2 කොරින්ති 7:2-16

2 කොරින්ති 7:2-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔබ හදවත්හි අපට ඉඩ සලසා දෙන්න. කිසිවකුටත් අප වරදක් කර නැත; කිසිවකුත් දූෂ්‍ය කර නැත; කිසිවකුගෙන් වාසි සලසා ගෙන නැත. ඔබට වරද පවරන පිණිස මා මෙසේ කියනවා නො වේ. කලින් මා ඔබට කියා ඇති පරිදි එකට මැරෙන්නටත්, එකට ජීවත් වන්නටත් අප හදවත් තුළ ඔබ සිටී. ඔබ ගැන බලවත් විශ්වාසයක් මට තිබේ. ඔබ ගැන මහත් ආඩම්බරයක් මට තිබේ. මා සිටින්නේ සැනසිල්ලෙන් පිරිලා ය. අපගේ සියලු පීඩාවලදීත්, මම උතුරා යන ප්‍රීතියෙන් යුක්ත ව සිටිමි. අප මකිදෝනිය වෙත පැමිණි විට පවා අප ශරීරයට කිසි විවේකයක් නො විණි. එසේ වුව ද, පිටතින් වූ ගැටුම් ද ඇතුළතින් වූ බිය ද නිසා හැම පැත්තෙන් ම අප පීඩා කරනු ලැබිණ. එහෙත් පසුබටවූවන් සනසවන දෙවියන්වහන්සේ, අප සැනසුවේ තීතස්ගේ පැමිණීමෙනි. ඔහුගේ පැමිණීම පමණකින් නො වේ; ඔබ විසින් ඔහු සනසවන ලද සැනසිල්ල ද ඔබගේ ආශාවත්, ඔබගේ ශෝකයත්, මා වෙත ඇති ඔබගේ උද්යෝගයත් ගැන ඔහු පැවසීමෙන්, මගේ ප්‍රීතිය වඩාත් අධික විය. මගේ ලිපියෙන් මා ඔබ ශෝකයට පත් කළ නමුදු, ඒ ගැන කණගාටු නො වෙමි. මා කණගාටු වුවත්, මගේ ලිපියෙන් ඔබ ශෝක වුවත්, ඒ මද වෙලාවකට පමණක් වග මට පෙනේ. එහෙත් දැන්, මා ඒ ගැන ප්‍රීති වන්නේ ඔබ ශෝකයට පත් වූ නිසා නො ව, ඒ ශෝකය ඔබට පසුතැවිල්ලට මං සැලසූ නිසා ය. මන්ද අපෙන් ඔබට කිසිදු හානියක් සිදු නො වන පිණිස, ඔබ දේව කැමැත්තට අනුකූල වූ ශෝකයක් දැරූ නිසා ය. මන්ද දේව කැමැත්තට අනුකූල වූ ශෝකය, කණගාටුවට හේතුවක් නො වන්නා වූ ගැලවීමට මං සලසන පසුතැවිල්ල උපදවයි. එහෙත්, ලෞකික ශෝකය මරණය උපදවයි. මෙම දේව කැමැත්තට අනුකූල වූ ශෝකය ඔබ තුළ කෙතරම් උනන්දුවක් උපදවා ඇත්දැයි බලන්න. ඔබ නිදොස් කර ගැනීමේ කෙතරම් උනන්දුවක්, කෙතරම් හෙළා දැකීමක්, කෙතරම් බයක්, කෙතරම් දැඩි ආශාවක්, කෙතරම් උද්යෝගයක් හට ගැනුනා ද? කවර නම් දඬුවම් දීමක් ද! මේ කාරණයේදී හැම අංශයකින් ම ඔබේ නිදොස් වග ඔබ ම ඔප්පු කර තිබේ. මා ඔබට ලියූ නමුදු, එසේ කළේ වරද කළ තැනැත්තා උදෙසා නො වේ; වරද විඳි තැනැත්තා උදෙසා ද නො වේ. දෙවියන්වහන්සේ හමුවේ අප කෙරේ ඇති ඔබගේ උනන්දුව ඔබට ම එළිදරවු වීම සඳහා ය. එබැවින් අපි සැනසිල්ල ලැබීමු. අපගේ ම සැනසීමට අමතරව, ඔබ හැම තීතස්ගේ ආත්මය නව පණ ගන්වා තිබූ බැවින් වූ ඔහුගේ ප්‍රීතිය නිසා අප වඩාත් ප්‍රීති වන්නෙමු. ඔබ ගැන මා ඔහුට කර තිබූ පාරට්ටුව මා ලජ්ජාවට පත් කොට නැත. තවද අප ඔබට කී ලෙස සියල්ල සැබෑ වී, තීතස් ඉදිරියේ අප කළ පාරට්ටුව ද සත්‍යය වග ඔප්පු වී ඇත. ඔබ හැමගේ අවනත භාවයත්, ඔබ ඔහු පිළිගත් බය හා වෙවුලුමත් සිහි කරද්දී, ඔබ වෙත ඇති ඔහුගේ ලැදියාව බෙහෙවින් අධික ය. ඔබ තුළ මට සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි බැවින් මම ප්‍රීති වෙමි.

