2 1 වංශාවලිය 6:18-21
2 1 වංශාවලිය 6:18-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එහෙත් දෙවියන්වහන්සේ සැබවින් ම පොළොවේ මනුෂ්‍යයන් සමඟ වාසය කරන සේක් ද? බලන්න! ස්වර්ගයට, ඉහළ ම ස්වර්ගයට පවා ඔබ දරා සිටින්නට නො හැකි කොට මා ඉදි කළ මේ ගෘහය ඊට වඩා කොපමණ මදි ද? එහෙත් ඔබගේ සේවකයාගේ යාච්ඤාවට, ඔහු කරන අයැදුමට සිත යොමු කළ මැනව. අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ අබියස ඔබේ සේවකයා මොර ගසමින්, යදිමින් කරන යාච්ඤාව ඇසුව මැනව. ඔබගේ නාමය තැබීමට ඔබවහන්සේ පොරොන්දු වූ ස්ථානය වන මේ ගෘහය දෙසට රැයේත්, දවාලේත් ඔබගේ දෙනෙත් විවර ව තිබේවා! ඔබගේ සේවකයා මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන යාච්ඤාව ඇසුව මැනව. ඔබගේ සේවකයා ද ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල් ද මේ ස්ථානය දෙසට හැරී යාච්ඤා කරන කල, ඔවුන්ගේ අයැදුම් ඇසුව මැනව. ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඇසුව මැනව. අසා, කමා වුව මැනව
2 1 වංශාවලිය 6:18-21 Sinhala Revised Old Version (SROV)
නුමුත් දෙවියන්වහන්සේ සැබවින්ම මනුෂ්‍යයන් සමඟ පොළොවේ වසනසේක්ද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබට ඉඩ මදිය; එසේ නම් මා විසින් ගොඩනැගූ මේ ගෘහය ඊටත් වඩා කොපමණ මදිද! එහෙත්, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවද කන්නලව්වද සලකා, ඔබ ඉදිරියෙහි ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන ඉල්ලීමද යාච්ඤාවද ඇසුව මැනව. ඔබ යම් ස්ථානයක් ගැන–මාගේ නාමය එහි තබන්නෙමියි කීසේක්ද ඒ ස්ථානය වන මේ ගෘහය දෙස ඔබගේ ඇස් රෑ දාවල් ඇරී තිබේවා; මේ ස්ථානය දෙසට හැරී ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන යාච්ඤාවද ඇසුව මැනව. ඔබගේ මෙහෙකරුවාද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ද මේ ස්ථානය දෙසට හැරී ඔප්පුකරන ඔවුන්ගේ කන්නලව්වට කන්දුන මැනව. එසේය, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඇසුව මැනව; අසා කමාකළ මැනව.
2 1 වංශාවලිය 6:18-21 Sinhala New Revised Version (NRSV)
“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම මනුෂ්‍යයන් සමඟ පොළොවේ වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ස්වර්ගවල ස්වර්ගය ද ඔබට ඉඩ මදි ය; එසේ නම්, මා විසින් ගොඩනඟන ලද මේ මාලිගාව ඊටත් වඩා කොපමණ නොසෑහේ ද! එහෙත්, මාගේ දෙවි සමිඳුනි, ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාව ද කන්නලව්ව ද සලකා, ඔබ ඉදිරියෙහි ඔබේ මෙහෙකරුවා ඔප්පු කරන ඉල්ලීම ද යාච්ඤාව ද ඇසුව මැනව. ඔබ යම් ස්ථානයක් ගැන, ‘මාගේ නාමය එහි තබන්නෙමි’යි වදාළ සේක් ද, ඒ ස්ථානය වන මේ මාලිගාව දෙස ඔබේ ඇස් දිවා රෑ දෙක්හි යොමු වී තිබේ වා! ඔබේ මෙහෙකරුවා මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන යාච්ඤාව ඇසුව මැනව. ඔබේ මෙහෙකරුවා ද ඔබේ සෙනඟ ද වන ඉශ්රායෙල්වරුන් ද මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන ඔවුන්ගේ කන්නලව්වට කන් දුන මැනව. එසේ ය, ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඇසුව මැනව; අසා කමා කළ මැනව.
2 1 වංශාවලිය 6:18-21 Sinhala New Revised Version 2018 (SNRV)

2 1 වංශාවලිය 6:18-21 New International Version (NIV)
“But will God really dwell on earth with humans? The heavens, even the highest heavens, cannot contain you. How much less this temple I have built! Yet, LORD my God, give attention to your servant’s prayer and his plea for mercy. Hear the cry and the prayer that your servant is praying in your presence. May your eyes be open toward this temple day and night, this place of which you said you would put your Name there. May you hear the prayer your servant prays toward this place. Hear the supplications of your servant and of your people Israel when they pray toward this place. Hear from heaven, your dwelling place; and when you hear, forgive.