2 සාමුවෙල් 14:23-24
2 සාමුවෙල් 14:23-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෝවාබ්, ගෙෂූර් බලා පිටත් ව ගොස්, අබ්සලොම් ආපසු යෙරුසලමට කැඳවාගෙන ආවේ ය. එහෙත් රජු, “ඔහු ඔහුගේ ම ගෙදරට යා යුතුයි; ඔහු මගේ මුහුණ නො දැකිය යුතුයි” කීවේ ය. එබැවින් අබ්සලොම් තමාගේ ම නිවසට ගියේ ය. ඔහු රජුගේ මුහුණ හමුවට ගියේ නැත.
2 සාමුවෙල් 14:23-24 Sinhala Revised Old Version (SROV)
මෙසේ යෝවාබ් පිටත්ව ගෙෂූර්ට ගොස් අබ්සලොම් යෙරුසලමට කැඳවාගන ආවේය. රජද: ඔහු තමාගේ ගෙදරට යේවා, ඔහු මාගේ මුහුණ නොදක්නේයයි කීවේය. එබැවින් අබ්සලොම් තමාගේ ගෙදරට හැරී ගියේය, ඔහු රජුගේ මුහුණ දුටුවේ නැත.
2 සාමුවෙල් 14:23-24 Sinhala New Revised Version (NRSV)
මෙසේ ජෝවාබ් පිටත් ව ගෙෂූර් නගරයට ගොස්, අබ්සලොම් ජෙරුසලමට කැඳවාගෙන ආවේ ය. රජ ද, “ඔහු තමාගේ ම ගෙදරට යේවා; ඔහු මා ඉදිරියට නොපැමිණිය යුතු ය”යි කී ය. එබැවින් අබ්සලොම් තමාගේ ගෙදරට හැරී ගියේ ය. ඔහු රජ්ජුරුවන් ඉදිරියට නොපැමිණියේ ය.
2 සාමුවෙල් 14:23-24 Sinhala New Revised Version 2018 (SNRV)