2 රාජාවලිය 5:1-17
2 රාජාවලිය 5:1-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙකල අරාම්හි රජුගේ හමුදාවේ සෙන්පති ව සිටියේ නාමාන් ය. ස්වාමින්වහන්සේ ඔහු මගින් අරාම් රටට ජය ගෙන දී තිබූ බැවින්, ඔහු තම ස්වාමියාගේ ඇස් හමුවේ උතුම් මිනිසකු ව, මහත් ගරු කටයුතු කෙනකු ව සිටියේ ය. ඔහු බලවත් රණශූරයකු ව සිටි නමුත්, ඔහුට කුෂ්ඨ රෝගයක් තිබිණි. අරාම්හි සිට පිටත් ව ගිය ආක්‍රමණික කණ්ඩායම් ඉශ්‍රායෙලයෙන් කුඩා කෙල්ලක අල්ලා ගෙනැවිත් තිබිණි. ඈ නාමාන්ගේ බිරිඳට මෙහෙ කළා ය. ඇගේ ස්වාමි දූ ඇමතූ ඈ, “මගේ හාම්පුතා සමාරියේ සිටින දිවැසිවරයා ඉදිරියේ පෙනී සිටියොත්! මොහුගේ කුෂ්ඨය, ඔහු සුව කරනු ඇතැ” යි කීවා ය. නාමාන් තම ස්වාමියා වෙත ගොස්, ඉශ්‍රායෙලයෙන් ආ කෙල්ල කියා තිබූ දෑ ඔහුට පැවසී ය. “දැන් ම යන්නැ” යි පිළිතුරු දුන් අරාම්හි රජු, “ඉශ්‍රායෙල් රජුට මා ලිපියක් යවන්නම්” යැයි කී ය. එබැවින් නාමාන් රිදී තලෙන්ත දහයක්, රන් ෂෙකෙල් හයදාහක් හා ඇඳුම් කට්ටල දහයක් රැගෙන පිටත් ව ගියේ ය. ඔහු ඉශ්‍රායෙල් රජුට ගෙනා ලිපියේ සඳහන් වූයේ, “මේ ලිපිය සමඟ මගේ සේවක නාමාන් ඔබ වෙත එවමි. ඔහුගේ කුෂ්ඨ රෝගය සුවකරන්නැ” යි යනුවෙනි. ඉශ්‍රායෙල් රජු එම ලිපිය කියැවූ සැණින්, තම හැඳිවත් ඉරාගෙන, “මා දෙවියන්වහන්සේ ද? මරන්නටත්, යළි ජීවත් කරන්නටත් මට පුළුවන් ද? මේ මිනිහා කුෂ්ඨයක් සුව කරන්නට මිනිහකු මා ළඟට එවන්නේ මොන එහෙකට ද? පෙනේ ද ඔහු මා සමඟ කලහයකට අර අඳින හැටි” යි කී ය. ඉශ්රායෙල් රජු තම හැඳිවත් ඉරා ගත් වග ඇසූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ එලීෂා, “ඔබේ හැඳිවත් ඉරා ගත්තේ ඇයි? ඒ මිනිහා මා වෙත ආවා වේ. ඉශ්‍රායෙල්හි දිවැසිවරයකු සිටින වග ඔහු දැනගනු ඇතැ” යි කියා යැවී ය. එබැවින් නාමාන් තම අශ්වයින් හා රථ කැටුව එලීෂාගේ නිවසේ දොරකඩ ළඟ නැවතුණේ ය. එලීෂා පණිවුඩකරුවකු ඔහු වෙත යවමින්, “යන්න, යොර්දාන් නදියේ හත් වරක් සේදෙන්න. ඔබේ මාංසය ප්‍රකෘතිමත් වී, ඔබ පවිත්‍ර වනු ඇතැ” යි කියා යැවී ය. එහෙත් නාමාන් කෝපයෙන් හැරී යමින්, “ඇත්තෙන් ම මා සිතුවේ, ඔහු ඇවිත් මා ළඟ සිටගෙන, ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය කියා, කුෂ්ඨයට උඩින් අත වනා, මගේ කුෂ්ඨය සුව කරනු ඇත කියායි. දමස්කයේ අබානා හා පර්පර් යන ගංගා ඉශ්‍රායෙලයේ සියලු ගං ජලයට වඩා කොපමණ හොඳ ද? මට ඒවායේ සේදී පවිත්‍ර වන්නට බැරි දැ?” යි පැවසී ය. එබැවින් ඔහු කෝපයෙන් ආපසු හැරී ගියේ ය. එවිට නාමාන්ගේ සේවකයෝ ඔහු වෙත අවුත්, “මගේ පියාණෙනි, ඒ දිවැසිවරයා ලොකු දෙයක් කරන්නැයි කීවා නම්, ඔබ එය කරන්නේ නැද්ද? ඔහු ඔබට කීවේ, ‘සේදී පවිත්‍ර වන්න’ කියා නො වේ දැ?” යි පැවසූහ. එබැවින් ඔහු ගොස්, යොර්දාන් නදියෙහි හත් වරක් ගිලුණේ ය. එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහුට කී පරිදි, ඔහුගේ මාංසය ප්‍රකෘතිමත් වී, කුඩා දරුවකුගේ මෙන් පැහැපත් විය. ඉන්පසු නාමාන් හා ඔහුගේ පිරිවර දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙත ආපසු ගියෝ ය. නාමාන් ඔහු අබියස සිටගෙන, “දැන් මම දන්නවා ඉශ්‍රායෙල්හි මිස, ලෝකයේ වෙන දෙවියන්වහන්සේ කෙනකු නැති වග. කරුණාකර දැන් ඔබේ සේවකයා වෙතින් තෑග්ගක් පිළිගන්නැ” යි කීවේ ය. දිවැසිවරයා පිළිතුරු දෙමින්, “මා සේවය කරන ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මා කිසිවක් පිළිගන්නේ නැතැ” යි පැවසී ය. නාමාන් පෙරැත්ත කළත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය. “ඔබ පිළිගන්නේ නැත්නම්, කරුණාකර කොටළුවන් දෙදෙනකුට ගෙන යන්නට හැකි තරම් පස් ගෙන යන්නට ඔබගේ සේවක මා හට අවසර දෙන්න. මින් පසු ඔබගේ සේවකයා ස්වාමින්වහන්සේට මිස වෙන කිසි දෙවි කෙනකුට දවන යාග පූජා හෝ යාග පූජා හෝ පුදන්නේ නැත.
2 රාජාවලිය 5:1-17 Sinhala Revised Old Version (SROV)
සිරියේ රජුගේ සේනාපතියාවූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමයෙක්ව ගරුකරනු ලැබූ මනුෂ්‍යයෙක්ව සිටියේය, මක්නිසාද ඔහු කරණකොටගෙන ස්වාමීන්වහන්සේ සිරියවරුන්ට ජය දී තිබුණේය. හෙතෙම බලසම්පන්න වික්‍රමාන්විත කෙනෙක්වූ නුමුත් කුෂ්ඨ රෝගියෙක් විය. සිරියවරුන් හමුදා වශයෙන් පිටත්ව ගිය විටක ඔවුන් ඉශ්රායෙල් දේශයෙන් කුඩා කෙල්ලක් අල්ලාගෙන ඇවිත් තිබුණේය; ඈ නාමන්ගේ භාර්යාවට සේවයකළාය. ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කථාකොට: මාගේ ස්වාමියා සමාරියේ අනාගතවක්තෘ ඉදිරියෙහි පෙනීසිටියොත් හොඳය, එවිට ඔහු ඔහුගේ කුෂ්ඨය සුවකරනවා ඇතැයි කීවාය. එවිට එක්කෙනෙක් ඇතුළට ගොස්: ඉශ්රායෙල් දේශයෙන් ආ කෙල්ල මේ මේ හැටියට කීවාය කියා තමාගේ ස්වාමියාට කීය. නාමන්ගේ කුෂ්ඨය සුවකිරීම සිරියේ රජද: ඉතින් නුඹ එහි යන්න, මම ඉශ්රායෙල් රජුට ලියුමක් හරින්නෙමියි කීවේය. ඔහු රිදී තලෙන්ත දසයකුත් රන් ෂෙකෙල් හදාහකුත් ඇඳුම් කුට්ටම් දසයකුත් රැගෙන පිටත්ව ගියේය. ඔහු ඒ ලියුම ඉශ්‍රායෙල් රජ වෙතට ගෙනාවේය. මේ ලියුම ඔබට ලැබුණාම නාමන් නම් මාගේ සේවකයාගේ කුෂ්ඨය සුවකරන පිණිස ඔහු ඔබ ළඟට එවීමියි එහි ලියා තිබුණේය. ඉශ්‍රායෙල් රජ ලියුම