2 රාජාවලිය 4:27-29

2 රාජාවලිය 4:27-29 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඈ කන්දේ සිටි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙත ළඟා වී, ඔහුගේ පා අල්ලා ගත්තා ය. ඇය අහකට අදින්නට ගෙහාසී ළං විය. එහෙත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා, “ඇය එසේ සිටියාවේ. ඈ සිටින්නේ අධික ශෝකයකින්; එහෙත් ස්වාමින්වහන්සේ එය මගෙන් සැඟ වූ සේක. එය මට කීවේ නැතැ” යි කී ය. “මා මගේ ස්වාමින්ගෙන් පුතකු ඉල්ලුවා ද? මා රවටන්නට එපා ය කියා මා කීවේ නැති දැ?” යි ඈ කීවා ය. එලීෂා, ගෙහාසී අමතා, “ඔබේ කබායේ පටිය බැඳගෙන, මගේ සැරයටිය අතට ගෙන, දුවන්න. ඔබට කවුරු මුණගැසුනත් ඔහුට ආචාර නො කර, ඔබට කවුරු ආචාර කළත් ඊට පිළිතුරු නො දී, ගොස්, මගේ සැරයටිය ළමයාගේ මුහුණ පිට තබන්නැ” යි කීවේ ය.

2 රාජාවලිය 4:27-29 Sinhala Revised Old Version (SROV)

ඈ වනාහි කන්දේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට පැමිණ ඔහුගේ පාද අල්වාගත්තාය. එවිට ගෙහාසී ඈ අහක්කරන පිණිස ළංවිය; නුමුත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා කථාකොට: ඈ නිකම් උන්නාවේ. ඇගේ ආත්මය ශෝකව තිබෙයි; ස්වාමීන්වහන්සේ එය මට නොදන්වා, මාගෙන් සැඟවූසේකැයි කීවේය. එවිට ඈ: මාගේ ස්වාමීන්ගෙන් මම පුත්‍රයෙකු ඉල්ලුවෙම්ද? මා රවටන්ට එපායයි නොකීයෙම්දැයි කීවාය. එවිට ඔහු ගෙහාසීට කථාකොට: ඉඟටිය බැඳගෙන මාගේ සැරයටිය අතින් රැගෙන යන්න. යමෙක් සම්බවුණත් ඔහුට ආචාර කරන්නේවත් යමෙක් නුඹට ආචාරකළත් ඔහුට උත්තරදෙන්නේවත් නැතුව ගොස්, මාගේ සැරයටිය ළමයාගේ මුහුණ පිට තබන්නැයි කීවේය.

2 රාජාවලිය 4:27-29 Sinhala New Revised Version (NRSV)

ඈ වනාහි කන්දේ සිටි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට පැමිණ ඔහුගේ පාද අල්ලාගත්තා ය. එවිට ගෙහාසී ඈ අහක් කරනු පිණිස ළං විය. එහෙත්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා කතා කොට, “ඈට කරදර නොකරන්න; ඇගේ සිත ශෝකී ව ඇත. සමිඳාණන් වහන්සේ එය මට නොදන්වා මාගෙන් සැඟ වූ සේකැ”යි කී ය. එවිට ඈ කතා කොට, “මාගේ ස්වාමීන්ගෙන් මම පුත්‍රයෙකු ඉල්ලුවෙම් ද? මා රවටන්න එපා කියා මම නොකීයෙම් දැ”යි ඇසුවා ය. එවිට ඔහු ගෙහාසීට කතා කොට, “ඉඟටිය බැඳගෙන මාගේ සැරයටිය අතින් රැගෙන යන්න. යමෙකු ඔබට සම්බවුණත් ඔහුට ආචාර කරන්නේ වත්, යමෙකු ඔබට ආචාර කළත් ඔහුට උත්තර දෙන්නේ වත් නැති ව ගොස් මාගේ සැරයටිය ළමයා පිට තබන්නැ”යි කී ය.

2 රාජාවලිය 4:27-29 Sinhala New Revised Version 2018 (SNRV)