2 රාජාවලිය 2:1-13 - Compare All Versions

2 රාජාවලිය 2:1-13 SROV (Sinhala Revised Old Version)

තවද ස්වාමීන්වහන්සේ එලියා සුළි හුළඟකින් ස්වර්ගයට ගන්ට කැමතිවූ ප්‍රස්තාවේදී එලියා එලිෂා සමඟ ගිල්ගාල්හි සිට ගියේය. එලියා: ස්වාමීන්වහන්සේ මා බෙතෙල්ට යවන නිසා මෙහි නවතින්නැයි එලිෂාට කීවේය. එලිෂාද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයද ජීවත්වන බව සැබෑවා සේම, මම ඔබ අත්නොහරිමියි කීවේය. මෙසේ ඔව්හු බෙතෙල්ට බැස ගියෝය. බෙතෙල්හි සිටි ප්‍රොපේත පුත්‍රයෝ එලිෂා ළඟට ඇවිත්: ස්වාමීන්වහන්සේ අද නුඹේ ස්වාමියා නුඹ කෙරෙන් ගන්නා බව දන්නෙහිදැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහු: එසේය, මම දනිමි; නිශ්ශබ්දවෙන්නැයි කීය. එලියා ඔහුට කථාකොට: එලිෂා, මෙහි නවතින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මා යෙරිකෝවට යවනසේකැයි කීවේය. ඔහුද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයද ජීවත්වන බව සැබෑවා සේම මම ඔබ අත්නොහරිමියි කීවේය. මෙසේ ඔව්හු යෙරිකෝවට ආවෝය. යෙරිකෝවෙහි සිටි ප්‍රොපේත පුත්‍රයෝ එලිෂා ළඟට ඇවිත්: ස්වාමීන්වහන්සේ අද නුඹේ ස්වාමියා නුඹ කෙරෙන් ගන්නා බව දන්නෙහිදැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහුද: එසේය, මම දනිමි; නිශ්ශබ්දවෙන්නැයි උත්තර දුන්නේය. එලියාද: ස්වාමීන්වහන්සේ මා යොර්දානට යවන නිසා මෙහි නවතින්නැයි ඔහුට කීවේය. ඔහු: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, මම ඔබ අත්නොහරිමියි කීවේය. එවිට ඒ දෙදෙනාම ගියෝය. ප්‍රොපේත පුත්‍රයන්ගෙන් පනස්දෙනෙක්ද ගොස් ඔවුන් ඉස්සරහපිට දුරින් සිටියෝය. ඒ දෙදෙනාද යොර්දාන ළඟ සිටියෝය. එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන අකුළා වතුරට ගැසීය, වතුර දෑතට බෙදී ගියේය, ඒ දෙදෙනා වියළි බිම පිට එගොඩවූවෝය. තවද ඔවුන් එගොඩවූ කල එලියා කථාකොට: නුඹ වෙතින් මා ගන්ට පළමුවෙන් නුඹට මගෙන් ඕනෑ දෙයක් ඉල්ලන්නැයි එලිෂාට කීය. එලිෂාද: ඔබට තිබෙන ආත්මයෙන් දෙගුණයක් මා කෙරෙහි පැමිණේවයි කීවේය. ඔහුද: නුඹ අමාරු දෙයක් ඉල්ලුවෙහිය. එහෙත් නුඹ වෙතින් මා ගන්න විට නුඹ මා දුටුවොත් නුඹට එසේ වන්නේය; නැතහොත් එසේ නොවන්නේයයි කීය. තවද ඔවුන් කථාකරකර යද්දී ගිනි රථයක්ද ගිනි අශ්වයෝද පෙනී ඔවුන් දෙදෙනා වෙන්කළෝය; එලියා සුළි හුළඟකින් ස්වර්ගයට නැගී ගියේය. එලිෂා ඒ දැක: ඉශ්‍රායෙල්ට රථ සහ අසරුවන් වැනිවූ මාගේ පියාණෙනි, මාගේ පියාණෙනියි කීවේය. ඔහු තවත් ඔහු නුදුටුවේය. එවිට ඔහු තමාගේ වස්ත්‍ර අල්ලා දෙකට ඉරා, එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන හැරී ඇවිත් යොර්දාන අද්දර සිට

