2 රාජාවලිය 3:15-19

2 රාජාවලිය 3:15-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එහෙත් දැන් වීණා වයන්නකු මා වෙත ගෙනෙන්නැ” යි පැවසී ය. වීණා වයන්නා වයද්දී, ස්වාමින්වහන්සේගේ හස්තය එලීෂා පිට පැමිණියේ ය. ඔහු කතා කොට, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මේ මිටියාවත පුරා අගල් කපන්න. මන්ද සුළඟ හෝ වැස්ස ඔබ දකින්නේ නැති නමුදු මේ මිටියාවත වතුරින් පිරී යනු ඇත. ඔබ ද ඔබේ ගව පට්ටි ද ඔබේ අනෙක් සතුන් ද ඉන් බොනු ඇතැයි ස්වාමින්වහන්සේ පවසන සේක. ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ මෙය ඉතා සුළු දෙයකි; උන්වහන්සේ මෝවබ් ද ඔබගේ අත්වලට හසුකර දෙන සේක. ඔබ සියලු බළකොටු පුරවර හා ප්‍රධාන නගර බිඳ දමනු ඇත. ඔබ සියලු ම හොඳ ගස් කපා හෙළා, සියලු උල්පත් වසා, සියලු හොඳ කෙත් වතු ගල් දමා විනාශ කරනු ඇතැ” යි පැවසී ය.

2 රාජාවලිය 3:15-19 Sinhala Revised Old Version (SROV)

දැන් ඉතින් වීණාකාරයෙකු මා ළඟට ගෙනෙන්නැයි කීවේය. වීණාකාරයා ගායනා කරද්දී ස්වාමීන්වහන්සේගේ හස්තය එලිෂා පිටට පැමිණියේය. ඔහු කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මේ මිටියාවත පුරාම අගල් කපන්න. මක්නිසාද නුඹලා හුළඟක්වත් වැස්සවත් නොදකින නුමුත් නුඹලාටත් නුඹලාගේ සිවුපාවුන්ටත් නුඹලාගේ මෘගයන්ටත් බීමට මේ මිටියාවත වතුරෙන් පිරෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මේත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුළු දෙයකි. උන්වහන්සේ මෝවබ්වරුන්ද නුඹලා අතට පාවාදෙනසේක. නුඹලා පවුරු ඇති සියලු නුවරවල්ද සියලු අනර්ඝ නුවරවල්ද නාස්තිකර, සියලු හොඳ ගස් කපා දමා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ බිම් ගල් දමා නරක් නරන්නහුයයි කීවේය.

2 රාජාවලිය 3:15-19 Sinhala New Revised Version (NRSV)

“දැන් ඉතින් වීණා වාදකයෙකු මා ළඟට ගෙනෙ‍න්නැ”යි කී ය. වීණා වාදකයා වාදනය කරද්දී සමිඳාණන් වහන්සේගේ බලය එලිෂා පිට පැමිණියේ ය. ඔහු කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මේ වියළි ගඟේ පතුල පුරා ම අගල් කපන්න. මන්ද, නුඹලා හුළඟ වත්, වැස්ස වත් නොදකින නමුත් නුඹලාටත්, නුඹලාගේ සිවුපාවුන්ටත්, නුඹලාගේ මෘගයන්ටත් බීමට මේ ගඟ පතුල වතුරෙන් පිරෙනු ඇත.’ මෙය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සුළු දෙයකි. උන් වහන්සේ මෝවබ්වරුන් ද ඔබ අතට පාවා දෙන සේක. ඔබ පවුරු ඇති සියලු නගර ද සියලු අලංකාර නගර ද වනසා, සියලු හොඳ‍ ගස් කපාදමා, සියලු දිය උල්පත් වසා සියලු සාරවත් කෙත් වතු ගල් දමා වනසන්නහු ය”යි කීවේ ය.

2 රාජාවලිය 3:15-19 Sinhala New Revised Version 2018 (SNRV)