කියවා තමාගේ ඇඳුම් ඉරාගෙන: මනුෂ්‍යයෙකුගේ කුෂ්ඨය සුවකරන්ට කියා මොහු මට ලියා එවන්නේ මරන්ටත් ජීවත්කරන්ටත් මම දෙවියන්වහන්සේද? මොහු මට විරුද්ධව ඩබරයකට කාරණයක් සොයන හැටි කල්පනාකර බලන්නැයි කීවේය. ඉශ්‍රායෙල් රජු තමාගේ ඇඳුම් ඉරාගත් බව දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ එලිෂා අසා: නුඹ මක්නිසා නුඹේ ඇඳුම් ඉරාගත්තෙහිද? ඔහු මා ළඟට ආවාවේ, එවිට ඔහු ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘ කෙනෙකු සිටින බව දැනගන්නේයයි රජුට කියා ඇරියේය. මෙසේ නාමන් තමාගේ අශ්වයන්ද රථද ඇතුව අවුත් එලිෂාගේ ගෙයි දොරකඩ ළඟ සිටියේය. එලිෂා: නුඹ ගොස් යොර්දානෙහි සත් වරක් නාන්න, එවිට නුඹේ මාංසය හරිගැහී නුඹ පවිත්‍රවන්නෙහියයි පණිවිඩකාරයෙකු අත කියා ඇරියේය. නුමුත් නාමන් කෝපව යන්ට ගියේය, හෙතෙම කියනුයේ: ඔහු පිටතට මා ළඟට ඇවිත් සිටගන, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකර, කුෂ්ඨය මත්තෙහි තමාගේ අත වනා රෝගියා සුවකරනවා ඇතැයි සිතුවෙමි. දමස්කයෙහි ගංගා වන අබානා සහ පර්පර් ඉශ්රායෙල් දේශයේ සියලු ජලවලට වඩා හොඳ නොවේද? ඒවායේ නාලා පවිත්‍රවෙන්ට මට බැරිදැයි කීවේය. මෙසේ ඔහු කෝපයෙන් හැරී ගියේය. ඔහුගේ සේවකයෝ ළඟට අවුත් ඔහුට කථාකර: මාගේ පියාණෙනි, අනාගතවක්තෘ මහත් දෙයක් කරන්ට ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැද්ද? එසේවී නම් නාලා පවිත්‍රවන්නැයි ඔහු ඔබට කී කල ඒක කරන්ට බැරිදැයි කීවෝය. එවිට ඔහු බැස ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ කීම ලෙස යොර්දානෙහි සත්වරක් ගිලුණේය. ඔහුගේ මාංසයද කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍රවුණේය. එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හැරී ඇවිත් ඔහු ඉදිරියේ සිට කථාකොට: ඉතින් ඉශ්රායෙල්හි සිටින දෙවියන්වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවිකෙනෙක් නැති බව දැන් දනිමි. එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවාගෙන් සතුටු පඬුරක් පිළිගත මැනවැයි කීවේය. ඔහුද: මා සේවයකරන ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම කිසිවක් පිළිනොගනිමියි කීවේය. එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කෙළේය; එහෙත් ඔහු නොකැමති විය. එවිට නාමන්: එසේ නැත්නම් අශ්වතරයන් දෙන්නෙකුගේ බරට පස්වත් ඔබගේ මෙහෙකරුවාට ලැබේවා; මක්නිසාද මින් මතු ඔබගේ මෙහෙකරුවා ස්වාමීන්වහන්සේට මිස වෙන දෙවිවරුන්ට දවන පූජාවක්වත් යාගයක්වත් ඔප්පුකරන්නේ නැත.
