2 රාජාවලිය 4:32-37

2 රාජාවලිය 4:32-37 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එලීෂා නිවස වෙත ළඟා වූ කල, ඔහුගේ යහන පිට මියැදුණු ළමයා හොවා තිබුණේ ය. ඔහු ඇතුළට ගොස්, ඔවුන් දෙදෙනා පමණක් සිටියදී දොර වසා, ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. ඉන්පසු ඔහු යහනට ගොඩ වී, මුඛය පිට මුඛය ද ඇස් පිට ඇස් ද අත් පිට අත් ද යන වශයෙන් ළමයා පිට දිගා වුණේ ය. ඔහු ළමයා පිට දිගා වූ කල, ඔහුගේ සිරුර උණුසුම් වන්නට විය. පසුව ඔහු ඉවත් වී, කාමරයේ එහා මෙහා ඇවිද්දේ ය. ඉන්පසු ඔහු යහනට ගොඩ වී, තවත් වරක් ළමයා පිට දිගා වුණේ ය. ළමයා හත් වරක් කිවිස, තම ඇස් ඇරියේ ය. එලීෂා, ගෙහාසී කැඳවා, “ෂූනම්මීය කාන්තාවට හඬ ගසන්නැ” යි කී ය. ඔහු එසේ කළේ ය. ඇය පැමිණි කල, “ඔබේ පුත්‍රයා රැගෙන යන්නැ” යි ඔහු පැවසී ය. ඈ ඇතුළට අවුත්, ඔහුගේ පාමුල වැටී, ඉන්පසු තම පුතු රැගෙන පිට ව ගියා ය.

2 රාජාවලිය 4:32-37 Sinhala Revised Old Version (SROV)

එලිෂා ඒ ගෙදරට පැමුණුණ විට ළමයා මැරී තමාගේ ඇඳේබාවා ඉන්නවා දුටුවේය. එවිට ඔහු ඇතුල්වී ඔවුන් දෙදෙනා සිටිද්දී දොර වසාගන ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය. තවද ඔහු නැගීගොස් ළමයා පිට වැතිර තමාගේ කට ඔහුගේ කට පිටද තමාගේ ඇස් ඔහුගේ ඇස් පිටද තමාගේ අත් ඔහුගේ අත් පිටද තබා ළමයා පිට දිගාවුණේය; ළමයාගේ මාංසයද උණුහුම් වුණේය. එවිට ඔහු හැරී ඇවිත් ගෙයි එහා මෙහා වරක් ඇවිද නැවත නැගී ගොස් ඔහු පිට දිගාවුණේය. එවිට ළමයා සත්වරක් කිඹිස ඇස් ඇරියේය. ඔහු ගෙහාසී කැඳවා: ඒ ෂුනෙම්මිය ස්ත්‍රියට අඬගසන්නැයි කීවේය. ඔහු ඈට අඬගැසුවේය. ඈ ඔහු ළඟට ආ කල: නුඹේ පුත්‍රයා අරගන්නැයි ඔහු කීවේය. ඈද ඇතුල්වී ඔහුගේ පාමුල වැටී බිමට නැමී වැඳ, ඇගේ පුත්‍රයා අරගන ගියාය.

2 රාජාවලිය 4:32-37 Sinhala New Revised Version (NRSV)

එලිෂා ඒ ගෙදරට පැමිණි විට ළමයා මැරී තමාගේ ඇඳේ බාවා තිබෙනු දිටී ය. එවිට ඔහු ඇතුළු වී ඔවුන් දෙදෙනා සිටිද්දී දොර වසාගෙන සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. තවද, ඔහු ඇඳට නැඟී, ළමයා පිට වැතිර, තමාගේ කට ඔහුගේ කට පිට ද තමාගේ ඇස් ඔහුගේ ඇස් පිට ද තමාගේ අත් ඔහුගේ අත් පිට ද තබා ළමයා පිට දිගා විණි. ළමයාගේ මාංසය ද උණුසුම් විය. එවිට ඔහු හැරී අවුත් ගෙයි එහා මෙහා ඇවිද, නැවත ඇඳට නැඟී ගොස් ඔහු පිට පෙර ලෙස ම සත් වරක් දිගාවුණේ ය. එවිට ළමයා කිඹිහුම් ඇර ඇස් ඇරියේ ය. ඔහු ගෙහාසී කැඳවා, “ඒ ෂුනම්මිය ස්ත්‍රියට අඬගසන්නැ”යි කී ය. ඔහු ඈට අඬගැසී ය. ඈ ඔහු ළඟට ආ කල, “ඔබේ පුත්‍රයා ගන්නැ”යි ඔහු කී ය. ඈ ද ඇතුළු වී ඔහුගේ පාමුල වැටී, බිමට නැමී වැඳ, ඇගේ පුත්‍රයා රැගෙන ගියා ය.

2 රාජාවලිය 4:32-37 Sinhala New Revised Version 2018 (SNRV)