2 රාජාවලිය 24:6-19 - Compare All Versions

2 රාජාවලිය 24:6-19 SROV (Sinhala Revised Old Version)

යෙහෝයාකිම් තමාගේ පියවරුන් සමඟ සැතපුණේය. ඔහුගේ පුත්‍රවූ යෙහෝයාඛින් ඔහු වෙනුවට රජවිය. බබිලෝනියේ රජු මිසරයේ ඔය පටන් ප්‍රාත් ගංගාව දක්වා මිසර රජුට අයිති සියල්ල ගත් නිසා මිසරයේ රජ තවත් තමාගේ දේශයෙන් පිටතට ආවේ නැත. යෙහෝයාඛින් දහඅට අවුරුදු වයසේදී රජවී තුන් මසක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම නෙහෂ්තාය, ඈ යෙරුසලමේ එල්නාතාන්ගේ දුවෙක්ය. ඔහු තමාගේ පියා කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඒ කාලයෙහි බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ගේ සේවකයෝ යෙරුසලමට විරුද්ධව ආවෝය, නුවරද වටලනලද්දේ විය. ස්වකීය සේවකයන් නුවර වටලාගන සිටිද්දී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ද එතැනට ආයේය. එවිට යූදාහි රජවූ යෙහෝයාඛින්ද ඔහුගේ මෑණියෝද ඔහුගේ සේවකයෝද ඔහුගේ අධිපතියෝද ඔහුගේ ඇමතියෝද පිටතට බබිලෝනියේ රජු ළඟට ගියෝය. බබිලෝනියේ රජතෙමේ තමාගේ රජකම් කිරීමේ අටවෙනි අවුරුද්දේදී ඔහු අල්ලාගත්තේය. ඔහු ස්වාමීන්වහන්සේ කී ලෙස ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තු සියල්ලද රජගෙයි වස්තුද එතැනින් පිටතට ගෙනයනුයේ, ඉශ්‍රායෙල් රජවූ සාලමොන් විසින් ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලිකොට කැපීය. ඔහු මුළු යෙරුසලමද සියලු අධිපතීන්ද සියලු යුද්ධකාරයන්ද වන දසදහස් දෙනෙක් සහ සියලු කර්මාන්තකාරයන්ද ආචාරීන්ද හිරගණනට ගෙන ගියේය; දේශයේ ඉතා දුප්පතුන් මිස කිසිවෙක් ඉතුරු නොවීය. ඔහු යෙහෝයාඛින් බබිලෝනියට ගෙනගියේය; රජුගේ මෑණියන්ද රජුගේ භාර්යාවන්ද ඔහුගේ ඇමතියන්ද දේශයේ බලවන්තයන්ද ඔහු හිරගණනට ගෙන යෙරුසලමේ සිට බබිලෝනියට ගෙනගියේය. සත් දහසක් වූ සියලු යුද්ධකාරයන්ද කර්මාන්තකාරයන් සහ ආචාරීන් දහසක්ද වන යුද්ධකරන සියලු බලවන්තයන් බබිලෝනියේ රජ හිරගණනේ බබිලෝනියට ගෙනගියේය. බබිලෝනියේ රජද ඔහුගේ බාප්පා වන මත්තනියා ඔහු වෙනුවට රජකමට පත්කොට ඔහුගේ නම ශෙදෙකියාය කියා වෙනස්කෙළේය. ශෙදෙකියා විසිඑක් අවුරුදු වයසේදී රජවී එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමුතල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය. ඔහු යෙහෝයාකිම් කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.

