2 1 වංශාවලිය 36:15-16 - Compare All Versions
2 1 වංශාවලිය 36:15-16 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ නොකඩව ම ඔවුන් වෙත තම පණිවුඩකරුවන් යැවූ සේක. මන්ද උන්වහන්සේ තම ජනයාටත්, තම වාසස්ථානයටත් අනුකම්පා කළ සේක. එහෙත් ඔවුන් දෙවියන්වහන්සේගේ පණිවුඩකරුවනට සමච්චල් කළේ උන්වහන්සේගේ වචන ගර්හා කරමිනි. උන්වහන්සේගේ දිවැසිවරුනට ගරහමිනි. ස්වාමින්වහන්සේගේ උදහස උන්වහන්සේගේ ජනයාට එරෙහිව ඒ සා දැඩිවන තෙක් හා ඊට පිළියමක් නැති වන තෙක් ම එසේ සිදු විය.
2 1 වංශාවලිය 36:15-16 SROV (Sinhala Revised Old Version)
ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟටත් ස්වකීය වාසස්ථානයටත් අනුකම්පාකළ නිසා උන්වහන්සේ අලුයම්හි නැගිට පණිවිඩකාරයන් අත ඔවුන්ට කියා ඇරියසේක. එහෙත් සුවයක් නැති තරම් ස්වාමීන්වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ පණිවිඩකාරයන්ට සරදම්කර, උන්වහන්සේගේ වචන සුළුකර, උන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ට නින්දාකළෝය.
2 1 වංශාවලිය 36:15-16 NRSV (Sinhala New Revised Version)
ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ස්වකීය සෙනඟටත්, ස්වකීය වාසස්ථානයටත් අනුකම්පා කළ නිසා, උන් වහන්සේ නැවත නැවත පණිවුඩකාරයන් අත ඔවුන්ට කියා ඇරිය සේක. එහෙත්, පිළියමක් නැති තරමට සමිඳාණන් වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධ ව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන් වහන්සේගේ පණිවුඩකාරයන්ට සරදම්කර, උන් වහන්සේගේ වචන සුළුකර උන් වහන්සේගේ දිවැසිවරුන්ට නින්දා කළෝ ය.
2 1 වංශාවලිය 36:15-16 SNRV (Sinhala New Revised Version 2018)
ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ස්වකීය සෙනඟටත්, ස්වකීය වාසස්ථානයටත් අනුකම්පා කළ නිසා, උන් වහන්සේ නැවත නැවත පණිවුඩකාරයන් අත ඔවුන්ට කියා ඇරිය සේක. එහෙත්, පිළියමක් නැති තරමට සමිඳාණන් වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධ ව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන් වහන්සේගේ පණිවුඩකාරයන්ට සරදම්කර, උන් වහන්සේගේ වචන සුළුකර උන් වහන්සේගේ දිවැසිවරුන්ට නින්දා කළෝ ය.
2 1 වංශාවලිය 36:15-16 NIV (New International Version)
The LORD, the God of their ancestors, sent word to them through his messengers again and again, because he had pity on his people and on his dwelling place. But they mocked God’s messengers, despised his words and scoffed at his prophets until the wrath of the LORD was aroused against his people and there was no remedy.