2 රාජාවලිය 5:1-17 Sinhala New Revised Version (NRSV)
සිරියාවේ රජුගේ සේනාපතියා වූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමයෙකු ව ගරුබුහුමන් ලැබූ මනුෂ්‍යයෙකු ව සිටියේ ය. මන්ද, ඔහු කරණකොටගෙන සමිඳාණන් වහන්සේ සිරියන්වරුන්ට ජය දී තිබිණි. ඔහු බලසම්පන්න කෙනෙකු වූ නමුත් කුෂ්ඨ රෝගියෙක් විය. සිරියන්වරුන්ගේ එක්තරා ආක්‍රමණයක දී ඔවුන් ඉශ්රායෙල් දේශයෙන් කුඩා දැරියක අල්ලාගෙන අවුත් තිබිණි. ඈ නාමන්ගේ භාර්යාවට සේවය කළා ය. ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කතා කොට, “මාගේ ස්වාමියා සමාරියේ දිවැසිවරයා ඉදිරියෙහි පෙනී සිටියොත් හොඳ ය; එවිට ඔහුගේ කුෂ්ඨය සුව කරනු ඇතැ”යි කීවා ය. එවිට නාමන් ගොස් ඉශ්රායෙල් දේශයෙන් ආ දැරිය කී දේ එලෙස ම කියා තමාගේ ස්වාමියාට දැන්වී ය. සිරියාවේ රජ ද, “ඉතින් ඔබ එහි යන්න; මම ඉශ්රායෙල් රජුට ලියුමක් හරින්නෙමි”යි කී ය. ඔහු ද රිදී කාසි තිස්දාහකුත්, රන් කාසි හයදාහකුත්, ඇඳුම් කුට්ටම් දසයකුත් රැගෙන පිටත් ව ගියේ ය. ඔහු ඒ ලියුම ඉශ්රායෙල් රජු වෙත ගෙනාවේ ය. “මේ ලියුම ඔබට ලැබුණු විට නාමන් නම් මාගේ සේවකයාගේ කුෂ්ඨය සුව කරන පිණිස ඔහු ඔබ ළඟට එවමි”යි එහි ලියා තිබිණි. ඉශ්රායෙල් රජ ලියුම කියවා, පුදුම වී තමාගේ ඇඳුම් ඉරාගෙන, “මනුෂ්‍යයෙකුගේ කුෂ්ඨය සුව කරන්නට කියා මොහු මට ලියා එවන්නේ යමෙකු මරන්නත්, ජීවත් කරන්නත් මා දෙවියන් වහන්සේ කියා සිතාගෙන ද? මොහු මට විරුද්ධ ව දබරයකට කාරණයක් සොයන හැටි කල්පනා කර බලන්නැ”යි කී ය. ඉශ්රායෙල් රජු තමාගේ ඇඳුම් ඉරාගත් බව දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන එලිෂා අසා, “ඔබ කුමක් නිසා ඔබේ ඇඳුම් ඉරාගන්නෙහි ද? ඔහු මා ළඟට ආවා වේ. එවිට ඔහු ඉශ්රායෙල්හි දිවැසිවර කෙනෙකු සිටින බව දැනගන්නේ ය”යි රජුට කියා යැවී ය. මෙසේ නාමන් තමාගේ අශ්වයන් ද රථ ද ඇති ව අවුත් එලිෂාගේ ගෙයි දොරකඩ ළඟ සිටියේ ය. එලිෂා කතා කොට, “ඔබ ගොස් ජොර්දාන් ගඟෙහි සත් වරක් නාන්න; එවිට ඔබේ කුෂ්ඨය සුව වී ඔබේ ශරීරය නැවත පවිත්‍ර වන්නේ ය”යි පණිවුඩකාරයෙකු අත කියා යැවී ය. එහෙත්, නාමන් කෝප වී යන්නට ගියේ ය. ඔහු කතා කොට, “ඔහු පිටතට මා ළඟට අවුත් සිටගෙන, තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කර, කුෂ්ඨය මත්තෙහි තමාගේ අත වනා රෝගියා සුව කරනු ඇතැ යි මම සිතුවෙමි. දමස්කයෙහි ගංගා වන අබානා සහ පර්පර් ඉශ්රායෙල් දේශයේ සියලු ගංගා ජලයට වඩා හොඳ නොවේ ද? ඒවායේ ස්නානය කොට පවිත්‍රවන්න මට බැරි දැ”යි ඇසී ය. මෙසේ ඔහු කෝපයෙන් හැරී ගියේ ය. ඔහුගේ සේවකයෝ ළඟට අවුත් ඔහුට කතා කොට, “මාගේ පියාණෙනි, දිවැසිවරයා මහා දෙයක් කරන්න ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැද් ද? එසේ වී නම්, ‘ස්නානය කොට පවිත්‍ර වන්නැ’යි ඔහු ඔබට කී කල එය කරන්න බැරි දැ”යි ඇසූ හ. එවිට ඔහු බැස ගොස් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ කීම ලෙස ජොර්දාන් ගඟෙහි සත් වරක් ගිලී ස්නානය කෙළේ ය. ඔහුගේ ශරීරය ද කුඩා ළමයෙකුගේ ශරීරය මෙන් පවිත්‍ර විය. එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට හැරී අවුත්, ඔහු ඉදිරියේ සිට කතා කොට, “ඉතින් ඉශ්රායෙල්හි සිටින දෙවියන් වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවි කෙනෙකුන් නැති බව දැන් මම දනිමි. එබැවින් දැන් ඔබේ මෙහෙකරුවාගෙන් තෑගි පිළිගත මැනවැ”යි කී ය. ඔහු ද කතා කරමින්, “මා සේවය කරන ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම කිසිවක් නොපිළිගනිමි”යි දිවුරමින් කීවේ ය. එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කෙළේ ය. එහෙත්, ඔහු අකමැති විය. එවිට නාමන්, “එසේ නැත්නම්, කොටළුවන් දෙන්නෙකුට ගෙන යත හැකි බරට පස් වත් ඔබේ මෙහෙකරුවාට ලැබේ වා. මන්ද, මින් මතු ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේට මිස වෙන දෙවිවරුන්ට දවන යාග පූජාවක් වත්, යාගයක් වත් ඔප්පු කරන්නේ නැත.
