2 1 වංශාවලිය 5:1-14

2 1 වංශාවලිය 5:1-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මෙසේ, ස්වාමින්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් කළ වැඩ සියල්ල නිම විය. සාලමොන්, තම පියා වූ දාවිත් විසින් කැප කර තිබූ දෑ එනම් රිදී, රන් හා සියලු භාණ්ඩ ඇතුළට ගෙනවුත්, දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩාගාර තුළ තැන්පත් කළේ ය. ඉන්පසු සාලමොන්, දාවිත් පුරය වූ සියොන වෙතින් ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ඉශ්‍රායෙල් වැඩිහිටියන් ද ඉශ්‍රායෙල් පියවංශ ප්‍රධානීන් වූ ගෝත්‍ර වංශ නායක සියලු දෙනා ද යෙරුසලමට එක් රැස් කරවී ය. ඉශ්‍රායෙල් ජනයා සැවොම හත් වන මස මංගල්‍යයේදී රජු ඉදිරියට එක් රැස් වූහ. ඉශ්‍රායෙල් වැඩිහිටියන් සියලු දෙනා පැමිණි කල, ලෙවීවරු කරඬුව ඔසවා ගත්හ. ඔවුහු ස්වාමින්වහන්සේගේ කරඬුව ද හමුවීමේ කූඩාරම ද එහි සියලු ශුද්ධ භාණ්ඩ ද ඔසවාගෙන ආහ. පූජකයෝ ද ලෙවීවරු ද ඒවා ගෙනාවෝ ය. සාලමොන් රජු හා ඔහු ඉදිරිපිට රැස් ව සිටි මුළු ඉශ්‍රායෙල් ජන සමාජය, ගණන් කරන්නටවත්, ගණන කියන්නටවත් නො හැකි තරම් බැටළුවන් හා ගවයින් සංඛ්‍යාවක් පූජා කරමින් කරඬුව ඉදිරිපිට සිටියහ. පූජකයෝ ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ඊට නිසි තැන වන ගෘහයේ ඇතුළු ශුද්ධස්ථානයට, අතිශුද්ධස්ථානයට ගෙනැවිත්, කෙරුබ් පියාපත් යටින් තැබූහ. කරඬුව හා එය ඉසිලූ පොලු වසාගැනෙන සේ කරඬුව තිබූ ස්ථානයට ඉහළින් කෙරුබ්වරු තම පියාපත් විදහා සිටියහ. එම පොලු දිගු නිසා ඒවායේ කෙළවර ඇතුළු ශුද්ධස්ථානය ඉදිරිපිට ශුද්ධස්ථානයේ සිට දැකිය හැකි විය. එහෙත් ශුද්ධස්ථානයෙන් පිටතට ඒවා පෙනුණේ නැත; ඒවා අද දක්වා එහි තිබේ. කරඬුව තුළ වූයේ ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටතට පැමිණි කල, ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට, හොරේබ්හි දී මෝසෙස් විසින් එහි තැන්පත් කරන ලද ගල්ලෑලි දෙක පමණි. අන් කිසිවක් එහි නො වී ය. පූජකයෝ ඉන්පසු ශුද්ධස්ථානයෙන් පිටතට ආහ. (එහි පැමිණ සිටි පූජකයෝ සියලු දෙනා සේවා පන්ති භේදයකින් තොර ව, පවිත්‍ර වී සිටියහ.) සංගීතවේදී ලෙවීවරු එනම් ආසාෆ්, හේමාන් හා යෙදූතුන් ද ඔවුන්ගේ පුත්‍රයෝ ද ඔවුන්ගේ නෑසියෝ ද සිහින් හණ පිළි හැඳ, අත්තාලම්, මහ වීණා හා වීණා වයමින්, පූජාසනයට නැගෙනහිරින් සිටගෙන වුන්හ. ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් හොරණෑ පිඹිමින් සිටියහ. හොරණෑ වයන්නෝ සහ ගායනා කරන්නෝ එක හඬින් ස්වාමින්වහන්සේට ප්‍රශංසාවත්, ස්තූතියත් පුදන ලද්දේ සමගාමී ව ය. ඔවුහු හොරණෑවලට ද අත්තාලම්වලට ද වෙනත් වාදන භාණ්ඩවලට ද අනුව හඬ නගා ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරමින්: “උන්වහන්සේ යහපත් ය; උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ යැ” යි ගායනා කළහ. එවිට ස්වාමින්වහන්සේගේ ගෘහය වලා පටලයකින් පිරී ගියේ ය. වලා පටලය නිසා පූජකයින්ට තම මෙහෙයය ඉටු කිරීම සඳහා එහි සිටින්නට නො හැකි විය. මන්ද ස්වාමින්වහන්සේගේ තේජශ්‍රීයෙන් දෙවියන්වහන්සේගේ ගෘහය පිරී ගියේ ය.