2 කොරින්ති 7:2-16 Sinhala Revised Old Version (SROV)

නුඹලාගේ සිත් අපට විවරකරන්න. අපි කිසිවෙකුට අයුත්තක් නොකළෙමුව, කිසිවෙකු නරක් නොකළෙමුව, කිසිවෙකුගෙන් වාසි නොගතිමුව. මා එසේ කියන්නේ නුඹලාට වරද තබන පිණිස නොවේ. මක්නිසාද නුඹලා එක්ව මැරෙන්ටත් එක්ව ජීවත්වෙන්ටත් නුඹලා අපේ සිත්වල දරමුයයි පළමුවෙන්ම කීවෙමි. නුඹලා කෙරෙහි තිබෙන මාගේ විශ්වාසය මහත්ය, නුඹලා ගැන මාගේ පාරට්ටුකිරීම මහත්ය. සැනසිල්ලෙන් පූර්ණව සිටිමි, අපේ සියලු දුක්වලදී ප්‍රීතියෙන් පිනමි. මක්නිසාද අප මකිදෝනියට ආ කල පවා අපේ මාංසයට කිසි පහසුවක් නැතුව හැම අතින්ම දුක්වින්දෙමුව; පිටතින් විරුද්ධකම්ද ඇතුළතින් භයද විය. නුමුත් යටහතුන් සනසන්නාවූ තැනන්වහන්සේ එනම් දෙවියන්වහන්සේ තීතස්ගේ ඊමෙන් අප සැනසූසේක; ඔහුගේ ඊමෙන් පමණක් නොව නුඹලා ගැන ඔහු ලැබූ සැනසිල්ලත් කරණකොටගෙනය; නුඹලාගේ මහත් ආශාවද නුඹලාගේ වැලපීමද මා උදෙසා නුඹලාගේ ජ්වලිතකමද ගැන ඔහු දැන්වූ කල, මම තව වඩා ප්‍රීතිවීමි. මෙසේ මම ඒ ලියුමෙන් නුඹලා ශෝකයට පැමිණෙවු නිසා කනගාටුවූ නුමුත්, දැන් කනගාටු නොවෙමි; කලකට පමණක් වුවත් ඒ ලියුම නුඹලා ශෝකයට පැමිණෙවු බව මට පෙනේ. නුඹලා ශෝකයට පමුණුවනු ලැබූ නිසා නොව පසුතැවිලිවීම සඳහා නුඹලා ශෝකයට පමුණුවනු ලැබූ බැවින් දැන් ප්‍රීතිවෙමි. එසේය, කොයි ප්‍රකාරයකින්වත් නුඹලා අපෙන් අලාභ නොවිඳින පිණිස දේවකැමැත්තේ හැටියට නුඹලා ශෝකවුණහුය. මක්නිසාද දේවකැමැත්තට එකඟවූ ශෝකයෙන්, තැවෙන්ට කාරණයක් නොවන්නාවූ ගැළවීමට පමුණුවන පසුතැවිලිවීම හටගන්නේය. නුමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේය. එසේය, මෙන්න, දේවකැමැත්තේ හැටියට ශෝකවීම යන කාරණයෙන් නුඹලා තුළ කොපමණ උනන්දුකමත් කොපමණ නිදොස්කරගැනීමත් කොපමණ අමනාපවීමත් කොපමණ භයත් කොපමණ ආශාවත් කොපමණ ජ්වලිතකමත් කොපමණ යුක්තිය සිදුකිරීමේ අදහසත් හටගත්තා නොවේද! මේ කාරණය සම්බන්ධව නුඹලා නිදොස් බව නුඹලා සියලු ආකාරයෙන්ම ඔප්පුකළහුය. ඉතින් මා නුඹලාට ලියා එවූ නුමුත් එසේ ලියුවේ අයුතුකම කළ අය නිසාවත් අයුතුකම වින්ද අය නිසාවත් නොව, අප ගැන නුඹලාගේ ඇති මහත් සැලකිල්ල දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාටම ප්‍රකාශවන පිණිසය. එහෙයින් අපි සැනසීම ලබා සිටිමුව. නුමුත් අපේ සැනසිල්ලේදී අප වඩාම ප්‍රීතිවුණේ තීතස්ගේ ප්‍රීතිය නිසාය, මක්නිසාද ඔහුගේ ආත්මයට නුඹලා සියල්ලන්ගෙන් පහසුව ලැබී තිබේ. එසේය, මම නුඹලා ගැන පාරට්ටුකර ඔහුට යමක් කීවෙම් නම්, මම ලජ්ජාවට පමුණුවනු නොලැබුවෙමි; එහෙත් අප නුඹලාට සැබෑකමින් සියල්ල කී හැටියටම තීතස් ඉදිරියෙහි අප විසින් නුඹලා ගැන කළ පාරට්ටුවත් සැබෑවුණේය. තවද නුඹලා සියල්ලන්ගේ කීකරුකම, එනම් භයත් වෙවුලුමත් ඇතුව ඔහුව පිළිගත් හැටි ඔහු සිහිකරන කල, ඔහුගේ මෘදු ප්‍රේමය නුඹලා කෙරෙහි වඩාත් අධිකවන්නේය. සියලු කාරණාවලදී මම නුඹලා ගැන නිසැකව සිටින බැවින් ප්‍රීතිවෙමි.

