2 රාජාවලිය 17:7-18
2 රාජාවලිය 17:7-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එසේ වූයේ ඊජිප්තුවේ රජු වූ පාරාවෝ අතින් මුදා, ඊජිප්තුවෙන් පිටතට ඔවුන් ගෙන ආ තැනැන්වහන්සේ වන ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව ඉශ්‍රායෙල් පව් කළ නිසා ය. ඔවුහු අන් දෙවිවරුන්ට වැඳුම් පිදුම් කරමින්, ඉශ්‍රායෙල් ජනයා ඉදිරිපිටින් ස්වාමින්වහන්සේ පන්නා දැමූ ජාතීන්ගේ චාරිත්‍ර හා ඉශ්‍රායෙල් රජවරුන් හඳුන්වා දුන් චාරිත්‍රවල ගැලුණහ. ඉශ්‍රායෙල්වරුන් තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව නුසුදුසු දෑ රහසිගත ව කළහ. මුර කොටු පටන් බළකොටු පුරවර දක්වා ඔවුහු තමන්ගේ හැම නගරයක ම තමන්ට උස් තැන් පුදසුන් සාදා ගත්හ. ඔවුහු හැම උස් හෙලකම හා අතු විහිදුණු හැම ගසක් යට රූප ස්තම්භ ද අෂේරා කණු ද පිහිටුවා ගත්හ. ස්වාමින්වහන්සේ ඔවුන් ඉදිරිපිටින් පන්නා දැමූ ජාතීන් කළ පරිදි ඔවුහු හැම උස් තැන් පුදසුනක ම සුවඳ දුම් දැවූහ. ඔවුහු ස්වාමින්වහන්සේ උදහස් කරවන දුෂ්ටකම් කළෝ ය. “ඔබ මෙසේ නො කළ යුතු යැ” යි ස්වාමින්වහන්සේ ඔවුන්ට පවසා තිබුණ ද ඔවුහු පිළිමවලට වැඳුම් පිදුම් කළහ. “ඔබේ නපුරු මාර්ගවලින් ඉවත හැරෙන්න. කීකරු වීමට මා නුඹලාගේ පියවරුන්ට අණ කළ හා මගේ සේවක දිවැසිවරුන් මගින් ඔබ අතට පත් කළ මුළු ව්‍යවස්ථාවට අනුව මගේ ආඥා හා මගේ නියෝග රක්ෂා කරන්නැ” යි ස්වාමින්වහන්සේ තම සියලු දිවැසිවරුන් හා අනාගතවක්තෘවරුන් මගින් ඉශ්‍රායෙල්ට හා යූදාට අනතුරු අඟවා තිබිණි. එහෙත් ඔවුන් ඊට සවන් නුදුන්නේ තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය නො තැබූ තම ආදි පියවරුන් මෙන් මුරණ්ඩුකමිනි. උන්වහන්සේගේ නියෝග ද උන්වහන්සේ ඔවුන්ගේ පියවරුන් සමඟ කර තිබූ ගිවිසුම ද උන්වහන්සේ ඔවුන්ට අවවාද කර තිබූ පනත් ද ඔවුහු ප්‍රතික්ෂේප කළහ. ඔවුහු වැදගැම්මකට නැති පිළිම පසු පස යමින් තමන් ද වැදගැම්මකට නැත්තෝ වූහ. “ඔවුන් අනුකරණ නො කරන්නැ” යි ස්වාමින්වහන්සේ ඔවුන්ට නියෝග කර තිබුණත්, ඔවුහු තමන් වටා සිටි ජාතීන් අනුකරණ කළහ. ඔවුහු තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ සියලු ආඥා අත්හැර, තමන්ට වාත්තු කළ වසු පැටි පිළිම දෙකක් හා අෂේරා රූප ස්තම්භයක් සාදා ගෙන, සියලු ග්‍රහ-තරු සේනාවට නමස්කාර කරමින්, බාල් දෙවියාටත් සේවය කළහ. ඔවුහු තම පුතුන් හා දූවරුන් ගින්නෙන් පූජා කළහ. ඔවුහු පේනකීම්වල ද නිමිති බැලීම්වල ද නිරත වූහ. ඔවුහු ස්වාමින්වහන්සේ කුපිත කරවමින් උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කරන්නට තමන් ම බාර වූහ. එබැවින් ස්වාමින්වහන්සේ, ඉශ්‍රායෙල් සමඟ බෙහෙවින් කෝප වී, තමන් අබියසින් ඔවුන් ඉවත් කර දැමූ සේක. ඉතිරි වූයේ යූදා ගෝත්‍ර වංශය පමණි.
