2 රාජාවලිය 5:2-3 - Compare All Versions
2 රාජාවලිය 5:2-3 SCV (සිංහල කාලීන පරිවර්තනය)
අරාම්හි සිට පිටත් ව ගිය ආක්‍රමණික කණ්ඩායම් ඉශ්‍රායෙලයෙන් කුඩා කෙල්ලක අල්ලා ගෙනැවිත් තිබිණි. ඈ නාමාන්ගේ බිරිඳට මෙහෙ කළා ය. ඇගේ ස්වාමි දූ ඇමතූ ඈ, “මගේ හාම්පුතා සමාරියේ සිටින දිවැසිවරයා ඉදිරියේ පෙනී සිටියොත්! මොහුගේ කුෂ්ඨය, ඔහු සුව කරනු ඇතැ” යි කීවා ය.
2 රාජාවලිය 5:2-3 SROV (Sinhala Revised Old Version)
සිරියවරුන් හමුදා වශයෙන් පිටත්ව ගිය විටක ඔවුන් ඉශ්රායෙල් දේශයෙන් කුඩා කෙල්ලක් අල්ලාගෙන ඇවිත් තිබුණේය; ඈ නාමන්ගේ භාර්යාවට සේවයකළාය. ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කථාකොට: මාගේ ස්වාමියා සමාරියේ අනාගතවක්තෘ ඉදිරියෙහි පෙනීසිටියොත් හොඳය, එවිට ඔහු ඔහුගේ කුෂ්ඨය සුවකරනවා ඇතැයි කීවාය.
2 රාජාවලිය 5:2-3 NRSV (Sinhala New Revised Version)
සිරියන්වරුන්ගේ එක්තරා ආක්‍රමණයක දී ඔවුන් ඉශ්රායෙල් දේශයෙන් කුඩා දැරියක අල්ලාගෙන අවුත් තිබිණි. ඈ නාමන්ගේ භාර්යාවට සේවය කළා ය. ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කතා කොට, “මාගේ ස්වාමියා සමාරියේ දිවැසිවරයා ඉදිරියෙහි පෙනී සිටියොත් හොඳ ය; එවිට ඔහුගේ කුෂ්ඨය සුව කරනු ඇතැ”යි කීවා ය.
2 රාජාවලිය 5:2-3 SNRV (Sinhala New Revised Version 2018)
සිරියන්වරුන්ගේ එක්තරා ආක්‍රමණයක දී ඔවුන් ඉශ්රායෙල් දේශයෙන් කුඩා දැරියක අල්ලාගෙන අවුත් තිබිණි. ඈ නාමන්ගේ භාර්යාවට සේවය කළා ය. ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කතා කොට, “මාගේ ස්වාමියා සමාරියේ දිවැසිවරයා ඉදිරියෙහි පෙනී සිටියොත් හොඳ ය; එවිට ඔහුගේ කුෂ්ඨය සුව කරනු ඇතැ”යි කීවා ය.
2 රාජාවලිය 5:2-3 NIV (New International Version)
Now bands of raiders from Aram had gone out and had taken captive a young girl from Israel, and she served Naaman’s wife. She said to her mistress, “If only my master would see the prophet who is in Samaria! He would cure him of his leprosy.”