by night. When David was told what Aiah’s daughter Rizpah, Saul’s concubine, had done, he went and took the bones of Saul and his son Jonathan from the citizens of Jabesh Gilead. (They had stolen their bodies from the public square at Beth Shan, where the Philistines had hung them after they struck Saul down on Gilboa.) David brought the bones of Saul and his son Jonathan from there, and the bones of those who had been killed and exposed were gathered up. They buried the bones of Saul and his son Jonathan in the tomb of Saul’s father Kish, at Zela in Benjamin, and did everything the king commanded. After that, God answered prayer in behalf of the land. Once again there was a battle between the Philistines and Israel. David went down with his men to fight against the Philistines, and he became exhausted. And Ishbi-Benob, one of the descendants of Rapha, whose bronze spearhead weighed three hundred shekels and who was armed with a new sword, said he would kill David. But Abishai son of Zeruiah came to David’s rescue; he struck the Philistine down and killed him. Then David’s men swore to him, saying, “Never again will you go out with us to battle, so that the lamp of Israel will not be extinguished.” In the course of time, there was another battle with the Philistines, at Gob. At that time Sibbekai the Hushathite killed Saph, one of the descendants of Rapha. In another battle with the Philistines at Gob, Elhanan son of Jair the Bethlehemite killed the brother of Goliath the Gittite, who had a spear with a shaft like a weaver’s rod. In still another battle, which took place at Gath, there was a huge man with six fingers on each hand and six toes on each foot—twenty-four in all. He also was descended from Rapha. When he taunted Israel, Jonathan son of Shimeah, David’s brother, killed him. These four were descendants of Rapha in Gath, and they fell at the hands of David and his men.