බෙදාගන්න
2 රාජාවලිය 24 SROV

2 රාජාවලිය 24:6-19 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යෙහෝයාකීම් තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහු වෙනුවට ඔහුගේ පුත් යෙහෝයාකීන් රජකමට පත් විය. ඊජිප්තු ඔය පටන් යුප්‍රටීස් ගංගාව දක්වා වූ තමන්ගේ මුළු පළාත බබිලෝනියේ රජු විසින් අල්ලාගෙන තිබූ බැවින්, ඊජිප්තුවේ රජු තම දේශයෙන් පිටතට තවත් ආවේ නැත. යෙහෝයාකීන් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු දහඅටකි. ඔහු යෙරුසලමේ මාස තුනක් රජකම් කළේ ය. ඔහුගේ මව යෙරුසලමෙහි එල්නාතාන්ගේ දියණිය වූ නෙහුෂ්තා ය. තම පියා කර තිබූ පරිද්දෙන් ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුරු දෑ කළේ ය. එකල බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර්ගේ නිලධාරීහු යෙරුසලමට එරෙහිව අවුත්, එය වැටලූහ. ඔහුගේ නිලධාරීන් එපුර වටලා සිටියදී බබිලෝනි රජු, නෙබුකද්නෙසර් එහි පැමිණියේ ය. යූදා රජු වූ යෙහෝයාකීන්, ඔහුගේ මව, ඔහුගේ සේවකයින්, ඔහුගේ වංශවතුන් හා ඔහුගේ නිලධාරීන් යන සියල්ලෝ ඔහුට යටත් වූහ. බබිලෝනි රජු තම පාලනයේ අ‍ට වන අවුරුද්දේ යෙහෝයාකීන් සිර භාරයට ගත්තේ ය. ස්වාමින්වහන්සේ ප්‍රකාශ කර තිබූ පරිදි නෙබුකද්නෙසර්, ස්වාමින්වහන්සේගේ ගෘහයෙන් හා රජ මැදුරෙන් සියලු අනර්ඝ දේ ඉවතට ගත්තේ ය. ඉශ්‍රායෙල් රජු වූ සාලමොන් විසින් ස්වාමින්වහන්සේගේ මාලිගය උදෙසා තනා තිබූ සියලු රන් භාණ්ඩ ඔහු කෑලිවලට කැපී ය. ඔහු සියලු නිලධාරීන් හා සටන්කරුවන්, ශිල්පීන් හා ලෝකරුවන් යන මුළු යෙරුසලම ම, එනම් දස දහස් දෙනකු පිටුවහල් කොට ගෙන ගියේ ය. ඉතිරි ව සිටියේ දේශයේ ඉතා දිළිඳු ජනයා පමණකි. නෙබුකද්නෙසර්, යෙහෝයාකීන් බබිලෝනිය වෙත පිටුවහල් කොට ගෙන ගියේ ය. තවද ඔහු රජුගේ මව ද ඔහුගේ භාර්යාවන් ද ඔහුගේ නිලධාරීන් හා දේශයේ නායකයින් ද යෙරුසලමේ සිට බබිලෝනියට ගෙන ගියේ ය. බබිලෝනියේ රජු යුද්ධයට දක්ෂ හත්දහසක මුළු හමුදා බළඇණිය ද ශිල්පීන් හා ලෝකරුවන් දහසක් ද බබිලෝනිය වෙත පිටුවහල් කොට ගෙන ගියේ ය. ඔහු යෙහෝයාකීන්ගේ බාප්පා වන මත්තනියා ඔහු වෙනුවට රජකමට පත් කර, ඔහුගේ නම සෙදෙකියා යනුවෙන් වෙනස් කළේ ය. සෙදෙකියා රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිඑකක් විය. ඔහු යෙරුසලමෙහි වසර එකොළහක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම හමූටල් ය. ඈ ලිබ්නාහි යෙරමියාගේ දියණිය ය. යෙහෝයාකීම් කළ පරිදි ම ඔහු ද ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දෑ කළේ ය.

බෙදාගන්න
2 රාජාවලිය 24 SCV

2 රාජාවලිය 24:6-19 NRSV (Sinhala New Revised Version)