2 1 වංශාවලිය 5:1-14 Sinhala Revised Old Version (SROV)

මෙසේ සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා කළාවූ සියලු වැඩ සම්පූර්ණවිය. සාලමොන් තමාගේ පියවූ දාවිත් විසින් කැපකර තිබුණු දේවල් එනම් රිදීද රන්ද සියලු භාණ්ඩද ඇතුළට ගෙනවුත් දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවල තැබුවේය. එකල සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරවූ සියොන්හි සිට ගෙනෙන්ට ඉශ්‍රායෙල්ගේ වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල අධිපතීන්වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන්ද යෙරුසලමට රැස්කෙරෙවුවේය. සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද සත්වෙනි මාසයේ පැවැත්වූ මංගල්‍යයේදී රජු වෙතට රැස්වූවෝය. ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලන් ආ කල ලෙවීවරු ගිවිසුම් පෙට්ටිය උසුලාගන, පෙට්ටියද සම්මුඛවීමේ කූඩාරමද කූඩාරමෙහි තිබුණු සියලු ශුද්ධ භාණ්ඩද ගෙනාවෝය; පූජකයොත් ලෙවීවරුත් ඒවා ගෙනාවෝය. සාලමොන් රජු හා ඔහු වෙත රැස්ව සිටිය මුළු ඉශ්‍රායෙල් සභාව කියන්ටවත් ගණින්ටවත් බැරි තරම් බැටළුවන්ද ගවයින්ද පූජාකරමින් ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිටියෝය. පූජකයෝද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අති ශුද්ධස්ථානය වන ගෘහයේ දේව වාක්‍යස්ථානයට ගෙනැවිත්, කෙරූබ්වරුන්ගේ පියාපත් යට ඊට නියම ස්ථානයෙහි තැබුවෝය. එසේ පෙට්ටියේ ස්ථානයට උඩින් විහිදී තිබුණ කෙරූබ්වරුන්ගේ පියාපත්වලට පෙට්ටියත් ඒකේ පොලුත් උඩින් වැසී තිබුණේය. පොලු දිග බැවින් පොලුවල කෙළවරවල් ගිවිසුම් පෙට්ටියෙන් පිට දේව වාක්‍යස්ථානය ඉදිරියෙහි පෙනුණේය; නුමුත් ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වාම එහි තිබේ. ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් ආවායින් පසු ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට, මෝසෙස් හෝරෙබ්හිදී එහි තිබූ ගල්ලෑලි දෙක මිස පෙට්ටියේ වෙන කිසිවක් නොතිබුණේය. (එතැන සිටි පූජකයෝ පංක්ති පිළිවෙළ නොපවත්වා, සියල්ලෝම පිරිසිදුවී සිටියෝය. ආසාප්ද හේමාන්ද යෙදුතුන්ද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද යන ගීතිකාකාරයෝවූ ලෙවීවරු සියල්ලෝම සිහින් හණ සළු හැඳ, අත්තල්ද වීණාද මහ වීණාද ඇතුව, පූජාසනයට පෙර දිගින් සිටියෝය, ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් නළා පිඹිමින් සිටියෝය.) එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත් ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් එක ශබ්දයක් ඇසෙන පිණිස එක්කෙනෙකු මෙන් සිට, නළාවලින්ද අත්තල්වලින්ද වෙනත් තූර්ය භාණ්ඩවලින්ද: මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, ගෘහය වලාපටලයෙන් පිරීගියේය. ඒ වලාපටලය නිසා පූජකයන්ට සේවය කිරීම පිණිස සිටින්ට බැරිවිය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ තේජසින් දෙවියන්වහන්සේගේ ගෘහය පිරීගියේය.