2 කොරින්ති 7:2-16 Sinhala New Revised Version (NRSV)

ඔබගේ සිත අප වෙත විවෘත කරන්න. අපි කිසිවෙකුට අයුත්තක් නොකෙළෙමු; කිසිවෙකු විනාශයට පත් නොකෙළෙමු; කිසිවෙකුගෙන් අයුතු වාසියක් නොගතිමු. මා එසේ කියන්නේ ඔබට වරද තබන අදහසින් නොවේ. මා කලින් කී පරිදි, මැරෙතත් ජීවත් වෙතත් අපි හිතවත්කමින් ඔබ හා එකට බැඳී සිටිමු. ඔබ මට හොඳට ම විශ්වාස ය. ඔබ ගැන මම ආඩම්බර වෙමි. අපේ සියලු දුක්විපත්වල දී මම ධෛර්යයෙන් පිරී ප්‍රීතියෙන් පිනා යමි. මසිදෝනියාවට සැපත් වූ විට පවා අපට කිසි සැනසිල්ලක් නො වී ය. හැම අතින් ම අපට කරදර ඇති විය. අප අවට කලකෝලාහල ද, අප සිත තුළ බියසැක ද තිබිණි. එහෙත් කලකිරුණු අය ධෛර්යවත් කරවන දෙවියන් වහන්සේ තීතස්ගේ පැමිණීමෙන් ද, ඔහුගේ පැමිණීමෙන් පමණක් නොව ඔබ අතර ඔහු ලැබූ ධෛර්යයෙන් ද අප ධෛර්යවත් කළ සේක. මා දැකීමට ඇති ඔබගේ මහත් ආශාව ද ඔබගේ කණගාටුව ද මට ඇති ඔබගේ පක්ෂපාතකම ද ගැන ඔහු අපට සැළ කළ විට මම වඩාත් ප්‍රීති වීමි. මාගේ ලිපිය නිසා ඔබට සිත් වේදනාවක් ඇති වූ නමුත් ඒ ගැන කණගාටු නොවෙමි. ඒ ලිපිය නිසා ටික කලකට පමණක් සිත් වේදනාවක් ඔබට ඇති වූ බව මම දනිමි. ඒ ගැන මා කලින් කණගාටු වූ නමුත් දැන් මම ප්‍රීති වෙමි. එසේ වන්නේ ඔබට සිත් වේදනාවක් ඇති වූ නිසා නොව, ඔබගේ සිත් වේදනාව පසුතැවී සිත් හරවා ගැනීමකට තුඩු දුන් නිසා ය. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඒ සිත් වේදනාව දැරූ නිසා, අපෙන් ඔබට කිසි විධියකින් හානියක් නො වී ය. දේව කැමැත්ත අනුව සිත් වේදනාව දරාගැනීමෙන් සිත් හරවා ගැනීමේ පසුතැවිල්ලක් ඇති වී, එය ගැළවීමට මඟ පාදන බැවින් කණගාටු වීමට ඉඩක් නැත. එහෙත් ලෞකික පිළිවෙළ අනුව සිත් වේදනාව දරාගැනීම මරණය ගෙන දෙයි. දේව කැමැත්ත අනුව ඒ සිත් වේදනාව දැරීමෙන් ඔබ තුළ ඇති වූ ප්‍රතිඵල ගැන සිතා බලන්න. එයින් කෙතරම් මහත් උනන්දුවක් හා නිදොස් කරගැනීමක් ඇති වී ද? ඒ හැර වරදට දඬුවම් දීම සඳහා ඇති වූ කෝපය, තැතිගැන්ම, සිත් වේදනාව හා උද්‍යෝගය කෙතරම් මහත් වී ද? මේ කරුණ පිළිබඳ ව ඔබ නිදොස් බව සියලු අයුරින් ඔප්පු කර ඇත. මා ඔබට ලියා එවූ නමුත්, මා එසේ ලීවේ වරද කළ අය නිසා වත්, වරද වින්ද අය නිසා වත් නොව, අප කෙරෙහි ඇති ඔබගේ හිතවත්කම දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔබට ප්‍රකාශ වන පිණිස ය. අප එතරම් ධෛර්යවත් වූයේ ඒ නිසා ය. එසේ ධෛර්යවත් වීමේ දී අප වඩාත් ප්‍රීති වූයේ තීතස් දැක්වූ ප්‍රීතිය නිසා ය. මන්ද, ඔබ සියල්ලන්ගෙන් ඔහුට සහනය ලැබුණ නිසා ය. ඔබ ගැන ඔහුට යම් පාරට්ටුවක් කෙළෙම් නම්, මම ඒ ගැන ලජ්ජා නොවීමි. එහෙත් ඔබට අප පැවසූ සියල්ල සැබෑ වූ සේ ම, තීතස්ට අප කළ ඒ පාරට්ටුවත් සැබෑ වී ඇත. ඔබ සියල්ලන්ගේ කීකරුකමත් බියෙන් හා තැතිගැන්මෙන් යුතු ව ඔබ ඔහු පිළිගත්සැටිත් සිහි කරන විට ඔහුගේ සිත ඔබ වෙත ඉමහත් ප්‍රේමයෙන් ඇදී යයි. සියල්ලෙහි දී ඔබ ගැන මට සම්පූර්ණ විශ්වාසය ඇති බැවින් මම ප්‍රීති වෙමි.