2 රාජාවලිය 17:7-18 Sinhala Revised Old Version (SROV)
එසේ වුණේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඵාරාවෝගේ අත යටතින් තමුන් නිදහස්කොට මිසර දේශයෙන් ගෙනාවාවූ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කරමින්, වෙන දෙවිවරුන්ට භයව, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පනත්වලද ඉශ්‍රායෙල් රජුන් සාදාගත් පනත්වලද හැටියට හැසුරුණු නිසාය. තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව අයුතු දේවල් රහසින් කරමින්, මුරකාරයන්ගේ කොටු පටන් පවුරු ඇති නුවර දක්වා තමුන්ගේ හැම නුවරවල උස් තැන් සාදාගෙන, උස්වූ සියලු හෙල් පිටද සියලු විශාල ගස් යටද රූපස්තම්භ සහ අෂේරා කණු පිහිටුවාගෙන, ඔවුන් ඉදිරියෙන් ස්වාමීන්වහන්සේ ගෙන ගිය ජාතීන් කළාක් මෙන් ඒ සියලු උස්තැන්වල සුවඳ දුම් ඔප්පුකළෝය; ස්වාමීන්වහන්සේට උදහස උපදවන හැටියට නපුරු දේවල්ද කළෝය. රූපවලට සේවය නොකරන්නැයි ස්වාමීන්වහන්සේ ඔවුන්ට කී නුමුත් ඔව්හු ඒ දේ කළෝය. එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ සියලු ප්‍රොපේතවරුන්ද දර්ශකයන්ද ලවා ඉශ්‍රායෙල්වරුන්ටත් යූදාවරුන්ටත් අවවාද කරවමින්: නුඹලාගේ නපුරු මාර්ගවලින් අහක්වී, නුඹලාගේ පියවරුන්ට මා අණකළාවූ, මාගේ සේවකයන්වූ ප්‍රොපේතවරුන් අත නුඹලාට එවුවාවූ මාගේ මුළු ව්‍යවස්ථාවේ හැටියට මාගේ ආඥා පවත්වන්නැයි කීසේක. නුමුත් ඔව්හු ඇහුම්කන් නොදී, තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි නොඇදහු ඔවුන්ගේ පියවරුන්ගේ කුළල් මෙන් තමුන්ගේ කුළල් තදකරගෙන, උන්වහන්සේගේ පනත්ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුමද ඔවුන්ට උන්වහන්සේ දුන්නාවූ උන්වහන්සේගේ අවවාදවල්ද ඔවුන් එපාකර, නිස්සාරකම අනුව ගොස්, නිස්සාරකම් කරමින්, ඔවුන් වටකර සිටි ජාතීන් මෙන් නොකරන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණ කළ නුමුත්, ඒ ජාතීන් අනුව ගියෝය. ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා අත්හැර, වාත්තුකළ පිළිම වන වස්සන් දෙන්නෙක්ද අෂේරා කණුවක්ද සාදාගන, මුළු අහස් සේනාවට නමස්කාරකරමින්, බාල්ට සේවයකළෝය. ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගිනි මැදින් යවා පූජාකළෝය, පේනකීමද ශාස්ත්‍රබැලීමද භාවිතාකළෝය, ස්වාමීන්වහන්සේ උදහස්කරවන ලෙස උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කිරීමටද භාරවුණේය. ඒ නිසා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඉතා උදහස්වී තමන්ගේ ඇස් හමුයෙන් ඔවුන් පහකළසේක. ඉතුරුවුණේ යූදා ගෝත්‍රය පමණක්ය.