2 1 වංශාවලිය 5:1-14 Sinhala New Revised Version (NRSV)

මෙසේ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා කළ සියලු වැඩ සම්පූර්ණ විය. සලමොන් තමාගේ පිය දාවිත් විසින් කැප කරනු ලැබ තිබුණු දේවල් එනම්, රිදී ද රන් ද සියලු භාණ්ඩ ද ඇතුළට ගෙනවුත් දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඒවා තැබී ය. එකල සලමොන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවර වූ සියොන්හි සිට ගෙනෙන්නට ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශ ගෝත්‍රවල සියලු ප්‍රධානීන් ද ජෙරුසලමට රැස් කරවී ය. සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයෝ ද සත් වන මාසයේ පැවැත්වූ මංගල්‍යයේ දී රජු වෙත රැස් වූවෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයන් ආ කල, ලෙවීවරු ගිවිසුම් කරඬුව උසුලාගෙන කරඬුව ද සම්මුඛ මණ්ඩපය ද කූඩාරමෙහි තිබුණු සියලු ශුද්ධ භාණ්ඩ ද ගෙනාහ. පූජකයෝත්, ලෙවීවරුත් ඒවා ගෙනාහ. සලමොන් රජු හා ඔහු වෙත රැස් ව සිටි මුළු ඉශ්රායෙල් සභාව කියන්න හෝ ගණින්න හෝ බැරි තරම් බැටළුවන් ද ගවයන් ද පූජා කරමින් ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිටියෝ ය. පූජකයෝ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අතිශුද්ධස්ථානය වන මාලිගාවේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනවුත්, කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඊට නියම ස්ථානයෙහි තැබුවෝ ය. එසේ කරඬුව තැබූ ස්ථානයට උඩින් විහිදී තිබුණු කෙරුබ්වරුන්ගේ පියාපත්වලට කරඬුවත් එහි පොලුත් වැසී තිබුණේ ය. පොලු දිග බැවින් පොලුවල කෙළවරවල් ගිවිසුම් කරඬුවෙන් පිට දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරියෙහි පෙනුණේ ය. එහෙත්, ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වා ම එහි තිබේ. ඉශ්රායෙල්වරුන් මිසරයෙන් පැමිණි පසු සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට, මෝසෙස් හොරෙබ්හි දී එහි තැබූ ගල්ලෑලි දෙක මිස කරඬුවේ වෙන කිසිවක් නොතිබුණේ ය. එතැන සිටි සියලු පූජකයෝ කවර පංතියට අයිති වුව ද පවිත්‍ර වී සිටියෝ ය. ආසාප් ද හේමන් ද ජෙදුතුන් ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද යන ගායකයන් වූ ලෙවීවරු සියල්ලෝ ම සිහින් හණ සළු හැඳ, අත්තල් ද වීණා ද මහා වීණා ද ඇති ව පූජාසනයට පෙරදිගින් සිටියෝ ය. ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් නළා පිඹිමින් සිටියෝ ය. එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත්, සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් සියල්ලන් ම එක ශබ්දයක් ඇසෙන පිණිස එක් කෙනෙකු මෙන් සිට, නළාවලින් ද අත්තල්වලින් ද වෙනත් තූර්ය භාණ්ඩවලින් ද “උන් වහන්සේ යහපත් ය. උන් වහන්සේගේ ස්ථිරසාර ප්‍රේමය සදාකාලයට ම පවත්නේ ය” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, මාලිගාව එනම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාව වලාපටලයෙන් පිරී ගියේ ය. ඒ වලාපටලය නිසා සේවය කිරීම පිණිස පූජකයන්ට එහි සිටින්නට බැරි විය. එසේ වූයේ, සමිඳාණන් වහන්සේගේ තේජසින් දෙවියන් වහන්සේගේ මාලිගාව පිරී ගිය බැවිනි.

2 1 වංශාවලිය 5:1-14 Sinhala New Revised Version 2018 (SNRV)

