2 රාජාවලිය 4:6-7
2 රාජාවලිය 4:6-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
භාජන සියල්ල ම පිරුණු පසු, “තවත් භාජනයක් ගෙනෙන්නැ” යි ඈ තම පුතුට කීවා ය. “එක භාජනයක්වත් ඉතිරි ව නැතැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට තෙල් ගලා ඒම නැවතිණි. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙත ගිය ඈ ඒ වග දැන්නුවා ය. එවිට ඔහු, “යන්න, තෙල් විකුණා ඔබේ ණයතුරුස් ගෙවන්න. ඉතිරි මුදලෙන් ඔබටත්, ඔබේ පුතුන්ටත් ජීවත් විය හැකි යැ” යි පැවසී ය.
2 රාජාවලිය 4:6-7 Sinhala Revised Old Version (SROV)
භාජන පිරුණු කල ඈ: තවත් භාජනයක් මට ගෙනෙන්නැයි ඇගේ පුත්‍රයාට කීවාය. තවත් භාජනයක් නැතැයි ඔහු ඈට කීවේය. තෙල් නැවතුණේය. එවිට ඈ ඇවිත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට දැන්නුවාය. ඔහුද: නුඹ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් නුඹත් නුඹේ පුත්‍රයොත් රක්ෂාවෙන්නැයි කීවේය.
2 රාජාවලිය 4:6-7 Sinhala New Revised Version (NRSV)
භාජන පිරුණු කල ඈ, “තවත් භාජනයක් මට ගෙනෙන්නැ”යි ඇගේ පුත්‍රයාට කීවා ය. “තවත් භාජනයක් නැතැ”යි ඔහු ඈට කී ය. තෙල් ගලා යෑම ද නැවතිණි. එවිට ඈ අවුත් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට එපවත් දැන්වූවා ය. ඔහු ද, “ඔබ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් ඔබත්, ඔබේ පුත්‍රයනුත් රක්ෂා වන්නැ”යි කීවේ ය.
2 රාජාවලිය 4:6-7 Sinhala New Revised Version 2018 (SNRV)
භාජන පිරුණු කල ඈ, “තවත් භාජනයක් මට ගෙනෙන්නැ”යි ඇගේ පුත්‍රයාට කීවා ය. “තවත් භාජනයක් නැතැ”යි ඔහු ඈට කී ය. තෙල් ගලා යෑම ද නැවතිණි. එවිට ඈ අවුත් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට එපවත් දැන්වූවා ය. ඔහු ද, “ඔබ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් ඔබත්, ඔබේ පුත්‍රයනුත් රක්ෂා වන්නැ”යි කීවේ ය.
2 රාජාවලිය 4:6-7 New International Version (NIV)
When all the jars were full, she said to her son, “Bring me another one.” But he replied, “There is not a jar left.” Then the oil stopped flowing. She went and told the man of God, and he said, “Go, sell the oil and pay your debts. You and your sons can live on what is left.”