2 රාජාවලිය 14:23-25

2 රාජාවලිය 14:23-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)

යූදා රජු වූ යෝවාෂ්ගේ පුත් අමසියාගේ පහළොස් වන අවුරුද්දේ ඉශ්‍රායෙල් රජු වූ යෙහෝවාෂ්ගේ පුත් යෙරොබොවම් සමාරියේ රජකමට පත් විය. ඔහු අවුරුදු හතළිස් එකක් රජකම් කළේ ය. ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දෑ කළේ ය. නෙබාට්ගේ පුත් යෙරොබොවම් ඉශ්‍රායෙල්ට කරන්නට සැලසූ ඔහුගේ පාප එකකින්වත් ඔහු ඉවත හැරුණේ නැත. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තම සේවක ගාත්-හේෆෙර්හි අමිත්තයිගේ පුත් දිවැසිවර යෝනා ලවා පවසන ලද වචනයට අනුව ලෙබෝ-හමාත් පටන් අරාබා මුහුද දක්වා වූ ඉශ්‍රායෙල් දේශ සීමා නැවත ස්ථාපිත කළේ ඔහු ය.

2 රාජාවලිය 14:23-25 Sinhala Revised Old Version (SROV)

යූදාහි රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ අමශි-යාගේ පසළොස්වෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ යෙරොබොවම් සමාරියෙහි රජ වී සතළිස් එක් අවුරුද්දක් රජකම්කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ සියලු පාපවලින් ඔහු අහක්නූණේය. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ, ගාත්හෙපෙර්හි අනාගතවක්තෘවූ අමිත්තයිගේ පුත්‍රවූ යෝනා ලවා කියෙවු වචනය ලෙස හමාත්ට ඇතුල්වන තැන් පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්‍රායෙල්වරුන්ගේ සීමාව ඔහු නැවත ලබාගත්තේය.

2 රාජාවලිය 14:23-25 Sinhala New Revised Version (NRSV)

ජුදාහි රජ වූ ජෝවාෂ්ගේ පුත් අමශියාගේ පසළොස් වන අවුරුද්දේ දී ඉශ්රායෙල් රජ වූ ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් සමාරියෙහි රජ වී සතළිස්එක් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹෙවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ සියලු පාපවලින් ඔහු අහක් නො වී ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ, ගාත්-හෙපෙර්හි දිවැසිවර අමිත්තයිගේ පුත් ජෝනා ලවා කියෙවූ වචනය ලෙස හමාත් දුර්ගයට ඇතුල් වන තැන පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්රායෙල්වරුන්ගේ දේශ සීමාව ඔහු නැවත ලබාගත්තේ ය.

2 රාජාවලිය 14:23-25 Sinhala New Revised Version 2018 (SNRV)