2 1 වංශාවලිය 7:15-16
2 1 වංශාවලිය 7:15-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙම ස්ථානයේදී ඔප්පු කරන යාච්ඤාවලට දැන් මගේ ඇස් විවර ව, මගේ සවන් යොමු ව තිබේ. මේ ගෘහයේ මගේ නාමය සදහට ම පවතින පිණිස මම එය තෝරා ගෙන, විශුද්ධ කළෙමි. මගේ ඇස් ද මගේ හදවත ද නිරන්තරයෙන් ම එහි වන්නේ ය.
2 1 වංශාවලිය 7:15-16 Sinhala Revised Old Version (SROV)
දැනුදු මේ ස්ථානයේදී කරන යාච්ඤාවට මාගේ ඇස් ඇරී මාගේ කන් යොමුකරනු ලැබේ. මෙසේ මාගේ නාමය මේ ගෘහයෙහි සදාකාලේටම තිබෙන පිණිස මෙය තෝරාගන විශුද්ධ කෙළෙමි. මාගේ ඇස්ද මාගේ සිතද නිතරම මෙහි වන්නේය.
2 1 වංශාවලිය 7:15-16 Sinhala New Revised Version (NRSV)
දැන් ද මින් ඉදිරියට ද මේ ස්ථානයේ දී කරන යාච්ඤාවට මාගේ ඇස් ඇර, මාගේ කන් යොමු කරනු ලැබේ. දැන් ද ඉදිරියට ද මාගේ නාමය මේ මාලිගාවෙහි සදහට ම තිබෙන පිණිස මෙය තෝරාගෙන විශුද්ධ කෙළෙමි. මාගේ නෙත් ද මාගේ සිත ද නිතර ම මෙතැනට යොමු වී තිබෙන්නේ ය.
2 1 වංශාවලිය 7:15-16 Sinhala New Revised Version 2018 (SNRV)