2 රාජාවලිය 7:1-2
2 රාජාවලිය 7:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එලීෂා කතා කොට, “ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න; ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘හෙට මේ වේලාව වන විට පිටි සියාවක ප්‍රමාණයක් ෂෙකෙලයකට ද යව නැළි දෙකක් ෂෙකෙලයකට ද සමාරියේ දොරටුවේදී විකිණෙනු ඇතැ’ යි” පැවසී ය. එවිට තම බාහුවට රජු හාන්සි වී සිටි නිලධාරියා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා අමතා, “ඔන්න, ස්වාමින්වහන්සේ ස්වර්ගයේ දොරටු විවර කළත් මේක වෙන්න පුළුවන් දෙයක් දැ?” යි ඇසී ය. එලීෂා පිළිතුරු දෙමින්, “එය ඔබේ ම ඇස්වලින් දකිනු ඇත. එහෙත් එයින් ඔබට කන්නට ලැබෙන්නේ නැතැ” යි පැවසී ය.
2 රාජාවලිය 7:1-2 Sinhala Revised Old Version (SROV)
එවිට එලිෂා කථාකොට: ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න–හෙට මේ වේලාවට පමණ ෂෙකෙලයකට සිහින් පිටි මිම්මක්ද ෂෙකෙලයකට යව මිමි දෙකක්ද සමාරියේ දොරටුවෙහි විකිණෙනවා ඇත කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය. එවිට රජු අත පිට හේත්තුවී සිටි අධිපති තෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ අහසේ කවුළු සෑදුවත් මේක සිද්ධවිය හැකිදැයි කීවේය. ඒක නුඹේ ඇස්වලින් දක්නෙහිය, නුමුත් එයින් නොකන්නෙහියයි ඔහු කීවේය.
2 රාජාවලිය 7:1-2 Sinhala New Revised Version (NRSV)
එවිට එලිෂා කතා කොට, “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය අසන්න. ‘හෙට මේ වේලාවට පමණ රිදී කාසියකට සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද, රිදී කාසියකට යව කිලෝග්‍රෑම් හයක් ද සමාරියෙහි දොරටුවෙහි විකිණෙනු ඇත’ කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කී ය. එවිට තම අතට රජු හේත්තු වී සිටි නිලධාරියා දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ අහසේ කවුළු සාදා වැසි එව්වත් මෙය සිදු විය හැකි දැ”යි කී ය. “එය ඔබේ ඇස්වලින් දකින්නෙහි ය. එහෙත්, එයින් නොකන්නෙහි ය”යි ඔහු පැවසී ය.
2 රාජාවලිය 7:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට එලිෂා කතා කොට, “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය අසන්න. ‘හෙට මේ වේලාවට පමණ රිදී කාසියකට සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද, රිදී කාසියකට යව කිලෝග්‍රෑම් හයක් ද සමාරියෙහි දොරටුවෙහි විකිණෙනු ඇත’ කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කී ය. එවිට තම අතට රජු හේත්තු වී සිටි නිලධාරියා දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ අහසේ කවුළු සාදා වැසි එව්වත් මෙය සිදු විය හැකි දැ”යි කී ය. “එය ඔබේ ඇස්වලින් දකින්නෙහි ය. එහෙත්, එයින් නොකන්නෙහි ය”යි ඔහු පැවසී ය.
2 රාජාවලිය 7:1-2 New International Version (NIV)
Elisha replied, “Hear the word of the LORD. This is what the LORD says: About this time tomorrow, a seah of the finest flour will sell for a shekel and two seahs of barley for a shekel at the gate of Samaria.” The officer on whose arm the king was leaning said to the man of God, “Look, even if the LORD should open the floodgates of the heavens, could this happen?” “You will see it with your own eyes,” answered Elisha, “but you will not eat any of it!”