2 රාජාවලිය 8:1-29

2 රාජාවලිය 8:1-29 සිංහල කාලීන පරිවර්තනය (SCV)

තවද එලීෂා තමා විසින් ජීවනයට යළි පැමිණ වූ ළමයාගේ මවට කතා කොට, “ස්වාමින්වහන්සේ සාගතයක් නියම කර ඇත; දේශයේ අවුරුදු හතක කාලයකට එය බල පැවැත් වේ; එබැවින්, ඔබේ පවුලේ උදවිය සමඟ ඔබට යා හැකි ස්ථානයකට ගොස්, එහි කල් ගත කරන්නැ” යි කියා තිබිණ. කාන්තාව ද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා පැවසූ පරිදි කළා ය. ඈ තම පවුලේ අය සමඟ පිටත් ව ගොස්, පිලිස්තිවරුන්ගේ දේශයෙහි අවුරුදු හතක් ගත කළා ය. අවුරුදු හත අවසානයේ පිලිස්තිවරුන්ගේ දේශයේ සිට ආපසු පැමිණි ඈ, තමාගේ නිවස සහ ඉඩම ගැන ආයාචනා කරන්නට රජු වෙත ගියා ය. මේ අතර දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවක ගෙහාසී සමඟ කතා කරමින් සිටි රජු, “එලීෂා කර ඇති සියලු බලවත් දේවල් මට කියන්නැ” යි කීවේ ය. ගෙහාසී, එලීෂා විසින් මළ අයකුට ජීවනය දුන් සැටි රජුට පවසද්දී ම, මෙන්න! එලීෂා මරණයෙන් යළි ජීවනයට පැමිණ වූ පුත්‍රයාගේ මව තමාගේ නිවසත්, ඉඩමත් ගැන ඉල්ලීමට රජු වෙත ආවා ය. එවිට ගෙහාසී, “මගේ ස්වාමි වූ රජතුමනි, මැයයි ඒ කාන්තාව, එලීෂා යළි ජීවනයට ගෙනා ඇගේ පුත්‍රයා මොහු යැ” යි පැවසී ය. රජු ඒ පිළිබඳව එම කාන්තාවගෙන් විමසී ය. ඈ ඔහුට පැවසුවා ය. ඉන්පසු ඇගේ කාරණයට නිලධාරියකු පත් කළ රජු, “ඇය සතු ව තිබූ සියල්ලත්, ඇය දේශයෙන් පිටත් ව ගිය දවසේ සිට අද දක්වා වතු පිටිවල ආදායමත් ඇයට ආපසු ලබා දෙන්නැ” යි නියම කළේ ය. එලීෂා දමස්කය වෙත ගියේ ය. අරාම්හි රජු වූ බෙන්-හදද් රෝගී ව සිටියේ ය. “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා මෙහි පැමිණ සිටිතැ” යි රජුට දන්වනු ලැබිණ. ඔහු හසායෙල් අමතා, “ඔබ තෑග්ගක් රැගෙන, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා හමු වන්නට ගොස්, ‘මේ රෝගයෙන් මා සුව වේ දැ?’ යි ඔහු මගින් ස්වාමින්වහන්සේගෙන් විචාරන්නැ” යි කීවේ ය. හසායෙල්, ඔටුවන් හතළිහක් පිට පැට වූ දමස්කයේ සියලු ඉස්තරම් බඩු සහිත ත්‍යාගයක් රැගෙන එලීෂා හමු වන්නට පිටත් ව ගොස්, එලීෂා ඉදිරියේ සිට ගත්තේ ය. “ ‘මම මේ රෝගයෙන් සුවය ලබම් දැ’ යි අසන්නට අරාම්හි රජු වූ ඔබේ පුත් බෙන්-හදද් මා එවී යැ” යි පැවසී ය. එලීෂා පිළිතුරු දෙමින්, “ ‘ඔබ සැබවින් ම සුවය ලබනු ඇතැ’ යි ගොස්, ඔහුට කියන්න. එහෙත් නියතයෙන් ම ඔහු මැරෙන වග ස්වාමින්වහන්සේ මට එළිදරවු කර තිබේ යැ” යි පැවසී ය. ඔහු අපහසුතාවට පත් වන තුරු තද බැල්මකින් ඔහු දෙස බලා සිටි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඉන්පසු වැලපෙන්නට වන්නේ ය. “ඇයි මගේ ස්වාමියා වැලපෙන්නේ” යි හසායෙල් ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “ඉශ්‍රායෙල්වරුන්ට ඔබ කරන්නට යන නපුර මා දන්නා නිසා යැ” යි කී ඔහු, “ඔබ ඔවුන්ගේ බළකොටු ගිනි තබා, ඔවුන්ගේ තරුණයින් කඩු ගා, ඔවුන්ගේ ළදරුවන් පොළොවේ ගසා, ඔවුන්ගේ ගැබිනි කාන්තාවන් ඉරා දමනු ඇතැ” යි පැවසී ය. “බල්ලෙක් වැනි වූ ඔබේ මෙහෙකරු මා එවැනි වික්‍රමයක් කරන්නේ කෙසේ දැ?” යි හසායෙල් ඇසී ය. එලීෂා පිළිතුරු දෙමින්, “ඔබ අරාම්හි රජකමට පත් වන වග ස්වාමින්වහන්සේ මට පෙන්වා තිබේ යැ” යි පැවසී ය. ඉන්පසු හසායෙල්, එලීෂා වෙතින් තම ස්වාමියා වෙත ආපසු ගියේ ය. “එලීෂා ඔබට කීවේ මොක දැ?” යි බෙන්-හදද් ඇසූ කල, හසායෙල් පිළිතුරු දෙමින්, “ඔබ නියතයෙන් ම සුව වන වග ඔහු මට පැවසුවා” යි කී ය. එහෙත් ඊළඟ දවසේ ඔහු ගන රෙද්දක් වතුරේ පොඟවා, රජු මැරෙන තෙක් ඔහුගේ මුහුණ පිට එය එළා තැබී ය. ඔහුගෙන් පසු හසායෙල් රජකමට පත් විය. ඉශ්‍රායෙල් රජු වූ ආහාබ්ගේ පුත් යෝරාම්ගේ පස් වන අවුරුද්දේ, යෙහෝෂාෆාට් යූදාහි රජු ව සිටියදී ම යෙහෝෂාෆාට්ගේ පුත් යෙහෝරාම්, යූදාහි රජු හැටියට පාලනය පටන් ගත්තේ ය. රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු තිස්දෙකක් විය. ඔහු යෙරුසලමේ අවුරුදු අටක් රජකම් කළේ ය. ආහාබ්ගේ වංශය කර තිබූ පරිදි ඔහු ඉශ්‍රායෙල් රජවරුන්ගේ අඩිපාරේ ගියේ ය. මන්ද ඔහු ආහාබ්ගේ දියණියක ආවාහ කර ගෙන සිටියේ ය. ඔහු කළේ ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දෑ ය. එසේ වුවත් ස්වාමින්වහන්සේ තම සේවක දාවිත් නිසා, යූදා විනාශ කරන්නට නො කැමති වූයේ, උන්වහන්සේ දාවිත්ටත්, ඔහුගෙන් පැවත එන්නවුන්ටත් සදහට ම පහනක් දෙන්නට පොරොන්දු වී සිටි බැවිනි. ඔහුගේ කාලයේ ඒදොම්වරු, යූදා රාජ්‍යයට එරෙහිව කැරලි ගසා, තමන්ට රජකු පත් කර ගත්හ. එබැවින් යෙහෝරාම් තමන්ගේ යුද්ධ රථ සියල්ල කැටුව සායිර් බලා ගියේ ය. ඒදොම්වරු ඔහු ද ඔහුගේ යුද්ධ රථ සෙන්පතීන් ද වට කළහ; එහෙත් ඔහු රාත්‍රියේ නැගිට ඒදොම්වරුන්ට පහර දුන්නේ ය. එසේ වුව ද ඔහුගේ හමුදාව ආපසු තම කූඩාරම් වෙත පලා ගියහ. අද දවස දක්වා ම ඒදොම්, යූදාට එරෙහිව කැරලි ගසයි. ලිබ්නා ද ඒ කාලයේ ම කැරලි ගැසී ය. යෙහෝරාම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද යූදා රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? යෙහෝරාම් තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහු දාවිත් පුරයේ තම පියවරුන් සමඟ භූමදාන කෙරිණි. ඉන්පසු ඔහුගේ පුත් අහසියා ඔහුට පසු රජකමට පත් විය. ඉශ්‍රායෙල් රජු