2 රාජාවලිය 5:14-18

2 රාජාවලිය 5:14-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එබැවින් ඔහු ගොස්, යොර්දාන් නදියෙහි හත් වරක් ගිලුණේ ය. එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහුට කී පරිදි, ඔහුගේ මාංසය ප්‍රකෘතිමත් වී, කුඩා දරුවකුගේ මෙන් පැහැපත් විය. ඉන්පසු නාමාන් හා ඔහුගේ පිරිවර දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙත ආපසු ගියෝ ය. නාමාන් ඔහු අබියස සිටගෙන, “දැන් මම දන්නවා ඉශ්‍රායෙල්හි මිස, ලෝකයේ වෙන දෙවියන්වහන්සේ කෙනකු නැති වග. කරුණාකර දැන් ඔබේ සේවකයා වෙතින් තෑග්ගක් පිළිගන්නැ” යි කීවේ ය. දිවැසිවරයා පිළිතුරු දෙමින්, “මා සේවය කරන ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මා කිසිවක් පිළිගන්නේ නැතැ” යි පැවසී ය. නාමාන් පෙරැත්ත කළත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය. “ඔබ පිළිගන්නේ නැත්නම්, කරුණාකර කොටළුවන් දෙදෙනකුට ගෙන යන්නට හැකි තරම් පස් ගෙන යන්නට ඔබගේ සේවක මා හට අවසර දෙන්න. මින් පසු ඔබගේ සේවකයා ස්වාමින්වහන්සේට මිස වෙන කිසි දෙවි කෙනකුට දවන යාග පූජා හෝ යාග පූජා හෝ පුදන්නේ නැත. එහෙත් ස්වාමින්වහන්සේ ඔබේ සේවකයාට මේ කාරණය ගැන කමා වන සේක්වා: මගේ ස්වාමියා වඳින්නට රිම්මෝන් දෙවොලට ඇතුල්වන්නේ මගේ අතට හේත්තු වීයි. එවිට මට ද වඳින්නට සිදු වෙයි. එසේ මා රිම්මෝන් දෙවොලේ වඳින කල, ස්වාමින්වහන්සේ ඔබගේ සේවකයාට කමා වන සේක්වා!” යි නාමාන් පැවසී ය.

2 රාජාවලිය 5:14-18 Sinhala Revised Old Version (SROV)

එවිට ඔහු බැස ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ කීම ලෙස යොර්දානෙහි සත්වරක් ගිලුණේය. ඔහුගේ මාංසයද කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍රවුණේය. එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හැරී ඇවිත් ඔහු ඉදිරියේ සිට කථාකොට: ඉතින් ඉශ්‍රායෙල්හි සිටින දෙවියන්වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවිකෙනෙක් නැති බව දැන් දනිමි. එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවාගෙන් සතුටු පඬුරක් පිළිගත මැනවැයි කීවේය. ඔහුද: මා සේවයකරන ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම කිසිවක් පිළිනොගනිමියි කීවේය. එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කෙළේය; එහෙත් ඔහු නොකැමති විය. එවිට නාමන්: එසේ නැත්නම් අශ්වතරයන් දෙන්නෙකුගේ බරට පස්වත් ඔබගේ මෙහෙකරුවාට ලැබේවා; මක්නිසාද මින් මතු ඔබගේ මෙහෙකරුවා ස්වාමීන්වහන්සේට මිස වෙන දෙවිවරුන්ට දවන පූජාවක්වත් යාගයක්වත් ඔප්පුකරන්නේ නැත. මේ කාරණය ගැන ස්වාමීන්වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කමාවනසේක්වා: එනම්, මාගේ ස්වාමියා රිම්මොන්ගේ ගෘහයෙහි වඳින්ට එහි මාගේ අතේ හේත්තුවී යන විට මාත් රිම්මොන්ගේ ගෘහයෙහිදී වැන්දොත්, එසේ රිම්මොන්ගේ ගෘහයෙහිදී වඳින විට, ස්වාමීන්වහන්සේ ඒ කාරණය ගැන ඔබගේ මෙහෙකරුවාට කමාවනසේක්වයි කීවේය.

2 රාජාවලිය 5:14-18 Sinhala New Revised Version (NRSV)

එවිට ඔහු බැස ගොස් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ කීම ලෙස ජොර්දාන් ගඟෙහි සත් වරක් ගිලී ස්නානය කෙළේ ය. ඔහුගේ ශරීරය ද කුඩා ළමයෙකුගේ ශරීරය මෙන් පවිත්‍ර විය. එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට හැරී අවුත්, ඔහු ඉදිරියේ සිට කතා කොට, “ඉතින් ඉශ්රායෙල්හි සිටින දෙවියන් වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවි කෙනෙකුන් නැති බව දැන් මම දනිමි. එබැවින් දැන් ඔබේ මෙහෙකරුවාගෙන් තෑගි පිළිගත මැනවැ”යි කී ය. ඔහු ද කතා කරමින්, “මා සේවය කරන ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම කිසිවක් නොපිළිගනිමි”යි දිවුරමින් කීවේ ය. එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කෙළේ ය. එහෙත්, ඔහු අකමැති විය. එවිට නාමන්, “එසේ නැත්නම්, කොටළුවන් දෙන්නෙකුට ගෙන යත හැකි බරට පස් වත් ඔබේ මෙහෙකරුවාට ලැබේ වා. මන්ද, මින් මතු ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේට මිස වෙන දෙවිවරුන්ට දවන යාග පූජාවක් වත්, යාගයක් වත් ඔප්පු කරන්නේ නැත. මේ කාරණය ගැන සමිඳාණන් වහන්සේ ඔබේ මෙහෙකරුවාට කමා වන සේක් වා! එනම්, මාගේ ස්වාමියා, රිම්මොන්ගේ දේවාලයෙහි වඳින්නට මාගේ අතේ හේත්තු වී එහි යන විට මාත් රිම්මොන්ගේ දේවාලයෙහි දී වැන්දොත්, එසේ වඳින විට සමිඳාණන් වහන්සේ ඒ කාරණය ගැන ඔබේ මෙහෙකරුවාට කමා වන සේක් වා”යි කී ය.

2 රාජාවලිය 5:14-18 Sinhala New Revised Version 2018 (SNRV)