2 රාජාවලිය 18:9-37

2 රාජාවලිය 18:9-37 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉශ්‍රායෙල් රජු වූ, ඒලාගේ පුත් හෝෂෙයාගේ හත් වන අවුරුද්ද වන හෙසකියා රජුගේ හතර වන අවුරුද්දේදී අසිරියාවේ රජු වූ ෂල්මනෙසෙර් සමාරියට එරෙහිව අවුත්, එය වැටලී ය. අවුරුදු තුන අවසානයේ අසිරියන්වරු එය අල්ලා ගත්හ. හෙසකියාගේ හය වන අවුරුද්ද වන ඉශ්‍රායෙල් රජු වූ හෝෂෙයාගේ නව වන අවුරුද්දේ සමාරිය අල්ලා ගැණිනි. අසිරියාවේ රජු ඉශ්‍රායෙල්වරුන් අසිරියාවට පිටුවහල් කොට ගෙන ගොස්, හලාහි ද හාබොර් ගඟ අසල ගෝසාන්හි ද මේදියාවේ නගරවල ද රැඳවී ය. එසේ සිදු වූයේ ඔවුන් තමන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ හඬට කීකරු නො වී, උන්වහන්සේගේ ගිවිසුම එනම් ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් අණ කළ සියල්ල කඩ කළ නිසා ය. ඔවුන් එම ආඥාවලට සවන් දුන්නේවත්, කීකරු වූයේවත් නැත. හෙසකියා රජුගේ දහහතර වන වසරේ, අසිරියාවේ රජු වූ සෙනකෙරීබ් යූදාහි සියලු බළකොටු පුරවරවලට එරෙහිව අවුත්, ඒවා අල්ලා ගත්තේ ය. එවිට යූදා රජු වූ හෙසකියා, ලාකීෂ්හි සිටි අසිරියාවේ රජු වෙත පණිවුඩ යවමින්, “මා වරදක් කර ඇත; මා වෙතින් ඉවත් ව යන්න. ඔබ මගෙන් අය කරන කවරක් වුවත් මම ඔබට දෙන්නෙමි” යි කීවේ ය. අසිරියාවේ රජු යූදා රජු වූ හෙසකියාගෙන් රිදී තලෙන්ත තුන් සියයකුත්, රන් තලෙන්ත තිහකුත් අය කළේ ය. එබැවින් හෙසකියා ස්වාමින්වහන්සේගේ ගෘහයේ හා රජ මැදුරේ භාණ්ඩාගාරවල හමු වූ රිදී සියල්ල ම ඔහුට දුන්නේ ය. යූදා රජු වූ හෙසකියා ස්වාමින්වහන්සේගේ මාලිගයේ උළුවහු කණු හා දොරවල් රනින් වසා තිබුණේ ය. ඒ කාලයේදී ඔහු එම රන් ගලවා ඉවත් කර, අසිරියාවේ රජුට දුන්නේ ය. අසිරියාවේ රජු තම සේනාධිනායකයා ද තම ප්‍රධාන නිලධාරියා ද තම ක්ෂේත්‍ර අණ දෙන්නා ද මහත් සේනාවක් සමඟ ලාකීෂ් සිට යෙරුසලමේ හෙසකියා රජු වෙත යැවී ය. ඔවුහු යෙරුසලම දක්වා අවුත්, අපුල්ලන්නන්ගේ පිටියට යන මාවතේ ඉහළ පොකුණේ දිය අගල අසල සිටගත්හ. ඔවුහු රජු කැඳවා යැවූ විට හිල්කීයාගේ පුත් රජ මැදුරු පාලක එලියාකීම් ද ලේකම්වරයා වූ ෂෙබ්නා ද ආසාෆ්ගේ පුත් වාර්තාකාර යෝවා ද ඔවුන් වෙත පිටතට ගියහ. ක්ෂේත්‍ර අණ දෙන්නා ඔවුන්ට මෙසේ පැවසී ය. “හෙසකියාට මෙසේ කියනු: “ ‘මහ රජතුමා වන අසිරියාවේ රජු මෙසේ කියයි: ඔබ ඔබේ මෙම විශ්වාසය තබා ඇත්තේ කවර පදනමක් මත ද? යුද්ධ උපාය මාර්ග හා හමුදා ශක්තිය ඔබට ඇතැයි ඔබ කියයි. එහෙත් ඔබේ කතාව හිස් වචන පමණි. මට එරෙහිව නුඹ කැරලි ගසන්නේ කවුරු ගැන බලාපොරොත්තුවකින් ද? ඔන්න! ඔබ විශ්වාසය තබා ඇත්තේ පතුරු ගිය බට දඬු සැරයටියක් බඳු ඊජිප්තුව කෙරේ නො වේ ද? ඊට බර වන අයගේ අතේ පතුරු ඇනී, එයින් ඔහුගේ අත තුවාල වෙයි. තමන් කෙරේ විශ්වාසය තබන සියල්ලනට ඊජිප්තුවේ රජු වූ පාරාවෝ එලෙස ය. “අප විශ්වාසය තබන්නේ අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෙරේ යැ” යි ඔබ මට කියත හැකි ය. එසේ නම් යූදා හා යෙරුසලම් වාසීන් අමතමින්, “යෙරුසලමේ මේ පූජාසනය ඉදිරියේ නුඹලා නමස්කාර කළ යුතු ය” කියමින් හෙසකියා පහ කර දැමුවේ උන්වහන්සේගේ උස් තැන් පුදසුන් සහ පූජාසන නො වේ ද? “ ‘දැන් එන්න; මගේ ස්වාමි වූ අසිරියාවේ රජු සමඟ ගනුදෙනුවකට එළැඹෙන්න. අශ්වයින් දෙදහසක් මා ඔබට දෙන්නම්, උන් පිට නැගී යා හැකි අසරුවන් ඔබට සපයා ගන්නට හැකි නම්. යුධ රථ හා අසරුවන් සඳහා ඊජිප්තුව ගැන විශ්වාසය තබා සිටින ඔබ, මගේ ස්වාමියාගේ සේවකයින්ගෙන් ඉතා සුළු නිලධාරියකු වුව නෙරපා හරින්නේ කෙසේ ද? එපමණක් ද! මේ දේශයට එරෙහිව විනාශ කර දමන්නට මා ආවේ ස්වාමින්වහන්සේ නැතිව ද? මේ රටට එරෙහිව ඇවිත් මෙය විනාශ කර දමන ලෙස මට කීවේ ස්වාමින්වහන්සේ ම යැ’ යි” පැවසී ය. එවිට හිල්කීයාගේ පුත් එලියාකීම් ද ෂෙබ්නා ද යෝවා ද ක්ෂේත්‍ර අණ දෙන්නා අමතමින්, “ඔබේ සේවකයින් වන අපට, කරුණාකර අරාම් බසින් කතා කරන්න. එය අපට වැටහේ. පවුර මත සිටින ජනයාට ඇසෙන සේ යූදාහි බසින් අපට කතා නො කරන්නැ” යි ඉල්ලූහ. එහෙත් ක්ෂේත්‍ර අණ දෙන්නා ඔවුන්ට පිළිතුරු දෙමින්, “මේ වචන පවසන්නට මගේ ස්වාමියා මා එවුවේ නුඹලාගේ ස්වාමියා හා නුඹලා වෙතට පමණක් ද? නුඹලා මෙන් ම තමන්ගේ ම අශූචි කන්නට, තමන්ගේ ම මුත්‍රා බොන්නට සිදුවන මේ පවුර මත හිඳින්නන් වෙතටත් නො වේ දැ?” යි පැවසී ය. ඉන්පසු නැගී සිටි ක්ෂේත්‍ර අණ දෙන්නා උස් හඬ නගා යූදා බසින් කතා කරමින්, “අසිරියාවේ රජු වූ මහ රජ්ජුරුවන්ගේ වචනවලට සවන් දෙන්න. රජ්ජුරුවෝ මෙසේ කියයි: ඔබ රවටන්නට හෙසකියාට ඉඩ නො දෙන්න. මා අතින් ඔබ ගලවා ගන්නට ඔහුට බැරි ය. ‘ස්වාමින්වහන්සේ සැබවින් ම අප ගලවනු ඇත. මේ නගරය අසිරියාවේ රජු අතට පාවා දෙනු ලබන්නේ නැත’ කියමින් ස්වාමින්වහන්සේ කෙරේ විශ්වාසය තැබීමට ඔබ රවටන්නට හෙසකියාට ඉඩ දෙන්න එපා. “හෙසකියාට කන් දෙන්න එපා. අසිරියාවේ රජු මෙසේ කියයි: මා හා සමාදාන වී, මා වෙත පිටතට එන්න. එවිට ඔබ හැම කෙනකුට තමාගේ ම මිදි වැලෙන් හා අත්තික්කා ගසින් භුක්ති විඳින්නටත්, තමාගේ ම ළිදෙන් බොන්නටත්, මා අවුත්, ඔබේ ම දේශය හා සමාන දේශයකට ඔබ ගෙන යන තුරු ඔබට හැකි වෙයි. ඒ දේශය ධාන්‍ය හා අලුත් මිදි යුෂ ඇති දේශයකි. ආහාර හා මිදි වතු ඇති දේශයකි. ඔලීව ගස් හා මී පැණි ඇති දේශයකි. මරණය නො ව ජීවිතය තෝරා ගන්න. “හෙසකියාට කන් දෙන්න එපා, ‘ස්වාමින්වහන්සේ අප ගලවනු ඇත’ කියමින් ඔහු ඔබ මුළා කරයි. කවර ජාතියකගේ හෝ දෙවියකු අසිරියාවේ රජු අතින් කෙදිනකවත් තම රට ගලවා ගත්තා ද? හමාත්හි හා අර්පාද්හි දෙවිවරුන් කොහේ ද? සෙෆර්වයිම්, හේනා හා ඉව්වාහි දෙවිවරුන් කොහේ ද? ඔවුහු මගේ අතින් සමාරිය මුදා ගත්තෝ ද? මගේ අතින් තම දේශය මුදා ගැනීමට හැකි වූයේ මෙම රටවල දෙවිවරුන් සියල්ලන් අතරින් කවරකුට ද? එසේ නම්, මා අතින් යෙරුසලම බේරා ගැනීමට ස්වාමින්වහන්සේට හැකි වන්නේ කෙසේ දැ?” යි ඇසී ය. එහෙත්, ජනයා නිහඬ ව සිටියෝ පිළිතුරු වශයෙන් කිසිවක් නො පැවසූහ. මන්ද, “ඔහුට පිළිතුරු නො දෙනු” යි රජු ආඥා කොට තිබිණි. එකල හිල්කීයාගේ පුත් රජ මැදුරු පාලක එලියාකීම් ද ලේකම්වරයා වූ ෂෙබ්නා ද ආසාෆ්ගේ පුතු වූ වාර්තාකරු යෝවා ද තමන්ගේ හැඳිවත් ඉරාගෙන, හෙසකියා වෙත ගොස් අසිරියාවේ ක්ෂේත්‍ර අණ දෙන්නා පැවසූ දෑ ඔහුට සැල කළහ.

