2 රාජාවලිය 6:5-6
2 රාජාවලිය 6:5-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන්ගෙන් කෙනකු ගසක් කපන කල, යකඩ පොරෝ තලය වතුරට වැටිණි. “අනේ මා ස්වාමිනි, එය ඉල්ලා ගත් එකකි!” යි ඔහු මොර ගැසී ය. “කෝ කොතැනට ද ඒක වැටුණේ?” යි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඇසී ය. ඔහු ඒ තැන ඔහුට පෙන් වූ කල, ඔහු ලීයක් කපා එතැනට හෙළී ය. එවිට යකඩය පා වන්නට විය.
2 රාජාවලිය 6:5-6 Sinhala Revised Old Version (SROV)
එක් කෙනෙක් ලීයක් කපද්දී පොරෝතලය වතුරේ වැටුණේය. ඔහු: අනේ මාගේ ස්වාමිනි, ඒක ඉල්ලාගත් එකකැයි කෑගසා කීවේය. එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා: ඒක වැටුණේ කොතනදැයි ඇසුවේය. ඔහු ඒ ස්ථානය ඔහුට පෙන්නූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමුවේය, එවිට යකඩය පාවුණේය.
2 රාජාවලිය 6:5-6 Sinhala New Revised Version (NRSV)
එක් කෙනෙකු ලීයක් කපද්දී පොරෝ තලය වතුරේ වැටිණි. ඔහු, “අනේ මාගේ ස්වාමීනි, ඒක ඉල්ලාගත් එකකැ”යි කෑගසා කී ය. එවිට දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා කතා කොට, “එය වැටුණේ කොහේ දැ”යි ඇසී ය. ඔහු ඒ ස්ථානය ඔහුට පෙන්නූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමී ය. එවිට යකඩය පා විය.
2 රාජාවලිය 6:5-6 Sinhala New Revised Version 2018 (SNRV)
එක් කෙනෙකු ලීයක් කපද්දී පොරෝ තලය වතුරේ වැටිණි. ඔහු, “අනේ මාගේ ස්වාමීනි, ඒක ඉල්ලාගත් එකකැ”යි කෑගසා කී ය. එවිට දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා කතා කොට, “එය වැටුණේ කොහේ දැ”යි ඇසී ය. ඔහු ඒ ස්ථානය ඔහුට පෙන්නූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමී ය. එවිට යකඩය පා විය.
2 රාජාවලිය 6:5-6 New International Version (NIV)
As one of them was cutting down a tree, the iron axhead fell into the water. “Oh no, my lord!” he cried out. “It was borrowed!” The man of God asked, “Where did it fall?” When he showed him the place, Elisha cut a stick and threw it there, and made the iron float.