බෙදාගන්න
2 රාජාවලිය 2 SROV

2 රාජාවලිය 2:1-13 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේ එලියා සුළි සුළඟකින් ස්වර්ගයට ඔසවා ගන්නට සූදානම් වූ අවස්ථාවේ එලියා හා එලීෂා ගිල්ගාල් සිට ගමන් කරමින් සිටියහ. එලියා, එලීෂා අමතමින්, “මෙහි නවතින්න; ස්වාමින්වහන්සේ මා බෙතෙල් වෙත යැවූ සේකැ” යි කීවේ ය. එහෙත් එලීෂා, “ස්වාමින්වහන්සේ ජීවත් වන වගත්, ඔබ ජීවත් වන වගත් සැබෑ සේ ම, මම ඔබ අත්හැර නො යන්නෙමි” යි කීවේ ය. එබැවින් ඔවුහු බෙතෙල් වෙත ගියහ. බෙතෙල්හි දිවැසිවර කණ්ඩායම එලීෂා වෙත අවුත්, කතා කොට, “ස්වාමින්වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ වෙතින් ගන්නා වග ඔබ දන්නවා දැ?” යි ඇසූහ. “ඔව්, මම දන්නවා” යි පිළිතුරු දුන් එලීෂා, “ඒ ගැන කතා නො කරනු” යි පැවසී ය. ඉන්පසු එලියා යළි ඔහු අමතා, “එලීෂා මෙහි නවතින්න; ස්වාමින්වහන්සේ මා යෙරිකෝවට යැවූ සේකැ” යි පැවසී ය. ඔහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන වගත්, ඔබ ජීවත් වන වගත් සැබෑ සේ ම, මම ඔබ අත්හැර නො යමි” යි පැවසී ය. එසේ ඔවුහු යෙරිකෝවට ගියහ. යෙරිකෝවේ දිවැසිවර කණ්ඩායම එලීෂා වෙත අවුත්, “ස්වාමින්වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ වෙතින් ගන්නා වග ඔබ දන්නවා දැ?” යි ඇසූහ. “ඔව්, මම දන්නවා” යි පිළිතුරු දුන් ඔහු, “ඒ ගැන කතා නො කරනු” යි පැවසී ය. ඉන්පසු එලියා ඔහු අමතමින්, “මෙහි නවතින්න; ස්වාමින්වහන්සේ මා යොර්දානයට යවන සේකැ” යි කී ය. ඔහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන වගත්, ඔබ ජීවත් වන වගත් සැබෑ සේ ම, මම ඔබ අත්හැර නො යන්නෙමි” යි කීවේ ය. එසේ ඔවුන් දෙදෙනා එක් ව ගමන් කළහ. දිවැසිවර කණ්ඩායමේ මිනිසුන් පනස් දෙනෙක් පිටත් ව අවුත්, එලියා හා එලීෂා නැවතුණු තැනට මෑතින් යොර්දාන් නදිය පසෙක සිටගත්හ. එලියා තම සළුව ගෙන, රවුමට අකුළා ජලයට එයින් ගැසී ය. ගං ජලය දකුණු පසටත්, වම් පසටත් බෙදී ගියේ ය. ඔවුන් දෙදෙනා දිය සිඳුණු වියළි බිමේ එතෙර වූහ. ඔවුන් එතෙර වූ කල, එලියා, එලීෂා අමතමින්, “ඔබ වෙතින් මා ගනු ලබන්නට පළමුවෙන්, මා ඔබ උදෙසා කළ යුත්තේ මොනවා ද කියා කියන්නැ” යි කී ය. එලීෂා පිළිතුරු දෙමින්, “ඔබේ ආත්ම භාවය මෙන් දෙගුණයක් මට ලැබේවා” යි පැවසී ය. එවිට එලියා, “ඔබ ඉල්ලුවේ අමාරු දෙයක්. එහෙත් ඔබ වෙතින් මා ගන්නවා ඔබ දුටුවොත්, ඔබට එය ලැබෙයි. නැත්නම් ලැබෙන්නේ නැතැ” යි පැවසී ය. ඔවුන් එක් ව කතා කරමින්, ගමන් කරද්දී හදිසියේ ම ගිනි රථයක් හා ගිනි අශ්වයින් පෙනී, ඔවුන් දෙදෙනා වෙන් කෙරිණ. එලියා සුළි සුළඟකින් ස්වර්ගයට නැගී ගියේ ය. එලීෂා ඒ දැක මොර ගසමින්, “මගේ පියාණෙනි! මගේ පියාණෙනි! ඉශ්‍රායෙල්ගේ රථ හා අසරුවනි” යි පැවසී ය. එලීෂා තවත් ඔහු දුටුවේ නැත. එවිට ඔහු තමාගේ හැඳිවත් අල්ලා දෙකඩ කළේ ය. ඔහු එලියාගෙන් වැටුණු සළුව අහුලා, ආපසු ගොස්, යොර්දාන් ගං ඉවුරේ සිට ගත්තේ ය.

