2 සාමුවෙල් 11:2-4
2 සාමුවෙල් 11:2-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එක් සවස් වරුවක තම යහනින් පිබිදුණු දාවිත්, රජගෙදර පියස්සේ සක්මන් කරද්දී, කාන්තාවක් ස්නානය කරන අයුරු පියස්සේ සිට දිටී ය. ඒ කාන්තාව ඉතා සුරූපී තැනැත්තියකි. දාවිත් ඇය ගැන විමසන පිණිස කෙනකු යැවී ය. “මැය, බැත්ෂෙබා නො වේ ද! ඒ එලියාම්ගේ දියණියයි; හිත්තීය ඌරියාගේ බිරිඳයි” යනුවෙන් ඒ මිනිසා පැවසී ය. දාවිත් පණිවුඩකරුවන් යවා, ඇය ගෙන්වූ කල, ඈ ඔහු වෙත ආවා ය. ඔහු ඇය සමඟ නිදි වැදුණේ ය. ඒ වන විට ඇය සිටියේ තම මාසික අපවිත්‍රතාවෙන් පවිත්‍ර වෙමින් ය. ඉන්පසු ඈ තම නිවසට ආපසු ගියා ය.
2 සාමුවෙල් 11:2-4 Sinhala Revised Old Version (SROV)
දිනක් සවස් වේලාවේ දාවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන්කෙළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය. දාවිත් පණිවිඩ යවා ස්ත්‍රිය ගැන විභාග කෙරෙව්වේය. එක්කෙනෙක් කථාකොට: ඈ එලියාම්ගේ දුවවූ, හිත්තීය උරියාගේ භාර්යාවවූ බැත්-ෂෙබා නොවේදැයි කීය. දාවිත් පණිවිඩකාරයන් යවා ඈ ගෙන්වාගත්තේය; ඈ ඔහු ළඟට ආවාය, ඔහු ඈ සමඟ සයනය කෙළේය. (ඈ තමාගේ අපවිත්‍රකමින් පිරිසිදුවී සිටියාය.) ඈ තමාගේ ගෙදරට හැරී ගියාය.
2 සාමුවෙල් 11:2-4 Sinhala New Revised Version (NRSV)
දිනක් සවස් වේලේ දාවිත් තමාගේ යහනින් නැඟිට ගොස්, රජ මාලිගාවේ පියස්ස උඩ සක්මන් කෙළේ ය. එවිට ස්ත්‍රියක ස්නානය කරනු ඔහු පියස්සේ සිට දිටී ය. ඒ ස්ත්‍රිය ඉතා රූමත් වූවා ය. දාවිත් පණිවුඩ යවා ස්ත්‍රිය ගැන විභාග කරවී ය. එක් කෙනෙක් කතා කොට, “ඈ එලියාම්ගේ දුව වන, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ වන බැත්-ෂෙබා නොවේ දැ”යි කී ය. දාවිත් පණිවුඩකාරයන් යවා ඈ ගෙන්වාගත්තේ ය. ඈ ඔහු ළඟට ආවා ය. ඔහු ඈ සමඟ සේවනයෙහි යෙදිණි; ඒ අවස්ථාවේ දී ඈ තමාගේ අපවිත්‍රකමින් පිරිසිදු වූවා පමණකි. ඈ සිය ගෙදරට පෙරළා ගියා ය.
2 සාමුවෙල් 11:2-4 Sinhala New Revised Version 2018 (SNRV)
දිනක් සවස් වේලේ දාවිත් තමාගේ යහනින් නැඟිට ගොස්, රජ මාලිගාවේ පියස්ස උඩ සක්මන් කෙළේ ය. එවිට ස්ත්‍රියක ස්නානය කරනු ඔහු පියස්සේ සිට දිටී ය. ඒ ස්ත්‍රිය ඉතා රූමත් වූවා ය. දාවිත් පණිවුඩ යවා ස්ත්‍රිය ගැන විභාග කරවී ය. එක් කෙනෙක් කතා කොට, “ඈ එලියාම්ගේ දුව වන, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ වන බැත්-ෂෙබා නොවේ දැ”යි කී ය. දාවිත් පණිවුඩකාරයන් යවා ඈ ගෙන්වාගත්තේ ය. ඈ ඔහු ළඟට ආවා ය. ඔහු ඈ සමඟ සේවනයෙහි යෙදිණි; ඒ අවස්ථාවේ දී ඈ තමාගේ අපවිත්‍රකමින් පිරිසිදු වූවා පමණකි. ඈ සිය ගෙදරට පෙරළා ගියා ය.
2 සාමුවෙල් 11:2-4 New International Version (NIV)
One evening David got up from his bed and walked around on the roof of the palace. From the roof he saw a woman bathing. The woman was very beautiful, and David sent someone to find out about her. The man said, “She is Bathsheba, the daughter of Eliam and the wife of Uriah the Hittite.” Then David sent messengers to get her. She came to him, and he slept with her. (Now she was purifying herself from her monthly uncleanness.) Then she went back home.