2 රාජාවලිය 17:7-18 Sinhala New Revised Version (NRSV)
එසේ වූයේ, ඉශ්රායෙල් ජනයා පාරාවෝ රජුගේ බලයෙන් නිදහස් කොට මිසර දේශයෙන් ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කරමින් වෙන දෙවිවරුන්ට බිය ව, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් පන්නාදැමූ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව ද හැසුරුණු නිසා ය. තවද, ඉශ්රායෙල් ජනයා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අයුතු දේවල් රහසින් කරමින්, මුරකාරයන්ගේ කොටු පටන් පවුරු ඇති නගර දක්වා තමන්ගේ හැම නගරයක ගිරිකුළු දේවාල සාදාගෙන, උස් වූ සියලු හෙල් පිට ද සියලු අතු පතර ඇති විශාල ගස් යට ද රූපස්තම්භ සහ අෂේරා කප් කණු පිහිටුවාගෙන, ඔවුන් ඉදිරියෙන් සමිඳාණන් වහන්සේ ගෙන ගිය විජාතීන් කළ පරිදි ඒ සියලු ගිරිකුළු දේවාලවල සුවඳ දුම් ඔප්පු කළෝ ය. සමිඳාණන් වහන්සේ උදහස් කරන අන්දමේ නපුරු දේවල් ද කළෝ ය. ‘රූපවලට වැඳුම්පිදුම් නොකරන්නැ’යි සමිඳාණන් වහන්සේ ඔවුන්ට වදාළ නමුත් ඔව්හු ඒ දේ කළෝ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු දිවැසිවරුන් ද දර්ශකයන් ද ලවා ඉශ්රායෙල්වරුන්ටත්, ජුදාවරුන්ටත් අවවාද කරමින්, “නුඹලාගේ නපුරු මාර්ගවලින් ඉවත් වී, නුඹලාගේ පියවරුන්ට මා අණ කළ, මාගේ සේවකයන් වන දිවැසිවරුන් අත නුඹලාට එවූ මාගේ මුළු ව්‍යවස්ථාව අනුව මාගේ ආඥා පවත්වන්නැ”යි වදාළ සේක. එහෙත්, ඔව්හු සවන් නො දී, තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නොඇදහු ඔවුන්ගේ පියවරුන් මුරණ්ඩු වූ ලෙස තමන්ගේ මුරණ්ඩුකම් වැඩිකරගෙන, උන් වහන්සේගේ පණත් ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළ උන් වහන්සේගේ ගිවිසුම ද ඔවුන්ට උන් වහන්සේ දුන් උන් වහන්සේගේ අවවාද ද එපා කර, වැදගැම්මක් නැති නිෂ්ඵල රූපවලට නමස්කාර කොට, වැදගැම්මක් නැති අය වෙමින් ඔවුන් වටකර සිටි විජාතීන් මෙන් නොකරන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ට අණ කළ නමුත්, ඒ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව හැසුරුණෝ ය. ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා අත්හැර, වාත්තු කළ පිළිම වන වස්සන් දෙදෙනෙකු ද අෂේරා කප් කණු ද සාදා ගෙන ආකාශ වස්තූන් සියල්ලට නමස්කාර කරමින්, බාල් දෙවියාට සේවය කළෝ ය. ඔව්හු තමන්ගේ පුත්‍රයන් ද දූවරුන් ද ගිනි මැදින් යවා පූජා කළෝ ය. පේන කීම ද ශාස්ත්‍ර බැලීම ද භාවිතා කළෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ උදහස් කරවන ලෙස උන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමට ද භාර වූ හ. ඒ නිසා සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඉතා උදහස් වී තමන්ගේ ඇස් හමුයෙන් ඔවුන් පහකළ සේක. ඉතිරි වූයේ ජුදා ගෝත්‍රය පමණකි.
