2 කොරින්ති 4:7-9 - Compare All Versions

2 කොරින්ති 4:7-9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත් අනභිභවනීය බලය අයිති අපට නො ව, දෙවියන්වහන්සේට වග පෙන්වනු පිණිස, මෙම වස්තුව අපට ඇත්තේ මැටි බඳුන්වල ය. අපි හැම පැත්තෙන් ම තදින් තෙරපනු ලබන්නෙමු; එහෙත් තැළී නැත. වියවුල් කරනු ලබන්නෙමු; එහෙත් බලාපොරොත්තු සුන්වී නැත. වධ හිංසා කරනු ලබන්නෙමු; එහෙත් අත්හරිනු ලැබ නැත; ගසා හෙළනු ලබන්නෙමු; එහෙත් විනාශ වී නැත.

බෙදාගන්න
2 කොරින්ති 4 SCV

2 කොරින්ති 4:7-9 SROV (Sinhala Revised Old Version)

නුමුත් ඒ බලයේ ඉතා උතුම්කම අපට නොව දෙවියන්වහන්සේට අයිතිවන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව. අපි හැම අතින්ම මඩිනු ලබමුව. එහෙත් හිර නොවී සිටිමුව; වියවුල්ව සිටිමුව, එහෙත් බලාපොරොත්තුවක් නැතුව නොවේය; ලුහුබඳිනු ලබමුව, එහෙත් අත්හරිනු නොලබමුව; හෙළා දමනු ලබමුව, එහෙත් විනාශ නොවී සිටිමුව.

බෙදාගන්න
2 කොරින්ති 4 SROV

2 කොරින්ති 4:7-9 NRSV (Sinhala New Revised Version)

එහෙත් මේ අති ශ්‍රේෂ්ඨ බලය අපගෙන් නොව දෙවියන් වහන්සේගෙන් වන බව දක්වන පිණිස, අප මේ වස්තුව රැස් කර තැබූ මැටි බඳුන් හා සමාන ය. අපි හැම අතින් ම මඩිනු ලැබුවත් කොටු වී නොසිටිමු. වියවුල් වුවත් බලාපොරොත්තු රහිත නොවෙමු; ලුහුබඳිනු ලැබුවත් අතරමං නොවෙමු; පහර ලැබුවත් නොවැනසෙමු.

බෙදාගන්න
2 කොරින්ති 4 NRSV

2 කොරින්ති 4:7-9 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත් මේ අති ශ්‍රේෂ්ඨ බලය අපගෙන් නොව දෙවියන් වහන්සේගෙන් වන බව දක්වන පිණිස, අප මේ වස්තුව රැස් කර තැබූ මැටි බඳුන් හා සමාන ය. අපි හැම අතින් ම මඩිනු ලැබුවත් කොටු වී නොසිටිමු. වියවුල් වුවත් බලාපොරොත්තු රහිත නොවෙමු; ලුහුබඳිනු ලැබුවත් අතරමං නොවෙමු; පහර ලැබුවත් නොවැනසෙමු.

බෙදාගන්න
2 කොරින්ති 4 SNRV

2 කොරින්ති 4:7-9 NIV (New International Version)

But we have this treasure in jars of clay to show that this all-surpassing power is from God and not from us. We are hard pressed on every side, but not crushed; perplexed, but not in despair; persecuted, but not abandoned; struck down, but not destroyed.

බෙදාගන්න
2 කොරින්ති 4 NIV