2 රාජාවලිය 18:9-37 Sinhala Revised Old Version (SROV)

ඒලාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ හෝෂෙයාගේ සත්වෙනි අවුරුද්ද වන හෙසෙකියා රජුගේ සතරවෙනි අවුරුද්දේදී අෂූර්හි රජවූ ෂල්මෙනෙසෙර් සමාරියට විරුද්ධව ඇවිත් ඒක වටලාගෙන, තුන් අවුරුද්දකට පසු ඒක අල්ලාගත්තේය. ඉශ්‍රායෙල් රජවූ හෝෂෙයාගේ නවවෙනි අවුරුද්ද වන හෙසකියාගේ හවෙනි අවුරුද්දේදී සමාරිය අල්ලාගන්නාලද්දේය. අෂූර්හි රජද ඉශ්‍රායෙල්වරුන් අෂූර්ට ගෙනගොස් හලාහිද ගෝෂාන්හි ගංගාව වන හාබොර් ළඟද මේදවරුන්ගේ නුවරවලද පදිංචිකෙරෙවුවේය. මෙසේ සිද්ධවුණේ ඔවුන් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුනොවී, උන්වහන්සේගේ ගිවිසුම වන, ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් අණකළ සියල්ල කඩකළ නිසාය, ඔව්හු ඒවා අසන්ටවත් කරන්ටවත් නොකැමැතිවූහ. හෙසකියා රජුගේ දහහතරවෙනි අවුරුද්දේදී අෂූර්හි රජවූ සෙනකෙරිබ් යූදාහි රජවරුන්ගේ නුවරවලට විරුද්ධව ඇවිත් ඒවා අල්වාගත්තේය. එවිට යූදාහි රජවූ හෙසකියා: මම වරද කෙළෙමි; මා වෙතින් හැරී ගියමැනවි. ඔබ මා පිට තබන දෙයක් දරන්නෙමියි කියා ලාකීෂ්හි සිටි අසිරියාවේ රජුට කියා ඇරියේය. අසිරියාවේ රජද රිදී තලෙන්ත තිහක්ද දෙන්ට යූදාහි රජවූ හෙසකියාට නියමකෙළේය. හෙසකියා ස්වාමීන්වහන්සේගේ ගෘහයෙත් රජ ගෙදර ගබඩාවලත් තිබුණු රිදී සියල්ල ඔහුට දුන්නේය. ඒ කාලයෙහි හෙසකියා ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ දොරටුවලින්ද යූදාහි රජවූ හෙසකියා රනින් වැසුවාවූ කුළුනුවලින්ද රන් කපාගෙන ඒවා අෂූර්හි රජුට දුන්නේය. නුමුත් අෂුර්හි රජ තර්තාන්ද රබ්-සාරිස්ද රබ්-ෂාකේද මහත් සේනාවක් සමඟ හෙසකියා රජු ළඟට ලාකීෂ්හි සිට යෙරුසලමට හැරියේය. ඔව්හු නැගී අවුත් යෙරුසලමට පැමිණියෝය. තවද ඔව්හු අපුල්ලන්නන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජුට අඬගැස්සෙවුවෝය. එවිට රජගෙදර ප්‍රධානියාවූ හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම්ද ෂෙබ්නා ලේකමද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද පිටත්ව ඔවුන් ළඟට ගියෝය. එවිට රබ්-ෂාකේ ඔවුන්ට කථාකොට: අෂූර්හි රජවූ මහරජ්ජුරුවෝ මෙසේ කියන්නාහ–නුඹ විශ්වාසය තබන ඔය දේ කිමෙක්ද? යුද්ධය පිණිස මන්ත්‍රණයද බලයද තිබේයයි නුඹ කියන්නෙහිය. නුමුත් ඒවා හිස් වචනය. ඉතින් නුඹ මට විරුද්ධව කැරළිගැසුවේ කා කෙරෙහි විශ්වාසකරගනද? මෙන්න, නුඹ විශ්වාසකරන්නේ ඒ තැළුණ බට දණ්ඩ වන මිසරය කෙරෙහිය; යමෙක් ඒකට බර වුණොත් ඒක ඔහුගේ අතට ඇනී හිල්වෙයි. මිසරයේ රජවූ ඵාරාවෝ කෙරෙහි විශ්වාසකරන සියල්ලන්ට ඔහු එසේමය. නුමුත්-අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරමුයයි නුඹලා සමහරවිට මට කියනවා ඇත. නුමුත් නුඹලා යෙරුසලමෙහි මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාරකළ යුතුයයි යූදාවරුන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කියා, හෙසකියා උන්වහන්සේගේ උස් තැන්ද පූජාසනද පහකරදැමුවා නොවේද? ඉතින් අශ්වයන් පිට නැගීයන්ට අසරුවන් සොයාගන්ට නුඹට පුළුවන් නම්, නුඹ අෂූර්හි රජවූ මාගේ ස්වාමියාට