2 රාජාවලිය 17:13-14
2 රාජාවලිය 17:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ඔබේ නපුරු මාර්ගවලින් ඉවත හැරෙන්න. කීකරු වීමට මා නුඹලාගේ පියවරුන්ට අණ කළ හා මගේ සේවක දිවැසිවරුන් මගින් ඔබ අතට පත් කළ මුළු ව්‍යවස්ථාවට අනුව මගේ ආඥා හා මගේ නියෝග රක්ෂා කරන්නැ” යි ස්වාමින්වහන්සේ තම සියලු දිවැසිවරුන් හා අනාගතවක්තෘවරුන් මගින් ඉශ්රායෙල්ට හා යූදාට අනතුරු අඟවා තිබිණි. එහෙත් ඔවුන් ඊට සවන් නුදුන්නේ තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය නො තැබූ තම ආදි පියවරුන් මෙන් මුරණ්ඩුකමිනි.
2 රාජාවලිය 17:13-14 Sinhala Revised Old Version (SROV)
එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ සියලු ප්‍රොපේතවරුන්ද දර්ශකයන්ද ලවා ඉශ්රායෙල්වරුන්ටත් යූදාවරුන්ටත් අවවාද කරවමින්: නුඹලාගේ නපුරු මාර්ගවලින් අහක්වී, නුඹලාගේ පියවරුන්ට මා අණකළාවූ, මාගේ සේවකයන්වූ ප්‍රොපේතවරුන් අත නුඹලාට එවුවාවූ මාගේ මුළු ව්‍යවස්ථාවේ හැටියට මාගේ ආඥා පවත්වන්නැයි කීසේක. නුමුත් ඔව්හු ඇහුම්කන් නොදී, තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි නොඇදහු ඔවුන්ගේ පියවරුන්ගේ කුළල් මෙන් තමුන්ගේ කුළල් තදකරගෙන
2 රාජාවලිය 17:13-14 Sinhala New Revised Version (NRSV)
එහෙත්, සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු දිවැසිවරුන් ද දර්ශකයන් ද ලවා ඉශ්රායෙල්වරුන්ටත්, ජුදාවරුන්ටත් අවවාද කරමින්, “නුඹලාගේ නපුරු මාර්ගවලින් ඉවත් වී, නුඹලාගේ පියවරුන්ට මා අණ කළ, මාගේ සේවකයන් වන දිවැසිවරුන් අත නුඹලාට එවූ මාගේ මුළු ව්‍යවස්ථාව අනුව මාගේ ආඥා පවත්වන්නැ”යි වදාළ සේක. එහෙත්, ඔව්හු සවන් නො දී, තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නොඇදහු ඔවුන්ගේ පියවරුන් මුරණ්ඩු වූ ලෙස තමන්ගේ මුරණ්ඩුකම් වැඩිකරගෙන
2 රාජාවලිය 17:13-14 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත්, සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු දිවැසිවරුන් ද දර්ශකයන් ද ලවා ඉශ්රායෙල්වරුන්ටත්, ජුදාවරුන්ටත් අවවාද කරමින්, “නුඹලාගේ නපුරු මාර්ගවලින් ඉවත් වී, නුඹලාගේ පියවරුන්ට මා අණ කළ, මාගේ සේවකයන් වන දිවැසිවරුන් අත නුඹලාට එවූ මාගේ මුළු ව්‍යවස්ථාව අනුව මාගේ ආඥා පවත්වන්නැ”යි වදාළ සේක. එහෙත්, ඔව්හු සවන් නො දී, තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නොඇදහු ඔවුන්ගේ පියවරුන් මුරණ්ඩු වූ ලෙස තමන්ගේ මුරණ්ඩුකම් වැඩිකරගෙන
2 රාජාවලිය 17:13-14 New International Version (NIV)
The LORD warned Israel and Judah through all his prophets and seers: “Turn from your evil ways. Observe my commands and decrees, in accordance with the entire Law that I commanded your ancestors to obey and that I delivered to you through my servants the prophets.” But they would not listen and were as stiff-necked as their ancestors, who did not trust in the LORD their God.