2 කොරින්ති 7:2-16 Sinhala New Revised Version 2018 (SNRV)

2 කොරින්ති 7:2-16 New International Version (NIV)

Make room for us in your hearts. We have wronged no one, we have corrupted no one, we have exploited no one. I do not say this to condemn you; I have said before that you have such a place in our hearts that we would live or die with you. I have spoken to you with great frankness; I take great pride in you. I am greatly encouraged; in all our troubles my joy knows no bounds. For when we came into Macedonia, we had no rest, but we were harassed at every turn—conflicts on the outside, fears within. But God, who comforts the downcast, comforted us by the coming of Titus, and not only by his coming but also by the comfort you had given him. He told us about your longing for me, your deep sorrow, your ardent concern for me, so that my joy was greater than ever. Even if I caused you sorrow by my letter, I do not regret it. Though I did regret it—I see that my letter hurt you, but only for a little while— yet now I am happy, not because you were made sorry, but because your sorrow led you to repentance. For you became sorrowful as God intended and so were not harmed in any way by us. Godly sorrow brings repentance that leads to salvation and leaves no regret, but worldly sorrow brings death. See what this godly sorrow has produced in you: what earnestness, what eagerness to clear yourselves, what indignation, what alarm, what longing, what concern, what readiness to see justice done. At every point you have proved yourselves to be innocent in this matter. So even though I wrote to you, it was neither on account of the one who did the wrong nor on account of the injured party, but rather that before God you could see for yourselves how devoted to us you are. By all this we are encouraged. In addition to our own encouragement, we were especially delighted to see how happy Titus was, because his spirit has been refreshed by all of you. I had boasted to him about you, and you have not embarrassed me. But just as everything we said to you was true, so our boasting about you to Titus has proved to be true as well. And his affection for you is all the greater when he remembers that you were all obedient, receiving him with fear and trembling. I am glad I can have complete confidence in you.