ඇපදුන්නොත්, මම නුඹට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. එසේ නුඹට බැරි නම් නුඹ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙක් වුවත් එළවාදමන්නේ කොහොමද? රථද අසරුවන්ද ගැන මිසරය කෙරෙහි විශ්වාසකරගන සිටිනවාද? මා දැන් මේ ස්ථානය විනාශකරන්ට ඊට විරුද්ධව ආවේ ස්වාමීන්වහන්සේ නැතුවද? මේ දේශයට විරුද්ධව ගොස් ඒක විනාශකරන්නැයි ස්වාමීන්වහන්සේ මට කීසේක කියා නුඹලා හෙසකියාට කියන්නැයි කීවේය. එකල හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම්ද ෂෙබ්නාද යෝවාද රබ්-ෂාකේ කථාකොට: පවුර පිට සිටින සෙනඟට ඇසෙන්ට යුදෙව් භාෂාවෙන් අපට කථානොකොට, නුඹේ මෙහෙකරුවන්වූ අපට සිරියේ භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් කථාකළමැනවැයි කීවෝය. එහෙත් රබ්-ෂාකේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ ස්වාමියා මේ වචන කියන්ට මා එවුවේ නුඹේ ස්වාමියාත් නුඹත් ළඟටද? නොහොත් පවුර පිට ඉන්න මනුෂ්‍යයන් නුඹලා සමඟ තමුන්ගේ අශූචි කන පිණිසත් තමුන්ගේ මූත්‍ර බොන පිණිසත් ඔවුන් ළඟට නොවේදැයි කීවේය. එවිට රබ්-ෂාකේ සිටගෙන යුදෙව් භාෂාවෙන් මහත් ශබ්දයකින් මොරගසා: අෂූර්හි රජ වන මහ රජ්ජුරුවන්ගේ වචන අසන්න. නුඹලා රවටන්ට හෙසකියාට ඉඩ නොදෙන්න. මක්නිසාද මාගේ අතින් නුඹලා ගළවාගන්ට ඔහුට බැරිය. ස්වාමීන්වහන්සේ සැබවින් අප ගළවාගන්නසේකැයි කියාද මේ නුවර අෂූර්හි රජු අතට අසුවෙන්නේ නැත කියාද ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලා විශ්වාසකරවන්ටත් ඉඩනාරින්න. හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. කුමක් හෙයින්ද අෂූර්හි රජ මෙසේ කියයි–මා හා සමඟ සමාදානයකට පැමිණ මා වෙතට එන්න; එවිට මම ඇවිත්, නුඹලාගේ දේශයට සමානවූ, ධාන්‍ය හා මුද්‍රිකපානය ඇති, කෑමද මිදිවතුද ඇති, ඔලීව තෙල්ද මීපැණිද ඇති දේශයකට නුඹලා ගෙනයන තුරු, නුඹලා එකිනෙකාට තම තමාගේ මුද්‍රික වැලෙන්ද තම තමාගේ අත්තික්කා ගසෙන්ද කන්ටත් තම තමාගේ ළිඳේ වතුර බොන්ටත් පුළුවන. මෙසේ නුඹලා නොනැසී ජීවත්වන්නහුය. ස්වාමීන්වහන්සේ අප ගළවාගන්නවා ඇත කියා හෙසකියා නුඹලා පොළඹවන කල ඔහුට ඇහුම්කන් නොදෙන්න. ජාතීන්ගේ දෙවිවරු තම තමුන්ගේ දේශ අෂූර්හි රජුගේ අතින් කිසිසේත් ගළවාගත්තෝද? හමාත්හිද අර්පාද්හිද දෙවිවරු කොයිද? සෙපර්වයිම්හිද හේනාහිද ඉව්වාහිද දෙවිවරු කොයිද? ඔව්හු සමාරිය මාගේ අතින් ගළවාගත්තෝද? ස්වාමීන්වහන්සේ යෙරුසලම මාගේ අතින් ගළවාගන්නවා ඇත කියා සිතන්ට පුළුවන් වන ලෙස දේශවල සියලු දෙවිවරුන් අතරෙන් තමුන්ගේ දේශ මාගේ අතින් ගළවාගත්තේ කොයි දෙවිවරුද කියා අසන්නේයයි කීවේය. නුමුත් සෙනඟ ඔහුට කිසි උත්තරයක් නොදී නිශ්ශබ්දව සිටියෝය. මක්නිසාද: ඔහුට උත්තරදෙන්ට එපාය කියා රජුගේ ආඥාවක් තිබුණේය. එවිට රජගෙදර ප්‍රධානියෝවූ හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම් නම් ගෘහාධිපතියාද ෂෙබ්නා ලේකම්ද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද තමුන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට ඇවිත්, රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්නුවෝය.