බෙදාගන්න
2 රාජාවලිය 2 SCV

2 රාජාවලිය 2:1-13 NRSV (Sinhala New Revised Version)

තවද, සමිඳාණන් වහන්සේ එලියා සුළි සුළඟකින් ස්වර්ගයට ගන්නට කැමැති වූ අවස්ථාවේ දී එලියා, එලිෂා සමඟ ගිල්ගාල් නගරයෙන් පිටත් ව ගියේ ය. එලියා කතා කොට, “සමිඳාණන් වහන්සේ මා පමණක් බෙතෙල් නගරයට යවන නිසා මෙහි නවතින්නැ”යි එලිෂාට කී ය. එලිෂා උත්තර දෙමින්, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. මෙසේ ඔව්හු බෙතෙල් නගරයට බැස ගියෝ ය. බෙතෙල්හි සිටි දිවැසිවරුන්ගේ කණ්ඩායමේ අය එලිෂා ළඟට අවුත්, “සමිඳාණන් වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ කෙරෙන් ගන්න බව දන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු උත්තර දෙමින්, “එසේ ය, මම දනිමි; නිශ්ශබ්ද වන්නැ”යි කී ය. එලියා, ඔහුට කතා කොට, “එලිෂා, මෙහි නවතින්න; මන්ද, සමිඳාණන් වහන්සේ මා ජෙරිකෝවට යවන සේකැ”යි කීවේ ය. ඔහු ද, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. මෙසේ ඔව්හු ජෙරිකෝවට ආ හ. ජෙරිකෝවෙහි සිටි දිවැසිවරුන්ගේ කණ්ඩායමේ අය එලිෂා ළඟට අවුත්, “සමිඳාණන් වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ කෙරෙන් ගන්න බව දන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු ද, “එසේ ය, මම දනිමි, නිශ්ශබ්ද වන්නැ”යි උත්තර දිනි. එලියා ද කතා කොට, “සමිඳාණන් වහන්සේ මා ජොර්දානට යවන නිසා මෙහි නවතින්නැ”යි ඔහුට කී ය. ඔහු උත්තර දෙමින්, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. එවිට ඒ දෙදෙනා ම යන්න ගියහ. දිවැසිවරුන්ගේ කණ්ඩායමේ පණස්දෙනෙක් ගොස්, ඔවුන් ඉදිරිපිට දුරින් සිටියෝ ය. ඒ දෙදෙනා ද ජොර්දානය ළඟ සිටියෝ ය. එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන, අකුළා වතුරට ගැසී ය. වතුර දෑතට බෙදී ගියේ ය. ඒ දෙදෙනා වියළි බිම පිට එගොඩ වූ හ. තවද, ඔවුන් එගොඩ වූ කල එලියා කතා කොට, “ඔබ වෙතින් මා ගන්න පළමුවෙන් ඔබට මාගෙන් ඕනෑ දෙයක් ඉල්ලන්නැ”යි එලිෂාට කී ය, එලිෂා පිළිතුරු දෙමින්, “ඔබට තිබෙන ආත්මානුභාවය මෙන් දෙගුණයක් මා කෙරෙහි පැමිණේ වා”යි කී ය. ඔහු ද, “ඔබ අමාරු දෙයක් ඉල්ලුවෙහි ය. එහෙත්, ඔබ වෙතින් මා ගන්න විට ඔබ මා දුටුවොත් ඔබට එසේ වන්නේ ය; නැතහොත්, එසේ නොවන්නේ යැ”යි කී ය. තවද, ඔවුන් කතා කරමින් යද්දී, ගිනි අශ්ව රථයක් ද ගිනි අශ්වයෝ ද පෙනී ඔවුන් දෙදෙනා වෙන් කළෝ ය. එලියා සුළි සුළඟකින් ස්වර්ගයට නැඟී ගියේ ය. එලිෂා ඒ දැක, “ඉශ්රායෙල්හි රථ සහ අසරුවන් වැනි බලසම්පන්න මාගේ පියාණෙනි, මාගේ පියාණෙනි”යි කී ය. ඔහු තවත් එලියා නුදුටුවේ ය. එවිට ඔහු තමාගේ වස්ත්‍ර අල්ලා දෙකට ඉරා, එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන හැරී ආවේ ය.