වූ ආහාබ්ගේ පුත් යෝරාම්ගේ දොළොස් වන වසරේ යූදා රජු වූ යෙහෝරාම්ගේ පුත් අහසියා යූදාහි රජකමට පත් විය. අහසියා රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිදෙකක් විය. ඔහු යෙරුසලමේ එක් අවුරුද්දක් රජකම් කළේ ය; ඔහුගේ මවගේ නම අතලියා ය. ඇය ඉශ්‍රායෙල් රජු වූ ඔම්රීගේ මිණිබිරියකි. ඔහු ආහාබ්ගේ වංශයේ මාර්ගවල පැවතෙමින්, ආහාබ්ගේ වංශය කර තිබූ පරිද්දෙන් ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කළේ ය. මන්ද ඔහු විවාහයෙන් ආහාබ්ගේ පවුලට බෑණා විය. අහසියා, ආහාබ්ගේ පුත් යෝරාම් සමඟ අරාම්හි රජු වූ හසායෙල්ට එරෙහිව රාමොත්-ගිලියාද්හි යුද්ධ කරන්නට ගියේ ය. අරාම්වරු යෝරාම්ට තුවාල කළහ; එබැවින් යෝරාම් රජු, අරාම්හි රජු වූ හසායෙල් සමඟ යුද්ධ කරද්දී රාමාහි දී අරාම්වරුන් ඔහුට කළ තුවාල සුව කර ගැනීමට යෙස්රෙයෙල් වෙත ආපසු ආවේ ය. ආහාබ්ගේ පුත් යෝරාම් තුවාල ලබා සිටි බැවින්, ඔහු බලන්නට යෙහෝරාම්ගේ පුත් යූදාහි රජු වූ අහසියා, යෙස්රෙයෙල් වෙත ගියේ ය.

2 රාජාවලිය 8:1-29 Sinhala Revised Old Version (SROV)

තවද එලිෂා විසින් නැවත පණ දුන්නාවූ ළමයාගේ මවුට ඔහු කථාකොට: නුඹේ ගෙයි වැසියන් සමඟ නුඹ පිටත්ව ගොස් නුඹට සිටින්ට පුළුවන් තැනක සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සාගතයක් නියමකර තිබේ; එය සත් අවුරුද්දක් දේශයෙහි පවතිනවා ඇතැය කීවේය. ඒ ස්ත්‍රී දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ වචනය ලෙස කරමින් ඇගේ ගෙයි වැසියන් සමඟ පිටත්ව ගොස් පිලිස්තිවරුන්ගේ දේශයෙහි සත් අවුරුද්දක් සිටියාය. සත් අවුරුද්ද කෙළවරදී ඒ ස්ත්‍රී පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී ආවාය. තවද ඈ ඇගේ ගෙය සහ බිම් ගැන රජුට අයදින්ට පිටත්ව ආවාය. එකල්හි රජ: එලිෂා කළාවූ සියලු මහත් දේවල් මට කියන්නැයි කියා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ වැඩකාර ගෙහාසී සමඟ කථාකරකර සිටියේය. ඔහු විසින් මළ කෙනෙකු ජීවත්කළ හැටි රජුට කියද්දීම, බලව, එසේ ඔහු විසින් නැවත පණ දුන්නාවූ ළමයාගේ මවු තමාගේ ගෙය සහ බිම් ගැන රජුට අයැද සිටියාය. ගෙහාසී: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මෑ ඒ ස්ත්‍රීය, මේ එලිෂා විසින් නැවත පණ දුන් ඇගේ පුත්‍රයායයි කීය. රජුද ස්ත්‍රීගෙන් ඇසූ විට ඈ ඔහුට කීවාය. තවද රජ තෙමේ ඈ ගැන එක්තරා මුලාදෑනියෙකු නියමකොට: ඈට අයිතිවූ සියල්ලද ඈ දේශය අත්හැර ගිය දා පටන් මේ වන තුරු බිමෙන් හටගත් සියලු ඵලද ඈට ලබදෙන්නැයි කීවේය. එලිෂා දමස්කයට පැමුණුණේය; එකල්හි බෙන්-හදද් රජ ලෙඩින් සිටියේය. එවිට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා මෙහි ආයේය කියා ඔහුට දන්වනලද්දේය. රජ හසායෙල්ට කථාකොට: නුඹේ අතේ තෑග්ගක් රැගෙන දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්මුඛවෙන්ට ගොස්–මේ ලෙඩෙඩන් මට සුව වන්නේදැයි ඔහු ලවා ස්වාමීන්වහන්සේගෙන් විචාරන්නැයි කීවේය. එවිට හසායෙල් තමාගේ අතේ තෑග්ගක් ගෙන, දමස්කයේ සියලු ආකාර හොඳ දේවල් ඔටුවන් සතළිස් දෙනෙකු පිට පටවාගෙන ඔහු වෙතට පැමිණ ඔහු ඉදිරියෙහි සිට: මේ ලෙඩෙන් මට සුවවන්නේද කියා විචාරන්ට ඔබගේ පුත්‍රවූ සිරියේ රජවූ බෙන්-හදද් මා ඔබ ළඟට එවුවේයයි කීවේය. එලිෂාද: නුඹ ගොස්-සැබවින් ඔබට සුවවන්නේයයි ඔහුට කියන්න; නුමුත් ඔහු සැබවින් නසින බව ස්වාමීන්වහන්සේ මට පෙන්වා තිබේයයි ඔහුට කීවේය. තවද ඛේදයට පත්වෙන තුරුම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහු දෙස තදින් බලාසිට පසුව ඇඬුවේය. එවිට හසායෙල්; මාගේ ස්වාමියා අඬන්නේ මක්නිසාදැයි ඇසීය. ඔහු උත්තරදෙමින්: නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කරන්ට යන නපුර මා දන්නා නිසාය. නුඹ ඔවුන්ගේ බලකොටු ගිනිලා, ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් නසා, ඔවුන්ගේ දරුවන් බිමගසා මරා, ඔවුන්ගේ ගර්භීණීන් ඉරාදමන්නෙහියයි කීවේය. හසායෙල්ද: බල්ලෙක් වැනිවූ ඔබගේ මෙහෙකරුවා විසින් ඒ බරපතළ දේ කරන්ට ඔහු කවුදැයි කීවේය. එලිෂා: නුඹ සිරිය කෙරෙහි රජ වෙන බව ස්වාමීන්වහන්සේ මට පෙන්වා තිබේයයි කීවේය. ඔහු එලිෂා වෙතින් ගොස් තමාගේ ස්වාමියා ළඟට පැමිණි විට එලිෂා නුඹට කීවේ කුමක්දැයි හෙතෙම ඔහුගෙන් ඇසුවේය. සැබවින් ඔබට සුවවෙනවා ඇතැයි මට කීයේයයි ඔහු කීය. පසුවදා ඔහු දළ රෙද්දක් ගෙන වතුරේ ගල්වා ඔහුගේ මුහුණ පිට එළා තැබුවේය, එයින් ඔහු මැරුණේය. හසායෙල් ඔහු වෙනුවට රජ වුණේය. ඉශ්‍රායෙල් රජවූ ආහබ්ගේ පුත්‍රවූ යෝරාම්ගේ පස්වෙනි අවුරුද්දේ යෙහෝෂාපාට් යූදාහි රජව සිටියදී යූදාහි රජවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යෙහෝරාම් රජ වුණේය. ඔහු තිස් දෑවුරුදු වයසේදී රජවී යෙරුසලමේ අට අවුරුද්දක් රජකම්කෙළේය. ආහබ්ගේ වංශය කළාක්මෙන් ඔහු ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසුරුණේය. මක්නිසාද ඔහු ආහබ්ගේ දුව සරණපාවාගෙන ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. එසේවී නුමුත් ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ දාවිත්ට ඔහුගේ පුත්‍රයන් අතරෙන් නිතරම පහනක් දෙන්ට පොරොන්දුවුණු ලෙස, ඔහු නිසා යූදා නැතිකරන්ට අකැමැතිවූසේක. ඔහුගේ කාලයේදී ඒදොම්වරු කැරළිගසා, යූදා යටතෙන් අහක්ව, තමුන්ට රජෙකු පත්කරගත්තෝය. එවිට යෝරාම් තමාගේ සියලු රථ රැගෙන ශායීර්ට ගොස් රෑ නැගිට තමා වටකරගන සිටි ඒදොම්වරුන්ටත් රථාධිපතීන්ටත් පහරදුන්නේය. එවිට සෙනඟ තමුන්ගේ කුඩාරම්වලට පලාගියෝය. මෙසේ ඒදොම්වරු අද දක්වා යූදාවරුන්ට විරුද්ධව කැරළිගසන්නෝය. එම කාලයේදී ලිබ්නාවරුද කැරළිගැසුවෝය. යෝරාම්ගේ අනික් ක්‍රියාවල්ද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? යෝරාම් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවරුන් සමඟ දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබීය. ඔහුගේ පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජවුණේය. ඉශ්‍රායෙල් රජවූ ආහබ්ගේ පුත්‍රවූ යෝරාම්ගේ දොළොස්වෙනි අවුරුද්දේදී යූදාහි රජ වන යෙහෝරාම්ගේ පුත්‍රවූ අහසියා රජ වුණේය. අහසියා විසි දෑවුරුදු වයසේදී රජවී යෙරුසලමේ අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම අතාලියාය, ඈ ඉශ්‍රායෙල් රජවූ ඔම්රීගේ දුවෙක්ය. ඔහු ආහබ්ගේ වංශයේ මාර්ගයෙහි හැසිර, ආහබ්ගේ වංශය කළ ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. මක්නිසාද ඔහු ආහබ්ගේ පවුලට බෑනා වුණේය. ඔහු ආහබ්ගේ පුත්‍රවූ යෝරාම් සමඟ සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව රාමොත්-ගිලියද්හි යුද්ධකරන්ට ගියේය. සිරියවරු යෝරාම්ට තුවාල කළෝය. යෝරාම් රජ තමා සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව යුද්ධ කරද්දී රාමාහිදී සිරියවරුන් විසින් ඔහුට කළ තුවාල යෙස්‍රෙයෙල්හි සුවකර ගන්නා පිණිස හැරී ආවේය. යූදාහි රජවූ යෙහෝරාම්ගේ පුත්‍රවූ අහසියාද ආහබ්ගේ පුත්‍රවූ යෝරාම් රෝගාතුරව සිටිය නිසා ඔහු බලන්ට යෙස්‍රෙයෙල්ට ගියේය.

2 රාජාවලිය 8:1-29 Sinhala New Revised Version (NRSV)

තවද, එලිෂා විසින් නැවත පණ දෙන ලද ළමයාගේ මවුට ඔහු කතා කොට, “ඔබේ ගෙවැසියන් සමඟ ඔබ පිටත් ව ගොස් ඔබට නැවතී සිටින්න පුළුවන් තැනක සිටින්න. මන්ද, සමිඳාණන් වහන්සේ සාගතයක් නියම කර තිබේ. එය සත් අවුරුද්දක් දේශයෙහි පවතිනු ඇතැ”යි කී ය. ඒ ස්ත්‍රී දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ වචනය ලෙස කරමින් ඇගේ ගෙවැසියන් සමඟ පිටත් ව ගොස් පිලිස්තිවරුන්ගේ දේශයෙහි සත් අවුරුද්දක් සිටියා ය. සත් අවුරුද්ද කෙළවර දී ඒ ස්ත්‍රී පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී ආවා ය. තවද, ඈ ඇගේ ගෙය සහ ඉඩම ගැන රජුට පැමිණිල්ලක් කිරීමට පිටත් ව ආවා ය. එකල්හි රජ, “එලිෂා කළ සියලු පුදුම දේවල් මට