2 රාජාවලිය 5:22-25

2 රාජාවලිය 5:22-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“ඔව්, සියල්ල හොඳින්. මගේ ස්වාමියා මා එවුවේ, ‘දිවැසිවර කණ්ඩායමේ යෞවනයන් දෙදෙනෙක් එප්‍රායිම් කඳු රටේ සිට මේ දැන් මා වෙත ආවා. කරුණාකර ඔවුන්ට රිදී තලෙන්තයකුත්, ඇඳුම් කට්ටල දෙකකුත් දෙන්න’ කියා කියන්නට යැ” යි කීවේ ය. එවිට නාමාන්, “එසේ නම් තලෙන්ත දෙකක් ම පිළිගන්නැ” යි පැවසී ය. ඒවා පිළිගන්නැයි ගෙහාසීට පෙරැත්ත කළ ඔහු, රිදී තලෙන්ත දෙක මලු දෙකක ගැට ගසා, ඇඳුම් කට්ටල දෙක සමඟ තම සේවකයින් දෙදෙනකුට භාර දුන්නේ ය. ඔවුහු ගෙහාසීට පෙරටුව ඒවා උසුලාගෙන ගියහ. ගෙහාසී හෙල වෙත පැමිණි කල, සේවකයින් අතින් ඒවා ගෙන ගෙයි තැබී ය. ඔහු ඒ මිනිසුන් පිටත් කොට හැරියෙන් ඔවුහු ගියහ. ඉන්පසු ඔහු ඇතුළට ගොස්, තම හාම්පුතා වූ එලීෂා ඉදිරියේ සිට ගත්තේ ය. “ගෙහාසී, ඔබ කොහේ ද සිටියේ?” යි එලීෂා ඇසී ය. “ඔබේ සේවකයා කොහේවත් ගියේ නැතැ” යි ගෙහාසී පිළිතුරු දුන්නේ ය.

2 රාජාවලිය 5:22-25 Sinhala Revised Old Version (SROV)

ඔහුද: සියල්ල හොඳය; මාගේ ස්වාමියා–ශිෂ්‍ය ප්‍රොපේතවරුන්ගෙන් තරුණයෝ දෙදෙනෙක් එප්‍රායිම් කඳු රටේ සිට මේ දැන් මා වෙතට ආවෝය; ඔවුන්ට රිදී තලෙන්තයකුත් ඇඳුම් කුට්ටම් දෙකකුත් දුනමැනවැයි කියන්ට මා එවුවේයයි කීවේය. නාමන්ද: නුඹ තලෙන්ත දෙකක් ගන්ට සතුටු වෙන්නැයි කියා ඔහුට පෙරැත්ත කර, රිදී තලෙන්ත දෙකක් මලු දෙකක බැඳ, ඇඳුම් කුට්ටම් දෙකකුත් සමඟ තමාගේ වැඩකාරයන් දෙදෙනෙකු පිට තැබුවේය; ඔව්හු ඔහුට පෙරටුවෙන් ඒවා උසුලාගෙන ගියෝය. හෙල ළඟට පැමිණි විට ඔහු ඔවුන් අතින් ඒවා රැගෙන ගෙයි තබා ඒ මනුෂ්‍යයන් යන්ට හැරියේය, ඔව්හු ගියෝය. ඔහු වනාහි ඇතුල්වී තමාගේ ස්වාමියා ඉදිරියෙහි සිටියේය. එලිෂා කථාකොට: ගෙහාසී, නුඹ කොහේ ගොහින් ආවා දැයි ඔහුගෙන් ඇසීය. ඔබගේ මෙහෙකරුවා කොහේවත් ගියේ නැතැයි ඔහු කීවේය.

2 රාජාවලිය 5:22-25 Sinhala New Revised Version (NRSV)

ඔහු ද, “කරදරයක් නැත. දිවැසිවර කණ්ඩායමෙන් තරුණයෝ දෙදෙනෙක් එප්‍රායිම් කඳු රටේ සිට මේ දැන් මා වෙත ආවෝ ය. ඔවුන්ට රිදී කාසි තුන්දාහකුත්, ඇඳුම් කුට්ටම් දෙකකුත් දුන මැනවැ යි කියන්නට මාගේ ස්වාමියා මා එවුවේ ය”යි කීවේ ය. නාමන් ද කතා කොට, “ඔබ රිදී කාසි හයදාහක් ගන්නට සතුටු වන්නැ”යි ඔහුට පෙරැත්ත කර, රිදී කාසි හයදාහක් මලු දෙකක බැඳ, ඇඳුම් කුට්ටම් දෙකකුත් තමාගේ වැඩකාරයන් දෙදෙනෙකු පිට තැබුවේ ය. ඔව්හු ඔහුට පෙරටුවෙන් ඒවා උසුලාගෙන ගියෝ ය. හෙල ළඟට පැමිණි විට ඔහු ඔවුන් අතින් ඒවා රැගෙන ගෙයි තබා, ඒ මනුෂ්‍යයන් යන්න හැරියේ ය. ඔව්හු ද යන්නට ගියෝ ය. ඔහු වනාහි ඇතුළු වී තමාගේ ස්වාමියා ඉදිරියේ සිටියේ ය. එලිෂා කතා කොට, “ගෙහාසී ඔබ කොහේ ගොස් ආවෙහි දැ”යි ඔහුගෙන් ඇසී ය. “ඔබේ මෙහෙකරුවා කොහේවත් ගියේ නැතැ”යි ඔහු කී ය.

2 රාජාවලිය 5:22-25 Sinhala New Revised Version 2018 (SNRV)