2 රාජාවලිය 17:7-18 Sinhala New Revised Version 2018 (SNRV)
එසේ වූයේ, ඉශ්රායෙල් ජනයා පාරාවෝ රජුගේ බලයෙන් නිදහස් කොට මිසර දේශයෙන් ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කරමින් වෙන දෙවිවරුන්ට බිය ව, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් පන්නාදැමූ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව ද හැසුරුණු නිසා ය. තවද, ඉශ්රායෙල් ජනයා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අයුතු දේවල් රහසින් කරමින්, මුරකාරයන්ගේ කොටු පටන් පවුරු ඇති නගර දක්වා තමන්ගේ හැම නගරයක ගිරිකුළු දේවාල සාදාගෙන, උස් වූ සියලු හෙල් පිට ද සියලු අතු පතර ඇති විශාල ගස් යට ද රූපස්තම්භ සහ අෂේරා කප් කණු පිහිටුවාගෙන, ඔවුන් ඉදිරියෙන් සමිඳාණන් වහන්සේ ගෙන ගිය විජාතීන් කළ පරිදි ඒ සියලු ගිරිකුළු දේවාලවල සුවඳ දුම් ඔප්පු කළෝ ය. සමිඳාණන් වහන්සේ උදහස් කරන අන්දමේ නපුරු දේවල් ද කළෝ ය. ‘රූපවලට වැඳුම්පිදුම් නොකරන්නැ’යි සමිඳාණන් වහන්සේ ඔවුන්ට වදාළ නමුත් ඔව්හු ඒ දේ කළෝ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු දිවැසිවරුන් ද දර්ශකයන් ද ලවා ඉශ්රායෙල්වරුන්ටත්, ජුදාවරුන්ටත් අවවාද කරමින්, “නුඹලාගේ නපුරු මාර්ගවලින් ඉවත් වී, නුඹලාගේ පියවරුන්ට මා අණ කළ, මාගේ සේවකයන් වන දිවැසිවරුන් අත නුඹලාට එවූ මාගේ මුළු ව්‍යවස්ථාව අනුව මාගේ ආඥා පවත්වන්නැ”යි වදාළ සේක. එහෙත්, ඔව්හු සවන් නො දී, තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නොඇදහු ඔවුන්ගේ පියවරුන් මුරණ්ඩු වූ ලෙස තමන්ගේ මුරණ්ඩුකම් වැඩිකරගෙන, උන් වහන්සේගේ පනත් ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළ උන් වහන්සේගේ ගිවිසුම ද ඔවුන්ට උන් වහන්සේ දුන් උන් වහන්සේගේ අවවාද ද එපා කර, වැදගැම්මක් නැති නිෂ්ඵල රූපවලට නමස්කාර කොට, වැදගැම්මක් නැති අය වෙමින් ඔවුන් වටකර සිටි විජාතීන් මෙන් නොකරන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ට අණ කළ නමුත්, ඒ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව හැසුරුණෝ ය. ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා අත්හැර, වාත්තු කළ පිළිම වන වස්සන් දෙදෙනෙකු ද අෂේරා කප් කණු ද සාදා ගෙන ආකාශ වස්තූන් සියල්ලට නමස්කාර කරමින්, බාල් දෙවියාට සේවය කළෝ ය. ඔව්හු තමන්ගේ පුත්‍රයන් ද දූවරුන් ද ගිනි මැදින් යවා පූජා කළෝ ය. පේන කීම ද ශාස්ත්‍ර බැලීම ද භාවිතා කළෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ උදහස් කරවන ලෙස උන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමට ද භාර වූ හ. ඒ නිසා සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඉතා උදහස් වී තමන්ගේ ඇස් හමුයෙන් ඔවුන් පහකළ සේක. ඉතිරි වූයේ ජුදා ගෝත්‍රය පමණකි.
2 රාජාවලිය 17:7-18 New International Version (NIV)
All this took place because the Israelites had sinned against the LORD their God, who had brought them up out of Egypt from under the power of Pharaoh king of Egypt. They worshiped other gods and followed the practices of the nations the LORD had driven out before them, as well as the practices that the kings of Israel had introduced. The Israelites secretly did things against the LORD their God that were not right. From watchtower to fortified city they built themselves high places in all their towns. They set up sacred stones and Asherah poles on every high hill and under every spreading tree. At every high place they burned incense, as the nations whom the LORD had driven out before them had done. They did wicked things that aroused the LORD’s anger. They worshiped idols, though the LORD had said, “You shall not do this.” The LORD warned Israel and Judah through all his prophets and seers: “Turn from your evil ways. Observe my commands and decrees, in accordance with the entire Law that I commanded your ancestors to obey and that I delivered to you through my servants the prophets.” But they would not listen and were as stiff-necked as their ancestors, who did not trust in the LORD their God. They rejected his decrees and the covenant he had made with their ancestors and the statutes he had warned them to keep. They followed worthless idols and themselves became worthless. They imitated the nations around them although the LORD had ordered them, “Do not do as they do.” They forsook all the commands of the LORD their God and made for themselves two idols cast in the shape of calves, and an Asherah pole. They bowed down to all the starry hosts, and they worshiped Baal. They sacrificed their sons and daughters in the fire. They practiced divination and sought omens and sold themselves to do evil in the eyes of the LORD, arousing his anger. So the LORD was very angry with Israel and removed them from his presence. Only the tribe of Judah was left