කියන්නැ”යි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ වැඩකාර ගෙහාසී සමඟ කතා කරමින් සිටියේ ය. ඔහු විසින් මළ කෙනෙකු ජීවත් කරනු ලැබූ සැටි රජුට කියන විට ම බලන්න, එසේ ඔහු විසින් නැවත පණ දෙන ලද ළමයාගේ මවු තමාගේ ගෙය සහ ඉඩම ගැන රජුට පැමිණිලි කරමින් සිටියා ය. ගෙහාසී කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, මේ සිටින්නේ ඒ ස්ත්‍රිය ය; මේ සිටින්නේ එලිෂා විසින් නැවත පණ දෙන ලද ඇගේ පුත්‍රයා ය”යි කී ය. රජු ද ස්ත්‍රියගෙන් ඇසූ විට ඈ ඔහුට සියල්ල කීවා ය. තවද, රජ තෙමේ ඈ ගැන එක්තරා මුලාදෑනියෙකුට නියම කොට, “ඈට අයිති වූ සියල්ල ද ඈ දේශය අත්හැර ගිය දා පටන් මේ වන තුරු ඇගේ ඉඩමෙන් හටගත් සියලු පල ද ඈට ලබා දෙන්නැ”යි කී ය. එලිෂා දමස්කයට පැමිණියේ ය. එකල්හි සිරියාවේ බෙන්-හදද් රජ ලෙඩින් සිටියේ ය. එවිට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා මෙහි ආවේ ය”යි ඔහුට දන්වන ලදී. රජ හසායෙල්ට කතා කොට, “ඔබ තෑග්ගක් රැගෙන දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සම්මුඛවන්න ගොස්, ‘මේ ලෙඩෙන් මම සුව වෙම් දැ’යි ඔහු ලවා සමිඳාණන් වහන්සේගෙන් විචාරන්නැ”යි කීවේ ය. එවිට හසායෙල් තෑග්ගක් ගෙන දමස්කයේ නන් වැදෑරුම් ඉස්තරම් හොඳ‍ දේවල් ඔටුවන් සතළිස්දෙනෙකු පිට පටවාගෙන ඔහු වෙත පැමිණ, ඔහු ඉදිරියෙහි සිට, “ ‘මේ ලෙඩෙන් මම සුව වන්නෙම් ද’ කියා විචාරන්නට ඔබේ පුත් සිරියාවේ රජු වන බෙන්-හදද් මා ඔබ ළඟට එව්වේ ය”යි කී ය. එලිෂා ද උත්තර දෙමින්, “ඔබ ගොස්, ‘සැබැවින් ඔබ සුව වන්නෙහි ය’යි ඔහුට කියන්න. එහෙත්, ඔහු සැබැවින් නසින බව සමිඳාණන් වහන්සේ මට පෙන්වා තිබේ ය”යි ඔහුට කී ය. තවද, සංවේගයට පත් වන තුරු ම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඔහු දෙස බලා සිට පසු ව ඇඬුවේ ය. එවිට හසායෙල්, “මාගේ ස්වාමියා අඬන්නේ කුමක් නිසා දැ”යි ඇසී ය. ඔහු උත්තර දෙමින්, “ඔබ ඉශ්රායෙල් ජනයාට කරන්න යන නපුර මා දන්න නිසා ය. ඔබ ඔවුන්ගේ බලකොටු ගිනිලා, ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් නසා, ඔවුන්ගේ දරුවන් බිම ගසා මරා, ඔවුන්ගේ ගර්භණීන් දෙපළුකර දමන්නෙහි ය”යි කී ය. හසායෙල් ද කතා කොට, “බල්ලෙකු වැනි ඔබේ මෙහෙකරු මා ඒ බරපතල දේ කරන්නට ඔහු කවරෙක් දැ”යි ඇසී ය. එලිෂා කතා කොට, “ඔබ සිරියාවේ රජ වන බව සමිඳාණන් වහන්සේ මට පෙන්වා තිබේ ය”යි කී ය. ඔහු එලිෂා වෙතින් ගොස් තමාගේ ස්වාමියා ළඟට පැමිණි විට, “එලිෂා ඔබට කීවේ කුමක් දැ”යි ඔහුගෙන් ඇසුවේ ය. “සැබැවින් ම ඔබ සුව වනු ඇත කියා මට කීයේ යැ”යි ඔහු පැවසී ය. පසු දා ඔහු දළ රෙද්දක් ගෙන වතුරේ පොඟවා ඔහුගේ මුහුණ පිට එළා තැබී ය. එයින් ඔහු මැරුණේ ය. හසායෙල් ඔහු වෙනුවට රජ විය. ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ ආහබ්ගේ පුත් ජෝරාම්ගේ පස් වන අවුරුද්දේ ජෙහෝෂාපාට් ජුදාහි රජ ව සිටිද්දී ජුදාහි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත් ජෙහෝරාම් රජ විය. ඔහු තිස්දෑවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ අට අවුරුද්දක් රජකම් කෙළේ ය. ආහබ්ගේ වංශය කළ පරිදි ඔහු ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, ඔහු ආහබ්ගේ දුව සරණ පාවාගෙන සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. එසේ වී නමුත්, සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ දාවිත්ට ඔහුගේ පෙළපතින් එන කෙනෙකු නොනිවෙන පහනක් මෙන් රට පාලනය කරන බවට පොරොන්දු වූ ලෙස ඔහු නිසා ජුදා රාජ්‍යය නැති කරන්නට අකමැති වූ සේක. ඔහුගේ කාලයේ දී ඒදොම්වරු කැරලි ගසා, ජුදාගේ පාලනය යටතෙන් අහක් ව තමන්ට රජෙකු පත් කරගත්හ. එවිට ජෝරාම් තමාගේ සියලු රථ රැගෙන ශායීර් නම් ස්ථානයට ගොස්, රෑ කාලයේ නැඟිට තමා වටකරගෙන සිටි ඒදොම්වරුන්ටත්, රථාධිපතීන්ටත් පහර දුන්නේ ය. එකල සෙනඟ තමන්ගේ කූඩාරම්වලට පලා ගියහ. මෙසේ ඒදොම්වරුන් අද දක්වා ජුදාවරුන්ගේ රාජ්‍ය පාලනය ඉවත දමා තිබේ. එම කාලයේ දී ලිබ්නාවරු ද කැරලි ගැසූ හ. ජෙහෝරාම්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? ජෙහෝරාම් මියගිය පසු තමාගේ පියවරුන් සමඟ දාවිත්ගේ නුවර තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් අහසියා ඔහු වෙනුවට රජ විය. ඉශ්රායෙල් රජු වූ ආහබ්ගේ පුත් ජෝරාම්ගේ දොළොස් වන අවුරුද්දේ දී ජුදාහි රජු වන ජෙහෝරාම්ගේ පුත් අහසියා රජ විය. අහසියා විසිදෑවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම අතලියා ය. ඈ ඉශ්රායෙල් රජු වූ ඔම්රිගේ දුවක් ය. ඔහු ආහබ්ගේ වංශය ගිය මාර්ගයේ ගමන් කරමින් ආහබ්ගේ වංශය කළ ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. විවාහයෙන් ඔහු ආහබ්ගේ පවුලට බෑණා විය. ඔහු ආහබ්ගේ පුත් ජෝරාම් සමඟ සිරියාවේ රජු වූ හසායෙල්ට විරුද්ධ ව රාමොත්-ගිලියද්හි යුද්ධ කරන්නට ගියේ ය. සිරියන්වරු ජෝරාම්ට තුවාළ කළෝ ය. ජෝරාම් රජ තමා සිරියාවේ රජු වන හසායෙල්ට විරුද්ධ ව යුද්ධ කරද්දී රාමාහි දී සිරියන්වරුන් ඔහුට කළ තුවාළ ජෙශ්‍රෙයෙල්හි සුව කරගන්න පිණිස හැරී ආවේ ය. ජුදාහි රජු වූ ජෙහෝරාම්ගේ පුත් අහසියා ද ආහබ්ගේ පුත් ජෝරාම් රෝගාතුර ව සිටි නිසා ඔහු බලන්නට ජෙශ්‍රෙයෙල්ට ගියේ ය.