ජෙහෝයාකිම් මියගියේ ය. ඔහුගේ පුත් ජෙහෝයාකින් ඔහු වෙනුවට රජ විය. බබිලෝනියේ රජ නයිල් ගංගාව පටන් යුප්‍රටීස් ගංගාව දක්වා මිසර රජුට අයිති සියල්ල ගත් නිසා, මිසරයේ රජ තවත් තම දේශයෙන් පිටතට ආවේ නැත. ජෙහෝයාකින් දහඅට අවුරුදු වයසේ දී රජ වී තුන් මසක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම නෙහෂ්තා ය. ඈ ජෙරුසලමේ එල්නාතාන්ගේ දුවකි. ඔහු තමාගේ පියා කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඒ කාලයෙහි බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර්ගේ හමුදා ජෙරුසලමට විරුද්ධ ව පැමිණ නුවර වැටලූ හ. ස්වකීය හමුදා නුවර වටලා සිටිය දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ද එතැනට පැමිණියේ ය. එවිට ජුදාහි රජ වූ ජෙහෝයාකින් ද ඔහුගේ මෑණියෝ ද රාජ සේවකයෝ ද අධිපතියෝ ද ඇමතියෝ ද නුවරින් පිටත සිටි බබිලෝනියේ රජුට යටත් වූ හ. බබිලෝනියේ රජ තෙමේ තමා රජකමට පත් වී අට වන අවුරුද්දේ දී ඒ නගරය අල්ලාගත්තේ ය. ඔහු සමිඳාණන් වහන්සේ වදාළ ලෙස සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු සියල්ල ද රජ ගෙයි වස්තු ද එතැනින් පිටතට ගෙන යනුයේ, ඉශ්රායෙල් රජ වූ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලි කොට කැපී ය. ඔහු ජෙරුසලම් වැසියන් ද සියලු අධිපතීන් ද සියලු යුද්ධ භටයන් ද වන දසදහස්දෙනෙකු සහ සියලු ශිල්පීන් ද ආචාරීන් ද විප්‍රවාසයට ගෙන ගියේ ය. දේශයේ ඉතා දුප්පතුන් මිස කිසිවෙක් ඉතිරි නො වූ හ. ඔහු ජෙහෝයාකින් බබිලෝනියට ගෙන ගියේ ය. රජුගේ මෑණියන් ද රජුගේ භාර්යාවන් ද ඔහුගේ ඇමතියන් ද දේශයේ බලවන්තයන් ද ඔහු පිටිවහල්කමට රැගෙන ජෙරුසලමේ සිට බබිලෝනියට ගෙන ගියේ ය. සත්දහසක් වූ සියලු යුද්ධ භටයන් ද ශිල්පීන් සහ ආචාරීන් දහසක් ද වන යුද්ධ කරන සියලු බලවන්තයෝ බබිලෝනියේ රජු විසින් විප්‍රවාසයට බබිලෝනියට ගෙන යන ලදහ. බබිලෝනියේ රජ ද ඔහුගේ බාප්පා වන මත්තනියා ඔහු වෙනුවට රජකමට පත් කොට ඔහුගේ නම ශෙදෙකියා යයි වෙනස් කෙළේ ය. ශෙදෙකියා විසිඑක් අවුරුදු වයසේ දී රජ වී එකොළොස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම හමුතල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුවක් ය. ඔහු ජෙහෝයාකිම් කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.

බෙදාගන්න
2 රාජාවලිය 24 NRSV

2 රාජාවලිය 24:6-19 SNRV (Sinhala New Revised Version 2018)

2 රාජාවලිය 24 SNRV

2 රාජාවලිය 24:6-19 NIV (New International Version)

Jehoiakim rested with his ancestors. And Jehoiachin his son succeeded him as king. The king of Egypt did not march out from his own country again, because the king of Babylon had taken all his territory, from the Wadi of Egypt to the Euphrates River. Jehoiachin was eighteen years old when he became king, and he reigned in Jerusalem three months. His mother’s name was Nehushta daughter of Elnathan; she was from Jerusalem. He did evil in the eyes of the LORD, just as his father had done. At that time the officers of Nebuchadnezzar king of Babylon advanced on Jerusalem and laid siege to it, and Nebuchadnezzar himself came up to the city while his officers were besieging it. Jehoiachin king of Judah, his mother, his attendants, his nobles and his officials all surrendered to him. In the eighth year of the reign of the king of Babylon, he took Jehoiachin prisoner. As the LORD had declared, Nebuchadnezzar removed the treasures from the temple of the LORD and from the royal palace, and cut up the gold articles that Solomon king of Israel had made for the temple of the LORD. He carried all Jerusalem into exile: all the officers and fighting men, and all the skilled workers and artisans—a total of ten thousand. Only the poorest people of the land were left. Nebuchadnezzar took Jehoiachin captive to Babylon. He also took from Jerusalem to Babylon the king’s mother, his wives, his officials and the prominent people of the land. The king of Babylon also deported to Babylon the entire force of seven thousand fighting men, strong and fit for war, and a thousand skilled workers and artisans. He made Mattaniah, Jehoiachin’s uncle, king in his place and changed his name to Zedekiah. Zedekiah was twenty-one years old when he became king, and he reigned in Jerusalem eleven years. His mother’s name was Hamutal daughter of Jeremiah; she was from Libnah. He did evil in the eyes of the LORD, just as Jehoiakim had done.

බෙදාගන්න
2 රාජාවලිය 24 NIV