2 රාජාවලිය 4:2-6

2 රාජාවලිය 4:2-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එලීෂා ඇයට පිළිතුරු දෙමින්, “මා ඔබට කළ යුත්තේ කුමක් ද? කියන්න මට මොනවද ඔබේ ගෙදර තියෙන්නේ?” යි ඇසී ය. “ඔබේ දාසිය ළඟ ගෙදර කිසිවක් ම නැහැ; ඇත්තේ තෙල් කුළාවක් පමණකැ” යි ඈ පැවසුවා ය. එවිට ඔහු, “යන්න, අහළ පහළ ඔබේ අසල්වාසී සියල්ලන්ගෙන් හිස් භාජන ඉල්ලා ගන්න. භාජන ස්වල්පයක් නො වෙයි. ඉන්පසු ඔබ හා ඔබේ පුතුන් ගෙතුළට ගොස්, දොර වසාගෙන, සියලු භාජනවලට තෙල් පුරවන්න. එක් එක් භාජනය පිරුණු විට, එය පසෙක තබන්නැ” යි කීවේ ය. ඔහු වෙතින් පිටත් ව ගිය ඈ හා ඇගේ පුත්තු දොර වසා ගත්හ. ඔවුන් ඇය වෙත භාජන ගෙනා කල, ඈ ඒවාට වත් කළා ය. භාජන සියල්ල ම පිරුණු පසු, “තවත් භාජනයක් ගෙනෙන්නැ” යි ඈ තම පුතුට කීවා ය. “එක භාජනයක්වත් ඉතිරි ව නැතැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට තෙල් ගලා ඒම නැවතිණි.

2 රාජාවලිය 4:2-6 Sinhala Revised Old Version (SROV)

එලිෂා කථාකොට: මම නුඹට කුමක්කරම්ද? ගෙයි නුඹට තිබෙන්නේ මොනවාදැයි මට කියන්නැයි ඈට කීවේය. තෙල් කුළාවක් මිස ගෙයි වෙන කිසිවක් ඔබගේ දාසියට නැතැයි ඈ කීවාය. එවිට ඔහු: නුඹ පිටත ගොස් නුඹේ සියලු අසල්වාසීන්ගෙන් භාජන එනම් හිස් භාජන බොහොමයක් ඉල්ලා ගන්න. නුඹත් නුඹේ පුත්‍රයනුත් ඇතුල්වී දොර පියාගෙන, ඒ සියලු භාජනවල තෙල් වත්කොට, පිරුණු ඒවා පැත්තක තබන්නැයි කීවේය. ඈ ඔහු ළඟින් ගොස්, ඈත් ඇගේ පුත්‍රයොත් ඇතුල්වී දොර පියාගත්තෝය; ඔව්හු ඈ ළඟට භාජන ගෙනාවෝය, ඈ තෙල් වත්කළාය. භාජන පිරුණු කල ඈ: තවත් භාජනයක් මට ගෙනෙන්නැයි ඇගේ පුත්‍රයාට කීවාය. තවත් භාජනයක් නැතැයි ඔහු ඈට කීවේය. තෙල් නැවතුණේය.

2 රාජාවලිය 4:2-6 Sinhala New Revised Version (NRSV)

එලිෂා කතා කොට, “මම ඔබට කුමක් කරම් ද? ගෙදර ඔබට තිබෙන්නේ මොනවා දැ යි මට කියන්නැ”යි ඈට කී ය. “තෙල් කුළාවක් මිස ගෙදර වෙන කිසිවක් ඔබේ දාසියට නැතැ”යි ඈ කීවා ය. එවිට ඔහු කතා කොට, “ඔබ පිටතට ගොස් ඔබේ සියලු අසල්වැසියන්ගෙන් භාජන එනම්, හිස් භාජන බොහොමයක් ඉල්ලාගන්න. ඔබත්, ඔබේ පුත්‍රයනුත් ගෙදරට ඇතුළු වී දොර වසාගෙන, ඒ සියලු භාජනවල තෙල් වත් කොට, පිරුණු ඒවා පැත්තක තබන්නැ”යි කීවේ ය. ඈ ද ඔහු වෙතින් ගොස්, ඈත්, ඇගේ පුත්‍රයෝත් ගෙදරට ඇතුළු වී දොර වසාගත්හ. ඔව්හු ඈ ළඟට භාජන ගෙනාවෝ ය. ඈ තෙල් වත් කළා ය. භාජන පිරුණු කල ඈ, “තවත් භාජනයක් මට ගෙනෙ‍න්නැ”යි ඇගේ පුත්‍රයාට කීවා ය. “තවත් භාජනයක් නැතැ”යි ඔහු ඈට කී ය.

2 රාජාවලිය 4:2-6 Sinhala New Revised Version 2018 (SNRV)

එලිෂා කතා කොට, “මම ඔබට කුමක් කරම් ද? ගෙදර ඔබට තිබෙන්නේ මොනවා දැ යි මට කියන්නැ”යි ඈට කී ය. “තෙල් භාජනයක් මිස ගෙදර වෙන කිසිවක් ඔබේ දාසියට නැතැ”යි ඈ කීවා ය. එවිට ඔහු කතා කොට, “ඔබ පිටතට ගොස් ඔබේ සියලු අසල්වැසියන්ගෙන් භාජන එනම්, හිස් භාජන බොහොමයක් ඉල්ලාගන්න. ඔබත්, ඔබේ පුත්‍රයනුත් ගෙදරට ඇතුළු වී දොර වසාගෙන, ඒ සියලු භාජනවල තෙල් වත් කොට, පිරුණු ඒවා පැත්තක තබන්නැ”යි කීවේ ය. ඈ ද ඔහු වෙතින් ගොස්, ඈත්, ඇගේ පුත්‍රයෝත් ගෙදරට ඇතුළු වී දොර වසාගත්හ. ඔව්හු ඈ ළඟට භාජන ගෙනාවෝ ය. ඈ තෙල් වත් කළා ය. භාජන පිරුණු කල ඈ, “තවත් භාජනයක් මට ගෙනෙ‍න්නැ”යි ඇගේ පුත්‍රයාට කීවා ය. “තවත් භාජනයක් නැතැ”යි ඔහු ඈට කී ය.