2 කොරින්ති 4:3-5
2 කොරින්ති 4:3-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත්, අපගේ ශුභාරංචිය වැසී තිබේ නම්, එසේ වැසී ඇත්තේ විනාශ වන්නන්ට පමණි. එහිදී මේ ලෝකයේ දෙවියා නො ඇදහිලිවතුන්ගේ මනස් අන්ධ කරනු ලැබ ඇත්තේ, දෙවියන්වහන්සේගේ ස්වරූපය වන ක්රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචියේ ආලෝකය ඔවුනට නො පෙනෙන පිණිස ය. මන්ද අප ප්රකාශ කරන්නේ අප ගැන නො ව, යේසුස් ක්රිස්තුස්වහන්සේ, ස්වාමින්වහන්සේ වශයෙන් හා යේසුස්වහන්සේ උදෙසා අප ඔබගේ දාසයින් වශයෙනි.
2 කොරින්ති 4:3-5 Sinhala Revised Old Version (SROV)
නුමුත් අපේ ශුභාරංචිය වැසී තිබේනම්, එය වැසී තිබෙන්නේ විනාශවෙන්නන්ටය. නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබෙළන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය. මක්නිසාද අපි අප ගැනම නොව, ක්රිස්තුස් යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේය කියාද යේසුස්වහන්සේ නිසා අපි නුඹලාගේ දාසයෝ කියාද ප්රකාශකරමුව.
2 කොරින්ති 4:3-5 Sinhala New Revised Version (NRSV)
අපගේ සුබ අස්න සැඟවුණු දෙයක් නම්, එය සැඟවී ඇත්තේ විනාශ වෙන්නන්ට ය. දෙවියන් වහන්සේගේ ස්වරූපය වන ක්රිස්තුන් වහන්සේගේ තේජාන්විත සුබ අස්නේ ප්රභාව නොපෙනෙන සේ මෙලොව දෙවියා නොඇදහිලිවන්තයන්ගේ සිත් අඳුරු කර ඇත. මන්ද, අපි අප ගැන ම නොව, ක්රිස්තුස් ජේසුස් වහන්සේ ස්වාමීන් බවත්, ජේසුස් වහන්සේ උදෙසා අප ඔබගේ දාසයන් බවත් ප්රකාශ කරමු.
2 කොරින්ති 4:3-5 Sinhala New Revised Version 2018 (SNRV)
අපගේ සුබ අස්න සැඟවුණු දෙයක් නම්, එය සැඟවී ඇත්තේ විනාශ වෙන්නන්ට ය. දෙවියන් වහන්සේගේ ස්වරූපය වන ක්රිස්තුන් වහන්සේගේ තේජාන්විත සුබ අස්නේ ප්රභාව නොපෙනෙන සේ මෙලොව දෙවියා නොඇදහිලිවන්තයන්ගේ සිත් අඳුරු කර ඇත. මන්ද, අපි අප ගැන ම නොව, ක්රිස්තුස් ජේසුස් වහන්සේ ස්වාමීන් බවත්, ජේසුස් වහන්සේ උදෙසා අප ඔබගේ දාසයන් බවත් ප්රකාශ කරමු.
2 කොරින්ති 4:3-5 New International Version (NIV)
And even if our gospel is veiled, it is veiled to those who are perishing. The god of this age has blinded the minds of unbelievers, so that they cannot see the light of the gospel that displays the glory of Christ, who is the image of God. For what we preach is not ourselves, but Jesus Christ as Lord, and ourselves as your servants for Jesus’ sake.