2 රාජාවලිය 8:1-29 Sinhala New Revised Version 2018 (SNRV)

2 රාජාවලිය 8:1-29 New International Version (NIV)

Now Elisha had said to the woman whose son he had restored to life, “Go away with your family and stay for a while wherever you can, because the LORD has decreed a famine in the land that will last seven years.” The woman proceeded to do as the man of God said. She and her family went away and stayed in the land of the Philistines seven years. At the end of the seven years she came back from the land of the Philistines and went to appeal to the king for her house and land. The king was talking to Gehazi, the servant of the man of God, and had said, “Tell me about all the great things Elisha has done.” Just as Gehazi was telling the king how Elisha had restored the dead to life, the woman whose son Elisha had brought back to life came to appeal to the king for her house and land. Gehazi said, “This is the woman, my lord the king, and this is her son whom Elisha restored to life.” The king asked the woman about it, and she told him. Then he assigned an official to her case and said to him, “Give back everything that belonged to her, including all the income from her land from the day she left the country until now.” Elisha went to Damascus, and Ben-Hadad king of Aram was ill. When the king was told, “The man of God has come all the way up here,” he said to Hazael, “Take a gift with you and go to meet the man of God. Consult the LORD through him; ask him, ‘Will I recover from this illness?’ ” Hazael went to meet Elisha, taking with him as a gift forty camel-loads of all the finest wares of Damascus. He went in and stood before him, and said, “Your son Ben-Hadad king of Aram has sent me to ask, ‘Will I recover from this illness?’ ” Elisha answered, “Go and say to him, ‘You will certainly recover.’ Nevertheless, the LORD has revealed to me that he will in fact die.” He stared at him with a fixed gaze until Hazael was embarrassed. Then the man of God began to weep. “Why is my lord weeping?” asked Hazael. “Because I know the harm you will do to the Israelites,” he answered. “You will set fire to their fortified places, kill their young men with the sword, dash their little children to the ground, and rip open their pregnant women.” Hazael said, “How could your servant, a mere dog, accomplish such a feat?” “The LORD has shown me that you will become king of Aram,” answered Elisha. Then Hazael left Elisha and returned to his master. When Ben-Hadad asked, “What did Elisha say to you?” Hazael replied, “He told me that you would certainly recover.” But the next day he took a thick cloth, soaked it in water and spread it over the king’s face, so that he died. Then Hazael succeeded him as king. In the fifth year of Joram son of Ahab king of Israel, when Jehoshaphat was king of Judah, Jehoram son of Jehoshaphat began his reign as king of Judah. He was thirty-two years old when he became king, and he reigned in Jerusalem eight years. He followed the ways of the kings of Israel, as the house of Ahab had done, for he married a daughter of Ahab. He did evil in the eyes of the LORD. Nevertheless, for the sake of his servant David, the LORD was not willing to destroy Judah. He had promised to maintain a lamp for David and his descendants forever. In the time of Jehoram, Edom rebelled against Judah and set up its own king. So Jehoram went to Zair with all his chariots. The Edomites surrounded him and his chariot commanders, but he rose up and broke through by night; his army, however, fled back home. To this day Edom has been in rebellion against Judah. Libnah revolted at the same time. As for the other events of Jehoram’s reign, and all he did, are they not written in the book of the annals of the kings of Judah? Jehoram rested with his ancestors and was buried with them in the City of David. And Ahaziah his son succeeded him as king. In the twelfth year of Joram son of Ahab king of Israel, Ahaziah son of Jehoram king of Judah began to reign. Ahaziah was twenty-two years old when he became king, and he reigned in Jerusalem one year. His mother’s name was Athaliah, a granddaughter of Omri king of Israel. He followed the ways of the house of Ahab and did evil in the eyes of the LORD, as the house of Ahab had done, for he was related by marriage to Ahab’s family. Ahaziah went with Joram son of Ahab to war against Hazael king of Aram at Ramoth Gilead. The Arameans wounded Joram; so King Joram returned to Jezreel to recover from the wounds the Arameans had inflicted on him at Ramoth in his battle with Hazael king of Aram. Then Ahaziah son of Jehoram king of Judah went down to Jezreel to see Joram son of Ahab, because he had been wounded.