2 රාජාවලිය 18:9-37 Sinhala New Revised Version (NRSV)

ඒලාගේ පුත් ඉශ්රායෙල් රජ වූ හෝෂෙයාගේ සත් වන අවුරුද්ද වන හෙසකියා රජුගේ සතර වන අවුරුද්දේ දී අසිරියාවේ රජ වූ ෂල්මනෙසෙර් සමාරියට විරුද්ධ ව අවුත් එය වටලාගෙන, තුන් අවුරුද්දකට පසු එය අල්ලාගත්තේ ය. ඉශ්රායෙල් රජු වන හෝෂෙයාගේ නව වන අවුරුද්ද වන හෙසකියාගේ හය වන අවුරුද්දේ දී සමාරිය අල්ලාගන්න ලද්දේ ය. අසිරියාවේ රජ ද ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන්හි ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නගරවල ද පදිංචි කරවී ය. මෙසේ සිද්ධ වූයේ, ඔවුන් තම දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී උන් වහන්සේගේ ගිවිසුම වන, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් අණ කළ සියල්ල කඩ කළ නිසා ය. ඔව්හු ඒවා අසන්නට වත්, කරන්නට වත් නොකැමැති වූ හ. හෙසකියා රජුගේ දහහතර වන අවුරුද්දේ දී අසිරියාවේ රජ වූ සෙනකෙරිබ් ජුදාහි රජවරුන්ගේ නගරවලට විරුද්ධ ව අවුත් ඒවා අල්ලාගත්තේ ය. එවිට ජුදාහි රජු වන හෙසකියා, “මම වරද කෙළෙමි; මා වෙතින් හැරී ගිය මැනව. ඔබ මට පවරන හැම දෙයක් ම භාර ගනිමි”යි ලාකීෂ්හි සිටි අසිරියාවේ රජුට කියා යැවී ය. අසිරියාවේ රජ ද රිදී කිලෝග්‍රෑම් දසදහසක් ද රන් කිලෝග්‍රෑම් දහසක් ද දෙන්නට ජුදාහි රජ වූ හෙසකියාට නියම කෙළේ ය. හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ ගෙදර ගබඩාවලත් තිබූ රිදී සියල්ල ඔහුට දුන්නේ ය. ඒ කාලයෙහි හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරටුවලින් ද ජුදාහි රජ වූ හෙසකියා රනින් වැසූ කුළුණුවලින් ද රන් ඉවත් කරගෙන ඒවා අසිරියාවේ රජුට දුන්නේ ය. එහෙත්, අසිරියාවේ රජ ලාකීෂ්හි සිට තර්තාන් ද රබ්-සාරිස් ද රබ්-ෂාකේ ද යන නිලධාරීන් විශාල සේනාවක් සමඟ හෙසකියා රජු වෙත ජෙරුසලමට යැවී ය. ඔව්හු අවුත් ජෙරුසලමට පැමිණියහ. තවද, ඔව්හු රජකයන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජු කැඳවූ හ. එවිට, රජ ගෙදර ප්‍රධානියා වූ හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත් ජෝවා ද පිටත් ව ඔවුන් ළඟට ගියෝ ය. එවිට රබ්-ෂාකේ ඔවුන්ට කතා කොට, “අසිරියාවේ රජු වන මහා රජතුමාණෝ මෙසේ කියන්නාහ: ‘ඔබ කුමක් කෙරෙහි විශ්වාසය තබන්නහු ද? යුද බලය හා ශූරතාව වෙනුවට හිස් දඬුවම් සෑහේ යයි ඔබ සිතන්නෙහි ද? එහෙත්, ඒවා හිස් වචන වේ. ඉතින් ඔබ මට විරුද්ධ ව කැරලි ගැසුවේ කවරෙකු කෙරෙහි විශ්වාස කරගෙන ද? මෙන්න, ඔබ විශ්වාස කරන්නේ ඒ තැළුණ බට දණ්ඩ වන මිසරය කෙරෙහි ය. යමෙකු ඊට බර වුණොත් එය ඔහුගේ අතට ඇනී හිල් වෙයි. මිසරයේ රජු වන පාරාවෝ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට ඔහු එලෙස කරන්නේ ය. ‘එහෙත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමු යයි ඔබ හැම සමහර විට මට කියනු ඇත. එහෙත්, ඔබ හැම ජෙරුසලමෙහි මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාර කළ යුතු යයි ජුදාවරුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් කියා හෙසකියා උන් වහන්සේගේ කඳු මත පූජාස්ථාන ද පූජාසන ද පහකර දැමුවා නොවේ ද? ඉතින් අශ්වයන් පිට නැඟී යන්නට අසරුවන් සොයන්නට ඔබට පුළුවන් නම්, ඔබ අසිරිය රජු වන මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. එසේ ඔබට බැරි නම්, ඔබ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුවත් එලවාදමන්නේ කෙසේ ද? අශ්ව රථ ද අසරුවන් ද ගැන මිසරය කෙරෙහි විශ්වාසය තබා සිටින්නහු ද? මා දැන් මේ ස්ථානය විනාශ කරන්නට ඊට විරුද්ධ ව ආවේ සමිඳාණන් වහන්සේ නැතිව ද? මේ දේශයට විරුද්ධ ව ගොස් එය විනාශ කරන්නැ යි සමිඳාණන් වහන්සේ මට වදාළ සේක’ කියා ඔබ හැම හෙසකියාට කියන්නැ”යි කී ය. එකල හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ද ජෝවා ද රබ්-ෂාකේට කතා කොට, “පවුර පිට සිටින සෙනඟට ඇසෙන්නට ජුදෙව් භාෂාවෙන් අපට කතා නොකොට, ඔබේ මෙහෙකරුවන් වන අපට සිරියන් භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් කතා කළ මැනවැ”යි කී හ. එහෙත්, රබ්-ෂාකේ ඔවුන්ට උත්තර දෙමින්, “මාගේ ස්වාමියා මේ වචන කියන්නට මා එවුවේ, ඔබේ ස්වාමියා හා ඔබ ළඟට ද? නොහොත් පවුර පිට සිටින මනුෂ්‍යයන් ඔබ සමඟ තමන්ගේ අශූචි කන පිණිසත්, තමන්ගේ මුත්‍රා බොන පිණිසත් ඔවුන් ළඟට නොවේ දැ”යි කී ය. එවිට රබ්-ෂාකේ සිටගෙන ජුදෙව් භාෂාවෙන් මහා ශබ්දයකින් මොරගසා මෙසේ කීවේ ය: “අසිරියාවේ රජු වන මහා රජතුමාගේ වචන අසන්න. ඔබ රවටන්න හෙසකියාට ඉඩ නොදෙන්න. මාගේ අතින් ඔබ ගළවන්නට ඔහුට බැරි ය. සමිඳාණන් වහන්සේ සැබැවින් ම අප ගළවන සේක කියා ද මේ නුවර අසිරියාවෙහි රජු අතට අසුවන්නේ නැත කියා ද සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාස කරවන්නටත් ඉඩ නාරින්න. හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. කුමක් හෙයින් ද අසිරියාවේ රජ මෙසේ කියයි: ‘මා හා සමඟ සාමදානයකට පැමිණ මා වෙත එන්න. එවිට මම අවුත් ඔබේ දේශයට සමාන වන ධාන්‍ය හා මුද්‍රික පානය ඇති, කෑම ද මිදි වතු ද ඇති, ඔලීව තෙල් ද මී පැණි ද ඇති දේශයකට ඔබ ගෙනයන තුරු, ඔබ එකිනෙකාට තම තමාගේ මුද්‍රික වැලෙන් ද තම තමාගේ අත්තික්කා ගසෙන් ද කන්නටත්, තම තමාගේ ළිඳේ වතුර බොන්නටත් පුළුවන. මෙසේ ඔබ නොනැසී ජීවත් වන්නහු ය. සමිඳාණන් වහන්සේ අප ගළවාගන්න සේක කියා හෙසකියා ඔබ පොළඹවන කල ඔහුට සවන් නොදෙන්න. විජාතීන්ගේ දෙවිවරු තම තමන්ගේ දේශ අසිරියාවේ රජුගේ අතින් කිසි සේත් ගළවාගත්තෝ ද? හමාත්හි ද අර්පාද්හි ද දෙවිවරු කොයි ද? සෙපර්වයිම්හි ද හේනාහි ද ඉව්වාහි ද දෙවිවරු කොහි ද? ඔව්හු සමාරිය මාගේ අතින් ගළවාගත්තෝ ද? සමිඳාණන් වහන්සේ ජෙරුසලම මාගේ අතින් ගළවාගන්න සේක කියා සිතන්නට පුළුවන් වන ලෙස, දේශවල සියලු දෙවිවරුන් අතරෙන් තමන්ගේ දේශ මාගේ අතින් ගළවා ගත්තේ කොයි දෙවිවරු දැ’යි අසන්නේ ය.” එහෙත්, සෙනඟ ඔහුට කිසි උත්තරයක් නො දී නිශ්ශබ්ද ව සිටියෝ ය. මන්ද, “ඔහුට උත්තර දෙන්න එපා ය”යි රජුගේ ආඥාවක් පනවා තිබිණි. එවිට රජ ගෙදර ප්‍රධානියන් වන හිල්කියාගේ පුත් එලියාකිම් නම් ගෘහාධිපතියා ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරු වන ආසාප්ගේ පුත් ජෝවා ද දුකින් තමන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට අවුත් රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්වූ හ.

2 රාජාවලිය 18:9-37 Sinhala New Revised Version 2018 (SNRV)

ඒලාගේ පුත් ඉශ්රායෙල් රජ වූ හෝෂෙයාගේ සත් වන අවුරුද්ද වන හෙසකියා රජුගේ සතර වන අවුරුද්දේ දී අසිරියාවේ රජ වූ ෂල්මනෙසෙර් සමාරියට විරුද්ධ ව අවුත් එය වටලාගෙන, තුන් අවුරුද්දකට පසු එය අල්ලාගත්තේ ය. ඉශ්රායෙල් රජු වන හෝෂෙයාගේ නව වන අවුරුද්ද වන හෙසකියාගේ හය වන අවුරුද්දේ දී සමාරිය අල්ලාගන්න ලද්දේ ය. අසිරියාවේ රජ ද ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන්හි ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නගරවල ද පදිංචි කරවී ය. මෙසේ සිද්ධ වූයේ, ඔවුන් තම දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී උන් වහන්සේගේ ගිවිසුම වන, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් අණ කළ සියල්ල කඩ කළ නිසා ය. ඔව්හු ඒවා අසන්නට වත්, කරන්නට වත් නොකැමැති වූ හ. හෙසකියා රජුගේ දහහතර වන අවුරුද්දේ දී අසිරියාවේ රජ වූ සෙනකෙරිබ් ජුදාහි රජවරුන්ගේ නගරවලට විරුද්ධ ව අවුත් ඒවා අල්ලාගත්තේ ය. එවිට ජුදාහි රජු වන හෙසකියා, “මම වරද කෙළෙමි; මා වෙතින් හැරී ගිය මැනව. ඔබ මට පවරන හැම දෙයක් ම භාර ගනිමි”යි ලාකීෂ්හි සිටි අසිරියාවේ රජුට කියා යැවී ය. අසිරියාවේ රජ ද රිදී කිලෝග්‍රෑම් දසදහසක් ද රන් කිලෝග්‍රෑම් දහසක් ද දෙන්නට ජුදාහි රජ වූ හෙසකියාට නියම කෙළේ ය. හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ ගෙදර ගබඩාවලත් තිබූ රිදී සියල්ල ඔහුට දුන්නේ ය. ඒ කාලයෙහි හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරටුවලින් ද ජුදාහි රජ වූ හෙසකියා රනින් වැසූ කුලුණුවලින් ද රන් ඉවත් කරගෙන ඒවා අසිරියාවේ රජුට දුන්නේ ය. එහෙත්, අසිරියාවේ රජ ලාකීෂ්හි සිට තර්තාන් ද රබ්-සාරිස් ද රබ්-ෂාකේ ද යන නිලධාරීන් විශාල සේනාවක් සමඟ හෙසකියා රජු වෙත ජෙරුසලමට යැවී ය. ඔව්හු අවුත් ජෙරුසලමට පැමිණියහ. තවද, ඔව්හු රජකයන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජු කැඳවූ හ. එවිට, රජ ගෙදර ප්‍රධානියා වූ හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත් ජෝවා