2 රාජාවලිය 5:26-27
2 රාජාවලිය 5:26-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් එලීෂා ඔහු අමතා, “ඒ මිනිසා තම රථයෙන් බැස, ඔබ හමු වන්නට පැමිණි කල, මගේ ආත්මය නුඹ සමඟ ගියේ නැද්ද? මුදල් ගන්නටවත්, ඇඳුම් හෝ ඔලීව වතු හෝ මිදි වතු හෝ බැටළුවන් හෝ ගවයින් හෝ දාසයින් හෝ දාසියන් හෝ පිළිගන්නටවත් මේ යුතු වේලාවක් ද? එබැවින් නාමාන්ගේ කුෂ්ඨය නුඹටත්, නුඹෙන් පැවත එන්නන්ටත් සදහට ම ඇලී පවතින්නේ යැ” යි පැවසී ය. එවිට ගෙහාසී හිම මෙන් සුදු ව කුෂ්ඨය වැලඳී එලීෂා ඉදිරියෙන් පිට ව ගියේ ය.
2 රාජාවලිය 5:26-27 Sinhala Revised Old Version (SROV)
එලිෂා: ඒ මනුෂ්‍යයා තමාගේ රථයෙන් බැස නුඹ සම්බවෙන්ට හැරී ආ විට මාගේ ආත්මය නුඹ සමඟ ගියේ නැද්ද? මේක මුදල් පිළිගන්ටත් ඇඳුම්ද ඔලීවවතුද මිදිවතුද බැටළුවන්ද ගවයන්ද දාස දාසීන්ද පිළිගන්ටත් වේලාවක්ද? එබැවින් නාමන්ගේ කුෂ්ඨය නුඹටත් නුඹේ වංශයටත් නිරතුරම වැළඳෙන්නේයයි ඔහුට කීවේය. එවිට ඔහු හිම මෙන් කුෂ්ඨය ඇතුව ඔහු වෙතින් පිටතට ගියේය.
2 රාජාවලිය 5:26-27 Sinhala New Revised Version (NRSV)
එලිෂා කතා කොට, “ඒ මනුෂ්‍යයා තමාගේ රථයෙන් බැස ඔබ සම්බවන්න හැරී ආ විට මාගේ ආත්මානුභාවය ඔබ සමඟ ගියේ නැද් ද? මේ මුදල් පිළිගන්නත්, ඇඳුම් ද ඔලීව වතු ද මිදි වතු ද බැටළුවන් ද ගවයන් ද දාස දාසීන් ද පිළිගන්නත් අවස්ථාවක් ද? එබැවින් නාමන්ගේ කුෂ්ඨය ඔබටත්, ඔබේ වංශයටත් නිරතුරු ම වැළදෙන්නේ ය”යි ඔහුට කී ය. එවිට ඔහු හිම මෙන් කුෂ්ඨයක් ඇති ව ඔහුගෙන් ඉවත් ව ගියේ ය.
2 රාජාවලිය 5:26-27 Sinhala New Revised Version 2018 (SNRV)
එලිෂා කතා කොට, “ඒ මනුෂ්‍යයා තමාගේ රථයෙන් බැස ඔබ සම්බවන්න හැරී ආ විට මාගේ ආත්මානුභාවය ඔබ සමඟ ගියේ නැද් ද? මේ මුදල් පිළිගන්නත්, ඇඳුම් ද ඔලීව වතු ද මිදි වතු ද බැටළුවන් ද ගවයන් ද දාස දාසීන් ද පිළිගන්නත් අවස්ථාවක් ද? එබැවින් නාමන්ගේ කුෂ්ඨය ඔබටත්, ඔබේ වංශයටත් නිරතුරු ම වැළදෙන්නේ ය”යි ඔහුට කී ය. එවිට ඔහු හිම මෙන් කුෂ්ඨයක් ඇති ව ඔහුගෙන් ඉවත් ව ගියේ ය.
2 රාජාවලිය 5:26-27 New International Version (NIV)
But Elisha said to him, “Was not my spirit with you when the man got down from his chariot to meet you? Is this the time to take money or to accept clothes—or olive groves and vineyards, or flocks and herds, or male and female slaves? Naaman’s leprosy will cling to you and to your descendants forever.” Then Gehazi went from Elisha’s presence and his skin was leprous—it had become as white as snow.