මෙසේ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා කළ සියලු වැඩ සම්පූර්ණ විය. සලමොන් තමාගේ පිය දාවිත් විසින් කැප කරනු ලැබ තිබුණු දේවල් එනම්, රිදී ද රන් ද සියලු භාණ්ඩ ද ඇතුළට ගෙනවුත් දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඒවා තැබී ය. එකල සලමොන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවර වූ සියොන්හි සිට ගෙනෙන්නට ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශ ගෝත්‍රවල සියලු ප්‍රධානීන් ද ජෙරුසලමට රැස් කරවී ය. සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයෝ ද සත් වන මාසයේ පැවැත්වූ මංගල්‍යයේ දී රජු වෙත රැස් වූවෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයන් ආ කල, ලෙවීවරු ගිවිසුම් කරඬුව උසුලාගෙන කරඬුව ද සම්මුඛ මණ්ඩපය ද කූඩාරමෙහි තිබුණු සියලු ශුද්ධ භාණ්ඩ ද ගෙනාහ. පූජකයෝත්, ලෙවීවරුත් ඒවා ගෙනාහ. සලමොන් රජු හා ඔහු වෙත රැස් ව සිටි මුළු ඉශ්රායෙල් සභාව කියන්න හෝ ගණින්න හෝ බැරි තරම් බැටළුවන් ද ගවයන් ද පූජා කරමින් ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිටියෝ ය. පූජකයෝ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අතිශුද්ධස්ථානය වන මාලිගාවේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනවුත්, කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඊට නියම ස්ථානයෙහි තැබුවෝ ය. එසේ කරඬුව තැබූ ස්ථානයට උඩින් විහිදී තිබුණු කෙරුබ්වරුන්ගේ පියාපත්වලට කරඬුවත් එහි පොලුත් වැසී තිබුණේ ය. පොලු දිග බැවින් පොලුවල කෙළවරවල් ගිවිසුම් කරඬුවෙන් පිට දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරියෙහි පෙනුණේ ය. එහෙත්, ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වා ම එහි තිබේ. ඉශ්රායෙල්වරුන් මිසරයෙන් පැමිණි පසු සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට, මෝසෙස් හොරෙබ්හි දී එහි තැබූ ගල්ලෑලි දෙක මිස කරඬුවේ වෙන කිසිවක් නොතිබුණේ ය. එතැන සිටි සියලු පූජකයෝ කවර කාණ්ඩයට අයිති වුව ද පවිත්‍ර වී සිටියෝ ය. ආසාප් ද හේමන් ද ජෙදුතුන් ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද යන ගායකයන් වූ ලෙවීවරු සියල්ලෝ ම සිහින් හණ සළු හැඳ, අත්තල් ද වීණා ද මහා වීණා ද ඇති ව පූජාසනයට පෙරදිගින් සිටියෝ ය. ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් නළා පිඹිමින් සිටියෝ ය. එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත්, සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් සියල්ලන් ම එක ශබ්දයක් ඇසෙන පිණිස එක් කෙනෙකු මෙන් සිට, නළාවලින් ද අත්තල්වලින් ද වෙනත් තූර්ය භාණ්ඩවලින් ද “උන් වහන්සේ යහපත් ය. උන් වහන්සේගේ ස්ථිරසාර ප්‍රේමය සදාකාලයට ම පවත්නේ ය” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, මාලිගාව එනම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාව වලාපටලයෙන් පිරී ගියේ ය. ඒ වලාපටලය නිසා සේවය කිරීම පිණිස පූජකයන්ට එහි සිටින්නට බැරි විය. එසේ වූයේ, සමිඳාණන් වහන්සේගේ තේජසින් දෙවියන් වහන්සේගේ මාලිගාව පිරී ගිය බැවිනි.

2 1 වංශාවලිය 5:1-14 New International Version (NIV)

When all the work Solomon had done for the temple of the LORD was finished, he brought in the things his father David had dedicated—the silver and gold and all the furnishings—and he placed them in the treasuries of God’s temple. Then Solomon summoned to Jerusalem the elders of Israel, all the heads of the tribes and the chiefs of the Israelite families, to bring up the ark of the LORD’s covenant from Zion, the City of David. And all the Israelites came together to the king at the time of the festival in the seventh month. When all the elders of Israel had arrived, the Levites took up the ark, and they brought up the ark and the tent of meeting and all the sacred furnishings in it. The Levitical priests carried them up; and King Solomon and the entire assembly of Israel that had gathered about him were before the ark, sacrificing so many sheep and cattle that they could not be recorded or counted. The priests then brought the ark of the LORD’s covenant to its place in the inner sanctuary of the temple, the Most Holy Place, and put it beneath the wings of the cherubim. The cherubim spread their wings over the place of the ark and covered the ark and its carrying poles. These poles were so long that their ends, extending from the ark, could be seen from in front of the inner sanctuary, but not from outside the Holy Place; and they are still there today. There was nothing in the ark except the two tablets that Moses had placed in it at Horeb, where the LORD made a covenant with the Israelites after they came out of Egypt. The priests then withdrew from the Holy Place. All the priests who were there had consecrated themselves, regardless of their divisions. All the Levites who were musicians—Asaph, Heman, Jeduthun and their sons and relatives—stood on the east side of the altar, dressed in fine linen and playing cymbals, harps and lyres. They were accompanied by 120 priests sounding trumpets. The trumpeters and musicians joined in unison to give praise and thanks to the LORD. Accompanied by trumpets, cymbals and other instruments, the singers raised their voices in praise to the LORD and sang: “He is good; his love endures forever.” Then the temple of the LORD was filled with the cloud, and the priests could not perform their service because of the cloud, for the glory of the LORD filled the temple of God.