බෙදාගන්න
2 රාජාවලිය 2 NRSV

2 රාජාවලිය 2:1-13 SNRV (Sinhala New Revised Version 2018)

තවද, සමිඳාණන් වහන්සේ එලියා සුළි සුළඟකින් ස්වර්ගයට ගන්නට කැමැති වූ අවස්ථාවේ දී එලියා, එලිෂා සමඟ ගිල්ගාල් නගරයෙන් පිටත් ව ගියේ ය. එලියා කතා කොට, “සමිඳාණන් වහන්සේ මා පමණක් බෙතෙල් නගරයට යවන නිසා මෙහි නවතින්නැ”යි එලිෂාට කී ය. එලිෂා උත්තර දෙමින්, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. මෙසේ ඔව්හු බෙතෙල් නගරයට බැස ගියෝ ය. බෙතෙල්හි සිටි දිවැසිවරුන්ගේ කණ්ඩායමේ අය එලිෂා ළඟට අවුත්, “සමිඳාණන් වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ කෙරෙන් ගන්න බව දන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු උත්තර දෙමින්, “එසේ ය, මම දනිමි; නිශ්ශබ්ද වන්නැ”යි කී ය. එලියා, ඔහුට කතා කොට, “එලිෂා, මෙහි නවතින්න; මන්ද, සමිඳාණන් වහන්සේ මා ජෙරිකෝවට යවන සේකැ”යි කීවේ ය. ඔහු ද, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. මෙසේ ඔව්හු ජෙරිකෝවට ආ හ. ජෙරිකෝවෙහි සිටි දිවැසිවරුන්ගේ කණ්ඩායමේ අය එලිෂා ළඟට අවුත්, “සමිඳාණන් වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ කෙරෙන් ගන්න බව දන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු ද, “එසේ ය, මම දනිමි, නිශ්ශබ්ද වන්නැ”යි උත්තර දිනි. එලියා ද කතා කොට, “සමිඳාණන් වහන්සේ මා ජොර්දානට යවන නිසා මෙහි නවතින්නැ”යි ඔහුට කී ය. ඔහු උත්තර දෙමින්, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. එවිට ඒ දෙදෙනා ම යන්න ගියහ. දිවැසිවරුන්ගේ කණ්ඩායමේ පනස්දෙනෙක් ගොස්, ඔවුන් ඉදිරිපිට දුරින් සිටියෝ ය. ඒ දෙදෙනා ද ජොර්දානය ළඟ සිටියෝ ය. එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන, අකුළා වතුරට ගැසී ය. වතුර දෑතට බෙදී ගියේ ය. ඒ දෙදෙනා වියළි බිම පිට එගොඩ වූ හ. තවද, ඔවුන් එගොඩ වූ කල එලියා කතා කොට, “ඔබ වෙතින් මා ගන්න පළමුවෙන් ඔබට මාගෙන් ඕනෑ දෙයක් ඉල්ලන්නැ”යි එලිෂාට කී ය, එලිෂා පිළිතුරු දෙමින්, “ඔබට තිබෙන ආත්මානුභාවය මෙන් දෙගුණයක් මා කෙරෙහි පැමිණේ වා”යි කී ය. ඔහු ද, “ඔබ අමාරු දෙයක් ඉල්ලුවෙහි ය. එහෙත්, ඔබ වෙතින් මා ගන්න විට ඔබ මා දුටුවොත් ඔබට එසේ වන්නේ ය; නැතහොත්, එසේ නොවන්නේ යැ”යි කී ය. තවද, ඔවුන් කතා කරමින් යද්දී, ගිනි අශ්ව රථයක් ද ගිනි අශ්වයෝ ද පෙනී ඔවුන් දෙදෙනා වෙන් කළෝ ය. එලියා සුළි සුළඟකින් ස්වර්ගයට නැඟී ගියේ ය. එලිෂා ඒ දැක, “ඉශ්රායෙල්හි රථ සහ අසරුවන් වැනි බලසම්පන්න මාගේ පියාණෙනි, මාගේ පියාණෙනි”යි කී ය. ඔහු තවත් එලියා නුදුටුවේ ය. එවිට ඔහු තමාගේ වස්ත්‍ර අල්ලා දෙකට ඉරා, එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන හැරී ආවේ ය.

