2 සාමුවෙල් 13:3-5

2 සාමුවෙල් 13:3-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අම්නෝන්ට, යෝනාදාබ් නම් වූ මිතුරෙක් සිටියේ ය. ඔහු දාවිත්ගේ සහෝදර ෂිමෙයාගේ පුත්‍රයා ය. ඔහු උපාය දක්ෂයෙකි. ඔහු අම්නෝන් අමතමින්, “රාජ පුත්‍රය, ඇයි මේ උදයෙන් උදය ඔබ මෙතරම් ඇදිලා ගිහිල්ලා? ඇයි මට නො කියන්නේ?” යි ඇසී ය. අම්නෝන් පිළිතුරු දෙමින්, “මගේ සහෝදර අබ්සලොම්ගේ සොහොයුරිය වන තාමාර්ට මම ආලය කරමි” යි කීවේ ය. යෙහෝනාදාබ් උපදෙස් දෙමින්, “යහනේ වැතිරී, අසනීප වග අඟවන්න. ඔබ බලන්නට ඔබේ පියා පැමිණි කල, ඔහුට කතා කොට, ‘මගේ සහෝදරී, තාමාර් පැමිණ, මට අහරට රොටි දෙනවාට කැමතියි; ඇය මා ඉදිරිපිට අහර පිළියෙල කළා වේ. එවිට මම ඒ දෙස බලා සිට, ඇගේ අතින් අහරක් ගන්නම්’ කියා කියන්නැ” යි කී ය.

2 සාමුවෙල් 13:3-5 Sinhala Revised Old Version (SROV)

නුමුත් දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත්‍රවූ යොනාදාබ් නම්වූ මිත්‍රයෙක් අම්නොන්ට සිටියේය. යොනාදාබ් ඉතා උපා දක්ෂ මනුෂ්‍යයෙකි. ඔහු: රාජ පුත්‍රය, නුඹ දවසින් දවස මෙසේ කෘශවෙන්නේ මක්නිසාද? මට කියන්නේ නැද්දැයි ඔහුට කීය. එවිට අම්නොන්: මාගේ සහෝදරයා වන අබ්සලොම්ගේ සහෝදරීවූ තාමර්ට ආලය ඇත්තෙමියි ඔහුට කීය. යොනාදාබ්ද: නුඹ ලෙඩින් ඉන්නාක්මෙන් නුඹේ යහනේ වැතිර හිඳ නුඹේ පියාණන් නුඹ බලන්ට ආකල ඔහුට කථාකොට–මාගේ සහෝදරීවූ තාමර් ඇවිත් මට කෑම දෙන්ටත් මට පෙනෙන ලෙස මා ඉදිරියෙහි කෑම පිළියෙළ කරන්ටත් ඇගේ අතින් මට එය කන්ටත් අවසර දුනමැනවියි ඔහුට කියන්නැයි කීවේය.

2 සාමුවෙල් 13:3-5 Sinhala New Revised Version (NRSV)

දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත් ජොනාදාබ් නම් මිත්‍රයෙක් අම්නො‍න්ට සිටියේ ය. ජොනාදාබ් උපායේ ඉතා දක්ෂ මිනිසෙකි. ඔහු අම්නො‍න්ට කතා කොට, “රාජ පුත්‍රය, ඔබ දවසින් දවස මෙසේ කෘශවන්නේ මන් ද? මට කියන්නේ නැද්දැ”යි ඇසී ය. එවිට අම්නො‍න්, “මාගේ සහෝදර අබ්සලොම්ගේ සහෝදරිය වන තාමාර්ට මම ආලය කරමි”යි ඔහුට කී ය. ජොනාදාබ් ද පිළිතුරු දෙමින්, “ඔබ ලෙඩින් සිටින්නා සේ ඔබේ යහනේ වැතිර සිට, ඔබේ පියාණන් ඔබ බලන්නට ආ කල, ඔහුට කතා කොට, ‘මාගේ සහෝදරී වන තාමාර් මා වෙත අවුත් මට කෑම දෙන්නටත්, මට පෙනෙන ලෙස කෑම පිළියෙළ කරන්නටත්, ඇගේ අතින් එය කන්නටත් අවසර දුන මැනවැ’යි ඔහුට කියන්නැ”යි කීවේ ය.

2 සාමුවෙල් 13:3-5 Sinhala New Revised Version 2018 (SNRV)