ද පිටත් ව ඔවුන් ළඟට ගියෝ ය. එවිට රබ්-ෂාකේ ඔවුන්ට කතා කොට, “අසිරියාවේ රජු වන මහා රජතුමාණෝ මෙසේ කියන්නාහ: ‘ඔබ කුමක් කෙරෙහි විශ්වාසය තබන්නහු ද? යුද බලය හා ශූරතාව වෙනුවට හිස් දඬුවම් සෑහේ යයි ඔබ සිතන්නෙහි ද? එහෙත්, ඒවා හිස් වචන වේ. ඉතින් ඔබ මට විරුද්ධ ව කැරලි ගැසුවේ කවරෙකු කෙරෙහි විශ්වාස කරගෙන ද? මෙන්න, ඔබ විශ්වාස කරන්නේ ඒ තැළුණ බට දණ්ඩ වන මිසරය කෙරෙහි ය. යමෙකු ඊට බර වුණොත් එය ඔහුගේ අතට ඇනී හිල් වෙයි. මිසරයේ රජු වන පාරාවෝ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට ඔහු එලෙස කරන්නේ ය. ‘එහෙත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමු යයි ඔබ හැම සමහර විට මට කියනු ඇත. එහෙත්, ඔබ හැම ජෙරුසලමෙහි මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාර කළ යුතු යයි ජුදාවරුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් කියා හෙසකියා උන් වහන්සේගේ කඳු මත පූජාස්ථාන ද පූජාසන ද පහකර දැමුවා නොවේ ද? ඉතින් අශ්වයන් පිට නැඟී යන්නට අසරුවන් සොයන්නට ඔබට පුළුවන් නම්, ඔබ අසිරිය රජු වන මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. එසේ ඔබට බැරි නම්, ඔබ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුවත් එලවාදමන්නේ කෙසේ ද? අශ්ව රථ ද අසරුවන් ද ගැන මිසරය කෙරෙහි විශ්වාසය තබා සිටින්නහු ද? මා දැන් මේ ස්ථානය විනාශ කරන්නට ඊට විරුද්ධ ව ආවේ සමිඳාණන් වහන්සේ නැතිව ද? මේ දේශයට විරුද්ධ ව ගොස් එය විනාශ කරන්නැ යි සමිඳාණන් වහන්සේ මට වදාළ සේක’ කියා ඔබ හැම හෙසකියාට කියන්නැ”යි කී ය. එකල හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ද ජෝවා ද රබ්-ෂාකේට කතා කොට, “පවුර පිට සිටින සෙනඟට ඇසෙන්නට ජුදෙව් භාෂාවෙන් අපට කතා නොකොට, ඔබේ මෙහෙකරුවන් වන අපට සිරියන් භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් කතා කළ මැනවැ”යි කී හ. එහෙත්, රබ්-ෂාකේ ඔවුන්ට උත්තර දෙමින්, “මාගේ ස්වාමියා මේ වචන කියන්නට මා එවුවේ, ඔබේ ස්වාමියා හා ඔබ ළඟට ද? නොහොත් පවුර පිට සිටින මනුෂ්‍යයන් ඔබ සමඟ තමන්ගේ අශූචි කන පිණිසත්, තමන්ගේ මුත්‍රා බොන පිණිසත් ඔවුන් ළඟට නොවේ දැ”යි කී ය. එවිට රබ්-ෂාකේ සිටගෙන ජුදෙව් භාෂාවෙන් මහා ශබ්දයකින් මොරගසා මෙසේ කීවේ ය: “අසිරියාවේ රජු වන මහා රජතුමාගේ වචන අසන්න. ඔබ රවටන්න හෙසකියාට ඉඩ නොදෙන්න. මාගේ අතින් ඔබ ගළවන්නට ඔහුට බැරි ය. සමිඳාණන් වහන්සේ සැබැවින් ම අප ගළවන සේක කියා ද මේ නුවර අසිරියාවෙහි රජු අතට අසුවන්නේ නැත කියා ද සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාස කරවන්නටත් ඉඩ නාරින්න. හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. කුමක් හෙයින් ද අසිරියාවේ රජ මෙසේ කියයි: ‘මා හා සමඟ සාමදානයකට පැමිණ මා වෙත එන්න. එවිට මම අවුත් ඔබේ දේශයට සමාන වන ධාන්‍ය හා මුද්‍රික පානය ඇති, කෑම ද මිදි වතු ද ඇති, ඔලීව තෙල් ද මී පැණි ද ඇති දේශයකට ඔබ ගෙනයන තුරු, ඔබ එකිනෙකාට තම තමාගේ මුද්‍රික වැලෙන් ද තම තමාගේ අත්තික්කා ගසෙන් ද කන්නටත්, තම තමාගේ ළිඳේ වතුර බොන්නටත් පුළුවන. මෙසේ ඔබ නොනැසී ජීවත් වන්නහු ය. සමිඳාණන් වහන්සේ අප ගළවාගන්න සේක කියා හෙසකියා ඔබ පොළඹවන කල ඔහුට සවන් නොදෙන්න. විජාතීන්ගේ දෙවිවරු තම තමන්ගේ දේශ අසිරියාවේ රජුගේ අතින් කිසි සේත් ගළවාගත්තෝ ද? හමාත්හි ද අර්පාද්හි ද දෙවිවරු කොයි ද? සෙපර්වයිම්හි ද හේනාහි ද ඉව්වාහි ද දෙවිවරු කොහි ද? ඔව්හු සමාරිය මාගේ අතින් ගළවාගත්තෝ ද? සමිඳාණන් වහන්සේ ජෙරුසලම මාගේ අතින් ගළවාගන්න සේක කියා සිතන්නට පුළුවන් වන ලෙස, දේශවල සියලු දෙවිවරුන් අතරෙන් තමන්ගේ දේශ මාගේ අතින් ගළවා ගත්තේ කොයි දෙවිවරු දැ’යි අසන්නේ ය.” එහෙත්, සෙනඟ ඔහුට කිසි උත්තරයක් නො දී නිශ්ශබ්ද ව සිටියෝ ය. මන්ද, “ඔහුට උත්තර දෙන්න එපා ය”යි රජුගේ ආඥාවක් පනවා තිබිණි. එවිට රජ ගෙදර ප්‍රධානියන් වන හිල්කියාගේ පුත් එලියාකිම් නම් ගෘහාධිපතියා ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරු වන ආසාප්ගේ පුත් ජෝවා ද දුකින් තමන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට අවුත් රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්වූ හ.

2 රාජාවලිය 18:9-37 New International Version (NIV)

In King Hezekiah’s fourth year, which was the seventh year of Hoshea son of Elah king of Israel, Shalmaneser king of Assyria marched against Samaria and laid siege to it. At the end of three years the Assyrians took it. So Samaria was captured in Hezekiah’s sixth year, which was the ninth year of Hoshea king of Israel. The king of Assyria deported Israel to Assyria and settled them in Halah, in Gozan on the Habor River and in towns of the Medes. This happened because they had not obeyed the LORD their God, but had violated his covenant—all that Moses the servant of the LORD commanded. They neither listened to the commands nor carried them out. In the fourteenth year of King Hezekiah’s reign, Sennacherib king of Assyria attacked all the fortified cities of Judah and captured them. So Hezekiah king of Judah sent this message to the king of Assyria at Lachish: “I have done wrong. Withdraw from me, and I will pay whatever you demand of me.” The king of Assyria exacted from Hezekiah king of Judah three hundred talents of silver and thirty talents of gold. So Hezekiah gave him all the silver that was found in the temple of the LORD and in the treasuries of the royal palace. At this time Hezekiah king of Judah stripped off the gold with which he had covered the doors and doorposts of the temple of the LORD, and gave it to the king of Assyria. The king of Assyria sent his supreme commander, his chief officer and his field commander with a large army, from Lachish to King Hezekiah at Jerusalem. They came up to Jerusalem and stopped at the aqueduct of the Upper Pool, on the road to the Washerman’s Field. They called for the king; and Eliakim son of Hilkiah the palace administrator, Shebna the secretary, and Joah son of Asaph the recorder went out to them. The field commander said to them, “Tell Hezekiah: “ ‘This is what the great king, the king of Assyria, says: On what are you basing this confidence of yours? You say you have the counsel and the might for war—but you speak only empty words. On whom are you depending, that you rebel against me? Look, I know you are depending on Egypt, that splintered reed of a staff, which pierces the hand of anyone who leans on it! Such is Pharaoh king of Egypt to all who depend on him. But if you say to me, “We are depending on the LORD our God”—isn’t he the one whose high places and altars Hezekiah removed, saying to Judah and Jerusalem, “You must worship before this altar in Jerusalem”? “ ‘Come now, make a bargain with my master, the king of Assyria: I will give you two thousand horses—if you can put riders on them! How can you repulse one officer of the least of my master’s officials, even though you are depending on Egypt for chariots and horsemen? Furthermore, have I come to attack and destroy this place without word from the LORD? The LORD himself told me to march against this country and destroy it.’ ” Then Eliakim son of Hilkiah, and Shebna and Joah said to the field commander, “Please speak to your servants in Aramaic, since we understand it. Don’t speak to us in Hebrew in the hearing of the people on the wall.” But the commander replied, “Was it only to your master and you that my master sent me to say these things, and not to the people sitting on the wall—who, like you, will have to eat their own excrement and drink their own urine?” Then the commander stood and called out in Hebrew, “Hear the word of the great king, the king of Assyria! This is what the king says: Do not let Hezekiah deceive you. He cannot deliver you from my hand. Do not let Hezekiah persuade you to trust in the LORD when he says, ‘The LORD will surely deliver us; this city will not be given into the hand of the king of Assyria.’ “Do not listen to Hezekiah. This is what the king of Assyria says: Make peace with me and come out to me. Then each of you will eat fruit from your own vine and fig tree and drink water from your own cistern, until I come and take you to a land like your own—a land of grain and new wine, a land of bread and vineyards, a land of olive trees and honey. Choose life and not death! “Do not listen to Hezekiah, for he is misleading you when he says, ‘The LORD will deliver us.’ Has the god of any nation ever delivered his land from the hand of the king of Assyria? Where are the gods of Hamath and Arpad? Where are the gods of Sepharvaim, Hena and Ivvah? Have they rescued Samaria from my hand? Who of all the gods of these countries has been able to save his land from me? How then can the LORD deliver Jerusalem from my hand?” But the people remained silent and said nothing in reply, because the king had commanded, “Do not answer him.” Then Eliakim son of Hilkiah the palace administrator, Shebna the secretary, and Joah son of Asaph the recorder went to Hezekiah, with their clothes torn, and told him what the field commander had said.