බෙදාගන්න
2 රාජාවලිය 2 SNRV

2 රාජාවලිය 2:1-13 NIV (New International Version)

When the LORD was about to take Elijah up to heaven in a whirlwind, Elijah and Elisha were on their way from Gilgal. Elijah said to Elisha, “Stay here; the LORD has sent me to Bethel.” But Elisha said, “As surely as the LORD lives and as you live, I will not leave you.” So they went down to Bethel. The company of the prophets at Bethel came out to Elisha and asked, “Do you know that the LORD is going to take your master from you today?” “Yes, I know,” Elisha replied, “so be quiet.” Then Elijah said to him, “Stay here, Elisha; the LORD has sent me to Jericho.” And he replied, “As surely as the LORD lives and as you live, I will not leave you.” So they went to Jericho. The company of the prophets at Jericho went up to Elisha and asked him, “Do you know that the LORD is going to take your master from you today?” “Yes, I know,” he replied, “so be quiet.” Then Elijah said to him, “Stay here; the LORD has sent me to the Jordan.” And he replied, “As surely as the LORD lives and as you live, I will not leave you.” So the two of them walked on. Fifty men from the company of the prophets went and stood at a distance, facing the place where Elijah and Elisha had stopped at the Jordan. Elijah took his cloak, rolled it up and struck the water with it. The water divided to the right and to the left, and the two of them crossed over on dry ground. When they had crossed, Elijah said to Elisha, “Tell me, what can I do for you before I am taken from you?” “Let me inherit a double portion of your spirit,” Elisha replied. “You have asked a difficult thing,” Elijah said, “yet if you see me when I am taken from you, it will be yours—otherwise, it will not.” As they were walking along and talking together, suddenly a chariot of fire and horses of fire appeared and separated the two of them, and Elijah went up to heaven in a whirlwind. Elisha saw this and cried out, “My father! My father! The chariots and horsemen of Israel!” And Elisha saw him no more. Then he took hold of his garment and tore it in two. Elisha then picked up Elijah’s cloak that had fallen from him and went back and stood on the bank of the Jordan.

බෙදාගන්න
2 රාජාවලිය 2 NIV