2 රාජාවලිය 5:1-17 Sinhala New Revised Version 2018 (SNRV)

2 රාජාවලිය 5:1-17 New International Version (NIV)
Now Naaman was commander of the army of the king of Aram. He was a great man in the sight of his master and highly regarded, because through him the LORD had given victory to Aram. He was a valiant soldier, but he had leprosy. Now bands of raiders from Aram had gone out and had taken captive a young girl from Israel, and she served Naaman’s wife. She said to her mistress, “If only my master would see the prophet who is in Samaria! He would cure him of his leprosy.” Naaman went to his master and told him what the girl from Israel had said. “By all means, go,” the king of Aram replied. “I will send a letter to the king of Israel.” So Naaman left, taking with him ten talents of silver, six thousand shekels of gold and ten sets of clothing. The letter that he took to the king of Israel read: “With this letter I am sending my servant Naaman to you so that you may cure him of his leprosy.” As soon as the king of Israel read the letter, he tore his robes and said, “Am I God? Can I kill and bring back to life? Why does this fellow send someone to me to be cured of his leprosy? See how he is trying to pick a quarrel with me!” When Elisha the man of God heard that the king of Israel had torn his robes, he sent him this message: “Why have you torn your robes? Have the man come to me and he will know that there is a prophet in Israel.” So Naaman went with his horses and chariots and stopped at the door of Elisha’s house. Elisha sent a messenger to say to him, “Go, wash yourself seven times in the Jordan, and your flesh will be restored and you will be cleansed.” But Naaman went away angry and said, “I thought that he would surely come out to me and stand and call on the name of the LORD his God, wave his hand over the spot and cure me of my leprosy. Are not Abana and Pharpar, the rivers of Damascus, better than all the waters of Israel? Couldn’t I wash in them and be cleansed?” So he turned and went off in a rage. Naaman’s servants went to him and said, “My father, if the prophet had told you to do some great thing, would you not have done it? How much more, then, when he tells you, ‘Wash and be cleansed’!” So he went down and dipped himself in the Jordan seven times, as the man of God had told him, and his flesh was restored and became clean like that of a young boy. Then Naaman and all his attendants went back to the man of God. He stood before him and said, “Now I know that there is no God in all the world except in Israel. So please accept a gift from your servant.” The prophet answered, “As surely as the LORD lives, whom I serve, I will not accept a thing.” And even though Naaman urged him, he refused. “If you will not,” said Naaman, “please let me, your servant, be given as much earth as a pair of mules can carry, for your servant will never again make burnt offerings and sacrifices to any other god but the LORD.