2 රාජාවලිය 17:1-3
2 රාජාවලිය 17:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යූදා රජු වූ ආහාස්ගේ දොළොස් වන අවුරුද්දේ ඒලාගේ පුත් හෝෂෙයා, සමාරියේදී ඉශ්රායෙල්හි රජකමට පත් විය. ඔහු අවුරුදු නවයක් රජකම් කළේ ය. ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දෑ කළේ ය. එහෙත් ඔහුට කලින් සිටි ඉශ්රායෙල් රජවරුන් කළ ලෙස නො වේ ය. අසිරියාවේ රජු වූ ෂල්මනෙසෙර්, හෝෂෙයාට එරෙහිව ආවේ ය. හෝෂෙයා, ෂල්මනෙසෙර්ගේ සේවකයකු වී, ඔහුට කප්පම් ගෙවී ය.
2 රාජාවලිය 17:1-3 Sinhala Revised Old Version (SROV)
යූදාහි රජවූ ආහාස්ගේ දොළොස් වෙනි අවුරුද්දේදී ඒලාගේ පුත්රවූ හෝෂෙයා සමාරියෙහි ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජවී නව අවුරුද්දක් රජකම්කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය, එහෙත් තමාට පළමුවෙන් සිටි ඉශ්රායෙල් රජවරුන් මෙන් නොවේය. අෂූර්හි රජවූ ෂල්මනෙසේර් ඔහුට විරුද්ධව ආයේය; හෝෂෙයා ඔහුට මෙහෙකරුවී කප්පන් දුන්නේය.
2 රාජාවලිය 17:1-3 Sinhala New Revised Version (NRSV)
ජුදාහි රජ වූ ආහාස්ගේ දොළොස් වන අවුරුද්දේ දී ඒලාගේ පුත් හෝෂෙයා සමාරියෙහි ඉශ්රායෙල්වරුන්ගේ රජ වී නව අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. එහෙත්, තමාට පළමුවෙන් සිටි ඉශ්රායෙල් රජවරුන් මෙන් නො වී ය. අසිරියාවේ රජ වූ ෂල්මනෙසර් ඔහුට විරුද්ධ ව ආයේ ය. හෝෂෙයා ඔහුට මෙහෙකරු වී කප්පම් දුන්නේ ය.
2 රාජාවලිය 17:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
ජුදාහි රජ වූ ආහාස්ගේ දොළොස් වන අවුරුද්දේ දී ඒලාගේ පුත් හෝෂෙයා සමාරියෙහි ඉශ්රායෙල්වරුන්ගේ රජ වී නව අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. එහෙත්, තමාට පළමුවෙන් සිටි ඉශ්රායෙල් රජවරුන් මෙන් නො වී ය. අසිරියාවේ රජ වූ ෂල්මනෙසර් ඔහුට විරුද්ධ ව ආයේ ය. හෝෂෙයා ඔහුට මෙහෙකරු වී කප්පම් දුන්නේ ය.
2 රාජාවලිය 17:1-3 New International Version (NIV)
In the twelfth year of Ahaz king of Judah, Hoshea son of Elah became king of Israel in Samaria, and he reigned nine years. He did evil in the eyes of the LORD, but not like the kings of Israel who preceded him. Shalmaneser king of Assyria came up to attack Hoshea, who had been Shalmaneser’s vassal and had paid him tribute.